Monday, October 10, 2011

කොටුවේ ක්‍රිකට් මැච් සහ ඔෆිස් එකේ බිග් මැච්.. I


ඔයගොල්ල කවදාහරි පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ ක්‍රිකට් ගහල තියනවද? මහා රෑ 12 විතර? 2009 අවුරුද්දේ එක දවසක තමා මේ සිද්දිය උනේ. හරී හරි ..කතාවෙන් කතාවෙන් මේපාර කියන්නේ නම් ඉතින් එච්චර හොඳ කතාවක් නෙවෙයි.. ඔන්න ඉතින් මේ කියන්නේ බීල ගත්තු ආතල් ගැන.

මම කියල තිබුනනේ මම බැංකුවක වැඩ කර කියල. ඔය කාලේ සැහෙන්න බීමවල් වලට සෙට් උනා. මගේ බොස් එක්ක අපේ ඩිපාට්මන්ට් එකේ උන් පස් හය දෙනාම මාසෙකට හමාරකට සැරයක් සෙට් වීමට අමතරව මගේ මිත්‍ර සංගමේ එක්ක සතියට සැරයක් විතර එහෙන් මෙහෙන් වෙන හදිසි සෙට්වීමවල් එහෙමත් සිද්ද උනා. හදිසි සෙට්වීම් වලටම අපිට කියපු පොට් එකක් තිබ්බ. කොල්ලුපිටියේ මූද අයිනේ තිබ්බ මේ ස්පොට් ඒක අපේ එවුන් ගොඩක් දෙනෙක් දන්න තැනක්. ඉතින් ඔතන අපි නිතර වගේ සෙට් වෙන හින්ද හරියට අපි හිටියේ අයිතිකාරයාගේ යාලුවෝ වගේ. වැඩ කරන කොල්ලෝ ටිකත් අපිව හොඳට දන්නවා. මෙම්බර්ෂිප් අරන් වගේ තමා ඉතින් ඒ කාලේ. කොහොමින් හරි දවසක් අපේ එකෙක්ගේ මොකද්ද පාටියක් තිබ්බා. පාටියක් කිව්වට එකේ ඉවෙන්ට් එක මොකක්ද කියල නම් අපි දන්නේ නෑ. ඌ කිව්වා අපි ගියා.. ඔන්න ඉතින් එදා හවස 3 විතර මටත් කෝල් එකක් අවා

මචන් ක්සැන්ඩර් අන්න අද හදිසි සෙට්වීමක් සෙට් කරා.. උඹ එනවනේ? හ්ම්ම්.. ඉඳපන් බලන්න.. හරි මචන් එල කිරි කීයටද? පහට වරෙන් අපේ සෙට් එකම යනවා.. පරක්කු උනොත් පල්ලෙහට බැහැපන් හරි.. දන්නවනේ අපේ ස්පොට් එකේ තමා තියෙන්නේ.. ඔන්න එහෙනම් උඹ එන්න ඕනේ..

හා හා. එල එල.. මම එන්නම්..

අපිට බොන්න චාන්ස් ආවාට එහෙමට බොන්න බෑ. ඩේ එන්ඩ් එකක් එහෙම තිබ්බොත් බීල හමාරයි. එහෙම දාට කරන්නේ වෙන එකෙක්ව අල්ලලා තියල එන්න ට්‍රයි එකෙක් දෙන එක. හදිස්සියට අපි හිටපු ගමන් ඉතින් ඩේ එන්ඩ් එහෙම වෙනස් කරගන්නවා කතා කරලා. බීල කරන්නත් බැරි කමනම් නෑ මට නම්.  හැබැයි ඉතින් ඕකට නියමෙට දස්සය කියල ප්‍රසිද්ධ වෙලා හිටියෙනම් අපේ අතුල අය්යා.. පොරට ඉතින් නාලාගිරිට වගේ ඕකත් කජ්ජක්ද කිව්වලු. මටත් ඉතින් ඒක කජ්ජක් නුනට ප්‍රසිද්ධ කරන්න ගියේ නෑ අද වෙනකම්. මොකද මම ඒ කාලේ ඕව කිව්වනම් රස්සාව නැතිවෙන්නත් ඕක එක හේතුවක් එහෙනම්. ඉතින් ඔන්න කියපු වෙලාවටම වගේ මමත් ඔෆිස් එකේ කාඩ් එකත් ගහගෙන ඔෆිස් එකේ පඩිපෙළ දිගේ පල්ලෙහට බහිද්දීම වගේ ඔතන අපේ උන් ටික දුමකුත් පත්තු කරගෙන ඉන්නවා. 

