බස් රේඩියෝව බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වුයේ මේ මම දන්නා මුල්ම වරය.
ඇත්තෙන්ම බ්ලොග් සම්මාන උළෙලක් දියත් කරන එක නම් ඇත්තෙන්ම හොඳ දෙයක් ය. ඒ එමගින්
ඇගයීමක් සමග බ්ලොග් කරුවන් දිරිමත් වීමක් සිද්ධ වන නිසා ය.
එහෙත් බස් රේඩියෝ බ්ලොග් සම්මානයේ මුල සිටම අවුල් තිබුණි. ඔවුන්
සම්මාන උළෙල සැලසුම් කලේ පසුගිය ජුලි මාසයේ දිනයක් යොදාගෙන ය. එහෙත් සංවිධාන
කටයුතු වල වූ අසංවිධානය මැනවින් පෙන්වමින් එය සැප්තැම්බර් මස තෙක්ම දිග ඇදෙමින්
ඇවිත් අද දින සම්පුර්ණ වන්නේය.
බ්ලොග් සඳහා කැටගරි කීපයක් ඔවුන් නම් කල අතර එහිදී ලියාපදිංච් වුවන්
සඳහා රේඩියෝ වැඩසටහන් පවත්වන ලදී. එය හොඳ දෙයක් වුවත් ඔවුන් ඉතා ඉක්මනින් කලේ
කැටගරි වෙනස් කිරීමක් සිද්ධ කිරීමයි. සංවිධානය නිසි සේ වුවා නම් කැටගරි වෙනස්
කරන්න සිද්ධ වෙන්නේ නැත.
බ්ලොග් ඇගයීම සඳහා වන විනිසුරු මඩුල්ල නම් කරන්නට ඔවුන්ට මසකට වඩා
කල් ගියේ ඇයිදැයි ඔවුන් නිසි හේතුවක් දැක්වුයේ නැත. එය රහසක් ව තබා ගන්නට උවමනා
කරුණක් බව මට නොපෙනෙතත් ඔවුන් එය රහසක් ලෙස අවසන් මොහොත තෙක්ම තබා ගත්තේ තමන්ගේ
සංවිධානයේ අසංවිධානය වසාගන්න ගසනා තුරුම්පුවක් ලෙස බව මට සිතුනි.
මේ අතරම ඔවුන් පාඨක ජන්දය ගැනීමට ෆේස්බුක් ජන්ද පෝරමයක් දියත් කලත්
තාක්ෂණික දෝෂ මත පැය කීපයකින් හකුලා ගන්නා ලදී. එයද මා දකින්නේ අසංවිධානයේ තවත්
ඉමක් ලෙසය. ඉන් අනතුරුව ඔවුන් තමන්ගේ ඇගයීම් සඳහා වූ බ්ලොග් ලැයිස්තුවත් එහි
ලියාපදිංචි වී සිටි බ්ලොග් වල සටහනකුත් ඉදිරිපත් කරන ලදී. ඒත් එතනත් දෝෂ සහිත බව
ඔප්පු වුයේ ඒ සඳහා මගේ බ්ලොග් අඩවිය පෙනෙන්න නොමැති වීම නිසා ය. (මා දන්නේ මගේ
අඩවිය ගැන පමණි. ඒ නිසා මා පාදක කරගත් මිනුම එයයි.)
දැන් කෙනෙකුට පෙනෙනු ඇත්තේ මේ සටහන හුදෙක් හිත අමනාපයෙන් ලියුවක්
බවයි. නැත. හිතේ අමනාපයක් නැත. එහෙත් මට සිතුන විවේචනය මා සටහන් කලෙමි. එපමණකි.
සම්මාන උළෙළ කවද්ද තියෙන්නේ ???
ReplyDeleteඅද!!
Deleteමේ වෙද්දී ප්‍රතිඵල නිකුත් කරලා ඉවරද අයියා ?
Deleteදැන් ප්‍රතිඵල කියන්න ඕනේ.. මේ වෙද්දී.
Deleteනිර්මාණශීලි බ්ලොග්කරණය I
Deleteකාංචනා අමිලානි කරුණාමුනි ලියන - හිතනලන්තය හා ගැමියාගේ පත් ඉරුව ලියන - ගැමියාගේ පත් ඉරුව
පර්යේෂණාත්මක හා විවරණශීළී බ්ලොග්
ඇල්කෙමියා ලියන - ඇල්කෙමියාගේ දිනපොත
කාන්තා බ්ලොග්කරණය
කාංචනා අමිලානි කරුණාමුනි ලියන - හිතනලන්තය
අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන් වු හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය
කාලිදාසගේ සුපුන් සුදාරක ලියන - සුදාරකගේ අන්තර්ජාල සටහන
අධ්‍යාපනික බ්ලොග් අඩවිය
සෙන්නා ලියන - කුරුන්ද
රැඩිකල් බ්ලොග්කරණය
රත්ගමයා ලියන - රත්ගමයා
නවක බ්ලොග්කරණය
The Modern Patriot ලියන - Modern Patriot
සාහිත්‍ය බ්ලොග්කරණය
ඒ ජී යසිරු උදාන රත්සර ලියන - හෙළයේ ඉතිහාසය
තාක්ෂණික බ්ලොග්
කෝච්චියා ලියන - අඟුරුකකා වතුර බිබි
රජාගෙන් දැන ගත්තේ...
සම්මාන ගත් සැමටම මගේ සුභපැතුම්... මේ ලියන්නේ ඔබ ගැන නොව සම්මාන උළෙල ගැනයි..
Delete:-)
ReplyDeleteමගේ අදහස පෞද්ගලිකව ප්‍රකාශ කරන්නම්!
ඇයි මෙතන කියන්නකෝ..
Deleteමේක දකිද්දී නම් පෙනෙන්නේ අවුල් ජාලාවක් ඇති වෙලා තියෙන බවක්..මම නම් මේකට සම්බන්ධ වුනේම නෑ. සිංහල බ්ලොග් කියන්නේ මට අලුත් දෙයක් නිසා. නමුත් මට හිතෙන්නේ අපි අපේ ගමන අපේ පාඩුවේ ගියාම ඉවරයි කියලා.
ReplyDeleteඒ කතාව හරි. ඒත් මේ උත්සාහය හොඳ දෙයක්. කවුරු හරි දිරිමත් කරන්න නේ හදන්නේ. නමුත් අඩුපාඩු පෙන්වන එක අපේ යුතුකම.
Deleteඅපිනං ඕව නෑ ඈ......
ReplyDeleteගොඩ දෙනා ඉවත් වෙලා මම හිතන්නේ..
Deleteමම නම් මේකට ඇප්ලයි කරාට පස්සෙ ඒ ගැන එහෙම්මම අමතක වුනා. අද මේ රජා කිව්වම තමා දැන ගත්තෙ සම්මානයක් හම්බෙලා කියලා. සෑහෙන ගැටළු තිබ්ලා තියනවා වගේ. මාත් හිතන්නෙ ක්සැන්ඩර් මෙහෙම අඩු පාඩු පෙන්නපු එක හොඳයි.. ඔවුන් ඒවා ඉදිරියේදී නිවැරදි කරගනියි කියලා අපි හිතමු.
ReplyDelete++++++++++++
Deleteවෙන දේ දිහා මම සාවධානව බලා හිටියා. මේල් ගෘප් එකක් හදලා එතන අවුල් වුනා ඒ නිසාම මම ඒ ගෘප් එකෙන් අයින් වුනා ඒ හින්දා සම්මාන ගැන දැනගත්තේ අද උදේ. කොහොමත් පලවෙනි පාර පොඩ්ඩක් අවුල් වෙනවා. ඒත් මම කියන්නේ මීට වඩා හොඳින් කරන්න තිබුණා. කොහොම වුනත් හොඳ උත්සාහයක්.
Deleteසෙන්නට මගේ උණුසුම් සුභපැතුම්!!!
Mama nam ayin unea nae..man full sup eka dhunnaa eaka publish karalaa magea blog eke.....
