Sunday, February 26, 2012

සිතිවිල්ල..



තිහක් දින තියනවා
එන්න මට
දකින්නට
ඔබ....
එදා,
සයවසක් එපිට
පන්තියේ බෙල් එකට
කලින්
හමුවුණ විදිය
මතකද?
මටනම්
අදත්
ඔයා
එදා වගේමයි..

29 comments:

  1. අප්පේ ක්සැන්ඩර් අයියටත් හොද හොද පරණ මතකයන් තියෙනවා වගේ :)

    ReplyDelete
  2. ඇත්ත තමයි ක්සැන්ඩර්... මේ වගේ දුර රටවල ඉන්නකොට අතීතයේ සුවඳ නිතරම සිහියට එනවා ... එතකොට දැනෙන දුක....
    ඉතින් මේ වගේ අත්දැකීමක් ගැන කියන්නම ඕන නෑ නෙව... :D

    ReplyDelete
    Replies
    1. පට්ට කාන්තාරෙක තට්ට තනියම ඉන්න එකත් ලේසි නෑ...

      Delete
    2. ක්සෑන්ඩර්..මේකත් අර කතාවෙම කොටසක්දෝ...???

      Delete
    3. හරියට හරි... පාර්ට් ටු..

      Delete
  3. තාමත් නුඹ
    එදා වගේම
    දගකාර
    සොදුරු සිතැත්තිය..
    ඒත් කාලය
    ගෙන ගිහින් දුර
    ඈත
    අපි අපෙන්
    බොහෝ දුර
    ගෙන ගිහින්
    නතර කර...

    ReplyDelete
    Replies
    1. නියමයි මල්ලි..මේක නම් මම එයාට පෙන්නන්න ඕනේ මතක් කරලා අද..

      Delete
  4. ක්සැන්ඩර්ගේ මතකය
    දිගුකාලීන නිසාවට

    ඇය ගැන මතකය
    සිත තුල දගලන අන්දම
    කවි පෙලක සිරවී
    බ්ලොග් ගත වු විටෙක
    අපේ අතීතයද
    මොහොතකට සිහි කෙරු හැට්

    ReplyDelete
    Replies
    1. අපුරු ගැලපීමක් සහෝ.. සාදරයෙන් පිලිගන්නවා.. ඒ වගේම ස්තුතියි පැමිණියාට.

      Delete
  5. ඔය අතීතේ අමතක කරන්නේ කොහොමද මචෝ....එළ ඈ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචෝ.. ඉඳල හිටලා හරි ලියලවත් තියනවා...

      Delete
  6. ලස්සන, ආදරණීය සිතිවිල්ලක්,, හා ඉතින් තෑගි අරන් ගමේ යන්න වගෙ ලක ලෑස්තිය

    ReplyDelete
    Replies
    1. ඔන්න.. හරී ට තමයි තේරුනේ හරියටම,..

      Delete
  7. ඔහොමයි ඉස්කෝලෙ ගියෙ නේද ?

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ සන්දියේ වෙච්ච එකෙක් නෙවෙයි, ඊට ගොඩක් පස්සේ මම රස්සාවක් කරන කාලේ,..

      Delete
  8. ඇත්තටම අයියෙ බෙල් එකට කලින් මක්කටෙයි ඔය මුන ගැහුන කියන්නෙ........

    ReplyDelete
    Replies
    1. බෙල් එකට පස්සේ අයෙත් මමයි එයයි පන්තියේ.. ඉතින් ඊට කලින් විතරයි හම්බවෙලා කතා කරන්න තිබ්බේ ඒ කාලේ.

      Delete
  9. මතක් වෙද්දිත්.............!

    ReplyDelete
    Replies
    1. අප්පා.. ඇති යන්තම් උඹට මේ පැත්තේ පාර මතක් උනා. :-D

      Delete
  10. ඔයා ඉන්නෙ කාන්තාරෙකද? හෆ්ෆේ අපි ඉන්නෙ හිම කාන්තාරෙ...දෙකම එකයි බලද්දි........

    ReplyDelete
    Replies
    1. කටාර් වල.. අනිවා.. දෙකම එකයි...

      Delete
  11. කොහේ සිටියත් නුඹේ මතකය
    සිහිනෙන් විත් නෙතු අද්දර
    පාන සිනා කෙලිලොල්කම්
    සුවපත් කලා මා නිදිලොව

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට... නියමයි සහෝ.. හිතේ තියන දේ හරියටම කිව්වා නේද?

      Delete