Sunday, May 27, 2012

හිට්ලර් දිවි නසා ගත්තාද ? නැතිනම් පලා ගියාද?

දෙවැනි ලෝක යුද්ධය. ලෝකයේ මිනිසුන් ලක්ෂ ගණනාවකට මරු කැඳවූ හා ලෝකයේ ආයුධ නිෂ්පාදනයේ විශාල වෙනස්කම් රාශියක් එකතු වුනු සමයක් මේ යුද්ධය. මේ යුද්ධයේ ජර්මානු නායකයා උනේ ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු 1945 දී සිය දිවි නසාගත් බව සඳහන්. නමුත් එවකට ලෝකයේ මහා බලවතෙක් මෙන්ම තාක්ෂණය අතින් දියුණු වූ රටක් පාලනය කල හිට්ලර් වන්නෙක් සැබවින්ම එසේ සිය දිවි නසා ගත්තාද? අද ලිපිය ඒ ගැනයි.


අප්‍රේල් 30, 1945 : හිට්ලර් සහ ඔහුගේ දිගු කාලින සහයිකාව ඊවා බ්‍රවුන් fuhrerbunker නම් භූගත බංකරයේ හිට්ලර් හට අයත් වූ කොටසේ දී දිවි නසාගත්තා..  ඊවා බ්‍රවුන් මියගියා යයි සැලකෙන්නේ සයනයිඩ් විෂවීමකින්. හිට්ලර් වෙඩි තබාගෙන දිවි නාසාගෙන. ඒත් කවුරුත් වෙඩි තබාගන්නවා දැක්කේ නෑ. කිසිම ශබ්දයක් ඇහුන බවට වාර්තා වෙන්නෙත් නෑ (එකිනෙක පරස්පර කට උත්තර අවසානයට බංකරයේ සිටියවුන් විසින් ලබා දීම මේ කතාව සම්බන්ධව ගැටළු සහිත බව මතු කරනවා). කිසිම පින්තුරයක් වෙඩි තබාගත් වෙලේ අරගෙනත් නෑ. හිට්ලර්ගේ සහායකයෝ ඒ මල මිනි දෙක, හිට්ලර් අවසානයේ හිටියා යයි සැලකෙන බංකරයේ දොරටුව කිට්ටුවෙන්, රුසියන් හමුදාව එල්ල කල කාලතුවක්කු ප්‍රහාර වලින් හැරුණු වලක දාලා, පැට්‍රොල් වලින් පොඟවලා පුළුස්සා දාලා තියනවා. නමුත් මුළුමනින්ම පිළිස්සීමට නොහැකිවූ මේ මල සිරුරු හිට්ලර්ගේ සහායකයින් විසින් නැවත වල දැමීමක් කරනවා.

මල සිරුරු පිලිස්සුවේ මෙහිය. (හදිසි දොරටුව ඉදිරිපස)

හිට්ලර් රැඳී සිටි බංකරයේ හදිසි දොරටුව.(වම් පස)

මැයි 2, 1945: සෝවියට් හමුදා හිට්ලර්ගේ භූගත බංකරයට කඩා වදිනවා. මැයි පලවෙනි දා දක්වා බංකරය අල්ලාගන්නට නොදී 33 වන වෆන් එස්.එස් රෙජිමේන්තුවේ ප්‍රංශ ස්වෙච්චා සෙබළු එහි සටන් වැදී තියනවා. එසේ කඩා වැදුණු සෝවියට් හමුදාවට අඩක් දැවුණු හිට්ලර්ගේ මල සිරුර හමුවෙනවා. මේ තියෙන්නේ ඒ පින්තුරය. (සෝවියට් හමුදාව ගන්නා ලද)

ඔවුන් හිට්ලර්ගේ මල සිරුර නැවතත් ඔවුන්ගේ ස්මෙර්ෂ් ඒකකයේ මැග්ඩෙබර්ග් ශාඛා පරිශ්‍රයේ වල දමනු ලබනවා. 1970 අප්‍රේල් 4 වැනිදා ඔවුන් මේ මල සිරුරු කොටස් ගොඩ ගෙන පුළුස්සා එල්ම් ගංගාවට දැමු බව කීවත් නැවතත් රුසියාව වසර 2000 දී පැවසුවේ හිට්ලර් ගේ හිස් කබලේ කොටසක් සහ ඔහු අවසන් වරට සිටි බංකරයේ තිබු කවිච්චියක රුධිර පැල්ලම් සහිත කොටසක් තවමත් ඔවුන් සතු බවයි. ඒ හිස්කබලේ නළලේ වූ වෙඩි සලකුණ ඔවුන් හිට්ලර් දිවිනසා ගත් බවට වූ සාක්ෂි සමගින් ගැලපුවා. ඒ පිලිබඳ පර්යේෂණයක් කිරීමට ඇමරිකාවේ කනෙක්ටිකට් සරසවියේ පර්යේෂකයින් පැමිණියත් රුසියන් අධිකාරීන් ඔවුන් හට පරීක්ෂණය සිදු කිරීමට දුන්නේ එක පැයක් පමණයි. ඒ පැයේදී ඔවුන් හිස් කබලේ සාම්පල් කොටස්, ජායාරුප හා රුධිරය තැවරුණු කවිච්චියේ සාම්පල් ලබාගත්තා. ඒ සාම්පල් නිරීක්ෂණය මගින් ඔවුන් පැමිණියේ මේ හිස්කබල වයස 20 ගණන් වල සිට 40 ගණනක් වූ ගැහැණියකගේ බවයි. රුධිරය ගෑවුණු කවිච්චියේ රුධිර පැල්ලම් පිරිමි රුධිරය ගෑවු ඒවා බව පරීක්ෂකයින් සොයාගත්තත් හිට්ලර්ගේ ඥාතීන් විසින් DNA සාම්පල ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හඳුනා ගැනීමට නොහැකි උනා. කොහොම වුනත් හිට්ලර්ගේ මරණය පිළිබඳව අද පවතින මතය නිර්ණය කරපු එක්සත් රාජධානියේ මේජර් හියු ට්‍රැවරූපර් හට වුවත් හිට්ලර්ගේ fuhrerbunker නම් භූගත බංකරයට ඇතුළුවීමේ අවස්ථාව එවකට ඒ බංකරය පාලනය කල රුසියානුවන් ලබා දීල නෑ 


හිට්ලර්ගේ යයි රුසියාව කියන හිස් කබල.

ඒත් අපි කියන්නේ හිට්ලර් 1945 දී පලා ගියා මිසක් මිය ගියේ නෑ කියන එක. බොහෝ දෙනා කියන්නේ හිට්ලර් අප්‍රේල් 30 වෙනිදාට පෙරම පලා ගිය බවයි. ඒ කුඩා ගුවන් යානාවකින්.

1945 අප්‍රේල් 26 වැනිදා: හිට්ලර් විසින් හිම්ලර් ගෝරින් ලුෆ්ට්වාෆා ගුවන් බලකායෙන් ඉවත් කරනවා. ඒ ඔහු සාම සාකච්ජා සඳහා ගත් ප්‍රයත්නයන් හෙළිවීමෙන් අනතුරුව. ඒ වෙනුවට කර්නල් ජෙනරාල් රොබට් රිටර් වොන් ග්‍රේම් පත් කරනවා. ඔහු පත්වීම භාර ගන්නට හිට්ලර් හමුවට හැනා රයිච් සමගින් කුඩා ගුවන් යානයකින් හිට්ලර්ගේ බංකරය වෙත ගොඩ බසිනවා. ඔවුන් නැවතත් 1945 අප්‍රේල් 29 වැනිදා කුඩා ගුවන් යානයකින් බංකරයෙන් පිට වෙනවා. හැනා රයිච් 1979 මරණයට පත්වන තුරුම උග්‍ර නාසි වාදී කාන්තාවක්. ඒ වගේම ඈ බර්ලිනය රුසියානු හමුදා වට කරගෙන ඉඳිද්දී තමයි මේ ගමන එන්නෙත්, ඇවිත් නැවතත් යන්නෙත්. නමුත් හැනා රයිච් තමා සමග හිට්ලර් කිසිදා නොපැමිණි බව කියනවා.

ජර්මනිය කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී වැඩිම සබ්මැරීන භාවිතා කල රටක්. යුබෝට් (unterseeboat )  නමින් ඔවුන් හැඳින්වූ සබ්මැරීන ඉන්දියන් සාගරයේ පවා මෙහෙයුම් කටයුතු සිදු කර තියනවා. එවන් රටක නායකයෙක් මෙසේ දිවි නසා ගැනීම ප්‍රහේලිකාවක්.

ජුලි 10, 1945: ජර්මන් U -530 සබ්මැරීනය ආර්ජන්ටීනාවේ මාර් ඩෙල් ප්ලටා මුහුදෙන් මතුවී යටත් වෙනවා. මේ සබ්මැරීනය මුහුදෙන් මතුවන්නේ යුද්ධයෙන් මාස 2 කට පසුවයි. මේ සබ්මැරීනයේ කපිතාන් දෙවැනි ලුතිනන් ඔටෝ වර්මුත් සහ කාර්ය මණ්ඩලය සතුව කිසිදු හැඳුනුම්පතක් තිබී නෑ. ඒ එක්කම ඒ යාත්‍රාවේ ලොග් පොත යටත් වූ මොහොතේ තිබී නෑ. ඒ වගේම යාත්‍රාවේ තට්ටුවේ සවි කර තිබු මිලිමීටර් 105 තුවක්කුව යාත්‍රාවේ බර සැහැල්ලු කිරීමට ගලවා දමා තිබුනා. ඒත් මේ කිසිවකට හේතු යාත්‍රාවේ කපිතාන් ලබා දී නෑ. යාත්‍රාව කොහේ සිට ආවාදැයි කිසිවෙකු මෙතෙක් හෙළි කරගෙන නෑ.

U-530 සබ්මැරීනය ඇමරිකානු හමුදාව භාරයේදී.