ReplyDeleteHebeyi ea catogory ekakatawath magea blog eka sudhusu thathweka nothibba nisayi.apply nokalea..adupaadu hari gassa gena eelanga sere hondhata karamu ehema adupaadu thibbaa nam..
Mama nam ayin unea nae..man full sup eka dhunnaa eaka publish karalaa magea blog eke.....
ReplyDeleteHebeyi ea catogory ekakatawath magea blog eka sudhusu thathweka nothibba nisayi.apply nokalea..adupaadu hari gassa gena eelanga sere hondhata karamu ehema adupaadu thibbaa nam..
පුළුවන් විදියට මමත් බැනර් එකක් එහෙම එල්ලලා තිබුණා මේ ගැන. මිශ්‍ර සටහන් ලියන බ්ලොග් වලට කැටගරියක් තිබුණා නම් හොඳයි හිතෙනවා. මොකද සමහර බ්ලොග් ඇත්තෙන්ම ඇතුලත් කරන්න කැටගරි තිබ්බේ නෑ. අඩුපාඩු තිබුණා. නැතුව නෙවෙයි. ඒත් ඒවා හදාගන්නවා නම් ඉතින් හොඳයි.
Deleteමෙහෙම දෙයක් තියන බව මම දැනගත්තා. නමුත් මම ලියන්නේ කිසිම ආකාරය තරගයක් සඳහා නොවෙයි. කිසියම් මණ්ඩලයක් විසින් තාර්කිකව, සාධක සහිතව ඇගයීමක් කර, හොඳ හෝ නරක පෙන්වා දෙනවානම් එය මට කරන උදව්වක්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මේ උත්සාහය මම පසසන්නේ අන්න ඒ අරමුණින්. මොකද මේ වගේ දෙයකින් දිනන එක කොහොම වුනත් කාට හරි පොඩි කික් එකක් ලැබෙනවා නේද? තමන්ගේ ගැන දැනගන්න? අන්න ඒ නිසයි මම මේ උත්සාහය හොඳයි කිව්වේ. ඒත් මේ වතාවේ විවෘත භාවය අඩු වුනා කියලා මම හිතනවා විනිසුරු මඩුල්ල රහසක් විදියට තබා ගැනීම තුල. ඒ වගේ දේවල් පොඩි පොඩි දේ විදියට සලකන්න බෑ. මොකද තරඟයක දී තරඟකරු ගේ පරම අයිතියක් විනිසකරු දැනගැනීම.
Deleteඅඩු පාඩු දැක්ක තමයි ... එත් හොඳ උත්සාහයක් නිසා මුලින්ම උත්සාහය අගය කරනවා..
ReplyDeleteතර්කයක් නෑ මේ කියල තියෙන අඩුපාඩු එහෙම්මම දැක්ක .. ඒ වගේම සතියක් ඇතුලත දවසට එකගානේ පොස්ට් දාන්න කියල (බෝය්ලර්ස් තියරියට ) නිර්මාණ තෝරපු එකත් හරි කියල හිතන්න අමාරුයි
කොහොම උනත් කාට හරි දිරි ගැන්වීමක් ඇගයීමක් ලැබුණානම් ඒකත් ලොකු දෙයක් ... අඩුපාඩු හදාගෙන ලබන පාර මීට වඩා හොඳට කරයි කියල හිතෙනවා
සමාවෙන්න සතියක් ඇතුලත පොස්ට් කථාව හැමෝම අනාගත්ත දෙයක්.. එතන කිව්වේ බ්ලොග් සතිය කියන වැඩසටහනක්.. බ්ලොග් සතිය අනිවාර්යය කරේ නැහැ.. සහයෝගයක් දෙන්න කියලා කිව්වේ..
Deleteඅනිවාර්යයෙන් උත්සාහය අගය කරනවා.. ඒ ගැන කතා දෙකක් නෑ. නමුත් මේ කරේ අඩුපාඩු පෙන්වා දීමක්.
Deleteබ්ලොග් සතිය ගැන කතා කලොත් එතැනදී අනාගත්තේ බස් රේඩියෝවම තමයි. හේතුව මේ තරඟය අතරේම බ්ලොග් සතිය ප්‍රකාශයට පත් කිරීම. එහෙම නොවී ඒ වැඩේ වෙනමම කළා නම් මේ අවුල මගහරවන්න තිබ්බා..
මම ඒ සතියටම 1 යි දැම්මේ
Deleteමමත් 2ක් විතර දැම්මා. සාමාන්‍ය මාසික පෝස්ට් ප්‍රමාණය ම මගේ වෙන්නේ 4 උපරිම වෙන්න :)
Deleteමමත් එක කැටගරි එකක දිනලා තියනවා. සතිය පුරා දවසට එක ගාණේ කථාව වැරදි වටහා ගැනීමක් වෙන්න ඕන. මම මුල ඉදලම දාල තිබ්බෙ මාසෙටම 4 ගානෙ. බ්ලොග් සතිය පුරාවට ලියන්න වෙලාව තිබ්බේ එකයි.
Deleteඒත් ක්සැන්ඩර් කියන අනිත් අඩුපාඩු ගැන නම් එකගයි. ක්සැන්ඩර්ගේ සංවර්ධනාත්මක විවේචනා අගය කරන්න ඕන. ඒ ගැන සැලකිල්ල දක්වන එක තමා වඩාත්ම වටින්නේ.
මුලදි ක්සැන්ඩර් සහෝදරයා කියවල තියනවා කිව්ව බ්ලොග් ගොඩට The Modern Patriot වැටෙන්න ඕන. දවසක් දෙකක් ඒ පැත්තේ ඇවිත් තියනවා මම දැක්කා. මම ගොඩක් අලුත් නිසා මිස් වෙන්න ඇත්තේ.
The Modern Patriot
ඔව්. මට ඔබේ බ්ලොග් අඩවිය මග හැරුණා. ඒ ගැන සමාව ඉල්ලනවා මම. මම එහෙ ආවේ වර්ග පුර්ණිකාව හරහා. :) ඊට පස්සේ එහෙ ආවත් සමහර වෙලාවට විතරක් කමෙන්ට් කරලා යනවා.
Deleteබොහොම ස්තුතියි ඔබේ කමෙන්ට් එකට.
සම්මාන උලෙල තිබුනේ අදද ? මම හිතුවේ දැන් තියලා සැහෙන කාලයක් වෙනවා කියලා . බ්ලොග් සම්මාන ගැන මගේ ප්‍රතිපත්තිය නියුට්‍රල්
ReplyDeleteඔය කියන්නේ.. :) කට්ටියට ඒ ගැන එහෙම්ම අමතක වුනා. සෝඩා බෝතලේ කැඩුවා වගේ පටන්ගන ඒක එහෙමම බැහැලා ගියා. ඒ ගැන තමා මේ ලිව්වේ.. ඊගාව පාර හරි ඔය ටික හදාගත්තොත් මසුරන් වැඩේ.
Deleteපොඩි පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා තමා...
ReplyDeleteගනන් ගන්න එපා... පලවෙනි පාරනේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සමහර අඩුපාඩු පොඩි කියන්නම බෑ. ඒත් උත්සාහය අගයනවා. ඒ ගැන දෙකක් නෑ. නමුත් වෙච්ච වරද පෙන්නුවා. එපමණයි.
Deleteඅඩු පාඩු සමහර තැන් වල තියනවා මමත් නම් දැක්කා.... සෝ ඒ වුනත් පළමු වතාව නිසා ඉඉලග වතාවල් වලදී ඒ හැම දෙයක්ම හදාගෙන වැඩ කරවී කියලා බලාපොරත්තුවක් තියා ගන්න පුළුවන් නිසා සුභ පතනවා හැම දෙයකටම.......
ReplyDeleteඔබත් එක්ක මම ඇත්තෙන්ම එකඟයි. පළමු සැරේ ටිකක් අමාරු බව ඇත්ත.
Deleteඋත්සහය අගය කරනවා ගොඩක්....
ReplyDeleteපලමුවෙන්ම බස් රේඩියෝ විසින් සංවිධානය කල දෙයක් නිසාවෙන් යම් යම් අඩුපාඩු ඇතිවීමේ සම්භාවිතාවක් ඇත...
