වර්ෂයක් පිරෙන දින,
පුරුදු ලෙසම
ගියෙමි
මාලිගාවට,
තේවාව අසන්නට..
බුදුන් වඳින්නට..
බුදු හිමි පා මුල
හිඳ හිඳින්නට..
තෙල් සුගන්ධයෙන් දැල්වෙන
පහනක් සේ
ජීවිතය
නිමක් නැති සුළියකින්
වෙලී ඇත
නිරතුරුව.
එවන් වූ දිවි මගේ
එක්ව පියවර තබන
නුඹට මා කියන්නම්..
තුති නුඹට
වසරක්ම හිටියාට
තුටින්
මා එක්ක
අදට..
අපි බැඳලා අවුරුද්දක්!
ප.ලි:
ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මාලිගාවේ ගියේ.. කොමෙන්ට් වලට ඇවිත් උත්තර බඳින්නම්..
පින්තුරය ගත්තේ:
http://www.motooutlet.ee/admin520/single-diwali-diya-images&page=3
වාසනාවන්ත අනාගතයක් වේවා !!!
ReplyDeleteජයම පතමි !!!
අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි සෙන්නා.. අද හාමිනේත් බ්ලොගේ කියවනවා.
Deleteවාසනාවන්තයි.. අද වගේ දවසක යන්න සුදුසු ම තැන තමයි.. අහන්න සුදුසුම වාදනයත් ඒකයි.. ඔබ දෙදෙනාට තුන්රුවන් සරණයි..
ReplyDeleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි අයියේ. ශ්‍රී දළදාව තියන නුවර ඉපදුන එක වගේම ශ්‍රී සද්ධර්මය අහන්න පුළුවන් කාලෙක බෞද්ධව ඉපදුන එකත් මටනම් විශාල පිනක් පල දීමක්. ඉතින් මොන වැදගත් වැඩේට උනත් කලින් මාලිගාවට යන එක මගේ පුරුද්දක්
Deleteවාසනාවන්ත අනාගතයක් වේවා !!
ReplyDeleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි මයියා.
Deleteඅනාගතේ තවතවත් වාසනාවන්ත වේවා කියන පැතුම මගෙනුත්....!
ReplyDeleteමටනම් පලවෙනි එකට කොහෙවත් යන්න බැරි උනා, අඩු ගානේ දෙවෙනි එකටවත් යන්න ඕනි දළදා වහන්සේ වැඳපුදා ගන්න.
අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි ලොක්කා. එන්න කලින් කියල එන්න. ලොක්කාව කාලෙකට පස්සේ දකින්න ලැබුනේ. සන්තෝසයි ඒකට.
Deleteඑක් වසරක් සපුරන, ක්සැන්ඩරගේ කොළමට, මගේ හර්දයාංගම සුබ පැතුම්. විචාර බුද්ධියෙන්, චිත්ත ධෛර්යයෙන් ඉදිරියටම යන්න.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අහලා, දැකලා හොයලා ලියන විචාරත් මේ වගේම ඇති. මේ කොලම පටන් අරන් තියෙන්නෙ ජූලි 7 වෙනිදාක..මීට වඩා කියවලා විචාර කරන්න !
Deleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි විචාරක තුමෝ එත් අද අපි බැඳලා අවුරුද්දක් පිරෙන දිනේ.
Deleteඇනෝ : ඔව් එතුමාට ටිකක් වැරදිලා. අපි කොයි කාටත් එහෙම වැරදි වෙනවනේ. ස්තුතියි ඔබටත්.
ප්‍රීතිමත් අනාගතයක් වේවා කියල මමත් ප්‍රාර්තනා කරනවා...
ReplyDeleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි තාරා.
Deleteසුබම සුබ අනාගතයකට අපෙනුත් සුබාසිරි ! දෙන්නටම, ඇත්තටම හොඳම තැනටයි ගිහින් තියෙන්නෙ අද වගේ සතුටු දිනයක.. ගොඩක් අය කරන්නෙ ඔය වගේ සතුටක් මත් වතුරක දිය කරන එකයි. ඒ අතින් ඔබලා ආදර්ශමත් !
ReplyDeleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි වෙනි අයියේ. දැන් මතට තිත තිබ්බා.. :-)
Deleteසුබ පැතුම් !!! කැ..කැ..කැසැන්ඩරයටයි, කැසැන්ඩරියටයි.
ReplyDeleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි සුදීක. පොඩි වෙනසකට කියල ඒ නම දැම්මේ..
Deleteසුපුරුදු ලෙස.... සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteදෙන්නා ඉක්මනටම තුන වේවා!!!
මාලිගාව කිව්වේ අපේ එක පැත්තෙද? පිස්සුනං කෙලින්න එපා ඈ... :-)
(හරි හරි පින් ලැබේවා!!!)
අපි දෙදෙනාගෙන්ම හැම පැතුමටම ස්තුතියි රජෝ... හයියෝ එන්න කලින් ඕන් ඉතින් රජා බයවෙලා...
Deleteතැන්කියු ඈ....
දෙන්නටම සුභ පැතුම්..
ReplyDeleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි පැතුම් ... මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..
Deleteසුභ පැතුම් අයියේ ඔයාලා දෙන්නටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි ප්‍රර්ථනා නගේ ... ඒ එක්කම ප්රර්ථනාවටත්..
Deleteඔහොම යමු!
ReplyDeleteසුපැතුම් මගෙන්
අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි කතන්දර
Deleteසුභම සුභ අනාගතයක් ඔය ඩෙන්නටම.....^_^
ReplyDeleteඅපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි අග්නියෝ!!
Deleteසුභ පැතුම් අයියේ..