මේ සබ්මැරීනයට අමතරව ජර්මන් U-977 සබ්මැරීනය නොර්වේ සිට පිටත් වී 1945 අගෝස්තු 17 වන දින නැවතත් මාර් ඩෙල් ප්ලාටා මුහුදු වෙරළින් මතු වෙනවා. ඒත් මේ සබ්මැරීනයේ කිසිවක් අඩු වෙන්නේ නෑ, ඒ වගේම එහි කාර්ය මණ්ඩලය චන්දයකින් පසුව මෙහි පැමිණීමත් විශේෂිත කාරණයක්. සම්පුර්ණ ලොග් පොතක්, ආයුධ හා වෙනත් සියල්ල එහි කපිතාන් වරයා යටත් වූ මොහොතේ අර්ජන්ටීනියානු නාවික හමුදාවට බාර දෙනවා.

මේ සබ්මැරීන ගමන් වලට අමතරව 1944 ජුලි 3 වැනිදා හෝ ඊට පෙර ජර්මානු බුද්ධි අංශය විසින් සැන්ටා බාර්බරා නම් රුවල් යාත්‍රාවක් මගින් සියලු උපාංග සහිත ජර්මන් ඔත්තු කරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ගොඩ බස්වනවා. ඒ පුන්ටා මොගෝටෙස් වෙරළ තීරයට. සම්පුර්ණයෙන්ම සාර්ථක මෙහෙයුමක් වූ මේ සම්බන්ධව මිත්‍ර පාර්ශවය දැනගන්නේ මාස කීපයකට පසුව වීම මෙහි විශේෂත්වයයි. මේ එතරම් ප්‍රචලිත නොවූ ගොඩ බැස්වීම අපිට ඉතා වැදගත් වුවක්. ලෝක යුද්ධය පැවති වකවානුවේ පවා මේ කොටසේ ආරක්ෂක හිදැස් තිබුණු බව මේ කරුණ ඔස්සේ කියවෙනවා. 

දැන් අපි බලමු මේ ගොඩ බැස්වීම් සිද්ධ කල අර්ජන්ටීනාවේ දේශපාලන හා සාමාජීය පසුබිම. 1944 ජුලි 8 වැනිදා උප ජනාධිපති ලෙස බලයට පත්වන ජුවාන් පෙරොන් ආර්ජන්ටීනාවේ එක වැදගත් නායකයෙක්. 1946 ඔහු ආර්ජන්ටීනාවේ ජනාධිපති බවට පත් වෙනවා. එහි 1955 වනතුරු රැදී සිටීමට ඔහු සමත් වෙනවා. 1939 දී හමුදා සේවයේ දී සිටියදී යුධ කටයුතු පිලිබඳ අමාත්‍යංශය මගින් කඳුකර යුද්ධෝපක්‍රම හැදෑරීමට ඉතාලියානු ඇල්ප්ස් කඳු වෙත යවනු ලබන ඔහු එහිදී ටියුරින් විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඔහු මුසෝලිනි පාලන තන්ත්‍රය පිළිබඳවත් ජර්මානු පාලන තන්ත්‍රය පිළිබඳවත් හැදෑරීමක් කරනවා. ඔහු එහිදී ඒ පාලන ක්‍රම ඇගයීමකට බඳුන් කරනවා.

සාමාජයීය වශයෙන් ගත් කල අදටත් ආර්ජන්ටීනාව තුල ජර්මානුවන්ගෙන් පැවතෙන්නන් විශාල ප්‍රමාණයක් රැදී ඉන්නවා. ඔවුන් ලක්ෂ 4 ත් 5 ත් අතර ප්‍රමාණයක් අතර අදටත් කතාකරන්නේ සාමාන්‍ය ජර්මානු භාෂාවයි. 1945 දී පවා මේ තත්වය වෙනස් වන්නේ ඉතා සුළු වශයෙන්.

හරි එහෙනම් අපි මේ කොටස් දෙක දැන් එකිනෙක සම්බන්ධ කරමු. ජනාධිපති ජුවාන් පෙරොන් ගේ පාලනය යටතේ වූ ආජන්ටීනාවට යුද්ධයෙන් පසු බොහෝ ඉහල පෙලේ SS නිලධාරින් පැනගනු ලැබුවා. ඉනුත් ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයා වන්නේ ඇඩොල්ෆ් අයික්මාන්. ඊට අමතරව හිට්ලර්ගේ අවුස්විච් වධකාගාරයේ මිනීමරු දොස්තර ජෝශප් මෙන්ගල් ඇතුළු බොහෝ දෙනා දකුණු ඇමරිකාව හරහා පලා ගියවුන්. මේ අනුව පැහැදිලි වන්නේ ආර්ජන්ටීනාව නාසීන් හට රැකවරණ සැපයු තැනක් බවයි.

ඉතින් මේ අනුව ගත්කල ඇඩොල්ෆ් හිට්ලර් හට නාසි ජර්මනියෙන් පලාවිත් ආර්ජන්ටීනාවටද එතනින් වෙනත් දකුණු ඇමරිකානු රටක් හරහා වෙනත් රටකට පලා යාමට හෝ ඒ රටේම විසීමට කිසිඳු බාදාවක් නැති බව පෙනී යන කරුණක්. මේ බවට ඇමරිකානු FBI සංවිධානයට විශාල වශයෙන් ලැබුණු වාර්තා පෙන්විය හැකියි. ඒ වාර්තා වලින් කියවුනේ හිට්ලර් කොලොම්බියානු රටක ජීවත් වෙන බවයි.

එහෙනම් මියගියේ කවුද? මේ ප්‍රශ්නයට උත්තර සැපයීමේදී මට ඔබව 1944 ජුලි මස 20 වැනි දිනට ගෙනයාමට සිද්ධ වෙනවා. එදා පෝලන්තයේ රස්ටෙන්බර්ග් හි පිහිටි හිට්ලර්ගේ වුල්ෆ්ස් ලෙයාර් නම් බංකරයේ යුධ සැලසුම් කාමරයේදී හිට්ලර් ඔහුගේම නිලධාරින් විසින් අටවන ලද බෝම්බයකින් දිවි ගලවාගන්නවා. මේ සිද්ධිය නිසා බිය පත්වන හිට්ලර් තමන්ගේ බොඩි ඩබල් භාවිතය (එනම් තමන්ට සමීප රුවක් ඇත්තෙකු තමා වෙනුවට භාවිතය ) වැඩි කරලා තිබෙනවා. මේ බවට අනියම් සාක්ෂියක් වන්නේ රුසියානුවන් සොයාගත් මල සිරුර අඟල් 2ක් කොට බව සොයාගැනීමෙන්.

ඉතින් එහෙනම් හිට්ලර් දෙවන ලෝක යුද්ධයෙන් මියගිහින්ද? නැතිනම් මැරුණේ යුද්ධයට පසුවද? තීරණය ඔබට භාරයි.

102 comments:

  1. ම්ම්ම්ම් මට දෙවනි ලෝක යුද්දය ගැන දැනුම අල්පයි... නීරස මතෘකාවක් හින්දද මන්දා කිහිප වතාවක්ම විකියකට රිංගල කරුණු හොයන්න හැදුවත් භාගයක් කියවද්දි මහා කම්මලි කමක් එනවා.. අදනම් මුලු ලිපියම දෙපාරක් කියෙව්වා... ඒත් අදහසක් මිස තීරණයකට එන්න බෑ..

    බලමු ආයෙත් විකියට රිංගල තවටිකක් හොයන්න පුලුවන් වෙයිද කියලා.. රස වැටුනොත් ..අයේ හිට්ලර්ගේ ලොකු කම් මට වැඩක් නෑ.. දෙනව ඇස්ටි හැලෙන්න.. අපි ගමේ කොල්ලො හරිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දෙපාරක් කියෙව්වට. ලින්ක්ස් ටික ඔක්කොමත් අද ලිපිය එක්කම තියන හින්ද නම් ලේසි වෙන්න ඇති. විකියේත් සමහර කරුණු වාර්තා වෙනකොට පරස්පර කරුණු දැක්වීම් තියනවා.

      හිට්ලර් නම් කවුද නැද්ද?? අපි ගමේ කොල්ලෝ.. :D

      Delete
  2. වුල්ෆ්ස් ලෙයාර් බංකරයේදී හිට්ලර් ඝාතනයට සැලසුම් කෙරුණු කතාව පාදක කොටගෙන නිපද වූ Valkyrie චිත්‍රපටියත්, හිට්ලර් භූගත බංකරය තුල තමන්ගේ ජීවිතයේ අවසන් පැය කීපය ගත කළ අයුටු පාදක කොටගෙන නිපද වුණු Der Untergang [Downfal] චිත්‍රපටියත් මතකයට ආවා.

    පුද්ගලයෙක් වශයෙන් හිට්ලර් සහ නාසී පිරිස කළ දේ විනාශකාරී වුවත් හිට්ලර් සම්බන්ධ චිත්‍රපටි නරඹන්න මගේ නම් තියෙන්නේ ලොකු කැමැත්තක්.

    චිත්‍රපටි කිව්වාම Hitler: The Rise of Evil චිත්‍රපටිය වගේම හිට්ලර්ගේ අවසානය වෙනස්ම ආකාරයකට කියන Inglorious Bastards චිත්‍රපටියත් මතක් වුණා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. මම නම් ලෝක යුද්ධයේදී ජර්මනිය පෙන්වූ තාක්ෂණික දක්ෂතා වලට වගේම බ්ලිට්ස්ක්‍රීග් යුධෝපක්‍රමය ගැනත් වශීකෘත වුවෙක්. ඔපරේෂන් වැල්කයිරි චිත්‍රපටය නම් මම බලල තියනවා. ඒත් අනිත් දෙක නම් නෑ. අදම ඩවුන්ලෝඩ් කරන්න බලන්න ඕනේ.

      Delete
  3. මට මේක කියවද්දි මතක්වුනේ මම කියවපු ss නිලධාරියෙකුගේ මතක සටහන්,උකුසු දඩයම,අභිරහස් සබ්මැරීනය වගේ පොත්... මම හිතන්නේ මොහු කොහේ හෝ ජීවත් වෙන්න ඇති කියලමයි හිට්ලර්ගේ පාලනය බිඳ වැටුනත් ඔහුට ආදරේ කරපු මිනිස්සු ඉඳලා තියෙනවා..

