Thursday, February 9, 2012

දන්නවද අපි කවුද කියල?

මේ දවස් වල තියන කාර්ය බහුලකම හින්දම වැඩිය බ්ලොග් එක ලියන්න වෙන්නෙත් නෑ. එත් එහෙම උනත් කියවන එක අතාරින්නෙත් නෑ. ඔහොමින් යන ගමන් ඔන්න අද ඉඩක් ආව කතාවක් ලියාගන්න පුළුවන් වෙන සයිස් එකේ.



ඉතින් මේ කියන කතාව සිද්ද උනේ 2004 අවුරුද්දේ දවසක. එදා අපේ කොල්ලෝ කට්ටිය එක්ක මමත් ගියා අපේ පරිඝනක ආයතනයේ මහා ක්‍රිකට් තරගයට. මැච් එක තිබ්බේ ගැටඹේ ග්‍රවුන්ඩ් එකේ. පැත්තක හට් ගහල තව පැත්තක් මැච් ගහනවා. සෙල්ලම් කිරිල්ල කොහොම වෙතත් එදා කට්ටිය සමහරු මල් කඩන මෙහෙයුම් වල එහෙම යෙදිලා මදි නොකියන්න මහන්සි වුන දවසක්. එදා අපිට තිබ්බේ ස්ටාෆ් එකයි අපියි අතරේ තිබ්බ ක්‍රිකට් මැච් එක. කොහොමින් හරි ඉතින් හවස 2- 3 වෙද්දී අපේ බැච් එකයි ස්ටාෆ් එකයි අතරේ තිබ්බ ක්‍රිකට් මැච් එකෙන් අපි දිනුවා. දිනුවා කිව්වට දිනුවම නෙවෙයි ස්ටාෆ් එක හින්ද හොර ලකුණු ගානකින් පැරදුණා..

" ෂී... බං.. මෙහෙම ගහල හරි යන්නේ නෑ. යමන් තෙල් ටිකක් දාගෙන එන්න. දෙන්නම් එතකොට ඇට්ටි හැලෙන්න." ඔන්න එතනට අපේ හර්ෂයා කඩං පාත් උනා. "කොහෙන්ද බං තෙල්? ඒ මදිවට ඊළඟ මැච් එකත් අපි. මචං හතර විතර වෙද්දී එන්නත් ඕනේ." පුබුදුවා බරේ දානවා.  කොහේදෝ හිටපු ඇබා ඒ අස්සේ දුවගෙන ආවා.. " කවුද මේ තෙල් ගහන්න යන්නේ? අඩෝ මේ මමත් එනවා.." "හරි බං, දැන් කොහෙද යන්නේ?" අතුරු පැණය මගෙන්. " මචං මෙතන ඉඳල හරියන්නේ නෑ. ඩොකා ගේ කාර් එක අරන් මෙහෙමම යමු පේරාදෙණියට. ගිහින් වයිට් එකක් අරන් යමල්ල කට්ටියම මල් වත්තට." "එල.." 

ඩොකා කියන්නේ අපේ බැච් එකේ හිටිය එකෙක්. පොරගේ අම්මා ඩොකෙක්. ඒ කිව්වේ දොස්තර නෝනා කෙනෙක්. අම්මා ඩොක්ටර් හින්ද මූට අපි කියන්නේ ඩොකා. ඉතින් ඌ එන්නේ කාර් එකක. ඒ දවස්වල අපිට තිබ්බ එක නිල රථයක් තමයි ඩොකාගේ කාර් එක. ඉතින් ඩොකා චැනල් කරලා ඌගේ කාර් එකේ හයදෙනෙක්ට කිට්ටුවෙන්න පටවල ඔන්න කට්ටිය ඇද්ද පේරාදෙණියට.