ක්සැන්ඩර් අයියා මේ කී කරුණු විවේචනයක් ලෙස ඉවත නොදමා ඒවා හදා ගතහොත්..
නැවත සම්මාන උලෙලක් පැවැත්වීමේදී තවත් සාර්ථක කර ගත හැකියාවක් ලැබේ.....
සම්මාන ලැබුනු සියල්ලන්ටම සුභපතන අතර ක්සැන්ඩර් අයියා ඉහත දක්වා ඇති සියල්ල මමත් පිලිගනිමි..
අගය කරනවා එකෙන්ම. ඇත්තෙන්ම හොඳ වැඩක්..
Deleteමොකක්ද ඒ බස් රේඩියෝව නිසා අඩුපාඩු ඇතිවීමේ සම්භාවිතාව? ඒ ගැන මට පොඩ්ඩක් කියනවද?
අන්තිම තූන්දෙනා අතරට ඇවිත් ඉවත් උන එක ගැන පුංචි කණගාටුවක් නැතුව නෙමෙයි,
ReplyDeleteඒත් මම සතූටින් මොකද දන්නවද මම මීට කලින් අන්තීම තූන්දෙනා අතරටවත් ඇවිත් නැ, ජීවිතයේ කවදාවත්
අටමා.. මචං උඹ ලියන අරගෙන පොඩි කාලයක දී මෙතනට ආව කෙනෙක් විදියට ඒ ගැන සතුටු වෙන්න ඕනේ. ඔන්න ඕක තමා මම මේ වැඩේ දී දකින හොඳ පැත්ත..
Deleteඋඹ ලියන විදියට මම හෙන කැමතියි. ඒ නිසා තුන්දෙනා ගේ කෙනෙක් වුනත් ඒක ගැන මට අවංකව සතුටුයි.
තැන්කියු වේවා.
Deleteඅටම් +++++++++++++++++
Deleteඋඹ තමයි ඒ කැටගරියේ මගේ ජයග්‍රාහකයා. මොකද දිනපු කෙනා අප්‍රේල් මාසේ පොස්ට් එකක් දැම්මට පස්සේ අගෝස්තු පොස්ට් එකක් දල තිබුණා. ඒකෙ කිසිම අව්‍යාජ ආත්ම කථනයක් මම දැක්කේ නෑ. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ දෙකක් දාල තිබ්බ. මම හිතන්නෑ විනිශ්ය මණ්ඩලය මේ කැටගරියට ඉදිරිපත් වෙච්ච හැම කෙනාගෙම හැම ලිපියම කියෙව්වා කියල. එහෙම කියෙව්වනම් ඕක වෙන්නේ නෑ.
DeleteOnce again Congrats Atampahura!!!!!
Deleteඔන්න මචං උඹ ජනතා සම්මානයට පාත්රවුණා.. ජය අටමා...!!!
Delete@ සුදීක:
ඔය වගේ ගොඩක් දේ තියනවා. හොඳම උදාහරණය සාහිත්‍යය ඉතිහාසය දෙකේ වෙනස දන්නා කෙනෙක් එතන ඉඳල නැතිකම..
සෙන්නා/ගැමියා/රත්ගමයා ගේ බ්ලොග් පමණක් කියවා ඇත්තෙමි... ඒවා හොද බව දනිම්. අනිත්වා කියවා බලා තිරණයකට එමි. අටමා ලිස්ට් එකට ඒම ගැන සතුටුය.
ReplyDeleteකියවා ඇති බ්ලොග් තුනෙන් සෑමාට මතුවු ගැටලුව රත්ගමයා ලියන්නේ රැඩිකල්ද යන්නය..?
සැමට ජය !
මම නම් මේ ලිස්ට් එකේ ගොඩක් බ්ලොග් වලට යමි. සෙන්නා අල්කෙමියා රත්තා වගේම කොච්චියා ලියන බ්ලොග් නිතර බලමි. යසිරු ගේ බ්ලොග් එක කීප වරක් කියවා ඇත්තෙමි. ඒ වගේම සුපුන් සුධාරක ලියන බ්ලොග් එකටද වරක් දෙවරක් ගෙවදී ඇත. ඉතුරුවා දන්නේ අද නිසා යාමට බලාපොරොත්තු වෙමි.
Deleteමගේ ගැටලුව යසිරු ලියන හෙළයේ ඉතිහාසය සාහිත්‍ය බ්ලොග් එකක් වුනේ කෙසේද යන්නයි. ඒ බ්ලොග් එකේ ඉතිහාසය ලියන බව ඔහුම කියයි. ඇත්තේද රජවරු ගැන සටහන්මයි.
රැඩිකල් යන වදනේ සැබෑ අරුත කුමක්ද ? දන්න කෙනෙක් පහදත්වා...
Deleteමම දන්නෙත් නෑ.. එක්කෝ එතන හේතු පාඨ දක්වන්න හරි තිබ්බා..
Deleteරැඩිකල් යනු කුමක්ද .... ඒ එක එකා තේරුම ගන්නා විදිය තමයි මචන් .. රැඩිකල් අදහස් බ්ලොග් වල ලියන අයත් ඇති ඒත් එහෙම ලොකුවට පෙනෙන බ්ලොග් එකක්නම් මම දැකල නැහැ.. ටිකක් විතර තියෙන්නේ රමේෂා ගේ බ්ලොගයේ...
Deleteඔව්. රමීෂා ගේ ඇතැම් බ්ලොග් සටහන් ඒ කුලකයට වැටෙනවා. (මගේ මතයේ විදියට)
Deleteමාතලන්ගෙ බ්ලොගියත් ඒ කුලකයට එක් කරන්න මම කැමතියි...
Deleteමමත් දැනට දැකලා තියෙන එකම බ්ලොගය රමේසා ගේ බ්ලොගය පමණයි රැඩිකල් ගනයේ
Deleteරමිෂ හොඳයි අනිත් උන්ගේ කුණු හොයන්නේ නැතුව මඩ ගහන්නේ නැතිව ලියනවනන්.ඕකිට ඕවා හම්බවෙනකොට නම් ගොඩක් දුක් වෙන්න වෙයි
Deleteඅබේ පාල මාමා කාලෙකින් දැක්කේ ;)
Deleteහරියට කරන්න බැරිනම්, නොකර හිදීම හොදයි. පළවෙනිපාර කියල වගකීමක් පැහැරීම කැතයි.
ReplyDeleteඇත්තටම පලවෙනි පාර කියා වගකීම් වලින් නිදහස් වීම නම් කල නොහැකියි. නමුත් උත්සාහය අගයා දෙවැනි වර දෙසත් අපි අවදියෙන් බලා හිඳිමු..
Deleteඔය ගැන බ්ලොග් කීපෙකම දාල තිබුණට මගේ නම් උනන්දුවක් තිබුණෙ නෑ. අසංවිධානය දැන් අපේ ජාතික උරුමයක්, රටේ රාජ්‍ය සාහිත්‍ය උත්සව, සම්මාන උත්සවවත් හරියට කෙරෙන්නෙ නැති එකෙ අනිත්ව ගැන කවර කතාද? මම හිතන්නෙ යම් දෙයක් සංවිධානය කරනකොට වෙලාව අරගෙන හැම දෙයක් ගැනම පෙර සැලසුම් කරල කළ යුතුයි, නොඑසේනම් එය නොකර සිටීම වඩා යහපත්. අපි බලමු, මින් ඉදිරියට ඔවුන් පෙර වැරදි හදාගෙන ඉදිරියට යයි, සම්මාන දිනපු හැමෝටම මමත් සුබ පතනවා.
ReplyDelete" මම හිතන්නෙ යම් දෙයක් සංවිධානය කරනකොට වෙලාව අරගෙන හැම දෙයක් ගැනම පෙර සැලසුම් කරල කළ යුතුයි, නොඑසේනම් එය නොකර සිටීම වඩා යහපත්. අපි බලමු, මින් ඉදිරියට ඔවුන් පෙර වැරදි හදාගෙන ඉදිරියට යයි "
Deleteමෙන්න මේ ටිකට මම ඉතාම කැමතියි. අපි අවදියෙන් බලා හිදිමු ඔවුන්ගේ දෙවැනි වතාව ගැන..