    මේ වගේ මාතෘකා සම්බන්ධව කියවන්න මම මාර ආසයි.... මයිල් කෙලින් වෙනවා මේවා කියවද්දි.මේ තරම් මොළයක් තිබුනු මිනිහෙක් මෙහෙම මියැදෙයි කියලා හිතන්න අමාරුයි මුදල් එහෙමත් යහමින් තියෙද්දි මම හිතන්නැ මෙහෙම කරගනී කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි. හිට්ලර් වෙනුවෙන් අවසන් මොහොත වෙනකම්ම (මැයි 8, 1945) සටන් කරපු සොල්දාදුවෝ ඉඳල තියනවා. ඒ වගේම U-977 සබ්මැරීනයේ කතාව පරීක්ෂා කරනකොට ඔවුන් සම්පුර්ණ විශ්වාසය ලොග් පොත් මත පමණක් රඳවලා කටයුතු කරලා තියනවා. ( ඒ කියන්නේ පොතේ ලියල නැත්නම් හිට්ලර් ආවේ නෑ වගේ කතාවක්.) තව දෙයක්.1943 නිපදවා තිබුණු මේ සබ්මැරීනය මේ ගමනට පෙර පුහුණු සබ්මැරීනයක් විදියටයි භාවිතා කර තියෙන්නේ. මේ ඒ සබ්මැරීනයේ පලවෙනි සහ අවසන් දීර්ඝ මුහුදු චාරිකාව. එහෙම දෙයක් කලේ ඇයි කියලා කියන්න කිසිවෙකුට සාක්ෂි නෑ.

      Delete
  4. මෙතෙක් කල හිතා හිටපු අදහස තනිකරම වෙනස් වුනා. මම කිසිම විදියකින් හිතුවේ නැහැ හිට්ලර් පැනල යන්න ඇති කියල.එත් දැන් හිතෙනවා මේ කරුනුත් එක්ක පසු කලෙක වෙනත් විදියකින් මැරෙන්න ඇති කියල.

    ස්තුතියි මචං මේ ලිපියට වෙන නැද්ද? ඒක කොටසයි ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං. දොස්තර ජෝසේෆ් මෙන්ගල් කියන්නේ අයික්මාන්ව හොයපු මොසයික් එකෙන් පවා හෙව්ව චරිතයක්. ඉතින් එහෙම කෙනෙක් පවා සොයාගන්න බැරිව ඉඳල අවසානයේදී බ්‍රසීලයේදී මියගියේ අවුරුදු 34 කට පස්සේ. හිට්ලර් ගැන කවර කතාද?
      කෑලි දෙකකට දාන්න හිටියේ ඒත් මේ විදියට දුන්නේ කියවන්නාටත් ටිකක් හිතන්න දෙන්න.

      Delete
  5. ඉතිහාසයේ සමහර දේවල් තාමත් විවාදාත්මකයි.. මේකත් ඒ වගේ එක කාරණයක්.. මමත් අතරින් පතර සමහර තොරතුරු අහලා තියෙනවා..

    වැදගත් ලිපියක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. මේ වගේ විවාදාත්මක තැන් ඉතිහාසේ ගොඩක් තියනවා. Ardeatine massacreමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාත් අන්තිමට පැනල ගියේ දකුණු ඇමරිකාවට.

      Delete
  6. මටත් හිතෙනවා සමහර විට පැනලා යන්න ඇති කියලා. මොකද මම අහලා තියෙන විදියටත් හිට්ලර් කියන්නේ ශක්තිමත් පුද්ගලයෙක් නෙවෙයි. වේදිකාවක කතා කරන්න ගියත්, ඒ කතාව බොහෝ වාර ගණනක් පුහුණු වෙලා කරන එකක් ලු.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් හිට්ලර්ගේ කතා කිරීමේ විලාශය හරිම ශක්තිමත්. ඒ කතා වලින් තමයි ඔහු මිනිසුන්ව ඇද බැඳ ගත්තේ. ඉන්නකෝ තවත් හිට්ලර් ගැන එක ලිපියකින් මම ඔය කතා ටික කියන්නම්.

      Delete
  7. වැදගත් ලිපියක්.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීමටත් ස්තුතියි හරි.

      Delete
  8. ඉස්සර ඉදන්ම කතාබහට ලක්වෙච්ච සිද්දියක්. වටිනා ලිපියක්.තව මෙවාගේ එව්වා ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ දිරිගැන්වීමට. ඇත්තෙන්ම තවත් එක ලිපියක් හිට්ලර් ගැන ලියන්න අදහසක් තියනවා.

      Delete
  9. http://www.youtube.com/watch?v=He_PWsJqsVY

    හිට්ලර් 1945 දී හදට ගිහින්. ආයෙ ප්‍රෟතුවියට පහරදෙන්න එනවා 2018 දී ;p.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ ලින්ක් එකට. මම ගිහින් බැලුව. ඩවුන්ලෝඩ් කරන්න තියනවද බලන්න ඕනේ සම්පුර්ණ චිත්‍රපටියම. තව දෙයක්, මටනම් හිතෙන්නෙම මේක ඇමරිකාව හදපු, ජර්මනියට අපි තමයි එදත් ගැහුවේ අදත් ගහන්නේ වගේ කතාවක් කියන්න හදන එකක්මයි කියල..

      Delete
    2. කොහොම උනත් චිත්‍රපටිය බලනකම් අපි වීරයොන්ගෙ පැත්තෙනෙ... චිත්‍රපටිය ඉවර උනාම ඉතින් අපි පියවිලෝකෙ.. මේක DVD rip එද අද release කරල තියෙන්නෙ. BRRip එක සතියෙන් දෙකකින් ඒවි.

      Delete
    3. නියම කතාව. ස්තුතියි අප්ඩේට් එකට. හොඳ කොපියක් බාගන්න ඕනේ. එකට ඉතින් බ්ලු රේ එක එනකම්ම ඉන්න වෙයි

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. නට්සි භීතිකාව තාම තියෙනවා වගේ :D ස්තුති හෙළයා ෆිල්ම් එක ගැන කිව්වට

      Delete
    6. ඔන්න ඒ ෆිල්ම් එකත් බැලුවා.. නියමයි..

      Delete
  10. ඔබ හරි දෙවන ලෝක යුද්දය අවසානයේදී හිට්ලර් මිය ගියේ හො සියදිවි නසා ගත්තේ නැත හිටිලර් මිය ගියේ ඊට බොහෝ කලකට පසුවය ,වැඩි විස්තර පසුව ඉදිරිපත් කරමි .සමහර් විට ඒවා ඔබ සතුවත් පවතී යයි මම විශ්වාස කරමි.

    ReplyDelete
    Replies
    1. ලියන්න පොස්ට් එකක්. මම හිතනවා ඔබ මට ව්‍යංගයෙන් කියන සාධක ගැනත්. අපි බලමු ඒ දේවල් ඔබේ පොස්ට් එකෙන්ම.

      Delete
  11. හිට්ලර්ගෙන් පස්සෙත් ගොඩක් ඒකාධිපති වියරු රඟපාපු නායකයින්ට ඔය පාරේ යන්න උනා අන්තිමට ලිබියාවේ. කොහොමුනත් එවුවයින් ඉන්න අය පාඩම් නම් ඉගෙන ගන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත. ඒත් ගඩාෆිට උන දේ 100% මටනම් අනුමත කරන්න බෑ.

      Delete
  12. පහුගිය කාලේ හිට්ලර් ගේ මුණට වෙන මූණක් සමපාත වෙන ඇනිමේෂන් එකක් තිබුණා ලංකාඊනිවුස් අඩවියේ!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අඩවිය වහල හින්දා බලන්න ගියාට බඩු නෑ.

      Delete
  13. වටිනවා මචන් වටිනවා....

    මේ එකක්වත් මම දැනං හිටියේ නෑ. වෝ ෆිල්ම්ස් උඩ දාගෙන බැලුවට :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රජෝ.. මමත් වෝ ෆිල්ම්, ටීවී සීරිස් පිස්සෙක්. ලෝක යුද්ධයට සම්බන්ධ දේවල් වලට වැඩි ප්‍රමුඛතාව දෙනවා.

      Delete
  14. අනික් කොටසත් ඉක්මනට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ලියන්නම් සහෝ.. ස්තුතියි පැමිණියාට. අනිත් කොටසින් හිට්ලර් ගැන අප්‍රකට තොරතුරු ටිකක් ගෙන්න තමයි කල්පනාව.

      Delete
  15. මේ කතාව අහලා තියනවා. මම නම් හිතන්නේ ඔහු මිය යන්නට ඇති කියලා. අවසාන මොහොතේ එවැනි නායකයෙක් පැන යන්නේ නැහැ කියන එකයි මගේ කල්පනාව. අනික වැදගත්ම දේ හිට්ලර් දිනුවා නම් අද ලෝකය කොහොම වෙයිද? එහෙනම් අද ලෝකය මාන හිමිකම් කැඩීම ගැන රූස්ට්වෙල්ට් සහ චර්චිල්, එතකොට ස්ටාලින් කියන නායකයන්ව පට්ට ගහනවා නේද? මට නම් හිතෙන්නේ අපි ඒ ගැණත් දිනක කතා කලොත් හොදයි කියලා. ඔබට මූලිකත්වය ගන්න පුළුවන්. අපි ඉන්නම් සක්ක ගහන්න.

    ReplyDelete
    Replies
    1. වටිනා කොමෙන්ට් එකක්. ඔව් මම ඔය ගැනත් හිතුවා. එහෙම උනා නම් ඇද අපි ඇමරිකාව ප්‍රමුඛ රටක් වෙන්නේ නෑ. බොහෝ විටම ජර්මනිය ආර්ය නොවන ජාතීන්ට කල දේම, අපිට මේ වෙද්දී වෙන්න ඇති ඉඩ කඩ වැඩියි. මම ඒ ගැනත් එහෙනම් ලියන්න උත්සාහ කරන්නම්.

      Delete
    2. හිට්ලර්ගේ ආර්ය සංකල්පය නිසා අපිට හානියක් වෙන්න තිබුණා කියන එක නම් පිළිගන්න අමාරුයි. ඒකේ ඉලක්කය බවට යුදෙව්වන් පත්වුණේ කරුණු කාරණා ගණනාවක් මත.