" හරි එහෙනම් දාමු කලෙක්ෂන් එක." ඇබා කලෙක්ෂන් එක බාරගත්තා. කට්ටිය සීය පනහ එහෙම දමල දැන් ඉතින් බෝතල් දෙකකුත් ගත්තා. ඔන්න එකපාර මට මීටර් උනා මල්වත්තේ බොන්න දෙන්නේ නෑ නේද කියල. "මචංලා.... මේ.... මල්වත්තේ බොන්න දෙන්නේ නෑ නේ බං." 
"මගුලක් කතා කරනවා. එහෙනම් උඹ කියන්නේ මේක කටේ හලන්නේ කොහේ ඉඳන් කියලද?" ඩොකා මල පැනල ඇහුව විදියට මං හිතන්නේ ගණ දෙය්යොත් නැගිට්ට වෙන්න ඇති.
"හරි  බං ඕක ස්ප්‍රයිට් බෝතලේකට කවලම් කරන් අරන් යං," මම ආයෙම කියල දැම්මේ ගණ දෙය්යෝ දුන්න ටොකු පාරක් වැදිලා වෙන්න ඇති.
"අන්න අයිඩියා එක..." " පොඩි මෑන්, මචං ගෙනෙන් මෙගා බෝතලයක්." පොඩි මෑන් කිව්වට ඌ තම සෙට් එකේම දැවැන්තයා. ඌව ඔබල ඒ කාර් එකට නැග්ගට පොඩ්ඩෙන් අපිට ගිනස් රෙකෝඩ් එකකුත් සෙට් වෙනවා.

කට්ටියම මෙගා ස්ප්‍රයිට් බෝතලයක් අරන් ඒකන් බාගයකට ටිකක් වැඩියෙන් හලලා අර සැර තෙල් ටික ඇබින්දක් අහක යන්නේ නැතුව පිරෙව්වේ ඒ එක බින්දුවක් උනත් සෑහෙන වටින බව අද්දකීමෙන්ම දන්නා හින්ද.
ඔහොම සෑහෙන්න මහන්සි වෙලා පුරවපු මැජික් අරිෂ්ඨ බෝතල් දෙකකුත් තව එතන බේකරියෙන් ගත්ත කට්ලට් ඇතුළු අඩුම කුඩුම මල්ලයි අරගෙන අපි සෙට් එක ආයේ ඇවිත් කෙලින්ම නැවතුනේ මල්වත්තේ ගේට්ටුව අයිනේ.

"හරි මං ටිකට් ගන්නම්." හර්ෂයා දිව්වා.

ඌ ටිකක් වෙලාවකින් ටිකට් ටිකත් අරන් එද්දී අපි ගේට්ටුව ගාවට ඇවිත් ඉවරයි. ඉතින් ටිකට් ටික දීල අපි දැන් මල්වත්ත ඇතුලට අව.
"අඩේ.. මේ.. කොහෙද බං එල පොට් එකක් තියෙන්නේ?" පුබුදුවා කට්ලට් එකක් ඔබන ගමන් අහනවා. " තෝ ඕක තියල හිටු.." ඒ අස්සෙන් ඇහුනු ගෝරනාඩුවට ඌට කට්ලට් එක ඉස්ස්මොල්ලේ ගියාද මන්ද... ඔහොම අපි ඉතින් මල්වත්තේ අහු වුනු පලවෙනි පාරෙන්ම යනවා.. ලොකු පිට්ටනිය අයිනේ තියන තල් ගස් අස්සෙන් ගඟ දිහාට යනගමන් ඔන්න හර්ෂ මල්ලිට සබැ ප්‍රශ්නයක්.  

" තෙල් බෙදන්නේ අහවල් එකකටද? කොයි කෝප්ප?"  

"හරි හරි බං, එක අවුලක් කරගන්න ඕනේ නෑ. ස්ප්‍රයිට් එක එක්කනේ තියෙන්නේ. ඔහොමම අරන් කටේ හලගමු.. "

යෝජනාව ඒකමතිකව සභා සම්මත වෙද්දී අපි ඉතින් ගමනේ යමින් ගමන් හෙමින් හෙමින් එක එකා ස්ප්‍රයිට් බෝතලෙන් ටික ටික කටේ හලාගන්න පටන්ගත්ත. ඉතින් මල්වත්තේ ලොකු පිට්ටනියට එහායින් තියන තණකොළ බිස්සේ අද ගහපු ලොකු පයිනස් ගස් යට කට්ටියම වාඩි වෙලා ස්ප්‍රයිට් වල ගිල්ලපු නැටුම් තෙල් රස බලනගමන් ආගිය කතා කියමින් උන්න. ඒ අතරේ පුබුදුවා බයිට් එක ඩයට් එක කරගෙන.බොනවට වැඩියෙන් කනවා.