ස්තූතියි පෙන්වා දීමට අඩුපාඩු වැරදීම් මැදින් ඉදිරියට
ReplyDeleteබොහොම කැමැත්තෙන් ඒ දේ කරනවා. බොහොම ස්තුතියි ඔබේ කමෙන්ටුවට.. ඉදිරියට යන්න. වැරදි මැදින් නොගිය ගමන හරියට පය තබා ඇවිද්දේ නෑ වගේ වැඩක්. අපි අවදියෙන් ඔබ සමගයි..
Deleteඔබේ ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි ! ඔබ පුද්ගලයෙක් වශයෙන් කෙලින්ම අපේ වැරදි පෙන්වා දීම ගැන ගොඩක් සතුටු වෙනවා..
ReplyDeleteඉදිරියටත් අපි සමඟම රැඳී ඉන්න.. අපේ ඉදිරිගමන් මඟ තීරණය වෙන්නේ ඔබ වැනි වැරදදක් දුටු තැන පෙන්වා දෙන මිතුරන් නිසායි. ඉදිරියේදී අඩුපාඩු හදාගෙන්න අපි උත්සහ කරනවා..
මේ මා ලද හොඳම ප්‍රතිචාර වලින් එකක්. කෙලින්ම සංවාදයට එකතුවීම ගැන සතුටුයි. ඔබේ උත්සාහය මම කෙලින්ම අගයනවා. මම දුලාන්ට කිව්වා වගේ අඩුපාඩු නැතිව ගමනක් නෑ. ඒත් අවම කරගන්න තිබ්බා ඒ ගොඩක් දේවල්. අනිවාර්යයෙන්ම ඔබ එක්ක අපි අවදියෙන් සිටිනවා. ඒ වගේම මීට වඩා හොඳින් සංවිධානය වී කරන තවත් සම්මාන උළෙලක් මගබලා හිඳිනවා.. බොහොම ස්තුතියි.
Delete+++ බස් රේඩියෝ..
Deleteජය !
විනිශ්ච මණ්ඩල නම් නොකලත් කමක් නෑ, මුල සිට ඔවුන් විනිශයේ යෙදුනා නම්.
Delete@ සුදීක: මේ ගැන නම් බස් රේඩියෝව තමයි පිළිතුරු බඳින්න සුදුසුම.
Deleteමම හිතුවෙ ඒක මේ කොල්ලො කෙල්ලො ෆන් එකට කරන වැඩක් කියලා, එහෙම එකක් නෙවෙයිද?
ReplyDeleteෆන් එකට කලත් සුමිත් මීට වඩා සංවිධානාත්මකව කරන්න තිබ්බා. කොල්ලෝ කෙල්ලෝ ෆන් එකට අවුරුදු උත්සව එහෙම ඔය කරන්නේ ලෙසටම.
Deleteමුලින්ම මම කියන්න ඕනෑ මම වැටෙන්නේ සම්මාන සඳහා අයදුම් නොකළ කුලකයට.
ReplyDeleteඅවසන් වටයට තෝරාගත් බ්ලොග් අඩවි ගැන සහ අවසාන ප්‍රතිපල ගැන කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැක.මක් නිසාදයත් අවසන් විනිශ්චය සඳහා පරිසාධන මට්ටමට සාපේක්ෂව ඉතාමත් ඉහල නිරමානශිලිත්වයෙන් යුතු බ්ලොග් අඩවි බොහොමයක් අවසන් විනිශ්චය සඳහා තේරී නොමැති බව
පෙනී යන නිසාය.
who buzz? | ඝනකම් අඳුර | The Thick Dark
මේවා කියන්නේ කුහක කම නිසාවත් පුද්ගලික තරහක් නිසාවත් නෙවෙයි.කවුරුවත් මේ වැරදි ටික පෙන්නලා දෙන එකක් නැති නිසා.
මම ඒ දිහාවේ ගියා. බලාගන ගියාම අපි දෙන්නම කියන්නේ එකම දේ. සම්මාන උළෙල මීට වඩා සංවිධානාත්මකව කරන්න තිබුණු බවයි අපි හැමෝම කියන්නේ.
Deleteඕනෑම දේකට හොඳින් ක්‍රියාත්මකවන ප්ලෑනක් තිබිය යුතුමයි!
ReplyDeleteජය!
අනිවාර්යයෙන්ම.. ඒ ගැන මමත් එකඟයි.
Deleteමේ බ්ලොග් ලිවිල්ලෙං හිතේ සතුට හැරෙන්න වෙන වාසියක් ලැබෙන්නේ නෑ (ලැබුණ අයත් නැත්තේ නෑ) එහෙම එකේ ඔහේ ලියන අකුරු වලට යම් වටිනාකමක් දෙන්න මේ වගේ තරඟ තියන එක හොඳයි. අඩු පාඩු නං එමට සිද්ධ වුණා තමයි. කමක් නෑ. එයාලා ඒවා ඉස්සරහට හදා ගනීවි. කිසිම දෙයක් නැතිව තියෙනවට වඩා එහෙම හරි යමක් තිබීමම කොච්චර හොඳද?
ReplyDeleteසම්මාන උළෙල ගැන මගේ අදහස ඔබේ අදහස සමග එකඟයි. තරඟ තියන එක හොඳයි. එත් සංවිධානය මීට වඩා වගකීමෙන් පැහැදිලිව තිබිය යුතුයි. ඇත්ත. මොකක්වත්ම නැතිවට වඩා මෙහෙම හරි තියන එක හොඳයි. ඒත් එහෙම කියලා කරන්නන් වාලේ නොකල යුතුයි. නිසි ලෙස නිරවුල්ව කල යුත්ත කල යුතුයි.
Deleteදෙයක් කරත් නම් යම් කෙනෙක් එය අකුරටම සිදු කල යුතුමය. ඔබේ මා හැගි අදහසට හදවතින්ම එකඟයි.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
බොහොමත්ම ස්තුතියි. වැරදි නොකරන කෙනෙක් නම් නෑ. ඒත් සිද්ධ වෙච්ච ඇතැම් දේවල් දිහා බලද්දී මේ සටහන ලියන්න හිතුනා පසු සටහනක් විදියට. ඊළඟ වතාවේ දී වැරදි හදාගන ඉදිරියට යන්නට බ්ලොග් අඩවි වෙනුවෙන් බස් රේඩියෝවට මම සුභ පතනවා.
Deleteමමත් මේ තරගයට අයදුම් කරලා වොයිස් කට් එකකුත් දුන්න තරගකරුවෙක්... එහෙත් අවසන් ප්‍රතිඵල ගැන මටත් සෑහිමකට පත් වෙන්න බෑ... මගෙ බ්ලොගිය ගැන නෙමෙයි මම සම්මාන ලැබෙයි කියලා අනුමාන කල කිසිම බ්ලොගියක් අවසන් වටයට නිර්දේශ නොවීමම මට ගැටලුවක්...
ReplyDeleteබ්ලොග් ලියන අය වෙනුවෙන් යමක් කරන්න බස් රේඩියෝ ගත්ත උත්සාහය මම සැබැවින්ම අගය කරනවා... අපේ සමාජයේ බැනුම් අහන්නෙ වැඩක් කරන අය මිසක වැඩක් නොකරන අය නොවන නිසා මේ විවේචන බස් රේඩියෝ සතුටින් භාර ගනීවි කියලා හිතනවා... ඒ වගේම නැවත් වරක් මෙවැනි කාර්යයකට අත ගහනවා නම් හොද සුදානමක් සමග පිළිගත හැකි විනිශ්චය මණ්ඩලයකුත් දායක කර ගැනීම නුවනට හුරුයි...
සම්මාන ලාභීන් සියලුම දෙනාට මගේ සුභ පැතුම් !
බස් රේඩියෝව ගත්තු උත්සාහය මම ඇත්තෙන්ම පසසනවා. ඒ බව මම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ සිට අද වෙනකම්ම කියන දෙයක්.
