Monday, October 17, 2011

කොටුවේ ක්‍රිකට් මැච් සහ ඔෆිස් එකේ බිග් මැච්.. II


මේ කතාවේ දෙවැනි කොටස,. සමාවෙන්න කතාවේ මේ කොටස දාන්න පරක්කු වීම සම්බන්ධයෙන්. ඉතින් කවුරුහරි මුල් කොටස බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න.

ඔන්න ඉතින් අපේ කට්ටිය නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ ඇවිද්ද ගමන වගේ ඇවිදිනවා කොල්ලුපිටිය හන්දිය දිහාවට.. යනගමන් කවි සින්දු කරන්නත් සින්දු කවි කරන්නත් එක එකාට මඩ ගහන්න එහෙමත් අපේ උන් සැදී පැහැදී හිටිය.. කොල්ලුපිටිය හන්දිය කිට්ටුවෙදීම ඔන්න අපේ එකෙක් අදෝනාව ගහන්න පටන් ගත්ත.. 

අනේ මචං පොඩිකාලේ ගියායින් පස්සේ ගෝල්ෆේස් ගිහින්ම නෑ බං අපේ ගෙවල් කොළඹ උනාට.. අනේ යං බං ගෝල්ෆේස්... යමල්ලකෝ.. මේකට බීල වැඩිවෙලාද මන්ද.
සත්තු වත්ත දැකලත් නැද්ද උඹ තාම? වරෙන් වඩාන ගිහින් පෙන්නන්න.. මෙන්න මෙහෙ යමන් බං. කොහොමත් එහෙන් නේ යන්නේ.. ඔහොම කොහොමහරි අපි ගෝල්ෆේස් හොටෙල් එකේ අන්තිම කෙළවර නැත්තන් ගෝල්ෆේස් පිට්ටනිය පාමුලටම වගේ කිසිම බාදාවකින් තොරව ඇවිදන් (වගේ ) ගියා. එතන ඉන්නවා කොස්සෙක්..

ඕයි කොහෙද තමුසෙලා මේ කෑගහගහ යන්න හදන්නේ? දන්නේ නැද්ද මේ හරියේ යන්න බෑ කියල? කොහොමද ඕයි මෙතනට ආවේ? ආවේනම් පයින් රාලහාමි. ඇයි පයින් යන්නත් ලයිසන් ඕනෙද? අප්පොච්චියේ මුං ඒපාර පොලිස්කාරයාගෙන් ගේම ඉල්ලනවා. 
අනේ රාලහාමි අපිට ගෝල්ෆේස් එක මැදින් කොටුවට යන්න දෙන්නකෝ.. ගියේම නෑ මතක ඇති කාලෙක.. ආයේ ඉතින් අපි මේක මැදින් ගියාම මොකද වෙන්නේ?

 අපේ එකා උගේ අදෝනාව පටන්ගත්තා.

මේ මේ සෙට් එකම දානවා අල්ලලා වෙරි බහිනකම් ඇතුලට...

ඔය අස්සේ අපි දැක්ක කොහෙන්ද ආමි කාරයෙක් එනවා. 
මොකද කට්ටිය? මචං අපි මේ පාටියක් ඉවරවෙලා එන ගමන්,. අපිට ගෝල්ෆේස් එක මැද්දෙන් යන්න ඕනේ කොටුවට.. මම ශේප් එකේ කිව්වා. මොකද ඒක මැදින්ම? දැන් 12 පැනල. ඒ පාර වහල. මෙහෙන් යන්න පුළුවන්. හ්ම්.. කට්ටියම සද්ද නවත්තල මේ පාරේ යනවල.. අපි පුස් පැටව් වගේ හීන් සීරුවේ එතනින් ලිස්සල ගියා.. අයෙත් ඉතින් කතා බස් එකට ගොඩවෙලා අපි ලෑල්ලට පාගල විනාඩි 20න් විතර කොම්පඥ්ඥ වීදියට ලග උනා.