මේ උඹ යන්නේ නැද්ද?
උඹත් යනවද? එහෙනම් ඉතින් යමල්ලා බං..  මේ... මොකද්ද බන් සීන් ඒක?
දන්නේ නෑ බන් ඌ අද උදේම කතා කරේ. මගේ හිතේ උට හොඳ කොමිෂන් එකක් වත් වැඩ කරන්න ඇති..
එහෙමද?..

ඔන්න ඉතින් අපි කට්ටිය දැන් හෙමින් හෙමින් පාර දිගේ අදාළ ස්පොට් එකට සේන්දු උනා.

අද එහෙනම් බ්ලැක් ලේබල්..? කියපල්ලකෝ?
ඔන්න ඔහේ ගනින් බන්.. බ්ලැක් හොඳයි..

අපි ඉතින් ඔන්න එක එකා මේ මධු විතෙන් සප්පායම් වෙනවා. නිකම්ම නෙවේ. ස්පොට් එකේ කොල්ලෝ දෙන්න හදපු කඩල එකෙයි චිකන් ඩෙවල් එකෙයි රස බලන ගමන්.. විතක් මධු පෙරා ගෙනල්ලා.. සින්දුවෙන් පටන්ගෙන නැගල යන සාජ්ජයක් වෙන්න වැඩි වෙලා ගතවෙන්නේ නෑ. ඔන්න ඉතින් බෝතල් එකා දෙක හිස්වෙද්දී අපිත් දැන් පදමකට ඇවිල්ල.. දැන් ගෙවල් වලට යන්න වෙලාව. අමාරුවෙන් ගහගත්තු ෆෝන් එකේ කණාමැදිරි එළියෙන් දැක්ක හැටියට දැන් නම් 12 පහුවෙලා විනාඩි 2ක් විතර වගේ.. 

මචන්ලා.. හරි එහෙනම්.. දැන් යමල්ල.. බාර් එකත් වහල බං.. එහෙනම්.. කොහොමද උඹ යන්නේ.. කැබ් එකක් කතා කරමුද? ඔන්න ඔය වෙලාවේ අපේ ගිහාන් කෑගහනවා..

අඩෝ.. එකෙක්වත් කැබ් වල යන්න ඕනේ නෑ. අපි ඔක්කොමල්ල කොටුවට ගිහින් යං. හැබැයි කොටුවට යනකම් පයින් යන්න ඕනේ.. ලෑස්තිද?

ආයේ මොනවාද කට්ටියම පවනට සැලෙනා ගානට වැදිලා හිටියට එක පයින් යන්න රෙඩි. යමල්ලා.. ඔන්න ඉතින් දැන් ගමනේ යා.. දැන් නම් බැංකුව ලගින් යන්නේ.. ඔය යන අතරේ අපේ එකෙක් දැක්ක අපේ HR මැනේජර්ගේ චුට්ටන් බට්ටිත්තන් කාර් කට්ට...

අඩෝ..... මචන් මේ.. අද අරුට ගේමක් දෙමු... අරිමු ඕකගේ රෝද පහේම හුලන්...
කොහෙද බං රෝද පහක්? එකේ හතරයි බං තියෙන්නේ.. ඒ අස්සේ එකෙක් කියනවා
ආ එකත් ෂුවර් නෑ බං, ඕකා කුණා, සමහරවිට රෝද තුනෙන් දුවනවා ඇති... තව එකෙක්.. 

මේ මචන්ලා.. ස්පෙයාර්  වීල් එකෙත් හුලන් අරිමු.... උට හෙට කාර් එක උස්සන් දුවන්න,.. කියල ඔන්න අපේ උන් පාර පැනල අනිත් පැත්තට ගිහින් කාර් එකේ හුලන් අරින්න දැන් ෆුල් සෙට් වෙලා.. මෙන්න සුපුරුදු කළුවරේ අඩ අඳුරේ හඬ පායනවා ඈතින්... අපේ මැනේජර් බුවා එනවා..පොරගේ තට්ටේට රෑ තරු වල එලිය වැටිලා දිලිසෙනවා.. මොන *** කරනවද බං මු.. මේ මහා රෑ? දුවපල්ලා... දුවපල්ලා... ඕකා දැක්කොත් සොරි තමා.. ඌත් කොහෙහරි සැටමෝල් වෙන්න ඇති බං..  කස්ටිය දුවන්න ඉගිල්ලුන. ඉගිල්ලුනට දුවන්න කකුල් වලට බෑ බෑ වගේ.. අපිට නිකම් පාවෙලා වගේ යනවා දැනුන.. ඒ අස්සේ එකෙක් පාර තදද බලන්න පාරට පත බැවිල.. ඌ මගේ හිතේ හඳේ ගුරුත්වාකර්ශනයට අහුවෙන්න ඇති. කොහොමින් හරි ඌවත් වත්තම් කරගෙන අපි අපහු කොල්ලුපිටියේ හන්දිය දිහාට පාගනවා.. 