Deleteබස් රේඩියෝව මේ පෝස්ට් එකේ කමෙන්ට් එකෙක් දාලා තියනවා. ඔවුන් මේ විවේචන භාරගනීවී මම සිතනවා. ඒ වගේම ඔබ කියල තියන විදියට ඊළඟ වතාවේදී මේ සම්මාන උළෙල විනිසුරු මඩුල්ල මේ යයි පෙන්වා නිසි ලෙස නිසි දිනවල අවුල් වියවුල් වලින් තොරව පවත්වාවි කියලා බලාපොරොත්තු වෙමු.
මට නම් ඒ ගැන දැනුමක් තිබුනෙම නැහැ ඇත්තම කියනවා නම්. සම්මානයක් ලැබෙනවා නම් හොඳයි ඒත් සම්මාන ගන්නම බ්ලොග් ලියන්නේ නැහැනේ කව්රුවත්. ඒ හින්ද කරන වැඩේ හරියටම කරනවානම් තමයි හොඳ.
ReplyDeleteහැමෝම කැමති එක දෙයක් තියනවා. ඒ තමයි තමන් ලියන දේ ගැන ඇගයීමක් ලබා ගන්න එක. එහෙම නැති කෙනෙක් මම හිතන්නේ නෑ ඇති කියලා. ඒ ඇගයීම සම්මානයක් විදියට වගේම කමෙන්ට් එකක් විදියට හෝ පාඨකයින් ප්‍රමාණය විදියට යන ඕනෑම විදියකින් වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් ලියන කෙනෙක්ට දිරියක් ලැබෙනවා නම් එච්චරයි.
Deleteඑත ඔබ කියන්නා වගේ කරන වැඩේ හරියටම කළා නම් ගොඩක් වටිනවා.. සද්දේ විතරක් නෙවෙයි වැඩත් ඕනේ කියන්නේ ඔන්න ඔය ටිකට..
එකපාරටම අවුල් වගයක් උනා මටත් එපාවෙලාම වැඩේ අතෑරියා
ReplyDeleteඇලෙක්සැන්ඩර්ට මගේ පෝස්ට් එකක් මිස් වෙලා වගේ සිංහල බ්ලොග් ලොව චරිත අවතාර්ගේ සිත්තර ඇහෙන්
ගොඩක් දෙනෙක් මම හිතන්නේ ඉදිරිපත් වෙලා නෑ මම හිතන්නේ.
Deleteමට ටිකක් විතර වෙලාවේ අඩුපාඩුවක් තිබුනා. ඒ වුනත් දැන් ටිකක් වෙලාව ලැබුන නිසා ආයෙම ලියනවා කියවනවා.. ඔන්න එහෙ ගිහින් ආවේ. මාර ගෙසිං එකක් නේ අවතාර් ට තියෙන්නේ..
ජය..
මම නං අයදුම් කලේ නෑ. ඒත් කුමන හෝ මට්ටමකින් සම්මානයක් ලැබෙනව කියන්නෙ බ්ලොග්කරුවා ධෛර්යමත් වන කරුණක්. සම්මාන එක්කම බැඳී තියන අනිත් කාරණාව තමයි අතෘප්තිමත් උදවිය. මොන විදියට සම්මාන පැවැත්වුවත් විවේචන එල්ල වෙනව. ඒක නවත්වන්න බෑ.
ReplyDeleteහැම බ්ලොග්එකක්ම කියවන කෙනෙක්/ටීම් 1ක් අයදුම්පත් කැඳවීමකින් තොරව සම්මාන දෙනව නං ඒක තමයි මම දකින හොඳම ක්‍රමය. ටැබූ කලා වගේ.
මේවගේ අඩුපාඩු ගැන ලිවිව 1 හොඳයි. ඒකත් වියයුතුම දෙයක්.
මම ලාබයි ඇපල් ට දුන් පිළිතුර එක්ක ඔබ කියන කතාව ලඟින් යනවා රාජ්. කුමන හෝ මට්ටමක සම්මානයක් බ්ලොග් ලියන්නෙක් දිරිමත් කරනවා.
Deleteඕනෑම දෙයක දෙපැත්තක් තියනවා නේ. ඒ නිසා විවේචන කියන්නේ මොකට වුනත් කොහොමත් ලැබෙන දෙයක්. ඒ වුනත් විවේචනයක් පැහැදිලිවම මඩ ප්‍රහාරයකට වඩා මැදිහත්ව අඩුපාඩු පෙන්වා දෙන ලෙස ලියන්න විවේචකයා දැනගත යුතුයි. ඒ මගේ ප්රයත්නයයි.
බොහොමත්ම ස්තුතියි.
මම බලාපොරොත්තු උන බ්ලොග් තුනෙන් එකක්වත් ආවේ නම් නැහැ හැබැයි..
ReplyDeleteඅධ්‍යාපනික බ්ලොග් අඩවි අතරට හසිතගේ බ්ලොග් එක එයි කියලා හිතුවේ... කොහොම උනත් සම්මාන උළෙලක් තිබුණු එක හොදයි..
@ චමී4යූ~chami4u
Deleteස්තුතියි මාව මතක් කළාට. මම තරඟයට ඇතුළත් වුණේ නැහැ
බොහොමයක් හොඳ ලියන්නන් හිටියා. ඒත් සම්මානයේදී ඔවුන්ව මගහැරිලා ගියේ කොහොමද කියන්න මම දන්නේ නෑ.
Deleteමම අයදුම් කලේ නෑ. හසිතත් හොඳටම ලියන කෙනෙක්. Hmmmmm
ReplyDeleteඒක තමයි. බොහොමයක් දෙනා අයදුම් කර නෑ. ඒ මදිවට සමහර අය බ්ලොග් සතියේ කොන්දේසි එක්ක මේ තරගය පටලවාගෙන නිසා ආවේම නෑ.
Delete@ ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව
Deleteඔබතුමීටත් ස්තුතියි මතක් වුණාට. මම තරඟයට ඇතුළත් වුණේ නැහැනේ
මමත් මේ ගැන වරක් අදහස් ප්‍රකාශ කලා සයිට් එකේ. නමුත් ඒවා පළවුනේ නෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මම මේ ගැන කරන පළමු විවේචනය මේ. ඔබේ අදහස් මෙතන දක්වන්න පුළුවන් නම් වටිනවා ඩුඩ්.
Deleteමේ වැරදි හදාගෙන ඉස්සරහට යනවනම් ඒක තමා වටින්නේ.
ReplyDeleteසංවිධායක මණ්ඩලයට යි සම්මානලාභීන් ටයි උණුසුම් සුබ පැතුම්.
එකක් කියන්න ඕනි හැබැයි හසිත අයියගේ ආගිය කතා බ්ලොග් එකට සම්මානයක් නොලැබීම ගැන මම පුදුම වෙනවා.
@ Pramudi
Deleteනඟාටත් ස්තුතියි මාව මතක් කළාට. මම තරඟයට ඇතුළත් වුණේ නැහැ
@ හසිත, ඔබ මොකද ඇතුලත් නොවුනේ??
Delete@ Alexander Cage
Deleteතරඟයේ තිබුණු නීති රීති වගේම ඒ වෙලාවේ බ්ලොග් අවකාශයේ තිබුණු තත්වයත් එක්ක මේ තරඟයට එකතු වෙන්න හිතුණේ නැහැ. අනික් කාරණය නම් ටිකක් විවාද සම්පන්න වෙන්න පුලුවන් අයියා. ඒත් කාරණය තමා අයදුම් කරලා සම්මාන උළෙලකට ඇතුළත් වෙන්න මගේ හිතේ කැමැත්තක් නොතිබුණු එක.
මම දැක්කා ඔබ මේ බ්ලොග් එකේ ඉන්නවා මේ වෙලාවේ. ඒකයි මම කෙලින්ම ඇහුවේ ප්‍රශ්නේ :)
Deleteබොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට. මම ඒ පැහැදිලි කිරීම සමගින් යමක් තේරුම් ගත්තා. ඔබේ විවාදාත්මක කරුණ ගැන කියන්න තියෙන්නේ ඔබ දැනටමත් ජනතාවගේ සම්මානයට පාත්‍ර වී අවසානයි යන්නයි.