ඔහොම ෆන් එකේ ඉන්න අපි දිහාට අපිටත් නොදනී තව ඇස් හතරක් යොමුවෙලා තිබිල.. එකපාරම මෙන්න පොලිසියෙන් පැන්නා වගේ මල්වත්තේ සිකුරුටි කාරයෝ දෙන්නෙක් එතනට කඩං පාත් උනා.
" මේ මේ .. එකෙක්වත් දුවන්න එපා. කන් පලනවා තොපිලගේ." කෝ දෙනවා මෙහාට ඔය බෝතලේ.." එකෙක් බෝතලේ උදුරාගත්ත. අන්තිම පොඩ්ඩ තිබ්බ ඒ බෝතලේ නහයට තියල ඉව කරපු ඒ මිනිහ ඒ ගමන්ම ඒ බෝතලෙන් ටිකක් කටට හලගන්නත් අමතක කරේ නෑ.
"මම කිව්වේ සිල්වා මුන් බොනවා කියල. මේ.. මේකේ අරක්කු.." " තොපි දන්නවද මේක ඇතුලේ බොන්න බෑ කියල? ඇඃ ?" කතා කරපියව්.." ඒ සද්දේ එක්කම ඩොකා වෙනස් වුනු හැටි මට පෙනුන.

" තමුසෙලා දන්නවද අපි කවුද කියල? " ඩොකා සිංහයා වගේ ඇහුව.. ඒ සද්දෙට සික්කෝ දෙන්න ටිකක් විතර පසු බැස්ස. ඩොකා එක දැකල තවත් දිරිමත් උනා.

" අපි අහවල් ඇමතිගේ ප්‍රයිවෙට් සෙකට්‍රිගේ පුතයි යාලුවෝ ටිකයි. " මේ ඉන්නේ ඒ පුතා.." මේකා ඒ ටික කිව්වේ පුබුදුවා පෙන්නන ගමන්. පුබුදුවා දියෙන් ගොඩ දැම්ම එකා වගේ. 

"ඔව් අන්කල්, දන්නේ නැතිනම් එයාගෙන් අහල දැනගන්නෙකයි ඇත්තේ.." හර්ෂයත් දැන් ෆුල් සප් එක.

ඒ අස්සේ පුබුදුවා කියනවා "මචං තාත්තල එහෙම දැනගත්තොත්.." කියල. ඌ ඒ ටික කිව්වේ ඇත්තටම උගේ තාත්ත මෙහෙම කේස් එකක් උන බව දැනගත්තොත් කියල කියන්න අපි සහ සුද්දෙන් දැනන් හිටියත් සිකුරුටි අංකල්ල හිතුවේ වෙනින්ම විදියකින්. පයිනස් ගස් යට ඉඳන් වවුල් කැලේ පිවිසුම කිට්ටුවෙන් ඉඳගෙන බිබී හිටපු අපේ සංග්‍රාමයේ උච්චතම අවස්ථාව ඔය අතරේ එළඹෙමින් පැවතුනා.

"හඃ.. හිතුව මදි හිටපියව් තොපි අරන් ගිහින් දාන්න පේරාදෙණියේ පොලිස් කූඩුවෙ." ඔය අතරේ පහු බැහැපු සික්ක අංකල් කෙනෙක් කිව්වේ මේ ජවනිකාවේ ඊළඟ මොහොතට මුල්ගල් තියමින්.

"මචං නිලංග, ගනිං මචං ඇමති අංකල්ට කෝල් එකක්. අරන් කියපන් මේ සිද්දිය." ඩොකා ඒ බෙරිහන් දුන්නේ පුබුදුවාට. ඌ එකපාර ටියුබ් ලයිට් උනත් ඒ වෙලාවේ කරදරයක් නැතුව පත්තු වුනේ අපේ වෙලාවට. ඔක්කොටොම වැඩියේ ඌට නිලංග කියලත්.. මොකද උගේ නමේ නිලංගයක් ගෑවිලාවත් නෑ.

