Wednesday, June 6, 2012

ඔන්න අදට හරියටම අවුරුද්දයි..




වර්ෂයක් පිරෙන දින,
පුරුදු ලෙසම
ගියෙමි
මාලිගාවට,
තේවාව අසන්නට..
බුදුන් වඳින්නට..
බුදු හිමි පා මුල
හිඳ හිඳින්නට..
තෙල් සුගන්ධයෙන් දැල්වෙන
පහනක් සේ
ජීවිතය
නිමක් නැති සුළියකින්
වෙලී ඇත
නිරතුරුව.
එවන් වූ දිවි මගේ
එක්ව පියවර තබන
නුඹට මා කියන්නම්..
තුති නුඹට
වසරක්ම හිටියාට
තුටින්
මා එක්ක
අදට..
අපි බැඳලා අවුරුද්දක්!


 

ප.ලි:
ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මාලිගාවේ ගියේ.. කොමෙන්ට් වලට ඇවිත් උත්තර බඳින්නම්..


පින්තුරය ගත්තේ:
http://www.motooutlet.ee/admin520/single-diwali-diya-images&page=3

61 comments:

  1. වාසනාවන්ත අනාගතයක් වේවා !!!

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි සෙන්නා.. අද හාමිනේත් බ්ලොගේ කියවනවා.

      Delete
  2. වාසනාවන්තයි.. අද වගේ දවසක යන්න සුදුසු ම තැන තමයි.. අහන්න සුදුසුම වාදනයත් ඒකයි.. ඔබ දෙදෙනාට තුන්රුවන් සරණයි..

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි අයියේ. ශ්‍රී දළදාව තියන නුවර ඉපදුන එක වගේම ශ්‍රී සද්ධර්මය අහන්න පුළුවන් කාලෙක බෞද්ධව ඉපදුන එකත් මටනම් විශාල පිනක් පල දීමක්. ඉතින් මොන වැදගත් වැඩේට උනත් කලින් මාලිගාවට යන එක මගේ පුරුද්දක්

      Delete
  3. වාසනාවන්ත අනාගතයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි මයියා.

      Delete
  4. අනාගතේ තවතවත් වාසනාවන්ත වේවා කියන පැතුම මගෙනුත්....!

    මටනම් පලවෙනි එකට කොහෙවත් යන්න බැරි උනා, අඩු ගානේ දෙවෙනි එකටවත් යන්න ඕනි දළදා වහන්සේ වැඳපුදා ගන්න.

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි ලොක්කා. එන්න කලින් කියල එන්න. ලොක්කාව කාලෙකට පස්සේ දකින්න ලැබුනේ. සන්තෝසයි ඒකට.

      Delete
  5. එක් වසරක් සපුරන, ක්සැන්ඩරගේ කොළමට, මගේ හර්දයාංගම සුබ පැතුම්. විචාර බුද්ධියෙන්, චිත්ත ධෛර්යයෙන් ඉදිරියටම යන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අහලා, දැකලා හොයලා ලියන විචාරත් මේ වගේම ඇති. මේ කොලම පටන් අරන් තියෙන්නෙ ජූලි 7 වෙනිදාක..මීට වඩා කියවලා විචාර කරන්න !

      Delete
    2. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි විචාරක තුමෝ එත් අද අපි බැඳලා අවුරුද්දක් පිරෙන දිනේ.

      ඇනෝ : ඔව් එතුමාට ටිකක් වැරදිලා. අපි කොයි කාටත් එහෙම වැරදි වෙනවනේ. ස්තුතියි ඔබටත්.

      Delete
  6. ප්‍රීතිමත් අනාගතයක් වේවා කියල මමත් ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි තාරා.

      Delete
  7. සුබම සුබ අනාගතයකට අපෙනුත් සුබාසිරි ! දෙන්නටම, ඇත්තටම හොඳම තැනටයි ගිහින් තියෙන්නෙ අද වගේ සතුටු දිනයක.. ගොඩක් අය කරන්නෙ ඔය වගේ සතුටක් මත් වතුරක දිය කරන එකයි. ඒ අතින් ඔබලා ආදර්ශමත් !

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි වෙනි අයියේ. දැන් මතට තිත තිබ්බා.. :-)

      Delete
  8. සුබ පැතුම් !!! කැ..කැ..කැසැන්ඩරයටයි, කැසැන්ඩරියටයි.

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි සුදීක. පොඩි වෙනසකට කියල ඒ නම දැම්මේ..

      Delete
  9. සුපුරුදු ලෙස.... සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    දෙන්නා ඉක්මනටම තුන වේවා!!!

    මාලිගාව කිව්වේ අපේ එක පැත්තෙද? පිස්සුනං කෙලින්න එපා ඈ... :-)
    (හරි හරි පින් ලැබේවා!!!)

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම හැම පැතුමටම ස්තුතියි රජෝ... හයියෝ එන්න කලින් ඕන් ඉතින් රජා බයවෙලා...
      තැන්කියු ඈ....

      Delete
  10. දෙන්නටම සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි පැතුම් ... මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..

      Delete
  11. සුභ පැතුම් අයියේ ඔයාලා දෙන්නටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි ප්‍රර්ථනා නගේ ... ඒ එක්කම ප්‍රර්ථනාවටත්..

      Delete
  12. ඔහොම යමු!
    සුපැතුම් මගෙන්

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි කතන්දර

      Delete
  13. සුභම සුභ අනාගතයක් ඔය ඩෙන්නටම.....^_^

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි අග්නියෝ!!