      Delete
    3. පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් අගෙයි හසිත. මම නොදන්නා යමක් ඔබ දන්නවා ඇති.

      Delete
    4. මම දන්න විදිහට හිට්ලර්ගේ යුදෙව් විරෝධයට හේතු ගණනාවක් තිබුණා. එකක් තමා පළවෙනි ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත ලෙස පරාජ වෙන්න එක හේතුවක් වුණේ යුදෙව්වන්ගේ උදව් [විශේෂයෙන්ම ජර්මන් යුදෙව්වන්ගේ] ජර්මනියට නොලැබීම කියලා හිට්ලර් විශ්වාස කරපු එක. ඒක නිසා ශ්‍රේෂ්ඨ ජර්මනිය පාවා දුන්නේ යුදෙව්වන් කියලයි නාසීන් විශ්වාස කලේ.

      ඒ වගේම යුදෙව් සංහාරයේ තවත් පැතිකඩක් තමා 1940 පමණ වෙද්දී ජර්මන් ආර්ථිකයේ ප්‍රබල තැනක් යුදෙව්වන් සිටීම. ඒක නිසා යුදෙව් මර්දනයෙන් යුදෙව්වන්ගේ ධනය ලබාගෙන තමන්ගේ යුද කටයුතු සාර්ථක කරගන්න හිට්ලර් කටයුතු කරලා තියෙනවා.

      ඒ වගේමයි තමන්ගේ යුද අවි නිෂ්පාදනය වගේම අනෙක් කාර්යයන් නොමිලේ කරගන්න ශ්‍රමිකයන් විදිහටත් යුදෙව්වන්ව මර්දනය හරහා ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් වුණා

      අනෙක් අප්‍රකට කතාවක් තමා හිට්ලර්ගේ යුදෙව් විරෝධය ඇතිවෙන්නේ හිට්ලර්ගේ මිත්තණිය ධනවත් යුදෙව් තරුණයෙක් අතින් දූෂණයට ලක්වුණා කියන කතාව

      Delete
    5. මේ වගේ කරුණුත් එක්ක Third Reich ගොඩනගද්දී පාවාදෙන්නන් වන යුදෙව්වන්ගෙන් එය රැකගැනීමට වගේම ඒකේ වහලුන් විදිහටත් යුදෙව්වන්ව පාවිච්චි කරන්න හිට්ලර් පසුබට වුණේ නැහැ

      Delete
    6. ස්තුතියි හසිත, හැමදාම ඔබේ ලිපි වල වගේම මේ පැහැදිලි කිරීමේත් නොදන්නා අප්‍රකට කතාවක් තිබ්බා. ඒ තමයි හිට්ලර්ගේ මිත්තනියගේ කතාව. ඔබ මට හොඳ පොටක් පාදා දුන්න කරුණු ගවේෂණයට. ස්තුතියි.

      Delete
    7. ඔබ මේ ගැන ගවේෂණය කරන්න යොමු වුණු එක ගැණ සතුටුයි :)

      මේත් ඒකටම සම්බන්ධ වෙන කරුණක්. තමන්ගේ ලේ යුදෙව් ලේත් එක්ක මිශ්‍රවෙලා අපවිත්‍ර වෙලා තියෙන නිසා කූඩැල්ලෝ යොදා ගනිමින් තමන්ගේ ශරීරයෙන් වරින් වර ලේ ඉවත් කරමින් "ලේ පිරිසිදු කිරීමක්" කරන්න හිට්ලර් පුරුදු වෙලා හිටියාලු.

      මේකත් මම කියවපු පොතක තිබුණේ මතක විදිහට

      Delete
    8. හිට්ලර්ගේ අවජාතක බව ගැන වගේම තවත් විස්තර රැසක් ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ලියපු "අවසන් විසඳුම" කියන කෘතියේ තිබෙනවා. පුලුවන්කමක් තියෙනවා නම් හොයාගෙන බලන්න. සරසවි ප්‍රකාශකයන්ගේ පොතක්

      Delete
  16. ඔන්න එහ්නම් මමත් ලිපිය කියෙව්වා........
    නොදන්න ගොඩක් දේ තිබුනා.........
    දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රුවන් ඔබේ දිරිගැන්වීමට..ඒ වගේම පැමිණීමටත්.

      Delete
  17. හරියටම කියන්න නං බෑ. කවුද දන්නෙ? මෙන්ගෙල් වගේ පැනල ගිහින් ආර්ජන්ටිනාවෙ ජීවත් උනා කියන කතාව නං මාත් අහල තියනව. හැබැයි ඒත් මේ වෙනකොට නං නැතුවැති.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්, මේ වෙනකොට නම් නැතිව ඇති, මොකද ඒ වෙද්දීත් ඔහුගේ වයස 56 ක්.

      Delete
  18. හපුයි ......... මතනම් අත්තාලු වගේ අෆ්ෆා.......

    ReplyDelete
    Replies
    1. ඇයි අලෙ, මමට් අද ලිව්වේ මැලෙන එකක් නේ..

      Delete
  19. ගොඩක් වටින ලිපියක්! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා, මොකද මේ දවස් වල ලියන එක අත ඇරලද ?

      Delete
  20. මේ ගැන මගේ දැනුම නම් අල්පයි. ඒ නිසා මේ වගේ ලිපියක් ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හැමදාමත් වගේ ඇවිත් දෙන දිරිය හින්ද තවත් ලියන්න පෙළඹෙනවා.

      Delete
  21. දෙවනි ලෝක යුද්ද කාලේ පරමාණු බෝම්බ දැම්මා කියලා විතරමයි මම දැනං උන්නේ හිට්ලර් ගැන වැඩි දෙයක් මම දැනගෙන උන්නෙත් නෑ . ඉතින් මේ ලිපිය මට ගොඩක්ම වැදගත් වුණා .

    ReplyDelete
    Replies
    1. ඇයි මලේ ත්‍රිකුනාමලේටයි කොළඹටයි ජපනා බෝම්බ දැම්මේ? ස්තුතියි මලේ කොමෙන්ට් එකට. ඔව්ව තව දේවල් ලියන්න හය්යක් කියල අමුතුවෙන් උඹට කියන්න ඕනේ නෑ නේ.

      Delete
  22. යුද්ධවලට විරුද්ධ වුණාට දෙවැනි ලෝක යුද්ධෙ ගැන කියවන්න නම් මමත් ටිකක් උනන්දුයි. හිට්ලර්ගෙ වධකාගාරවල හිටපු අය ලියපු පොත්වල පරිවර්තන කිහිපයක් නම් මම කියවල තියනව. තව ඔය සිදුවීම් ගැන ඉරිද ලංකාදීපෙ දියත අතිරේකෙත් හුඟක් ලිපි ගියා. සමස්තයක් වශයෙන් බැළුවම හිට්ලර් අවසාන මොහොතෙ පැනල යන්න ඇති කියන කරුණ ලඝු කොට සලකන්නත් බෑ. කොහොමටත් අනිත් අයව මරණෙට දක්කන මිනිස්සු සාමාන්‍යයෙන් මැරෙන්න බයයි. ඒ වගේ මිනිහෙක් ස්වකැමැත්තෙන් සියදිවි නසාගන්නව කියන එක විශ්වාස කරන්න අමාරුයි. ඔහු පැනගියා නම් අර තරම් බලවත් වුණු, යුධ අපරාධකාරයො හොයපු මෙහෙයුමෙ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරපු ඊශ්‍රායල් ඔත්තු සේවයෙන් ඔහු ගැලවුණේ කොහොම ද කියල නම් ප්‍රශ්නයක්.
    වෙද මහත්තය කියපු කතාවත් ඇත්ත. මමත් ඒ කථාව අහල තියනව. ඉතිහාසය යනු ජයග්‍රාහකයින්ගෙ ඉතිහාසයයි කියල.
    කොහොම වුනත් අවසානෙදි මට නම් හිතෙන්නෙ ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, රුසියාව හා ඊශ්‍රායලය අතර ඇති වුණු එකඟත්වයකින් අදටත් ලොවට රහසක්ව පවතින තවත් කරුණු මේ සම්බන්ධයෙන් ඉතිරිවෙල තියෙනව කියල. මොකද හිට්ලර් මියගියා කියල ලෝකෙට ඒත්තු ගන්නන්නත් උවමනාව තියෙන්නෙ ඒ අයට. ඔවුන් කවද හරි ඒ තොරතුරු එළියට දමනකන් ඔය ප්‍රහේලිකාව සීයට සීයක් සම්පූර්ණ වෙනකන් නැතිවේවි.

    ReplyDelete
    Replies
    1. හිට්ලර්ට පනින්න ඕනේ තරම් අවකාශ තිබ්බා. හිට්ලර්ව නොදන්නා නොසොයනා දුපත්, රටවල් එහෙම කොයි තරම් ඇත්ද? ඇමරිකාව නම් තමන්ගේ එෆ් බී අයි දත්ත ගොනුව හිට්ලර් ගේ මරණයෙන් පස්සෙත් සැහෙන කලක් පවත්වාගෙන ගිහින් තියනවා. ඒත් අනිත් අය ගැන නම් ඒ තරම් සඳහනක් නෑ. මම හිතනවා ඒ අයත් යම් යම් කරුණු දන්නවා ඇති කියා.