@ Alexander Cage
Deleteඇත්තටම ජනතා සම්මානයට පාත්‍ර වෙනවා නම් ඒ හොඳටෝම ඇති අයියා :)
මගේ පැහැදිලි කිරීමත් එක්ක ඔයා තේරුම් ගත්තු දේ මොකක්ද ? ඒකත් කියමු බලන්න
මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පමා කලේ හිතලාමයි. ඒ ගැන සමාවෙන්න. ටිකක් කමෙන්ට්ස් තව එනකම් හිටියා.
Deleteමට හිතෙන්නේ ගොඩක් දෙනා මේ තරඟෙට ඉදිරිපත් නොවුනේ ඔය කියන බ්ලොග් අවකාශේ තිබ්බ වාතාවරණය හේතු සාධක කරගෙන කියලයි ඒ ගැන මම එක්ක කීප දෙනෙක්ම කතා කළා ඒ දවස්වල. දැන් බැලුවාම එදා ඒ කියූ කතා වල සත්‍යයක් තියේ කියලා හිතෙනවා.
// ඒත් කාරණය තමා අයදුම් කරලා සම්මාන උළෙලකට ඇතුළත් වෙන්න මගේ හිතේ කැමැත්තක් නොතිබුණු එක.//
Delete+++++++++++++
Aduit ඒකක් වෙෙග් ඔබ කියන ෙද් හරි.ෙකෙනකු අපහසුතාවයකට පත් කරන්න කියන කථාවක් ෙනෙමයි.වැරැද්දක ෙපන්විම
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ කමෙන්ට් එකට.
Deleteමම ඔය තරඟයට ඉදිරිපත් වුනෙත් නැහැ විස්තර දන්නෙත් නැහැ.අන්තිමට ඉන්විටේෂන් එකක් තිබ්බ සම්මාන උළෙල වෙලාවට සවන් දෙන්න.මට ඒකත් බැරිවුනා :)
ReplyDeleteඅන්න දැන් එකේ රෙකෝඩින් එකක් යනවා ෆේස් බුකියේ අහන්න පුළුවන්. මොකද ඉදිරිපත් නුනේ? බැලුවාම ගොඩක් දෙනා ඉදිරිපත් වෙලා නෑ නේ??
Deleteමගෙ අදහස නම් මෙහෙමයි ...
ReplyDeleteමේව ඉදිරිපත් වෙලා .. අයදුම් කරලා .. කරගත යුතු වැඩ නෙවෙයි.ලියන අය ඔහේ ලියාගෙන ගියාවෙ. අදාළ අයට තිබුනෙ .. හොඳ විනිශ්චය මණ්ඩලයක් පත් කරලා .. බ්ලොග් ගැන විමසිල්ලෙන් ඉඳලා .. හොඳ ඒව ටික තෝරන එක. [මොකද මහ ලොකු ගානක් බ්ලොග් නෑනෙ]
ඔබේ අදහසට සපුරා එකඟයි.. අයදුම්පත් මොකටද ? තේරීම කෙරෙන්න ඕන සියලුම බ්ලොග් අතරින් මිස අයදුම් කල අය අතරින් නෙවෙයි..
Deleteඔබේ අදහසට මමත් සපුරාම එකඟයි. ඒත් මෙතැන සිද්ධ වුනේ ඔවුන්ගේ ප්‍රචාරණ කටයුත්තක් හා සමගාමිව මේ බ්ලොග් සම්මාන උළෙල පැවත්වීමයි. ඒ ගැනත් වරදක් කියන්න බෑ. හේතුව ඔවුන් ආයතනයක් විදියට ක්‍රියා කළා. එපමණයි.
Deleteමම මගේ මතය කියන්නම් සංවිධායක මණ්ඩලේ හිටිය කෙනෙක් විදියට.. අද සයිබරයේ සින්ඩි සැහෙන සංඛ්‍යාවක් තියෙනවා. එවගේම බ්ලොග් ද විශාල සංඛ්‍යාවක් තියෙනවා ක්‍රියාත්මක හා අක්‍රීය. සම්මාන ගැන මුලික කථාබස් වලදී අපි හිතුවා අයඳුම් කිරීමකින් තොරව සියලුම බොලොග් ඇගයීමක් කරන්න. නමුත් ප්‍රායෝගිකව කරන්න ගියාම ඒක ගොඩක් අමාරුයි. ජනප්‍රිය යැයි සමම්ත ට්‍රැෆික් වැඩි බොලොග් නිකම්ම තේරෙයි. ඒක මීට වඩා ගැටළුවක්. බස් රෙඩියෝව ස්වාධින තැනක් නිසා කිසිම සින්ඩියකට එකතු නොවුනෙත් සියලුම බ්ලොග් ඒ සින්ඩියේම ලියාපදිංචි වෙලා කියලා අපිට හිතන්න බැරි නිසා. කැමති කෙනෙක්ට අයඳුම් කරන්න අවස්ථාව දුන්නේ ඒකයි.
Deleteතව දෙයක් කියන්න ඕන. මම හිතන්නේ ලියාපදිංචි වුණ වෙලාවේ ඇලක්සැන්ඩර්ට පවා දැනුවත් වීමක් ලැබෙන්න ඇති විනිශ්චයට ගන්නේ 2012 ජුනි, ජුලි ,අගොස්තු ලිපි පමණක් කියලා. මොක ද ඒ වෙනකොට ආරම්භයේ සිට ලියා ඇති සියළුම ලිපි සලකා බැලීම ගොඩක් අපහසුයි. යම් යම් සීමා කිරීම් තිබුණා.
විනිසුරු මණ්ඩලය ගැන කියනවා නම් අපි දැකපු වර්තමානයේ මේ සයිබර් ලෝකය හා එකතු වෙච්ච නම්‍යශීලිව කටයුතු කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි එකතු වුණේ. ගන්න විනිසුරු වරයා දැනුමෙන් පොෂිත කෙනෙක් වුවත් ඔහුට පරිඝණකය භාවිතය, බ්ලොග් එකක් කියන්නේ මොකක් ද කියන එක ඒවගේම ඔහු බ්ලොග් එකක් ආසාවට හරි හදලා තියෙනවා ද කියන කාරණා වලදී දැනුවත් නොවී පරිණත නොවීම වුවොත් ඒකත් ගැටළුවක් නේද? අපි තෝරාගත්තු අයට වඩා හොඳ අය ඇති. බලමු ඉදිරියට.
මුලින්ම දුලාන් ඔබේ මැදිහත්වීම ගැන අගය කරනවා මෙතරම් දිනක් ගතවී තිබියදීත්. ඇත්තෙන්ම අද වෙද්දී මගේ බ්ලොග් එක ලියන්නේ නැති තත්වෙකයි තියෙන්නේ. ඒ කොහොම වුනත් ඔබ රේඩියෝව ඇරඹු මේ කාර්යය අගය කරනවා. එය මම එදත් අදත් සිටින ස්ථාවරයයි.
Deleteලිපි සලකා බැලු කාලසීමාව ගැන කියද්දී කරුණක් තියෙනවා.
සම්මානයට අයදුම්කළ බ්ලොග් වලට මෙකී කාලය තුල ලියන ලිපි පාදක වූ විට නිසි ඇගයීමක් කල හැකිද? මන්ද යත් මෙකි කාලය තුල බිහිවන නිර්මාණ වල මට්ටම කෙසේ වුනත් සමස්තයක් විදියට බ්ලොග් අඩවි තුල පලවූ ලිපි ටික අගයා සම්මානයක් දීම කළා නම් වටිනවා නේද? ඒත් ඔබ මේ වගේ තර්කනයක් ගෙන එයි. ඒ සඳහා කාල වෙලාව මදි බව. ඒත් ඇගයීම සඳහා මාස 3 වැනි කලක් ගතවුව ද ගැටලුවක් නෑ නේද? (සම්මාන උළෙල අවසානයේ පැවැත්වුයේ මාස 2 කට පසුව වීම ම ද ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් තිබු බව කියාපායි.)