ඔය අතරේ අපේ එකෙක්ගේ ඇහැක් බෝලෙක වැදිලා.. පාරේ බිම නිදාගන්න තරමට නැවිලා පෙරලිලා කොහොමහරි ඕක ඉතින් අපි ගත්ත... දැන් ගත්ත වෙලේ ඉඳල කට්ටියටම ක්‍රිකට් ගහන්න ඕනෙලු.. මේ මහා රෑ හොයපන්කෝ ක්‍රිකට් ගහන්න තැනක්. කතා බස් එකේම දැන් කොටුවේ ටෙලිකොම් පහුකරන් අපි යනවා. මං එතනින් යන්න ඕනේ තරුණ බෞද්ධ සංගමේ බිල්ඩිමට. එකෙත් හතරවෙනි තට්ටුවේ මගේ බෝඩිම.

මොකද බං දැන් කරන්නේ? මං එහෙනම් මෙතනින් මාරු වෙනවා..
යමං ස්ටේෂමට.. එතන පට්ට පිච් එක මචං.. ගහමු ක්‍රිකට්..  අරි අහ් .. ඒක පට්ට...  තව කොහෙන්ද එකෙක් කියවනවා.. ඕන දේකට පොල් අරක්කු කිව්වලු..  අපේ උන් කොහෙන්ද කඩ බක්කියක් අස්සෙන් ලෑලි කෑලි දෙකක් උස්සන් එනවා.. මං ලාවට දැක්ක.. මොන කෙහෙම්මලක්ද කියල ඔන්න ඉතින් කට්ටියම කොටුව ස්ටේෂන් චාරිකාව පටන්ගත්ත.. ඇවිදලා දැන් ටිකක් වෙරිත් හිඳිලා තිබ්බේ ඒ වෙද්දී. කොටුවේ ස්ටේෂන් එකේ බල්ලෙක්වත් නෑ. ආමි එකේ කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් හිටිය. ඒ ඇරුනම එකෙක්වත් නෑ. ඒ වෙලාවේ.

අපිත් ඉතින් ලෑලි කෑලි ටික තියල විකට් එක හදල දෙකේ දෙකේ ජොයිස් පොල්ලක් බැට් එකට අරන් ඔන්න ක්‍රිකට් ගහන්නයි මේ සුදානම .. ආමි එකේ හිටියෙත් අපේ වයසේ වගේ කොල්ලෝ.. උනුත් ආබාධයක් නෑ..
ඔන්න පලවෙනි බොලේ දැම්ම..

කොටුව හරහා වේගවත් හතරේ පහරක් සමග කඩුල්ල මතට ක්‍රීඩකයා ඇද වැටුනා.. දැවියාමක් සටහන් වෙනවා.. මීළඟ ක්‍රීඩකයා.. පිටියට පිවිසුණා.. ඔව් පන්දු යවන අන්තයෙන් දැවැන්ත පන්දුවක්.. පහර දී දිවයනවා.. යනවා. යනවා.. යකෝ.. ඔතනින් එහා පේමන්ට් එක.. ඇදවැටුනා...ඔව් දෙවන ක්‍රීඩකයා පේමන්ට් එකේ හැපී ඇදවැටුනා.. ප්‍රථමාධාර කණ්ඩායම හමුදා ආධාර මැද දිවයනවා.. දැන් පීටියට පිවිසෙන්නේ අපේ ලාබාලම ක්‍රීඩකයා.. පසුගිය වාරයේ ලකුණු ලැබීම කෙසේ වෙතත් කණ්ඩායමේ තේ බෙදා ඉතා පළපුරුදු මේ ක්‍රීඩකයා.. බඩුම තමා.. අති දැවැන්ත හයේ පහරක්.. පන්දුව නෝ බෝල් ලෙස සටහන් වෙනවා.. කෝ බං මේ බොලේ? දැන් ඉතින් මේ කළුවරේ හොයපන්කෝ..

ආමි එකේ කොල්ලොන්ගේ ටෝච් පාරවල් කොටුවේ ඒ මේ අත ගැහුවත් අයෙත් අපිට ඒ බොලේ දකින්න හම්බුනේ නෑ.. එකත් හොඳට ගියා.. පාන්දර 2 ට කිට්ටුයි වෙලාව. කොහොමින්හරි එතනින් අව 190 කට්ටියගෙන් බාගයක් ගොඩ කරලා ඉතුරු උන්ව එයාර්පෝර්ට් බස් එකකට දාල මං තුමා තනියෙන් අපහු බෝඩිමට පිටත් උනා.. 