බුවා සාක්කුවෙන් ඇදල ගත්ත අලුත්ම නොකියා 3220 ෆෝන් එක, ඒ දවස් වල ඒක ලංකාවෙත් නෑ. උගේ කසියා ඌට රට ඉඳන් ගෙනාව භාණ්ඩයක්. සික්ක අන්කලුත් ඒ දැකල හොල්මන් උනේ ෆෝන් එක අඳුරගත්ත හින්දද නැතිනම් වෙන මොකටද කියල අදත් මට මීටර් නෑ, ගත්තු ගමන් ඌ ඩයල් කරලා තියෙන්නේ අපේ වජිරයාට.

පුබුදුවා: "මේ අහවල් ඇමතිතුමාගේ ගෙදරද?"
වජිරයා : "මොන මගුලක් කියවනවද බං"
පුබුදුවා : "අඃ හරි හරි ආන්ටි අංකල් ඉන්නවද? මම මේ නිලංග කතාකරන්නේ." 
වජිරයා: "මෙහෙ ඇති නිලන්ගයෙක් නෑ බං.. පිස්සුද යකෝ? තොට ඩෝප් ද?"
පුබුදුවා: "නැද්ද ආන්ටි? එකනේ මේ බලන්නකෝ අපිට පොඩි කරදරයක්. ආන්ටි ගාව තියනවද පේරාදෙණියේ .අයි.සී ගේ නම්බර් එක?" 
වජිර:  #*$@$!! මු හොද දෙකක් කියල ෆෝන් එක තියල. පුබුදුවා ඒත් ඔහේ කියවනවා.
" නෑ ආන්ටි මේ කට්ටියක් අපිව අල්ලගන ඉන්නේ. නෑ නෑ බයවෙන්න දෙයක් නෑ. ඕකේ ආන්ටි ඩබල් සෙවන් ටු ෆෝ ඩබල් ෆයිව් ඩබල් ෆෝ"
"තැන්කියු ආන්ටි. නෑ නෑ ලොකු දෙයක් නෙවෙයි ආන්ටි."
"ඕකේ ආන්ටි.. බායි."

ෆෝන් එක තිබ්බ ඒකා ආයෙම විනාඩියක් දෙකක් විතර ඒක ඔබ ඔබා ඉඳල කාටදෝ ඩයල් කරනවා. ඇමතුම අපහු වජිරයට. ඔය සීන් එක අපි වගේම සික්කෝ අංකල්ලා දෙන්නත් කටවල් අරන් බලන් ඉන්නවා. අපිට පුදුම මු  මෙහෙම එකපාර වැඩ දාන්නේ කොහොමද කියල. සික්ක අංකල්ල හිතන්නේ මු සිරා බුවෙක් කියල.

"මේ පේරාදෙණියේ  .අයි.සී ද?"
"තොට අමු කැවිලද යකෝ? මොකද තොපි මාවම බයිට් කරන්නේ?"
"අහ් හරි හරි . මම මේ කතාකරන්නේ අහවල් ඇමතිගේ ප්‍රයිවෙට් සෙකට්‍රි ගේ පුතා."
"බූරුවෝ මම මේ කෙල්ල එනකම් ඉන්නේ. තොට මරු විකල්ලෙන්ද?"
"අඃ ඇත්තද? මැඩම් මේ දැන් කතාකලා?" "එකනේ."
"තියාපිය යකෝ ෆෝන් එක. තොගේ බිල තාත්තා ගෙව්වට මගේ බිල මම ගෙවන්න ඕනේ. $#@#%^$" ඌ ආයෙම කට් කළා. ඒ දවස් වල ඉන්කමින් ෆ්‍රී නෑ මට මතක විදියට.
"මේ මේකයි  .අයි.සී මහත්තයා, මේ අපිව මල්වත්තේ සෙකියුරිටි එක අල්ලගත්ත. ඒකයි. නෑ.. නෑ.. බීල කියල. "
"නෑ නෑ එන්න කලබල වෙන්න ඕනේ නෑ. මේ ඉන්න එක්කෙනෙක්ට කතා කරලා කිව්වොත් ඇති."
"හරි හරි මහත්තය කළබල වෙන්න එපා. අපිට කරදරයක් නෑ." ඕනේ නෑ ඕනේ නෑ. එන්න ඕනෙකමක් නෑ. අපිට ආරක්ෂාව තියනවා. නෑ.. නෑ...