ReplyDeleteඔන්න මම ඊයෙම බුකියේ ප්‍රචාරයක් යැවුවා... :)
අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි මල්ලි ... බුකියේ මම දැක්කේ දැන්.. :-)
Deleteසුභ පැතුම් මචෝ....
ReplyDeleteස්තුතියි මචන්.. අපි දෙන්නගෙන්ම.. මේ අහට සාදරෙන් පිලිගන්නවා.
Deleteසුබ පැතුම් අයියේ...
ReplyDeleteඅපි දෙන්නගෙම ස්තුතිය නංගා.. ඔයාට හොඳට කවි ලියන්න පුළුවන් නේද? සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteමෙවන් දිනයන්
ReplyDeleteබොහෝ ගනනක්
ගෙවා ලන්නට
මගේන් පැතුමන්.
තුති නුඹට
Deleteගෙනාවට
නෙක පැතුම්
පුරාවට දෝත.
වාසනාවන්ත දරුවන් ලැබී නිරෝගීභාවය සමඟින් චිරාත් කලක් යෙහෙන් වැජඹීමට ශක්තිය ධෛර්යය ලැබේවා
ReplyDeleteතෙරුවන් සරණයි
ස්තුතියි හසිත අපි දෙන්නගෙන්ම..
Deleteමම මුලින් හිතුවේ ක්සැන්ඩර් කියන්නේ අපි වගේ ක්සැන්ඩර්තරුණ හාදයෙක් කියලා. දැන් බැලින් නම් දරු පවුල්කාරයෙක්... අන්කල් කෙනෙක්නේ :D
Deleteහෑ....... මට තවම විසි හතයි බොලවූ.... හය්යෝ.. මෙන්න මාව අංකල් කෙනෙකුත් කරලා :-) (දරු නෑ තවම පවුල් විතරයි.. හපොයි!!)
Delete27 ත් වයසක්ද :D
Deleteඑකනේ!! අංකල් කියල කියන්න හිතෙනවද?
Deleteමූනු පොතේ දිනේශ් මල්ලිගේ ස්ටේටස් එක දැක්කම සුබ පතන්ඩ හිටියේ. එතකොටම මේ පෝස්ට් එක දැක්කා. සුබ පැතුම මෙතනම කොටලා දාන්නම්.
ReplyDeleteඅයියටයි අක්කටයි නිදුක් නිරෝගි චිර ජීවනය පතනවා. ඒ වගේම දරු මල්ලෝ ලැබිලා මුළු පවුලම සතුටින් ඉතිරෙන්න කියලත් පතනවා.
අපි දෙන්නගෙන්ම ස්තුතියි මලයෝ.. මමත් දිනේෂ් මල්ලිගේ මුණු පොත දැක්කේ ඊයේ හවස..
Deleteසුබපැතුම්!!
ReplyDeleteඅපි දෙන්නගෙන්ම ස්තුතියි පුබුදු..
Deleteහොද තැනකට ගිහින්. ආදර්ශමත් යුවලක්.
ReplyDeleteඉතින් ජය හැර කිමක් පතමිද?
සුභම වේවා සහෝ.
අපි දෙන්නගෙම ස්තුතිය පිළිගන්න සෑමෝ.... මාලිගාවට නොයා කොහොමද?
Deleteසතුට..සුවය..වාසනාව පිරි අනාගතයකට කිරිල්ලිගෙන් සුභ පැතුම් ඔයාල දෙන්නටම..ලබන අවුරුද්දෙ තුන් දෙනාටම මාළිගාවට යන්න වාසනාව ලැබේවා..!!
ReplyDeleteහැම පතුමකටම අපි දෙන්නගෙම ස්තුතිය කිරිල්ලි....
Deleteමුණු පොතේ තිබුනේ ක්සැන්ඩර් බැන්දේ ඊයේ කියල තිබුනා. කියවලා නේ අද මේ ඇත්ත විස්තරේ දැනගත්තේ.
ReplyDeleteඔබ දෙපලට සුභ අනාගතයක්.
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.. ස්තුතියි මචං!! (අපි දෙන්නගෙන්ම ඈ..)
Deleteඅඩේ අයියා සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා සොරි පොඩ්ඩක් පරක්කු වුනාට.
ReplyDeleteඅවුලක් නෑ මලයා. ස්තුතියි සුභපැතුමට..
Deleteනිශාන් වගේම මාත් සෑහෙන්න ලේට්.කෝ ඉතින් මේ වැඩ අස්සේ අමතකවීම් වැඩියි.
ReplyDeleteසුභ පැතුම් මගෙනුත් දෙන්නා දෙමහල්ලන්ට.චිරාත් කාලයක් මේ ලෙසම ඉන්න ලැබේවා.
මේ පැත්තේ ආවෙ අද ඕං.දිගටම එන්නම්කො.
මගේ පමාවටත් සමාව භාජනය කරන්න.. ස්තුතියි මල්ලි.
Deletesathutui mithura..ath dashboard 1ta oyage lipi enne nathi eka prashnayak mata.
ReplyDeleteස්තුතියි ඔයාටත්, ඒකනේ.. මට ඔයා විතරයි යාලු ඔය කතාව කිව්වේ. බලමු ටිකක්..
Deleteඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. වාසනාවන්ත යුගදිවියක් පතමු.
ReplyDeletehenryblogwalker the Dude
ස්තුතියි ඩුඩ්. ඒ එක්කම ප්‍රමාදයට සමාව දෙන්න..
Deleteඔන්න යන එන ගමන් දැකල ඇවිත් සුබ පතනවා :)
ReplyDeleteස්තුතියි ඔබට. :)
Delete