      Delete
  23. හිට්ලර් සම්බන්ධ ෆිල්ම්ස් වගේම..ලෝක යුද්ධෙ සම්බන්ධ ඒවත් සෑහෙන්න බැලුව මමත්....ඒත් හිට්ලර් පැනල ගියාද ඇත්තටම..?
    අර හිට්ලර්ගෙ අවසානය පෙන්වන ෆිල්ම් එකේ එයාගෙ ඥාති දරුවන්ව බලෙන් නිදි බේත් පොවල ඊට පස්සෙ දත් ඇඳි අතර වස පෙති තියල එයාලගෙම අම්ම දත් ඇඳි දෙක වස පෙත්ත හැපෙන්න තද කරන සීන් එක මට නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ........
    ඊට පස්සෙ එයාලගෙ බල්ලට වස දෙනවා...අන්තිමට තමා ඒ දෙන්න දිවි නසා ගන්නෙ..ඒත් ඇත්තටම එහෙමම උනාද? :(:(

    ReplyDelete
    Replies
    1. @ වින්චැට් කිරිල්ලි

      ඒ හිට්ලර්ගේ ඥාතී දරුවෝ නෙමෙයි නේද ? මට මතක විදිහට නම් ඒ හිට්ලර්ගේ මාධ්‍ය ඇමති විදිහට කටයුතු කරපු ගොබෙල්ස් සහ එයාගේ පවුලේ උදව්යගේ අවසානය තමා ඒ විදිහට සිද්ධ වෙන්නේ

      Delete
    2. ඔව් හසිත. ඔබ හරි. අවසන් මොහොතේදී හිට්ලර් සමග බංකරයේ හිටි ගොබෙල්ස් දොස්තර හිල්මුට් කුන්ස් හා එක්ව දරුවන් සය දෙනාට මෝෆින් එන්නත් කළා. පසුව ඔවුන්ට සයනයිඩ් ලබා දුන්නා.

      Delete
    3. හිට්ලර්ට පැනගැනීමට අවශ්‍ය වුවා නම් ඒ කල හැකිව තිබුනා. කිසිම බාදාවකින් තොරවම. ඒ වගේම තියන සාධක වලින් කියවෙන්නෙත් මට හිතෙන්නේ ඒ දේ. ඔය විදියට මිය ගියේ ජෝශප් ගොබෙල්ස් ගේ දරුවෝ. ඔව් කිරිල්ලි ඔය දේ ඇත්තටම උන දෙයක්. ඔය හසිත කියල තියෙන්නේ පහලින්.

      Delete
    4. මම මේ ෆිල්ම් එක බලල ගොඩාක් කල්..මට මතක තිබුනෙ හිට්ලර්ගෙ නෑයො වෙන දරුවො වගේ..ඒකයි එහෙම ලිව්වෙ..හැබැයි එයාලට සයනයිට් දෙන්න කලින් එන්නත් දුන්නෙ නැහැ..එතන උන්නෙ දරුවන්ගෙ අම්මා.එයා තවත් කෙනෙක් එක්ක(මම හිතන්නෙ මෙයා තමා දොස්තර.) බීමක් හදල ඒක ලමයින්ට බලෙන් වගේ පෙව්වා..වෙන්න යන දේ මොකක්ද කියල එතන උන්න වැඩිමල්ම ලමයට(ගෑහැනු ලමයෙක්.) තේරිලා එයා ඒ බීම එක බොන්න බැහැ කියල ඇඬුවා..ඒත් එයාටත් බලෙන්ම පෙව්වා...පස්සෙ තමා අර පෙති දත් ඇඳි දෙක අතර තියල ටක්ස් ගාල තද කලේ......

      Delete
  24. මේක අදටත් විවාදාත්මක මාතෘකාවක් තමා නේද ? හිට්ලර්ට වෙච්ච දේ අදටත් අභිරහසක් තමා. හරියට උපාලි විජේවර්ධනට වෙච්ච දේ වගේ. හරි වටිනවා ඔබ මේ ගැන ගවේශණය කරපු එක.

    දිගටම මෙවැනි ලිපි පළ කරන්න.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා.. ගොඩක් කියවන්න උනා මේ වැඩේට. එත් හරිම සිත් ඇදගන්නා කරුණු..

      Delete
  25. මට මතකයි මම කොහෙදී හරි කියෙව්වා හිට්ලර්ට පැනලා යන්න සහ මිය යනතුරු සැඟවී ජීවත් වීමට ඇමෙරිකාවම උදව් වුනා කියලා.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්, මොකද එෆ්.බී.අයි සංවිධානයට හිට්ලර් ගැන විස්තර නොකඩවා ආවත්, ඔවුන් ඒ විස්තර තඹේකට මායිම් කරලා නෑ.. ඒත් හිතන්න, ඔවුන්ට අවශ්‍ය උනා නම් හිට්ලර් ගේ පස්සෙන් පන්නන්නේ නැත්ද?

      Delete
  26. වටිනා කියන ලිපියක්. දිගටම මෙව්වා ලියන්න.අපිට නොදන්නදේවල් දැන ගන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරි ගැන්වීමට. තවත් මේ වගේ ලිපි කීපයක් තියනවා ඉදිරියට.

      Delete
  27. වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න
    ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ පැත්තට ගියා. ස්තුතියි කියල ගියාට.

      Delete
  28. හිට්ලර් නිසා තමයි මේ ලෝකෙ දියුණුව මෙච්චර ඉක්මන් වුණේ කියලයි මම හිතන්නේ... හැබැයි යුදෙව්වන්ට කරපු අපරාද ගැන අහනකොට දකිනකොට ඒ දියුණුව නොලැබුණානම් කියල හිතෙනවා.. ලස්සන ඉතාලි ෆිල්ම් එකක් තියෙනවා Life Is Beautiful ( http://www.imdb.com/title/tt0118799/) කියල.. ඒ වගේ ඒව බලනකොට මොන අපරාදයක් ද මේ යකා කළේ කියල හිතෙනවා.. අනිත් පැත්තට හිට්ලර් නොහිටියානම් අපි අද මේ තත්වෙන් නැති වෙන්න බොහෝ ඉඩ තියෙනවා නේද කියලත් හිතෙනවා.. කාලයක් මගේ ලෝකේ වීරයෙක් වෙලා හිටියා.. දැන් නම් එහෙම හිතෙන්නෙ නෑ... තව අපි නොදන්න විස්තර ලියන්න.. අර Iron Sky වගේ සීන් එකක් උනොත් හරි ආතල් නේ.. හික්..

    ReplyDelete
  29. ඔබ කියන දේ හරි. ඇත්තටම එක අපි මෙහෙම කියමු. හිට්ලර් නිසා ලෝකේ යුද්ධෝපකරණ වල සීග්‍ර දියුණුවක් ඇති වුනා. එත් යුදෙව්වෝ ගැන කතා කරද්දී මාගේ පුද්ගලික හැංගීම නම් හිට්ලර් කලේ හොඳ දෙයක් කියන එකයි. මේ ගැන ඔබ මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්. එත් බලන්න වර්තමාන ඊශ්‍රායලය දිහා. ඔවුන් මොනතරම් දරුණුවට පලස්තීන වරුන්ගෙන් පාලි ගන්නවද? ඒ නැතත් මම යුදෙව්වෝ ඇසුරු කරලා තියනවා. ඔවුන් 99% ම ගනුදෙනු කිරීමට අසීරු අය. ඒ එක්කම අමානුෂිකයි.

    ReplyDelete
  30. මම මේක කියෙව්වනෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. අලුත් එකේ කමෙන්ට් එක දකිද්දී මම ඒත් බැලුවා හරි ඒ පොස්ට් එක කියෙව්වේ නැද්ද කියලා. අවුලක් නෑ :D

      Delete
  31. ඔය යකා ෂුවර් පැනලා ගියා. ප්‍රබාකරන් ගොයියත් සබ්මැරින් , කුරුම්බැට්ටි මැෂින් තියාගෙන පනින්න බලන් හිටි එකේ හිට්ලර් ට පැනලා යන එක කජ්ජක් ද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න කමන්ට් එකට උත්තර පරක්කු වුනාට.

      මටත් හිතෙනවා හිට්ලර් පැනලා ගියා කියලා.

      Delete
  32. මචෝ සිරා ලිපිය මම සැහෙන්න දැනුමක් ලබා ගත්ත පොඩි දෙයක් මම කියන්නම් හිට්ලර් ජර්මනියේ' නායකයා උනාට පස්සේ පලවෙනි ලෝක යුද්දෙන් පිරිහුණු ඒ රට කෙටි කාලයකදී සෑහෙන්න ලොකු දියුණුවක් ඇතිකරලා ලෝකේ ඉන්න ප්‍රබලම වගේම එවකට තාක්ෂණයෙන් ඉහලම යුද අවි තියෙන ඉතා ප්‍රබල හමුදාවක් ඇති රටක් බවට පත්වෙනවා ඒ අතින් බැලුවම එතන අපිට සැලකිය යුතු දෙයක් තියනවා ! නමුත් සිදුඋන යුදෙව් සංහාරය හා ආක්‍රමණ පිලිබඳ මගේ අකල්පයනම් වෙනස් ! නමුත් යුද්දෙන් පරද වෙලත් මෙතරම් විශාල ආර්ථික දේපල පරිහානියකට ලක් වෙලත් අද වෙනකොට ජර්මනිය යුරෝපයේ තියෙන ශක්තිමත්ම ආර්ථිකයක් හිමි රට ! අපි ඒගැන විමසීමක් කරොත් මට නම් හිතෙන්නේ ඔවුන් ජාතියක් වශයෙන් ආදර්ශමත් කියල !

    ReplyDelete
    Replies
    1. දැනුමක් ලැබුනා නම් බොහොම සන්තෝසයි ඒ ගැන.

      සහතික හරි කතාව. හිට්ලර් ඉස්සරලා රට දියුණු කළා.. ඊට පස්සේ තමයි යුධ සැලසුමකට ගියේ. ඒ අතින් නම් ඉතින් අපිට ගන්න ආදර්ශ බොහෝයි. වැඩේ කියන්නේ ඒ රටට ආදරේ කරන පිරිසක් එක්ක රට වෙනුවෙන් කැපවෙලා ගිය ගමනක්. අද?

      Delete
    2. ඇයි සහෝ "අද ?" කියල නැවැත්තුවේ ?

      Delete
    3. අද කියලා නතර කලේ රටේ වෙන දේවල් දැකලා.. රටට ආදරේ පිරිස කීයෙන් කීයක්‌ ඉන්නවද කියලා හිතාගන්න බෑ..