පහුවදා උදේ අපි අයෙත් වැඩ. උදේ 10 විතර අපි කීප දෙනෙක්ට අපේ ජි. එම් ඔෆිස් එකට එන්න කියල පණිවිඩයක් ලැබුණ.. මමත් ඇතුළුව.. පණිවිඩේ විදියට මමත් ගියා.. යද්දී අපේ උන් 3 දෙනෙක් විතර ඇතුලේ ඉන්නවා. තට්ට HR මැනේජර් කාරයත් ඉන්නවා. මමත් ගියා. ජිඑම්ට ග්රීට් කරලා එහෙම පැත්තක ඉඳගත්ත.

ජිඑම් කතාව පටන්ගත්ත. අපිට පැමිණිල්ලක් තියනවා. තමුන්ලා ඊයේ රෑ බීල අපේ මිස්ට සමරවික්‍රමගේ වාහනේ හුළං ඇරියාය එකේ සීරුම් ඇතිකරාය කියල.. ඇත්තද? අපේ එකෙක්වත් කතා නෑ. මට එකපාර මීටර් උනා දැන් කතා නොකරොත් වරද ඔළුවට වැටෙනවා ඒක හින්ද කියන දෙයක් කියන්නම වෙනවා කොහොම උනත් දෙකෙන් එකනේ. එක්කෝ පරිප්පු.. එක්කෝ සෙරෙප්පු.. සර්, අපි ඊයේ බිව්වා. ඒක ඇත්ත. එත් ඔහොම කියන දෙයක් උනේ නෑ. කවුද දැක්කේ අපි හුළං අරිනවා?

දැක්කේ මම. මිස්ට සමරවික්‍රම විතරද දැක්කේ? මිස්ට සමරවික්‍රමට ඔප්පු කරන්න පුලුවන්ද අපි තමා ඒක කරේ කියල? සර්, මිස්ට සමරවික්‍රම අපේ එක්ක පුද්ගලික තරහක් තියනවද දන්නේ නෑ. එත් අපිට බෑ එයා කිව්වා පලියට මෙහෙම බොරුවක් පිළිගන්න. කැමරා සාක්ෂියක් හරි, බෑන්ක් සෙකියුරිටි හරි කියනවනම් අපි වරද පිළිගන්නම්. මොකද අපි බීල නිකමටවත් මෙහෙට ආවේ නෑ. අනික අපි යද්දී රෑ 12 පහුවෙලා. ඉතින් ඒ වෙලාවේ මිස්ට සමරවික්‍රම නෑ නේ බැංකුව අහලක? මිස්ට සමරවික්‍රමට කවුරුහරි බොරුවක් කියල. අනික සර් සීරුම් තිබ්බනම් පෙන්නන්න කියන්න එකක් හරි.

හ්ම්.. සමරවික්‍රම මොකද කියන්නේ? සර් මං විතරයි මේක දැක්කේ. කාර් ඒක තිබ්බේ පාරේ එහා පැත්තේ. මම අහවල් හෝටලේ පාටියක් ඉවරවෙලා එද්දී මේ කට්ටිය තමයි හුළං ඇරලා දිව්වේ. වෙන සාක්ෂි තියනවද සමරවික්‍රම ළඟ? නෑ සර්. 

හරි. මේක ඔප්පු කරන්න බෑ. මේ අය කරා කියල. නමුත් ඒ අය පිලිගන්නවා මත්පැන් බිව්වා කියල. සමහර විට සමරවික්‍රම දකින්න ඇත්තේ මේ ගොල්ල මෙතන පහු කරන යනවා වෙන්න ඇති. හ්ම්ම්.. කොහොම උනත් අදට මම මේක අතහරිනවා. දැන් මේ සිද්ධිය අරගෙන පුද්ගලික තරහ තියාගන්නේ නැතුව අතට අත දීල සමාදාන වෙලා අපහු රාජකාරිය පටන්ගන්න.. 

අපි ඉතින් අතට අත දීල සොරි ෆෝ ද මිස් අන්ඩස්ටැන්ඩින් කියල අපහු ගියා..  සමරේට හුළනුත් නෑ. හික්..

දැන්නම් මතක් වෙද්දී ඒක සුන්දර මතකයක් විතරයි.. එත් එදා බලන්න තිබ්බා.. වෙලාවට එදා හිටිය ග්‍රහය හොඳයි..