ඔය කතාව යන අතරේ සික්ක අංකල් කෙනෙක් හිමීට අපි ලඟට කිට්ටු කරා.
" අනේ මහත්තයෝ.. අපිට සමාවෙන්න අපි අහිංසක මිනිස්සු.. මේ දේවල් ගණන් ගන්න එපා. අපි කාල ඉන්නේ මේ රස්සාවේ ඉන්න හින්ද නේ මහත්තයෝ.. ඕක අල්ලලා දාන්න කියන්න. මහත්තුරු ඒකරලා යන්න. අපි කරදර කරන්නේ නෑ."
"කොහෙද මේ සිල්වාට කිව්වා ඇහුවේ නෑ නේ. මේ බුරුව දාගත්තොත් දාගන්නේ ලෙඩක්මයි, අනේ මහත්තයෝ.. අපි දුප්පත් මිනිස්සු මහත්තයෝ.. සිල්වා... මේ මහත්තුරුන්ට ඉන්න දීල අපි යමු."

අපේ පුබුදුවා ෆෝන් එකත් දික්කරන් ඒ අස්සේ කෑගහනවා  " ඒයි කොහෙද යන්න හදන්නේ, මේ  .අයි.සී මහත්තයාට කතාකරනවා.. "

අනේ සර් ඕනේ නෑ සර්.. සර් කියන්න ප්‍රශ්නේ ඉවරයි කියල.. සර්ලා මෙතන බොන්නකෝ කමක් නෑ. ඕනෙනම් අර පහල කැලේ තියනවා හට් එකක්.. ඒකට යන්න.. අපි නේ ඉන්නේ අපි කාටවත් එන්න දෙන්නැතුව ඉන්නම් ඒ පැත්තට. සිංහනාද කරපු සිල්වා සිකුරුටි අංකල් බින්දුවටම වැටිලා. පවු අහිංසක මනුස්සය. රස්සාව බේරගන්න නේ. 

පුබුදුවා ආයෙම ෆෝන් එක අරන් කනේ ගහගන " .අයි.සී  මහත්තයා එන්න කලබල වෙන්න එපා. අපි යනින් ගමන් ඒ පැත්තේ ඇවිත් යන්නම්කො. අඃ ගෙදර යන්නද? නෑ නෑ කාර් එකේ ආවේ. තැන්ක්යූ.. හරි එහෙමනම් අපි තියන්නම් තැන්ක්යූ වෙරි මච්.

ඌ ෆෝන් එක සාක්කුවේ දාගත්තා. මෙච්චර වෙලා කට පියාගෙන හිටිය ඇබා සික්ක අන්කල්ලට දැහැමින් සෙමින් වදාරනවා.. " පේනවනේ, නිකම් අත පුච්චගන්න එපා. දැන් දන්නවනේ මේගොල්ල කවුද කියල. මෙන්න මේකා තියාගන යනවල යන්න. මේ පැත්තට කවුරුත් එවනවා එහෙම නෙවෙයි." රුපියල් සීයක් සික්ක අන්කල්ගේ මිට මොලවපු ඌ අපහු අපේ දිහාට එද්දී අනික් සික්ක අන්කල්ගේ මුණේ තිබ්බ ඉස්පාසුව කෑදරකම මිශ්‍ර බැල්ම අඳුරගන්න මට ඒ තරම් වෙලාවක් ගියේ නෑ.