      Delete
    4. මම හිතන විදියට නම් "හිට්ලර් ඉස්සෙල්ල රට දියුණු කළා. ඊට පස්සෙයි යුධ සැලසුමකට ගියේ" කියන එක පිළිගන්න අමාරුයි. ඒ හිට්ලර් හරි කියන්න කතා කරන අයගේ අදහසක්ද මන්දා. හිට්ලර් මුල ඉඳන්ම යුධ සැලසුමක් තිබුන කෙනෙක්. ඒ ගැන දැනගන්න 1923 තරම් ඈත කාලෙක ලියාපු "මගේ හටන" කියවන්න. හිට්ලර් පස්සේ කාලෙක කරපු බොහොමයක් දේ ඒ පොතේ කියල තියෙනවා. එහෙම බැලුවම, මිනිහ බලයට එන්න කලින් වැඩි දෙනෙක් ඒ පොත කියවලා නොතිබුනේ මිනිස් වංශයේ අවාසනාවට. යුද්ධ වැඩපිළිවෙලක් තිබුනේ නැත්නම් කොහොමද 1933 ඉඳන් අවරුදු 6 කදී එච්චර වැඩක් දෙන්න පුළුවන් හමුදාවක් හදන්නේ? රට දියුණු කළා කිව්වට එතනදිත් වැඩි අවධානය යොමු වුනේ යුද්ධවලට අවශ්‍ය දේවල් ගැන කියලයි මම හිතන්නේ..

      Delete
    5. හිට්ලර් ගේ මයින් කාම්ෆ් පොත මම නම් දකින්නේ ඇල්ෆ්‍රඩ් හවුස්හොෆර් තමන්ගේ යුදෙව් විරෝධී න්‍යායපත්‍රය හිට්ලර් ලවා ලියපු ලියවිල්ලක් විදියට. ඒ එක්කම මට තේරෙන්නේ හිට්ලර් මුල් කාලේ මේ අයගේ රූකඩයක් විදියට හිටියා දෝ කියලයි. යුධ වැඩ පිලිවල හිතේ තියාගෙන තමයි හිට්ලර් ආර්ථිකේ ශක්තිමත් කලේ. ඒ නිසා තමයි ඉතාම කෙටි කලකින් විශාල හමුදාවක් හදලා නඩත්තු කරන්න හැකිවුණේ මම නම් දකින විදියට, නැතිනම් ඉතින් කොහොමද එහෙම හමුදාවක් නඩත්තු කරන්නේ? යුධ වියදම් දරන්නේ? යුද්ධයට මැදිවුණු හිට්ලර් යුධ වියදම නිසාම කඩා වැටෙන්න ඉඩ තිබුනා නේද? (Crushed under his own feet of War?)

      Delete
    6. මම ටිකක් විතර එකඟයි.. නමුත් හිට්ලර් කියන්නේ ඕනෑකමින් කාගේවත් රූකඩයක් වෙලා ඉඳපු කෙනෙක් නෙවෙයි. 1933 ආණ්ඩුව පිහිටවද්දී ඇමතිවරු 11 දෙනෙක්ගෙන් නාසිවාදීන් හිටියේ (හිට්ලර් ඇතුළුව) 3 දෙනයි. නමුත් හිට්ලර් දිගටම අගමැතිකමම ඉල්ලා හිටියා. මොකද එතකොට ඔහුට රටම නාසිවාදයට යට කරන්න පුළුවන් වෙන නිසා. "අවසන් විසඳුම" පොතේ ඒ ගැන ටිකක් තියෙනවා. නමුත් හොඳටම විස්තර කෙරෙන්නේ පොතේ.

      1933 ආණ්ඩුව පිහිටවද්දී එකේ හිටපු පළපුරුදු දේශපාලකයෝ හිතුවේ හිට්ලරවා තමන්ගේ රූකඩයක් කරගන්න. උනේ එකේ අනිත් පැත්ත.

      1939 ඉඳන් ජර්මානු ජයග්‍රහණ ගැන කියනකොට අපි හිතනවා තමයි ජර්මන් හමුදාව ඇති ප්‍රබල උනා කියලා. එහෙම එක පාරටම කියන්න බෑ. ඔබ එක තැනක කියලා තිබුනා යුරෝපයේ හොඳම හමුදාව ඔවුනට තිබුනේ කියලා. නමුත් 1938 චෙකොස්ලොවැකියාව බටහිර රටවල් විසින් බිල්ලට දුන්නාට පස්සේ ඒ රටට ගියපු හිට්ලර්, එහි කඳුකර බලකොටු දැක්කම පිලි ගත්තලු ඒ රට ආක්‍රමණය කළා නම් ජර්මනිය ලොකු අමාරුවක වැටෙන බව. ඒ වගේම ඒ රටේ යුධ කර්මාන්ත ටික අල්ලාගන්න නොලැබුණා නම් හිට්ලර්ට ඔච්චර ඉක්මනට ඔච්චර දෙයක් 1940 දී කරන්න වෙන්නේ නෑ.

      1940 දී ජර්මන් හමුදා ප්‍රංශ හමුදාවලට වඩා විශේෂ ශක්තිමත් තත්ත්වයකින් හිටියේ නෑ. ප්‍රංශය පැරදුනේ blitzkrieg ක්‍රමයට මූණ දෙන්නට බැරිව. ප්‍රංශය ඉවත් කලාට පස්සේ නම් ජර්මනියට තර්ජනය කරන්න මහාද්වීපික යුරෝපයේ උන්නේ සෝවියට් දේශය පමණයි. ඒ රටේ හමුදා දුර්වල වෙලා තිබුනේ ස්ටාලින් විසින් එහි දක්ෂ සෙන්පතියෝ බොහොමයක් ඒ වෙනකොටත් මරා දමා තිබුන නිසා. 1941 සෝවියට් හමුදාවලට හරි නායකයෝ හිටියේ ටික දෙනයි. හිට්ලර් මුලින් හිතාගෙන හිටපු විදියට ජූනි 22 ට කලින් ආක්‍රමණය පටන් ගන්නයි තිබුනේ. නමුත් යුගොස්ලාවියාවෙයි, ග්‍රීසියෙයි ඇති වූ ප්‍රශ්න නිසා ඒ රටවල් ආක්‍රමණය කරන්නට යාමෙන් සෝවියට් යුද්ධයට කාලය මදි උනා. එහෙම නොවුනා නම්.... මොකක් වෙන්න තිබුනාද කියලා අනුමාන කරන්න විතරයි අපිට පුළුවන්.

      Delete
    7. නමුත් හොඳටම විස්තර කෙරෙන්නේ The Rise and Fall of the Third Reich පොතේ. කඩ්ඩ නම ටයිප් කරන්න අමතක වෙලා. :-(

      Delete
    8. 1933 ආණ්ඩුව පිහිටවද්දී හිට්ලර් කිව්වේ තමන්ව පක්ෂේ සභාපති කරන්න කියලා. ඒ ඔහු එවකට හිටිය සභාපති ඇන්ටන් ඩ්රේක්ස්ලර් සමගින් වූ මතවාද නිසා පක්ෂය හැර ගිය පසු පක්ෂයේ යම් පරිහානියක් ඇතිවී හිට්ලර් සහ සගයින් නැවත ගෙන්වාගැනීමේ කොන්දේසි වලින් එකක් ඒක වුනු නිසා නේ. ඒත් ඔබ කිව්වා වගේ අනිත් දේශපාලනඥයන් හිට්ලර් තම්බන්න හැදුවත් ඒ වුනේ නෑ.

      මම යුරෝපයේ හොඳම හමුදාව හිට්ලර් ගේ හමුදාව කියල කියන්නේ 1941-1944 කියන කාල වකවානුවේ දී. එතැනදී එහෙම කියන්න මම උපයෝගී කර ගන්නේ ඔවුන් සතු වූ තාක්ෂනය සහ ඔවුන් සතු වූ බ්ලිට්ස්ක්‍රීග් මෙහෙයුම් වල වන හැකියාව වගේම හමුදාව සතුවූ ප්‍රහාරක බලය සලකා බලලයි.

      ප්‍රංශ හමුදාව සතු වුයේ ඉතාම සැහැල්ලු යුධ ටැංකි හමුදාවක් සහ කාලතුවක්කු හමුදාවක් වන අතර ඒවා Hotchkiss R35 Renault FT17 වැනි ටැංකි වලින් සමන්විත වුනා. මෙයින් Renault FT17 ටැංකිය ඉතාම ප්‍රාථමික ටැංකියක්. ජර්මනිය සතුවූ PaK38 උණ්ඩයකින් පවා මේවා සිදුරු කල හැකි වුවා. ඉතින් ජර්මන් ටැංකි ගැන කියද්දී Panzer II ටැංකියක් මේ ටැංකි වලට වඩා ශක්තිමත් වුනා. ඉතින් කොහොමද ප්‍රංශය ඔවුන් සතු වූ අවි වලින් වත් ජර්මානු හමුදාවට මුහුණ දෙන්නේ?

      ජර්මනියට රුසියාව තර්ජනයක් වුනේ ම නැති තරම්. මොකද රුසියානු පාලක ස්ටාලින් ඔබ කිව්වත් වගේ ඔහුගේ හමුදාවේ හිටිය හොඳම සතුරා වුනා. ඒ විතරක් නෙවෙයි සිය ජනතාවගේත්. ඒ නිසයි කිසිම සැලසුමක් නැති ජර්මානු පෙරමුණක් බිහිවුනේ. ඔවුන්ට මම මුලින් කිව්වා වගේ සටනට තිබ්බේ ඒක තුවක්කුවට සෙබළු පහක වගේ අනුපාතයක්. ඔබ ඊළඟට කිව්වා වගේ රුසියාවෙයි ග්‍රීසියෙයි ප්‍රශ්න දෙක ආවේ නැතිනම් සහ ජර්මානුවන් රුසියානු සාමාන්‍ය ජනයා දිනා ගත්තා නම් අද අපි කතා කරන්නේ වෙනම කතාවක්..