විනිසුරු මඩුල්ල සම්බන්ධව මට ඒ තරම් ගැටලුවක් නෑ. ඒත් මට ගැටලුව ඇත්තේ ඔවුන්ගේ විනිශ්චය සම්බන්ධවයි. උදාහරණයක් ලෙස යසිරු ලියන හෙළයේ ඉතිහාසය සාහිත්‍යමය බ්ලොග් අඩවියක් ලෙස සටහන් කරන්නේ කෙසේද? හාස්‍යමය තීරණයක් ඒ. එයින් මට ඔවුන්ගේ විනිශ්චය සම්බන්ධ සෑහීමක් දකින්න බෑ.
ඔබ අප වෙනුවෙන් තැනු මේ සයිබර් වේදිකාව ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා.
Deleteඅප තරඟය සඳහා බ්ලොග් සලකා බැලු කාලය සැප්තැම්බර් 01 වනදා බව මුලින් ප්‍රකාශ කල ද විනිසුරු මණ්ඩලයේ ඉල්ලීම පරිදි එය සැප්තැම්බර් 15 වනදා දක්වා දිඝූ කරා. එය ආන්දෝලනාත්මක වු බව පැවසිය යුතුමය.
// (සම්මාන උළෙල අවසානයේ පැවැත්වුයේ මාස 2 කට පසුව වීම ම ද ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් තිබු බව කියාපායි.)//
මෙය මම බැහැර කරමි. මොක ද මෙවැනි දෙයක් සිදු වු බව අප පිලිනොගනී. හේතුව දින වකවානු සමඟ අප යොමු කල ඊමේල් පරීක්ෂා කිරීමෙන් දැනගත හැකිය.
//යසිරු ලියන හෙළයේ ඉතිහාසය සාහිත්‍යමය බ්ලොග් අඩවියක් ලෙස සටහන් කරන්නේ කෙසේද? හාස්‍යමය තීරණයක් //
මෙය පිළිබඳ විනිශ්චය ලැබුනු වහා අප ද ඒ පිළිබඳ ඔවුන්ගෙන් විමසීම් කල පසු විනිසුරු මණ්ඩලය හේතු පැහැදිලි කිරීමක් යොමු කර තිබුණා.
අපි බලාපොරොත්තු බොහොමයක් බ්ලොග් තරඟය සඳහා ඉදිරිපත් නොවු බව ද පැවසිය යුතුමය. එහි දී නිසි පරිදි සන්නිවේදනය නොවීමේ දෝශ තිබු බව මම පිළිගනිමි. තව ද 200කට ආසන්න තරඟකරුවන් අතර බොහෝමයක් අළුත් තරඟකරුවන් බව ප්‍රකාශ කරමි.
අපගේ සිදු වු අතපසු වීමටකින් syndi.buzzradio.lk වෙත ඔබේ බ්ලොග් අඩවිය යොමු නොවූ වද එය ඇගයීමේ කටයුතු සඳහා යොමු වු බව ප්‍රකාශ කරමී.
බොහොම ස්තුතියි.
Delete-----------------------------------------------------------------
"// (සම්මාන උළෙල අවසානයේ පැවැත්වුයේ මාස 2 කට පසුව වීම ම ද ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් තිබු බව කියාපායි.)//
මෙය මම බැහැර කරමි. මොක ද මෙවැනි දෙයක් සිදු වු බව අප පිලිනොගනී. හේතුව දින වකවානු සමඟ අප යොමු කල ඊමේල් පරීක්ෂා කිරීමෙන් දැනගත හැකිය."
මම මේල් ගෘප් එකෙන් ඉවත්වුදා දක්වා මේල් වල ඇගයුම් දිනයක් සම්බන්ධව කිසිඳු සටහනක් නැත. මේ තොරතුරු මා දැනගත්තේ ෆේස්බුක් ආධාරයෙනි. ඒ සම්බන්ධයෙන් මේ වන විට මට සාධක සොයාගත නොහැකි නිසා ඒ අඩුපාඩුව පිලිබඳ සමාව අයදිමි.
------------------------------------------------------------------
"//යසිරු ලියන හෙළයේ ඉතිහාසය සාහිත්‍යමය බ්ලොග් අඩවියක් ලෙස සටහන් කරන්නේ කෙසේද? හාස්‍යමය තීරණයක් //
මෙය පිළිබඳ විනිශ්චය ලැබුනු වහා අප ද ඒ පිළිබඳ ඔවුන්ගෙන් විමසීම් කල පසු විනිසුරු මණ්ඩලය හේතු පැහැදිලි කිරීමක් යොමු කර තිබුණා."
එකී තීන්දුව ආන්දෝලනාත්මක් තීරණයක් බැවින් එහි සටහන්වූ හේතු පාඨ ගෙනහැර දැක්වීමට හැකිනම් අගයමි. හේතුව මෙහි කමෙන්ට් කල ඇතැමුන් සහ මට මෙහි කිසිඳු සටහනක් නොතබා ෆේස්බුක් හරහා පුද්ගලිකව අදහස් දැක්වූ පාඨක පිරිසක් සිටින බැවින් සහ ඔවුන්ගේ ද කතාබහ මේ සම්බන්ධව යොමු වූ බැවිනි.
--------------------------------------------------------------------
"අපි බලාපොරොත්තු බොහොමයක් බ්ලොග් තරඟය සඳහා ඉදිරිපත් නොවු බව ද පැවසිය යුතුමය. එහි දී නිසි පරිදි සන්නිවේදනය නොවීමේ දෝශ තිබු බව මම පිළිගනිමි. තව ද 200කට ආසන්න තරඟකරුවන් අතර බොහෝමයක් අළුත් තරඟකරුවන් බව ප්‍රකාශ කරමි."
ඇතැම් බ්ලොග් කරුවන් ලියන්නේ හුදු විනෝදය සදහා නිසාම බැවින් මෙවැන්නක් අපේක්ෂා කරන්නේ නැත. ඒ කියන්නේ බ්ලොග් ලෝකයේ තරඟකාරීත්වයක් නැත යන්න උපකල්පනය කල හැකිය. (කරුණු පෙළ ගැසෙන පරිදි.) කරුණ වන්නේ අලුත් හෝ පරණ යන මේ කවරාකාර හෝ තරගකරුවන් අතුරින් සුදුස්සන් තේරුනේ අල්පයක් බව නොකියාම බැරි බවය. එසේම නැවත වතාවක් ඔබ තරඟයක් පවත්වන්නේ නම් විනිසුරු මණ්ඩලයේ විශේෂ ඇගයීම් කාණ්ඩය යටතේ මෙසේ ඉදිරිපත් නොවූ ඒත් ඔබ බලාපොරොත්තු වූ තරඟකරුවන් සඳහා සම්මාන ලබාදීමට යෝජනා කරමි.
මගේ බ්ලොග් අඩවිය සම්බන්ධව මට කිසිදු ගැටළුවක් නැත. :) එය ආරම්භ කලේ තරඟ වැදීමට නොවන නිසා ලද/නොලද දෙයක් නැත. :) ඇත්තේ මානසික සතුටක් සහ ඒ හරහා හඳුනාගත් සොඳුරු මිනිසුන් සමුහයක් පමණි.
ඔබ නිකන් වැරදි කීමේ අරමුනින් මේක ලිව්වෙ නෑ කියලා හැමෝටම තේරෙනවා!මේවා ධනාත්මක විවේචන! මේවායි වටින්නේ මූනිච්චාවට කරන අගයකිරීම් වලට වඩා! ඒ අය වැරදි හදා ගනීවි කියලා බලපොර්තුවෙමු! අප වෙනුවෙන් ඒ අය ගන්නා වූ මහන්සිය අගේ කරනවා!
ReplyDeleteබොහොම ස්තුතියි සාබිත්. ඔව් අපි බලා හිඳිමු ඊලග උළෙල දිහාව..
