Friday, October 21, 2011

අලුත් කොල්ලා...

මේ කතාව මතක් උනේ දුමියගේ කට කහන කතාවල මෙන්න මේ පොස්ට් එක කියවන්න ගිහිල්ල.
ඉස්සර මං එක්තරා ඉන්ස්ටිටියුට් එකක ඉගනගත්ත කිව්වනේ. ඉතින් එහෙ මං ඉගනගන්න කාලේ මට ස්ට්‍රක්ට්ච්ර්ඩ් ප්‍රෝග්‍රෑම් මෙතර්ඩ්ස් කියන සබ්ජෙක්ට් එක ඉගැන්නුවේ ඒකට ඉන්න හොඳම ගුරුවරයා.. ඒ තමා අපේ විකුම් සර්. විකුම් සර් කියන්නේ ඇවිදින ඩේටාබේස් එකක් වගේ. එස්කිව්එල් වගේ එව්වා යද්දී එද්දී සාක්කු වලිනුත් වැක්කෙරෙනවා. හරි එකෙන් මේකෙන් කතාව පිට පනිනවා.

මම එතකොට ඔය  ඉන්ස්ටිටියුට් ඒකට ගිහින් මාස 5 වත් නැතුව ඇති එත් ඒ වෙනකම්ම ඔය මහප්‍රාණ ජීවියා මගේ ඇහැට දැකල තිබ්බේ නෑ. මං ඉතින් කොල්ලෝ කියන එව්වයින් හිතන් හිටියේ හෙන මහත බඩක් තියන කන්නාඩි දාන මැදි වයසේ පොරක් වෙන්න ඇති කියල. අයි ඉතින් එහෙම සයිස් එකේ දැනුමක් තියන එකෙක්ට කෙට්ටු බඩක් පිහිටන්නේ කොහොමද දවස තිස්සෙම කොම්පියුටරේ ලගිද්දී? ඒ මදිවට විකුම් සර් මාස්ටර්සුත් කරලා ලු. එහෙනම් ඇස් දෙකට සැහෙන්න මහන්සි වෙන්න එපැයි. අනික වයස කිව්වෙත් 30 වගේ. ඔන්න ඔහොමයි මං ඉතින් මගේ ෂර්ලොක් හෝම්ස් තියරිය හදාගත්තේ.

දැන් අපේ බැච් එකේ උන්ගේ වාරේ ස්ට්‍රක්ට්ච්ර්ඩ් ප්‍රෝග්‍රෑම් මෙතර්ඩ්ස් ඉගනගන්න. ඉතින් කට්ටියම ඔන්න අදාළ දවසේ ලෙක්චර් රූම් එකේ වාඩිවෙලා එහෙම ඉන්නවා. මමත් ඉතින් ෆුල් ආතල් පිට කදේකුත් දමාන ඉන්නවා මගේ අති ජාත මිත්‍රයෝ එක්ක. අපේ බැච් එක එක්ක එදාම අලුත් ජුනියර් බැච් එකක් එකතු කරලා තිබ්බා. ඉන්ස්ටිටියුට් එකේ උන්ගේ මුල්ම වාරේ ඒක. ඒ හින්ද අපි උන්ව ඒ තරම් අඳුරන්නෙත් නෑ. ඔය අස්සේ මට පෙනුන තව අලුත් කොල්ලෙක් එනවා. ඩෙනිමක් ගහල, ජර්සියක් වගේ ස්පෝර්ට්ස් ටී එකක ඇඳලා, පොත් තුන හතරක් අතකින් එල්ලගෙන මු දැන් කඩාගෙන එනවා. ඒ වෙද්දී  පන්තිය පටන්ගන්න විනාඩි කීපයයි තිබ්බේ. මගේ එක්ක මු දුර තියාම හිනාවක් එහෙමත් දාගෙන දොර ඇරගෙන පන්තිය ඇතුලට අවා.ඒ ක්ෂණිකව ඉතින් මමත් වටපිට බලල මුට ඉන්න තැනක් තියේද කියල බැලුවේ අර ඌ පොඩ්ඩක් මනුස්සකමක් පෙන්නුව හින්ද.

ම්හ්... මුළු පන්තියේම ඉඳගන්න තැනක් කියල තිබ්බේ මට එහාපැත්තෙ තිබ්බ පුටුව විතරයි.. අනේ මං ඉතින් මේ අලුත් කොල්ලට ඔලුවෙන් එතන පෙන්නුව. මු දැක්කේ නෑ වගේ මොනවාද හොයනවා. මං අයෙත් අතින් මුට පුටුව පෙන්නුව. ඒ පාර ඌ හිනාවෙලා වයිට් බෝඩ් එක මකන්න තියාගත්තා. ඒ කරලා මගෙන් නම ඇහුව. මුගේ ආච්චිට.. බලපියකෝ මේක ගියා උඩ කියල හිතෙන් හිතන ගමන් මං මුට නම කිව්වා. ඒ එක්කම මං කල්පනා කරේ මේ ඒපාර මොන නැටුමකට නටන්නද මු හදන්නේ කියල. මෙන්න බොලේ මේක එකපාරම කියපි

ගුඩ් ඊවිනින්ග්, මං තමයි විකුම්, ඔයාලගේ එස්.පි.එම් ලෙක්චරර්..

හුටා........ මට එවෙලේ හිතුන පොලව පලාගෙන පලාගෙන යන්න.. කෙල්ලෝ ඔක්කොම දැක්ක බොලව් මං මේකට ඉඳගන්න පෙන්නනවා.. අප්පුච්චේ........