අනේ ඉතින් දැන් නම් පොස්ට් එක මාගලක් වගේ දිග වෙන්නයි යන්නේ.. ඉතුරු ටික ඊළඟ පොස්ට් එකේ දාන්නම්.. කොහොමද අපි අධිඅරක්ෂක කලාප මැද්දෙන් කොටුවට ගිහින් ක්‍රිකට් ගැහුව හැටි සහ පසු දා උදේ පාටිය ගැන.

12 comments:

  1. ඉතුරු ටිකත් කියෝල බලමු.
    ක්සැන්ඩර්, සමහර පරිච්චේද කියවන්න පේන්නෙ නැහැනෙ, බැක් ග්‍රවුන්ඩ් එකේ කලර් එක හිංද, අකුරු පැහැදිලි මදි.

    ReplyDelete
  2. ඔබා අය්යේ.. අද උදෙන්ම මෙහාට ගොඩ වැදිලා වගේ,. පොඩි වෙනසක් කරන්න හිතුවා. එකයි. ඔන්න වරද හරිගස්සනු ලැබුවා.. ස්තුති..

    ReplyDelete
  3. වාහනේ රෝද ගාන ගැන කිව්ව කතාව නම් පට්ට. ඉතුරු කොටසත් ලියමු අයියා. එලටම ලියලා තියෙනවා. මේකෙන්ම හිතාගන්න පුලුවන් කතාව කොහොම එකක් ද කියලා.

    ReplyDelete
  4. කට්ටිය මාර වැඩ නේ කරලා තියෙන්නේ..

    ReplyDelete
  5. හිකිස්.. සඳේ ගුරුත්වාකර්ශනයට !!!! ඔය වෙලාවට පොඩි හුලන් පාරක් තිබ්බත් ඇති !

    ReplyDelete
  6. ඇති... කුඩුවක ලගින්න උනේ නැති එක..

    ReplyDelete
  7. @ මධුරංග මල්ලි : කට්ටියම එදා කණ පාත්වෙන්න බීල හිටියේ.. ආයේ මොන ඩීසෙන්ට් ද රෑ 12 ට අනික කැබ් එකක යන්න නේ හිටියේ ඔයින් ගිය ඇති..
    @ චම්මා.: හික්.. ඔව් ඔව්..
    @ Weni : අයෙත් අහල. එවෙලේ කට්ටිය ගියේ නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ ඇවිද්ද වගේ..
    @ ලංකාප්‍රිය අයියා : සිරාවට කරපු වැඩ වල හැටියට මටම පුදුමයි එහෙම නූන එකට.

    ReplyDelete
  8. ඔන්න මාත් අද ඉඳන් සෙට් වෙනවා මේ පැත්තට ..බ්ලොග් ලිපි බොහොමයක් බැලුවා . තව බලන්න තියනවා .

    මේ කතාවේ අනික් කොටසේදී උඹලා හිරේ වැටුනු හැටි බලන්න එන්නම් මම

    ඔයත් අයිටී ඉන්ස්ටිටියුට් එකක උගන්වන කෙනෙක්ද ..?

    ReplyDelete
  9. සඳරු, ඔයාව සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොගේට. සතුටුයි මේ පැත්තේ ආවට.. මම ඉන්ස්ටිටියුට් එකක ඉගැන්නුවා ඔයා වගේම. ඒත් දැන් නං මං ලංකාවෙන් ගොඩක් ඈත කටාර් වල ඉන්නේ.

    ReplyDelete
  10. අකුරු පෙන්නේ නැහැ ග්ර්ර්ර්ර්ර්ර්......
    මැනේජර් කාරයෝ එක්ක ගොඩක් තැන්වල සේවකයෝ තරහා ඇයි?

    ReplyDelete
    Replies
    1. ආපහු තරහා නැතුව බලන්න.. ඔන්න වරද හදලා..

      මම කියන්නම් දෙපැත්තෙන්ම.
      සේවකයා කැමති වැඩක් කරලා ඉවර කරන්න. ලොක්ක කැමති වැඩේ ඉවර කරලා ඊළඟ එකට යන්න. සරලයි නේද?

      Delete
    2. දැන්නම් හරි සහෝ

      ඔව් ඒක ඇත්තටම සරලයි ලොක්කට ඕන වැඩේ ඉවර වෙන්න වෙන්න අලුත් වැඩක් දෙන්න තමා :)

      Delete