10 comments:

  1. ලොක්ක රජ වැඩර් කෙනෙක් තමා! :D

    ReplyDelete
  2. ඔයින් බේරුනා මදෑ ඉතින්... :D

    ReplyDelete
  3. @ තනි අලියා : වැඩර්? හික්.. හික්.. කොහොමද කන්න සෙට් උනා නම්.. හොදි නැතුව තාම කනවා එහෙනම්..

    @ චම්ම : පස්සේ තමා ඒවා මීටරේට ආවේ..

    ReplyDelete
  4. ඔය වගේ දහදුරා වැඩක් කරලා බේරුණහම තියන ෆන් එක ගැන ඉතින් නෝ කතා.... හික්ස්......

    ReplyDelete
  5. ඒකත් පට්ටයිලු ඈ සමරේ මහත්තයා බ්ලොග් කියවන්නේ නැතුඉව ඇති නේද ?

    එල කතාව සහ එල සිද්දිය

    ReplyDelete
  6. @ ගොඩයා :
    තාම ඔය සීන් එකට හවුල් උං බැංකුවේ ඉන්නවා. අප්පේ අදටත් බීමකට සෙට් උනාම ඔව්වා මාර මතක තාම.. ස්තුති මේපැත්තට ගොඩවැදුනට..

    @ හිස් අහස :
    අදටත් සමරවික්‍රම නමින් හඳුන්වන ලොක්කත් බැංකුවේ ඉන්නවා. එත් මිනිහනම් ඔය බ්ලොග් කියවන්නේ නා. එහෙම එකක් තියනවද දන්නෙත් නා. හික්. නමුත් මං හොඳටම දන්නවා මනුස්සයාගේ හොඳම ගෝලයෝ දෙන්න නම් මේක කියවන විත්තිය.. ස්තුති සඳරු..

    ReplyDelete
  7. අයියලාත් ඒ කාලේ පුදුම වැඩ නේ කරලා තියෙන්නේ. බීලා වැනි වැනී ක්‍රිකට් ගහන හැටි මට නම් නිකන් මැවිලා වගේ පේනවා. ඔහොම බීලා ක්‍රිකට් ගහන මැච් එකක් අපේ කම්පස් එකේත් තිබ්බ. ජුන්නොයි සින්නොයි අතරේ. සින්නෝ දවසම බැට් කලා.

    අවුට් එකක් ගියොත් නෝ බෝල්. ඔහොම සීන් එකක් තමා තිබුනේ !!!!

    මේ වගේ ඒවා මතක් කර කර හිනා වෙන්න තියෙන්නේ. අතීත සොඳුරු මතක. ගෝල්ෆේස් එක ආරක්ෂික තලාපයක් හින්දා වෙන්ටෑ යන්න නුදුන්නේ.

    ReplyDelete
  8. @ මදුරංග මල්ලි:
    අප්පෝ එදා නම් මාර ෆන් එකක් ගත්තේ.. හොඳ හොඳ පිස්සු කෙලිය ඒ කාලේ. වගකීම් අඩුයි. බැඳීම් අඩුයි. දැන් ඉතින් පිස්සු කෙලින්නේ නැතුව නෙවේ. එත් ඉස්සර වගේ බෑ..

    පේරේ තිබ්බ ඔහොම එකකට මමත් ගිය මතකයි අපේ උන් ඉන්න කාලේ.. රනවුට් එහෙම මලාට යන්නේ නෑ..මොකද එකෙක්වත් දුවන්නේ නෑ. උන් ඔක්කොම ඉන්න තැන හිටගෙන, එන එන බෝලයක් ගානේ බැට් එක වටේට වනනවා. වැදුනොත් බෝලෙට බඩු.. නැත්තන් ටිකකින් වනපු එකාට බඩු.. හික්..

    ReplyDelete
  9. හරි හරි අද තමා තේරුනේ....ක්‍රිකට් ගහනකොට නෝ බෝල් කියන්නෙ එතකොට මේ බෝලෙ නැති වුනාම නේද? අපි කවද ගහපු බෑට් ද?

    ReplyDelete
  10. අනිවා අනිවා... නෝ බෝල් නේ.. ඕක මේ සුද්දට වැරදිච්ච තැනක් ඔබා අයියේ.. ඌ තාම ඒක ප්‍රසිද්ධියේ කියවනවා.. අපි හරියට වචනේ හරි තැන පාවිච්චි කරා.. එච්චරයි.. හික්..

    ReplyDelete