      Delete
    9. මට හිතෙන්නේ ඔයාට ලොකු වැරදීමක් වෙලා. මම ආයුධ ගැන එතරම්ම දන්නා කෙනෙක් නම් නෙවෙයි. නමුත් ඔයා කියන දේ මම දන්නා දේ එක්ක නොගැලපුන නිසා මම ආපහු චෙක් කරලා බැලුවා.
      මේ විකිපීඩියා ලිපියේ German Forces and Dispositions, Allied Forces and Dispositions යටතේ තියෙන විස්තරේ කියවන්නකෝ.

      http://en.wikipedia.org/wiki/Battle_of_France

      ඒ එක්කම මේ BBC ලිපියත්

      http://www.bbc.co.uk/history/worldwars/wwtwo/fall_france_01.shtml

      මේ ලිපියේ තියෙනවා මෙහෙම විස්තරයක්.... "Contrary to a generally held belief, the Germans had fewer tanks than the Allies (2,500 against 3,500) at this point. However, the tanks were concentrated into Panzer (armoured) formations. The French had some equivalent formations that were of good quality, but they were dispersed rather than concentrated in the German fashion."

      පැහැදිලිවම, ජර්මනිය ප්‍රංශය පරාද කලේ යුධ උපයමාර්ගවලින් මිසක අවි බලයෙන් පමණක් නෙවෙයි.

      ඔබ කියන PaK38 තුවක්කුව මුලින්ම පාවිච්චි කලේ 1941... එතකොට ප්‍රංශය යටත් වෙලා අව්රුද්දක් වෙනවා.

      සෝවියට් දේශයේ තිබුන තත්ත්වයත් අපිට පහසුවෙන් ලඝු කරලා කියන්න බෑ. ස්ටාලින් කියන පුද්ගලයා ගැන ඔහුගේ මරණය වෙනකල්ම සාමාන්‍ය ජනතාව හිතාගෙන හිටියේ කුරිරු මිනිහෙක් කියලා නෙවෙයි. ඔහුගේ වටේ ඉන්න අය කරන දේ ඔහු නොදන්නා බවත්, දන්නවා නම් ඔහු යුක්තිය ඉෂ්ට කරන බවත් ඔවුන් විශ්වාස කළා. මතක තියාගන්න, ඔය කියන කාලේ අන්තර්ජාලය තිබුනෙත් නෑ. සෝවියට් ජනතාව දැනගත්තේ ස්ටාලින් ඔවුන් දැනගත යුතුයි කියල හිතපු තොරතුරු පමණයි. ඒ වගේම ඔවුන් තමන්ගේ රටට ආදරය කළා.

      යුක්රේනය සහ බෝල්ටික් රටවල ජනතාව රුසියානුවන් එක්ක ලොකු තරහක් තිබ්බ අය. බෝල්ටික් රටවල් සෝවියට් දේශයට යටත් උනේ 1940 නේ. ඔවුන් බොහෝ සෙයින් තම නිදහස නැති වීම ගැන තරහෙන් හිටපු අය. ඒ නිසා ඔවුන් අතරෙන් නම් ජර්මනියට සහය වැඩිපුර ලැබුනා. සෝවියට් දේශයට කඩා වැදුන ජර්මන් හමුදා කණ්ඩායම් තුනෙන් එකක් ගියේ බෝල්ටික් රටවල් හරහා. අනික ගියේ යුක්රේනයෙන්. ඒ නිසා මුල් කාලේ, විශාශයෙන් බෝල්ටික් රටවලදී ඔවුනට උපකාර ලැබිච්ච එක පුදුමයක් නෙවෙයි.

      ලෝක යුද්ධය අහවර වෙලත් අවරුදු ගණනක් යනකල් බෝල්ටික් රටවල සෝවියට් විරෝධී ගරිල්ලා සටනක් තිබුන බව ඔබ දන්නවාද?

      Check this out....http://en.wikipedia.org/wiki/Forest_Brothers

      සෝවියට් ප්‍රචාරක යන්ත්‍රය කවදාවත් අපිට ඒ කතා කිව්වේ නෑ නේ. අනික, සෝවියට් දේශයේ අවසන් බිඳ වැටීමට බෝල්ටික් රටවල සිදුවීම් ලොකුම දායකත්වයක් දැක්වූවා.

      Delete
    10. Anton Drexler ගැනත් ඔබට වැරදිලා. ඔහු ජර්මන් කම්කරු පක්ෂයේ නායකයා උනේ 1919-21 කාලේ.

      http://en.wikipedia.org/wiki/Anton_Drexler

      ඊට පස්සේ හිට්ලර් එක උදුරලා ගත්තා. පක්ෂයෙන් ඉල්ලා ඇස වෙලා, ආපහු එන්න නම් නායකත්වය ඉල්ලලා... 1933 මම කියන්නේ රටේ නායකත්වය ඉල්ලා සිටීම ගැන. ඒ අතරේ ඔහු ගොඩක් දුර ආව...

      Delete
    11. මම ආසයි ඇත්තෙන්ම ඔබ වගේ අභියෝගකාරී කියවන්නෙක්ට. බලන්න මේ ටික දිහා
      http://en.wikipedia.org/wiki/List_of_World_War_II_weapons_of_France

      මෙතන තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රංශ ආයුධ ටික.
      ඔතන තියෙන Heavy Tanks වලින් දෙකක් ඇරුනාම ඉතුරු ඒවා සේරම වගේ ප්‍රෝටෝටයිප්. ඔය ආටිකල් එකේම මෙහෙමත් තියනවා.

      "The German Army lacked a formidable heavy combat tank such as the French possessed. In armament and armour, French tanks were the stronger designs and more numerous (although the German vehicles were faster and more mechanically reliable).[69][70] But while the German Army was outnumbered in artillery and tanks, it possessed some critical advantages over its opponents. The newer German Panzers had a crew of five men; a Commander, gunner-aimer, loader, driver and mechanic.[66] Having a trained individual for each task allowed each man to dedicate himself to his own mission and it made for a highly efficient combat team. The French had fewer members, with the commander double-tasked with loading the main gun, distracting him from his main duties in observation and tactical deployment. It made for a far less efficient system.[66]"

      එතන එහෙම කිව්වත් යුද්ධෙදි ඇත්තෙන්ම සන්නාහයන් අතින් CHAR C2 කියන ට්වින් ටරට් ටැංකිය විතරයි ඉදිරියෙන් තිබුනේ. එතනදිත් ඒ ටැංකිය ඔබ්සොලිට් එහෙමත් නැතිනම් පැරණි මාදිලියේ ටැංකියක් බව ප්‍රන්ශුවන් වටහාගෙන සිටියා. (ඒ බව ඒ ටැංකි ගැන සටහන් ලිපියේ තියනවා) ඒ නිසා ඔවුන් ඒවා භාවිතා කලේ සිනමා පට නිපදවන්න විතරයි.

      ජර්මානුවන් සතුව මේ වෙද්දී Panzer III වගේම යුද්ධයේ තවත් එක සාර්ථක ටැංකියක් වූ StuG III Ausf. A ටැංකි වගේ තිබු අතර ඔවුන් ඒවා භාවිතා කළා. මෙව්වා මධ්‍යම ප්‍රමාණයේ ටැංකි. මේ ටැංකි වල සන්නාහ ප්‍රමාණයන් සංසන්දනය කරද්දී පේන එක දෙයක් තමා මේවා සන්නාහ බලයෙන් ප්‍රංශ ටැංකි වලට වඩා මදක් සවිමත් කියන එක. ඒ කොහොම වුනත් බ්ලිට්ස්ක්‍රීග් ක්‍රමය යටතේ ඔවුන් ජයගත් බව නම් මමත් පිලිගන්නවා. ඒ නිසා මම පොඩි දෙයක් එකතු කරන්නම්. මම හිතන්නේ ඔබ එකඟ වෙයි. ඒ ප්‍රංශ පරාජය අවි බලය සමග කැටි වූ උපාය මාර්ග වලින් දිනන ලද යුද්ධයක්. (අවි බලය මතින් යුද්ධ දිනන්න බැරි බව මමත් පිලිගන්නවා. ඒ සඳහා උපාය මාර්ග අනිවාර්යයි.)

      ස්ටාලින් ගැන කියනවානම් ජනතාවට ඔහු මොනවා කීවත් ජනතාව ඔහුව විශ්වාස කලේ නෑ. ඒත් ජනතාව කතා කලේත් නෑ කිසිවක්. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ රැඳවුම් කඳවුරු වලට රුසියානු රහස් පොලිසියට බියෙන්. එක්කෝ සයිබීරියාවට පටවනවා නැතිනම් කෙලින්ම චුත කරනවා. http://en.wikipedia.org/wiki/Gulag
      මේ ගුලාග්. ස්ටාලින් ගේ කඳවුරු. මේවා නිසා තමයි ස්ටාලින් ට අඩු මුදලට ගොඩක් ලොකු දේවල් කරන්න පුළුවන් උනේ. ශ්‍රමය නොමිලේ නිසා ඔහුට ලේසි වුනා. ඔබ මේ ගැන නොදැන ඉන්න බැරි බව මම විශ්වාස කරනවා.

      ඇන්ටන් ඩ්රේක්සලර් ගැන නම් මට වැරදුනා. ඔබ හරි. මම හිට්ලර් ගේ පක්ෂ නායකත්වයට ඒම ගැන තමයි මේ කලින් කියලා තියෙන්නේ. ඒ සම්බන්ධව මම ඔබෙන් සමාව ඉල්ලනවා.

      Delete
    12. තවත් එක දෙයක්. මම මේ ලිපි ලියද්දි විකිපීඩියාව මුලික කරගන්නේ නෑ. විකියේ සමහර තොරතුරු දෝෂ සහිතයි. මට එහෙම අහුවෙලා තියනවා ඇතැම් ලිපි වලට කරුණු රැස් කරද්දී. උදාහරණයක් විදියට මේ ලිපියේ යු බෝට් ගැන කරුණු තියන විකි ලිපි දෙක එකකට එකක් පරස්පරයි. ඒ නිසා මම අනිකුත් වෙබ් අඩවි වීඩියෝ වගේ දේවල් වල කරුනුත් එකතු කරගන්නවා. ඒ නිසා විකිය එක්ක බැලුවොත් නම් දෝෂ ඇති.

