Tuesday, October 25, 2011

බයිසිකල් හදිය...

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්......අනික හෙන දිග ගමනක් ....

ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහා පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු.....කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු. පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඉතින් පාර අයිනෙන් ඇන බාගෙන ඉන්නවලු..

ඔහොම පැයක් විතර ඉන්නකොට ඔන්න බොලේ පිඹගෙන එනවලු රතු පාට Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ. වෙන වාහනෙකුත් නැතිව කරන්න දේකුත් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස්.. සස් .. ගාල බ්‍රේක් පාරක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"
"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෑක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....

මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ..... ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද?? යමන් මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල රේස් කරන් ඇද්දුවේ නැතෑ.....


ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."වේගේ වැඩී .වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල එක සීරුවට... අත කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ... ඌ BMW එක පස්සේ ඔරේ තියල  පාගනවලු.
 
ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු


" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...." 

(මේක මං ඊයකින් උපුටාගෙන සුළු සාරාංශයක් කරන ලදී. සියලු හිමිකම් මේක ඔරිජිනල් ලියපු එකාගේය)

11 comments:

  1. දෙසීයෙ වේගෙං සයිකලේ යන්නෙ ක්ලාක් කෙන්ට් කියල රාලහාමි හිතන්න අැති!!!!!!!!!!!! :D :D
    බරපතල කැස්සක් ද අැතිවිය!

    ReplyDelete
  2. @ තනි අලියා.
    උදේම ලැබුන මේල්ලුව ගෙඩි පිටින්ම ටිකක් විතර මොඩිෆයි කරලා දැම්ම ඉතින් කට්ටියගේ රසාස්වාදනෙට. මටත් උදේ පාන්දර ඕක දැක්කම නිකන්ම ලේ පිරිසිඳු උනා..

    @ පිස්සා පලාමල්ල.
    හික්.. එකේ ස්තුතිය යන්න ඕනේ මේක ලියපු එකාට. ස්තුති ගොඩවැදුනට ..

    ReplyDelete
  3. ක්සැන්ඩර්, ඉස්කෝලෙ යන කාලෙ බාලයක්ෂ ගැට ඉගෙන ගෙන නැහැ වගේ. බාලයක්ෂයන්ට උගන්නනනව එක එක ගැට ජාති. එකක් තියෙනව, එක කොනකින් ඇද්දම සුටුස් ගාල ලිහෙන එකක්. මීට පස්සෙ ඔය වගේ සීන් කෝන් එකක් වුනාම දාන්න ඕනෙ ඒ ගැටේ. දන්නෙ නැත්තං ඕනෙ ගෑල්ලමෙක් ගෙන් අහන්න එයාල දන්නව ඒ ගැටේ

    ReplyDelete
  4. @ ඔබා අයිය ..
    පොඩිකාලේ නම් මාත් බාලයක්ෂයෙක් තමා.. පස්සෙන් පහු කෙල්ලොන්ගේ ගැටේකට මාව අහුවෙලා තාම ලිහාගන්න බැරුව ඉන්නවා.. ආයේ තව ගැට අහන්න ගියොත් හාමිනේ මට දාන්නේ තොණ්ඩු ගැටේ.. හික්.. අනික ඩේන්ජර්ම වැඩේ දැන් එයා මේ බ්ලොගේ ගැනත් දන්නවා.

    ReplyDelete
  5. හික් කතාවේ අන්තිම ටික නම් පට්ටයි,, තාම හිනා,,,

    හික් හික්

    ජය...

    ReplyDelete
  6. අපිත් ඉස්සර ඔහොම ලොරි වල එල්ලිලා බයිසිකල් පදිනවා ගොං කමට.
    henryblogwalker the Dude

    ReplyDelete
  7. හිනා වෙලාම පණ යනවා !!
    එතකොට තුන් දෙනාම පොතේ හැටියට දඩ කන්න ඕනේ. පවු නේ අර බයිසිකල්කාරයා. අම්මෝ මේ කතාව හොද ආදර්ශයක් වෙයි බයිසිකල් පැදලා යන කට්ටියට. ආයේ එහෙම ෆෙරාරි වලින් ලිෆ්ට් ගන්නවා එහෙම නෙමේ

    ReplyDelete
  8. @ Gayan Rupasinghe :
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට නේ. ඒ ක්‍රෙඩිට් එක මේක ඔර්ජිනල් ලියපු එකාට තම යන්න ඕනේ.. ස්තුති සහෝ..

    @ Dude :
    ඔබා අයියගේ අතිජාත ආටිස්ට් මිත්‍රයා.. සාදරයෙන් පිලිගන්නවා ඔයාව. අර ඇනේ කතාව මට නිකනුත් මතක්වෙනවා..
    අර මිස්ට බීන් ෆ්‍රාන්ස් යන එකක් තියෙන්නේ. ඒකෙත් තියනවා ඔයවගේ සීන් එකක්.. මාත් ඉස්සර පදින්න කම්මැලිකමට ලොරිවල එල්ලිලා ගිහින් 99 බේරිලා තියනවා.
    ස්තුති ආවට..

    @ මදුරංග මල්ලි:
    තුන්දෙනාම දඩ කන්නේ නෑ නේ? සයිකල් කාරය මක් කරන්නද? ඌව ඇදගෙන යද්දී? කියවද්දී මට මැවිලා පෙනුන සයිකල් කාරය යනහැටියි පොලිස් කාරය කතාත් අරන් බලාගෙන ඉන්න හැටියි. ලියපු එකාට ඕන් ෆුල් ක්‍රෙඩිට් එක.

    ReplyDelete
  9. අපේ සෙට් එකත් ට්‍රැක්ටර් පිටිපස්සෙ ඔහොම එල්ලිලා කඳු පාගනවා.. ඒත් පල්ලම් වලදි හරි බ්‍රේක් හහපුවහම හරි හොම්බ ට්‍රැක්ටරෙ වැදිලා තලා ගන්න වෙලාවලුත් තියෙනව !

    ReplyDelete
  10. හික්.. මමත් එක පාරක් ලොරියක එල්ලිලා ගිහින් තලාගත්තා මදි නොකියන්න. හිතුවෙම බඩු බනිස් කියල. ඉස්සරහින් ආව බස් එකට මන් එල්ලිලා ගිය ලොරිය වැදුනම මං නතර උනේ බස් එක අස්සේ.

    ReplyDelete