කට්ටියම අයෙත් වට වෙලා ඉතුරු බෝතලේට වැඩ දෙන ගමන් මං කරේ වජිරයාට කෝල් කරපු එක. " අඩෝ මොකද තොපි අද මාව බයිට් ඒකට ගත්තද?" වජිරයා මං මොනවත් කියන්නත් කලින්ම දමල ඇරියේ ඌත මේ ප්‍රෙහෙලිකාව තනියෙන් කොහොමටත් තේරුම් ගන්න බැරි හින්දයි. "හරි හරි හෙට ක්ලාස් එකේදී සෙට් වෙයන්කෝ, සිද්දිය කියන්න. පොඩි සීන් එකක් බං. උඹ අවුලක් නෑ නේ?" " පිස්සුද බං? ඒ.. මොකද්ද  බං කියපන්කො මොකද සීන් එක?" "හරි හරි හෙට වරෙන්.." මං ෆෝන් එක කට් කළා..ඌටත් ඕනේ නැති චීත්තයක් නෑ.

කොහොමින් හරි ආගිය කතා ඉවර වෙලා අරිෂ්ඨ බඳුන් දෙකකට වැඩ සලස්සපු අපේ සෙට් එක ලංකා පොකුණ ගාවින් තියන පාර දිගේ මහා උණ පඳුර ගාවින් ඇදුනේ ගෙදරවල් වලට යන බලාපොරොත්තුවෙන්. වටේට හීනි ගොම්මන් අඳුර මැදින් අදුන අපේ සෙට් එක ඉස්සරහට එකපාරම මතුවුනේ සිල්වා සික්ක අංකල්..

" ආ මහත්තුරු යන්නද? හොඳයි මහත්තයෝ ගිහින් එන්න.. ආයේ අවොත් හම්බවෙමුකෝ එහෙනම්.." පුස් පැටියෙක් වගේ කියල දාපු සිල්වා අංකල් හනිකට පාරෙන් ඉඩ දෙන ගමන් පැත්තකට ඇදුනා. අපිත් ඉතින් හෙමින් සැරේ එතනින් ඇදුනේ ආයේ කවදාහරි ආවොත් ඉල්ලන් කෑමක් සෙට් වෙයිදෝ කියන සිතුවිල්ලත් ඇතුව. 

22 comments:

  1. සික්කංට ඔහොම්ම තමා කරන්න ඔ්න! මොන තැනට ගියත් ඉන්න වාතකාරම එකා තමා එතන සික්ක!

    ReplyDelete
    Replies
    1. ආවට ස්තුතියි.. මිටි තැනින් නේ වතුර ගලන්නේ.

      Delete
  2. සික්කට මරු වැඩේ වෙලා තියෙන්නේ !!! හික්ස් :)
    මම් හිතුවා ලියන්න වෙලාව නැතුවැති කියලා. එක පෝස්ට් එකක්වත් දැක්කේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. කැම්පස් ගැන ලියපු පොස්ට් එක තමා මේ අවුරුද්දේ එකම පොස්ට් එක. ඊට පස්සේ මේ.මේ ටිකේ ගොඩක් වැඩ වැඩි වුණා මල්ලි. අද තමා වෙලාවක් සෙට් වුනේ. සික්කා? හික්.. එදා සික්කට මාට්ටු වෙලා කෑවනම් තවම කනවා..

      Delete
  3. ඒ අයත් ඉතින් එයාලගේ රාජකාරිය නේ කරන්න..හැබැයි සමහරු නම ඉන්නවා ගානට වැඩි අය..අර ඇක්ටිං පාර නම මරේ මාරු..හිකිස්..
    අයියට ලියන්න වෙලාවක් නැති උනාට අපි හැමෝම ලියන ඒවා බලන්න එනවනේ :)) පුළුවන් විදියට දිගටම ලියන්න අයියා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. පස්සේ ඉතින් එකත් හිතුව. එත් එවලේ අහුවෙලා පොලිසි ගානේ ගියානම් කතාව සැහෙන්න වෙනස් වෙන්න තිබ්බා. බැංකුවේ ඉන්න කාලෙනම් ඔය සෙට් එක තමයි මගේ එක්ක ගොඩ වෙලාවල හිටියේ. බ්ලොග් සෙට් එක ලියන ඒවා නම් කියනවා. ඒකනම් අතඅරින්නෑ. මට කොහොමත් ඉක්මනින් කියවන්න පුළුවන් හින්ද විනාඩි දෙකෙන් තුනෙන් කියවල කොමෙන්ට් කරලා යනවා.