      Delete
    13. ඇත්තෙන්ම ජර්මන් යුද්ධ ටැංකිවල තිබ්බ සන්නාහ ගැන එකඟයි. මම ඉදිරිපත් කරපු අදහස වුනෙත්, ඒ මතම පදනම් වෙලා පමණක් ප්‍රංශය පරාද කරපු එක ගැන කියන්න බැරි බව. ඔයා දන්නවා ඇති, 1936, ජර්මනිය රයින්ලන්තයට හමුදාව යවනකොට ඒ රටේ හමුදා නායකයෝ අම්බානකට බය වුනා ප්‍රංශය ඊට ප්‍රතිචාර දක්වයි කියලා. එදා ප්‍රංශය ජර්මනියට ගැහුවා නම් සති කීපයකින් හිට්ලර් අය්යා කම්මුතුයි. තමන්ගේ හමුදා නිලධාරීන් විරුද්ධ වෙද්දී තමයි හිට්ලර් ඒක කලේ. අවාසනාවට මෝඩ ප්‍රංශ කාරයෝ ජර්මනියට ගැහුවේ නෑ ඒ වෙලාවේ.

      හිට්ලර්ට තමන්ගේ හමුදාව ගොඩ නගන්න චෙක් යුධ කර්මාන්තය අල්ලා ගන්න හැකි වීම ඍජුවම බලපෑවා. එකටත් ඔහු ස්තූති වෙන්න ඕනේ ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට.

      ස්ටාලින් ගැන මම කියපු දේ ඔබට වැටහිලා නෑ. මිනිස්සු ගුලාග් ගැන සහ රහස් පොලිසිය ගැන නොදැන උන්නා නෙවෙයි. නමුත් ඔවුන් හිතුවේ ඒ ය කරන ඇතැම් දේවල් ස්ටාලින් නොදන්නා බව. 1956 කෘෂෙව් ස්ටාලින්ගේ වැඩ ගැන එලි කරන කොට තමයි ගොඩක් අය දැන ගත්තේ ස්ටාලින් එව්වට කෙලින්ම සම්බන්ධ වුන බව. ඒ ගැන පොත පත ලියවුනේත් ඊට පස්සෙනේ. මම කියවලා තියෙනවා සෝවියට් දේශයෙන් බටහිරට ආපු ඉහලම පුද්ගලයා වෙච්ච Arkady N. Shevchenkoගේ "Breaking with Moscow" පොත. එකේ පැහැදිලි කරලා තියෙනවා ඒ කාලේ තිබ්බ තත්ත්වය ගැන. මිනිස්සු ස්ටාලින්ව විශ්වාස කළා. ඔහු වටේ ඉඳපු අය තමයි ඔක්කොම කරන්නේ කියලා තමයි හිතුවේ. ඇත්තටම පක්ෂය ඇතුලේ පවා ස්ටාලින් වැඩ කලේ එහෙමයි. ඔහු ගොඩාක් දේවල් වෙන අය ලවා කරගත්තා. ඒ ගැන වෙනමම පොතක් ලියන්න පුළුවනි. ඒ ගැන කියවන්න සහ ගුලාග් ගැන කියවන්න හොඳම පොතක් තමයි Robert Conquestගේ ""The Great Terror: Stalin's Purge of the Thirties" කියන පොත.

      Delete
    14. ඔබ කියන දේ හරි. එදා රයින්ලන්තය අල්ලන්න ගිය වෙලේ ගැහුවා නම් ඉතින් සොරි තමයි කියන්න වෙන්නේ :) :) ඒ එක්කම චෙක් කර්මාන්ත වල සහය නිසා හිට්ලර්ට යම්කිසි ශක්තියක් ලැබුනා. ඒ ගැනත් එකඟයි.

      ස්ටාලින් කොහොමත් බළල්ලු ලව්වා කොස් ඇට බාවපු කෙනෙක්. කෘෂෙව් ගැන කිව්ව කතාවට මමත් එකඟයි. ඔබ ඔය කියන්නේ අද්මිරාල් කෙනෙක් ගැන නේද? BREAKING WITH MOSCOW කියන පොත ලිව්වා කියලා?

      Delete
    15. නෑ. එයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කරපු යුක්රේනියානු ජාතික සෝවියට් නිලධාරියෙක්.

      Check This out: http://www.commentarymagazine.com/article/breaking-with-moscow-by-arkady-n-shevchenko/

      තව පොත්වලත් ස්ටාලින් ගැන සහ එයාගේ වටේ හිටපු අය ගැන තියෙනවා. මම දන්නා විදියට සමකාලීන සෝවියට් මිනිස්සු ස්ටාලින්ගේ සමහර අත් උදව් කාරයෝ, උදාහරණයක් විදියට බෙරියා එහෙම බොහොම දරුණු අය බව දැනගෙන හිටියා. නමුත් ස්ටාලින් ගැන එහෙම හිතුවේ නෑ. Conquestගේ ඉහත මම කියපු පොතේ තියෙනවා 1934 සිදු වෙච්ච සර්ගෙයි කිරොව් ගේ මරණය ගැන. කිරොව්ගේ මළගමට ඇවිත් ස්ටාලින් දුක් වෙච්ච විදියට කව්රු හිතන්නද මිනිහා තමයි එක කෙරෙව්වේ කියලා? කිරොව්ගේ ඝාතනය තමයි කුප්‍රකට Show Trials වලට වස්තු බීජය වුනේ.

      Delete
  33. හ්ම්ම්ම්... කුතුහලය ඇවිලෙනවා ෂර්ලොක් හෝම්ස් ගෙ පරීක්ශණයක් වගේ.

    ReplyDelete
    Replies
    1. නිරීක්ෂණ නිගමන එක්ක පොඩි තර්කයක් කළා. :) බොහොම ස්තුතියි.

      Delete
  34. ගොඩක් අය හිට්ලර්ව දකින්නෙ කෲර ආඤාදායකයෙක් හැටියට. ඒත් හිට්ලර් කියන්නෙ ඒවගේ සරල මිනුමකින් මනින්න පුලුවන් පුද්ගලයෙක් නෙවේ කියලයි මට හිතෙන්නෙ. තමන්ගෙ ජාතියට, රටට ආදරය කිරීම කියන එක තමයි හිටලර්ගෙ තේමාව. රට ජාතිය ඉස්සරහට දාගෙන ජනතාව හූරගෙන කන ඒකාධිපති ආත්මාර්ථකාමීන්ට වඩා හිට්ලර් හිටියෙ බොහොම ඉදිරියෙන්. අද ජර්මන් ජාතිය ලෝකයේ යම් තැනක ඉන්නවද, ඒ සදහා වෙච්ච පසුබිම සැකසුනේ හිට්ලර්ගෙන්. නිශ්චිත අරමුණක් වෙනුවෙන්, නිවැරදි සැලසුමක් ඔස්සේ මුලු ජාතියක්ම එක පෙලට සි‍ටුවන්න හැකි වීමම හිට්ලර් ලබපු විශාල ජයග්‍රහනයක්. හිට්ලර්ගෙ අරමුණු, සැලසුම් වෙනත් ජාතීන්ට මරු කැදවූවා වුවත්, ජර්මන් ජාතියේ උන්නතියට ඒවා ගොඩක් ඉවහල් උනා. පොල්පොට්, ඉඩි අමින්, ‍ෆිනෝශේ වගේ හුදු මිනීමරුවන්ගෙන් හිට්ලර් (සහ මාඕ සේතුං) වෙනස් වෙන්නෙ ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවද හිට්ලර් කිව්වාම අපිට මතක්වෙන මැවෙන රුපය ලෝකේ ලොකුම මිනීමරුවාගේ. ඒත් ජෝසප් ස්ටාලින් කියන්නේ ඊට වඩා මිනිමරුවෙක්. නමුත් බටහිර මාධ්‍ය ඒ කාලේ හිට්ලර්ට එදිරිව ගෙනගිය ප්‍රචාරය නිසා ඔහු ඔය තැන ලැබුවා. ඔබ කියනවා වගේ ඔහු සංකීර්ණ චරිතයක්.

      Delete
  35. වැදගත් ලිපියක් .. තව ලියන්නෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි kingකළුවර.. ලියන එක නම් මේ ටිකේ ටිකක් නතරවෙලා.

      Delete
  36. හ්ම් තත්වය හොඳයි ...මම කියවපු පත්තරේකිනුත් ඕක කියෙව්වා ... සමහර විට හිට්ලර් CIA එකේ උදව්වෙන් පනගත්තාද දන්නේ නැ

    ReplyDelete
    Replies
    1. මොකක්ද පත්තරේ? සමහර විටක වැඩි විස්තර හොයන්න පුළුවන් වෙයි එතනින්. බොහෝවිටම එහෙම වෙන්න බැරි ඉඩක් නැත්තෙත් නෑ. හේතුව ඇමරිකාවට හිට්ලර් අහුනොවී රුසියාවට අහුවෙනවාට කවදාවත් ඇමරිකාව කැමති වෙන්නේ නෑ.

      Delete
  37. මම නාසි වාදියෙක්ද හිට්ලර් වාදියෙක්ද කියන්න මම දන්නෙ නෑ...නමුත් හිට්ලර් කියන්නෙ මගෙ ජීවීතෙ ආදර්ශ ගත හැකි චරිතයක්..ඔහු කල සමහර වැඩ අනුමත නොකරන බව ඇත්ත,,...නමුත් මෙතෙක් ලෝක ඉතිහාසයෙ බිහි වූ අසාහාය නායකයෙක් වගෙම අමුතුම මිනිසෙක්...ඔහුගෙ වැඩපිලිවෙල මදක් වෙනස් හා නම්‍යශීලි උනානම් ලෝකෙ බලවත්ම අධිරාජ්‍ය ලෙස ජර්මානු අධිරාජ්‍ය නැගී සිටින්න ඉඩ තිබුනා,,,වටිනා ලිපි පෙලක්...දිගටම ලියන්න....

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔහුගේ හිතුවක්කාරකම වගේම ඔහුගේ ජෙනරාල් වරුන්ගේ සිට පහලට වූ අණදීමේ පාලන රටාව ඔහුට මේ යුද්ධය අහිමි කළා. සමාවෙන්න ඕනේ මේ කමෙන්ට් එකට මාස ගානකින් කමෙන්ට් කරන එකට. මං දැන් ලියන්නේ නෑ. ඒ නිසයි මේ.

      Delete