ඒ විතරක් නම් මදැයි.. එදා ඉඳල හැම දවසකම මු පන්තියට ආව ගමන් කරන්නේ මාව හොයන එක. මං දැක්කම අඃ ඕකේ. සීම්ස් යු ආර් දෙයාර්. වෙල්.. ලෙට්ස් ස්ටාර්ට් ටුඩේස් ලෙසන්. කියල පාඩම පටන්ගන්නවා. එකත් හරි කියමුකෝ.. මගේ නම පොරට මාරුවට කටපාඩම්. එක හින්ද අහන තරමක් ප්‍රශ්න නම කියලම මගෙන්ම තමා අහන්නේ... අය්යෝ..................... කොල්ලෙක්ට ඉඩ හොයල දෙන්න ගිහින් මං කරගත්ත විනාසයක්...

9 comments:

  1. මේක කියවනකොට මට මතක් උනේ මම කොමර්ස් පංතියකට ගිය මුල්ම දවසේ පොරක් එනවා නිකන් අමුතුවට ඇවිහගෙන. මවාගෙන ඇවිදිනවා කියලා කියන්නේ. අන්න එහෙම ආවා.

    මම ඉතින් ලඟ හිටපු කොල්ලෙක්ට කිව්වා "අඩෝ අරූ පට්ට ඩයල් එකක් නේ !!" කියලා. මෙන්න එකපාට්ට පංතිය ඉස්සරහට ගිහින් උගන්වන්න ගත්තා. බැලින්නම් අරූ කොමර්ස් සර් !!!
    විලි ලැජ්ජාවේ පන ගියා.

    පස්සේ සර් කාරයා එකවුන්ට්ස් ගානක් එහෙම දීලා ළමයි ඒ ගාන හදනවා බලන්න එන ගමන් මා ලඟටත් ඇවිදින් "මාර ඩයල් එකනේ !!!" කියලා හිනා උනා.

    අද නම් සර් කෙනෙක්ට වඩා හොද යාලුකමක් තියෙන්නේ. සර් මට කතා කරන්නේ බං බොලන් කියලා. මට ඉතින් එහෙම කත කරන්න පුලුව නෑ. මම් සර් කියලා කතා කරන්නේ.

    බලාගෙන ගියාම කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තියෙනවා වගේ. හික්ස් :)

    ReplyDelete
  2. අපෙත් මෙහෙ සමහර මැඩම්ලා ඉන්නවා ඩොක්ටර් රේට් එකක් තිබුණත් පොඩි ළමයි වගේ.

    ReplyDelete
  3. සිරාවටම ඩයල් තමයි..හි හි...මරු කතාව...

    ReplyDelete
  4. අපේ ප්‍රොෆෙසර් කෙනෙක් හිට්ටා මම හිතුවෙම සීනියර් බැච් එකක් අයියා කෙනෙක් කියලා..හැබැයි අයියෙ කියලා කතා කරන්න ඉස්සර මම වෙන එකෙකුගෙන් අහලා කව්ද ඒ අයියා කියලා නෝන්ඩ් වුනා බැච් එකෙන්ම !

    ReplyDelete
  5. [.. කොල්ලෙක්ට ඉඩ හොයල දෙන්න ගිහින් මං කරගත්ත විනාසයක්...]
    හිත හොඳ අයට ඔහොම්මමනෙ ඩියර්! :(

    ReplyDelete
  6. පැනල දීමේ විපාක..ක්සැන්ඩර්.....පැනල දීමේ විපාක....

    Anyway "Good Evening Xander,I'am Observer"

    මගෙ බඩ මහතද නාකිය් වගේ පේනවද?

    Hikz

    ReplyDelete
  7. මම වගේ නම් මූදේ පයිනවා !!

    ReplyDelete
  8. @ මදුරංග:
    මටත් ඔය විකුම් සර් පස්සේ කාලේ සැහෙන්න ෆිට් උනා. ඒ වගේම තව රස කතා ගොඩක් තියනවා එය එක්ක සම්බන්ධ. අනිවා.. අපි ඔක්කොම එක බෝට්ටුවේ තමා..

    @ පිණිබිඳු :
    අම්මෝ.. කොල්ලෙක්ට ඉඳගන්න තැනක් පෙන්නලා මෙහෙම උනානම් කෙල්ලෙක්ට පෙන්නුවොත් ආයේ මං ඒ පැත්තේ යනවා බොරු..

    @ ගිනිකුරුල්ල:
    ඒකනේ.. එදත් එදයි අයෙනම් රැවටෙයි කිව්වලු..

    @ වෙනි:
    ඔය කියන්නේ.. ඉතින් කොහොමද මං ඉඳගන්න පෙන්නලා කාපු කට්ට? හිතාගන්න පුළුවන්නේ නේ?

    @ තනි අලියා:
    ඔව් ඔව්.. මොනවා කරන්නද? පස්සේ හිතාගත්ත ඉල්ලන් නේ කෑවෙ කියල.

    @ ඔබා අයිය ..
    ආස්කින් ඇන්ඩ් ඊටින්ග් ඔබා අය්යේ..
    Its good morning here .. හික්..
    පිස්සුද අය්යේ.. ඔයා කොහෙද නාකි වගේ පෙන්නේ? පොටෝ එකේ බඩක් තියනවයේ..

    @ හිස් අහස
    අනිවා.. මට හිතුනෙම පලායන්න.. කොහෙද... දැන් මල්සරා ගාව තියෙන්නේ ටී පනස් හයක්ද කොහෙද.. එතන හිටි ටිකට මට ඌ අම්බානක තියල තිබ්බේ.. අපේ පන්තියේ කෙල්ලක් ටාගට් කරලා..

    ReplyDelete
  9. @ සඳරු,
    බොට වැවකට තමා පනින්න වෙන්නෙ, මූද ගව් ගානක් දුරය්නෙ.

    ReplyDelete