      Delete
  4. හිහ්....පහෙන් දෙකක් එතනම ඉවරයි...

    මැච් එකට මොකද උනේ... ?

    ReplyDelete
    Replies
    1. මැච් එකට ගියා. දුන්න කස්ටියම සෙට් වෙලා අන්තිමට ඇට්ටි හැලෙන්න. ඒත් ලකුණු දෙකකින්ද මන්ද පොඩි ගානකින් පැරදුණා.

      Delete
  5. පව් බන් ඒ ඩයල් දෙක.
    මොනවා උනත් අරූ ලස්සනට ගේම ගොඩ දාගත්තේ නැත්නම් උඹල කුඩුවේ තමා :)

    ReplyDelete
    Replies
    1. පවු තමයි බං. ඒත් ඒ වෙලාවේ එහෙම සෙට් වෙලා ගේම ගොඩ දැම්මේ නැතිනම් අපි තාම කනවා.

      Delete
  6. නියමෙට වැඩේ කරලා තියෙනවා.. ඒක නෙමෙයි මැච් එකට ගියයි ඔය ඔක්කොම සිද්දිඉවර උනාට පස්සෙ?

    ReplyDelete
    Replies
    1. ගියා.. ගියා නොගිහින් කොහොමද? ටීම් එකේ හොඳම ඩයල් දෙකක් අපේ එක්කනේ? යද්දී එහෙ මුන්ව හොයනවා.

      Delete
  7. මේ කතාවෙ ඇත්තම එන්ඩින් එක බලු කූඩුවෙ හෙම නෙවි නේද ? හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. තව සූට්ටෙන්... නාට්ටිය දෙල් වෙලා අපි බලුවෙන්න තිබ්බා. අපේ එකාට අරක්කුවල සැරට ගණදෙය්යෝ පයින් ගහලද මන්ද දුන්න ඇක්ටිං පාරෙන් ඒක බේරුනා.

      Delete
  8. අනිත් පැත්තෙන් අහගෙන ඉන්න එකා කුණුහරුප කියද්දිත් වගේ වගක් නැතුව මල් හතට ඇක්ටිං පාර දුන්නු එකාට සම්මානයක් දෙන්න වටිනවා. ඒත් අර සික්ක අන්කල් නම් පව් කියල හිතෙනවා. මොනා කරන්නද. ජාම බේරගන්නත් එපැයි.

    ReplyDelete
    Replies
    1. @ Music girl
      ස්තුතියි මේ පැත්තේ අවට.
      සික්ක අන්කල් නම් ඇත්තටම පව්. ඒ වුනත් ජාමේ බේරන් යන්නත් ඕනේ නේ නේද? කොහොමත් ඔය පුබුදුවාට ටිකක් ටියුබ් ලයිට්. ඌට ඕකෙත් ගානක් නැතිවෙන්නැති. හික්..

      Delete
  9. මොනා නැතත් කට්ටියටම අර ඉස්තානෝචිත පක්ඥාව ද මොකද්ද එක නම් තිබිලා තියෙනවා එකසිය ගානටම !

    ReplyDelete
    Replies
    1. ඇල්කොහොල් පවර් එක... ඇල්කොහොල් පවර් එක...

      Delete
  10. ඔය වගේ ලොකු ටෝක් දෙන සික්කන්ට ඔහොම්ම තමයි කරන්න ඕනේ...

    ReplyDelete
  11. පස්සේ පවු කියලත් හිතුනා. ඒත් ඒ වෙලාවේ එහෙම නොකරනම් කොහේ ගිහින් කෙළවරක් වෙයිද දන්නේ නෑ

    ReplyDelete
  12. සික්.... මෙහෙම කොල්ලෝ... කොල්ල කාලෙ නැතුව වෙන කවදා ඕවා කරන්නද???

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ.. නාකි වෙලා ඔය ආතල් ගන්න ගියානම්..

      Delete