      Delete
  14. සුභ පැතුම් අයියේ..

    ඔන්න මම ඊයෙම බුකියේ ප්‍රචාරයක් යැවුවා... :)

    ReplyDelete
    Replies
    1. අපි දෙදෙනාගෙන්ම සුභ පැතුමට ස්තුතියි මල්ලි ... බුකියේ මම දැක්කේ දැන්.. :-)

      Delete
  15. සුභ පැතුම් මචෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්.. අපි දෙන්නගෙන්ම.. මේ අහට සාදරෙන් පිලිගන්නවා.

      Delete
  16. සුබ පැතුම් අයියේ...

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නගෙම ස්තුතිය නංගා.. ඔයාට හොඳට කවි ලියන්න පුළුවන් නේද? සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  17. මෙවන් දිනයන්
    බොහෝ ගනනක්
    ගෙවා ලන්නට
    මගේන් පැතුමන්.

    ReplyDelete
    Replies
    1. තුති නුඹට
      ගෙනාවට
      නෙක පැතුම්
      පුරාවට දෝත.

      Delete
  18. වාසනාවන්ත දරුවන් ලැබී නිරෝගීභාවය සමඟින් චිරාත් කලක් යෙහෙන් වැජඹීමට ශක්තිය ධෛර්යය ලැබේවා

    තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත අපි දෙන්නගෙන්ම..

      Delete
    2. මම මුලින් හිතුවේ ක්සැන්ඩර් කියන්නේ අපි වගේ ක්සැන්ඩර්තරුණ හාදයෙක් කියලා. දැන් බැලින් නම් දරු පවුල්කාරයෙක්... අන්කල් කෙනෙක්නේ :D

      Delete
    3. හෑ....... මට තවම විසි හතයි බොලවූ.... හය්යෝ.. මෙන්න මාව අංකල් කෙනෙකුත් කරලා :-) (දරු නෑ තවම පවුල් විතරයි.. හපොයි!!)

      Delete
    4. එකනේ!! අංකල් කියල කියන්න හිතෙනවද?

      Delete
  19. මූනු පොතේ දිනේශ් මල්ලිගේ ස්ටේටස් එක දැක්කම සුබ පතන්ඩ හිටියේ. එතකොටම මේ පෝස්ට් එක දැක්කා. සුබ පැතුම මෙතනම කොටලා දාන්නම්.

    අයියටයි අක්කටයි නිදුක් නිරෝගි චිර ජීවනය පතනවා. ඒ වගේම දරු මල්ලෝ ලැබිලා මුළු පවුලම සතුටින් ඉතිරෙන්න කියලත් පතනවා.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නගෙන්ම ස්තුතියි මලයෝ.. මමත් දිනේෂ් මල්ලිගේ මුණු පොත දැක්කේ ඊයේ හවස..

      Delete
  20. Replies
    1. අපි දෙන්නගෙන්ම ස්තුතියි පුබුදු..

      Delete
  21. හොද තැනකට ගිහින්. ආදර්ශමත් යුවලක්.

    ඉතින් ජය හැර කිමක් පතමිද?

    සුභම වේවා සහෝ.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නගෙම ස්තුතිය පිළිගන්න සෑමෝ.... මාලිගාවට නොයා කොහොමද?

      Delete
  22. සතුට..සුවය..වාසනාව පිරි අනාගතයකට කිරිල්ලිගෙන් සුභ පැතුම් ඔයාල දෙන්නටම..ලබන අවුරුද්දෙ තුන් දෙනාටම මාළිගාවට යන්න වාසනාව ලැබේවා..!!

    ReplyDelete
    Replies
    1. හැම පතුමකටම අපි දෙන්නගෙම ස්තුතිය කිරිල්ලි....

      Delete
  23. මුණු පොතේ තිබුනේ ක්සැන්ඩර් බැන්දේ ඊයේ කියල තිබුනා. කියවලා නේ අද මේ ඇත්ත විස්තරේ දැනගත්තේ.

    ඔබ දෙපලට සුභ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.. ස්තුතියි මචං!! (අපි දෙන්නගෙන්ම ඈ..)

      Delete
  24. අඩේ අයියා සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා සොරි පොඩ්ඩක් පරක්කු වුනාට.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මලයා. ස්තුතියි සුභපැතුමට..

      Delete
  25. නිශාන් වගේම මාත් සෑහෙන්න ලේට්.කෝ ඉතින් මේ වැඩ අස්සේ අමතකවීම් වැඩියි.
    සුභ පැතුම් මගෙනුත් දෙන්නා දෙමහල්ලන්ට.චිරාත් කාලයක් මේ ලෙසම ඉන්න ලැබේවා.

    මේ පැත්තේ ආවෙ අද ඕං.දිගටම එන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මගේ පමාවටත් සමාව භාජනය කරන්න.. ස්තුතියි මල්ලි.

      Delete
  26. sathutui mithura..ath dashboard 1ta oyage lipi enne nathi eka prashnayak mata.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත්, ඒකනේ.. මට ඔයා විතරයි යාලු ඔය කතාව කිව්වේ. බලමු ටිකක්..

      Delete
  27. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. වාසනාවන්ත යුගදිවියක් පතමු.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ්. ඒ එක්කම ප්‍රමාදයට සමාව දෙන්න..

      Delete
  28. ඔන්‍න‍ යන එන ගමන් දැකල ඇවිත් සුබ පතනවා :)

    ReplyDelete