Deleteයම් අඩුපාඩු ඇති. නමුත් මෙහෙම දේවල් වටිනවා. බ්ලොග් ලියන අය වගේම කියවන අයටත්. විවිධ ප්‍රශ්න නිසා හුඟක් දෙනෙකුට අළුතින් එන බ්ලොග් සේරම බැලෙන්නෙ නෑ. ඔය එන බ්ලොග් කන්දරාව ඇතුලේ අපේ විවිධ රුචිකත්වයන්ට ගැලපෙන හොඳ බ්ලොග් ඕනෙතරම් අපිට මග ඇරෙනවා ඇති. එනිසා මේක කියවන අයට වැදගත්. ලියන අයට දිරිගැන්වීමක්.
ReplyDeleteඅනික තමයි බ්ලොග් සම්මාන උලෙලක් කියන්නෙම ලොකු අවදානමක් අරගෙන කරන්න වෙන වැඩක්. විවිධ චෝදනා එනවමයි. (මේ ලිපිය එහෙම චෝදනා පත්‍රයක් නෙමේ. ඒක කිවයුතුයි) නමුත් අකුරින් නොලියවුනත් කිහිප දෙනෙක් හමුවූ තැනකදි උනත් හුඟක් විවේචන ඒවි. ඒ අවදානම ගැනීමම ලොකු දෙයක්.
වරක් මමත්, මාලනුත්, තවත් මිතුරන් පිරිසකුත් 'අඹ ගහ යට' බ්ලොග් එක මුල්කරගෙන (මම අඹගහයට හිටි කාලෙ :p) විවෘත බ්ලොග් සම්මාන උළෙලක් (වගේ දෙයක්) කරන්න කතා කරමින් සිටියා. ඒ වකවානුවෙම ඇනෝනිමස් ආතල් එකේ හෝ අභීතගෙ එකේ ගිය බ්ලොග් වලියක් කියවපු සැනින් අපි ඒක අමතකම කරල දැම්මා :)
අපිට නොතිබූ ධෛර්යය බස් රේඩියෝවට තිබීම ගැන සතුටුයි.
ඔබ බොහොමත් ම හරි. පාඨකයා ගේ රුචිකත්වය වෙනස් නිසා විවිධාකාර බ්ලොග් බිහිවෙනවා වගේම ඒ වගේ බ්ලොග් සමුහයන් අතරින් පාඨකයා ගේ මගහැරීමට ලක්වන බ්ලොග් වැඩියි. ඒ නිසා මේ වගේ ප්‍රචාරණ කටයුත්තක් එක්ක යන බ්ලොග් බොහෝ වෙලාවට පාඨක අවධානයට යොමුවෙන්න තියන සම්භාවිතාව වැඩියි.
Deleteඅවධානමක් තියන බව දැනගෙන කරන වැඩ අපි කරන්නේ කොහොමද? බොහොම පරිස්සමින්.. ඒ නිසා අවධානමක් ගැනීම විතරක්ම මදි. ඒ අවධානම හැසිරවීම ගැනත් ටිකක් හිතන එක කරන්න ඕනේ.
මට නම් සිරාවටම ඕක ගැන හැටි හමන් වැටහීමක් නැහැ , බුකියේ කියෙව්වට , දාන්නත් හිතුනත් අයේ නොදා හිටිය මගේ බ්ලොග් එක තවම ඒ වගේ එකකට ලැහැස්ති නැහැ කියල හිතුන නිසා ,
ReplyDeleteඑත් ඔය කියල දේවල් බොහොමයක් මම දැක්ක ,
පලවෙනි වතාව නිසා මෙහෙම හරි එක කරපු එක ගැන සතුටු වෙමු , :) ,
ඒ වගේම මේ මේ පොස්ට් එක වගේ අදහස් නම් බස් රේඩියෝවට ඕනේ වෙයි කියල හිතනවා මීලග වතාවේදී
ඔව් අනිවාර්යයෙන්. පළමු වතාව නිසා අපි බලමු. කොහොමත් දැන් සම්මාන උළෙල ඉවරයි නේ :)
Deleteබොහොම ස්තුතියි ඔබට.
අපේ සෙන්නා ට සම්මානයක් ලැබුණු එක ගැන සතුටුයි ...
ReplyDelete++++++++++
Deleteසෙන්නා වගේම අපි දන්නා නොදන්නා සියලු දෙනා වෙනුවෙන්ම මගේ හිතේ තියෙන්නෙත් සතුටක්. ඒ ඔවුන් එයින් දිරිමත් වූ නිසා. ඒ නිසා අපිට කියවන්න මීට වඩා හොඳ දේවල් ලැබෙන නිසා මට අවංකව සතුටුයි.
Deleteමමනම් අයදුම් කළා පමණි. සතියෙම පොස්ට් ලියුවෙත් නැහැ. වොයිස් කට් වලට ගියෙත් නැහැ. මට ඇත්තටම අමතක වෙලා තිබුනේ. නිර්දේශිත නාම දැක්කම ටමයි මටක් වුනෙත්. ඇත්තටම සතුටුයි අහම්බෙන් හරි නිර්ධෙෂිත නාමයකට වැටුණු එක. බස් රේඩියෝ වෙන් මේ කරපු වැඩේ අනිවාර්යෙන්ම අගය කරනවා. වැරදි වුනා තමයි. ඊළඟ පාර මීට වඩා සන්විදානත්මකව කරයි කියලා හිතනවා. ජය
ReplyDeleteනිර්දේශිත නාම යෝජනා ලබන්නත් ඔබේ බ්ලොග් එක ගොඩක් හොඳ තැනක තියෙන්න ඕනේ නේද? ඒ නිසා ඒ ගැන සතුටුයි..
Deleteමගේ බ්ලොග් එක නම් කොහෙද ගියේ මොකද වුනේ අද වෙනකම් දන්නේ නෑ :) :)
නොදන්න දේවල් ගැන කතා කරන්න එපා අලිසන්දර කේජයෙනි,
ReplyDeleteසිදු වූයේ තොප සිතනා දෙයක් නොව අනෙකකි. රේඩියෝවේ සිටි උතුම් වූ ස්වේතවර්ණ වනිතා රත්නයක විසින් සිය පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කෙරුමට ගත් උත්සාහයක වැරදි පලයකි මෙය. ඇය විසින් කොත්තු රොටියක් සාදන අන්දමට මෙය දඩි බිඩියේ සිතා එසේම වූ වේගයකින් සිදු කොට ලකුණු කිහිපයක් එක්කාසු කර ගැන්මට ගත් උත්සහය වැරදීම නිසා මෙවන් දෙයක් විය. අවසන කාර්යය වැරදුන කල්හී රේඩියෝවත් දමා සැඟවී සිටියදී ඒ පව එහි වූ අන්‍ය සාමාජිකයින්ගේ උරිස් මතින් යන්නට වූ කල දුලානයෝද, ජේඩියෝද,වැපාණෝද,සිහිනයන් හා අයේසාවන්ද එක්ව මෙකී කර්තව්‍යය මෙවන් ආකාරයකින් හෝ ගොඩ දමන ලද්දාහුය. අහෝ නොකෙරෙන්නට තිබූ දේ රේඩියෝව නාමයෙන් සිදු කල උන්හට කිම දොස් නඟනුයේ? වරද උන් අත නොව සිය පාණ්ඩිත්‍යය විදහා දක්වන්නට ගිය ලලනාව අතම නොවෙදැ? අවසන ඇයද අවසන් මොහොතෙහි කාර්යය කෙරෙද්දී විත් සිය හොටය ඔබා ගෙන ජාම බේරාගත්තාහුය. ඒ කිසිත් නොදන්නා අලිසන්දරයෙනි තොප මේ කුමක් නම් බෙණෙන්නාහුද?
මල මංගල්ලයකි... මටද වැරදී ඇති සෙයකි..
Deleteයහපත් අනොනිමසය තොප මේ බිනු වදන් සත්‍ය නම් ඒ උතුම් වූ ස්වේතවර්ණ ලළනා මායම මෙසේවූ අට මංගල්ලයක් වීද? එසේනම් යහපත් අනොනිමසය ඈ මාක්ස් වාදී වීම බ්ලොග් රෙදෙව්වට නම් අපලයක්මය.
මං නං බ්ලොග් වලට අලුත්නේ... ඉතින් මට කියන්ට දෙයක් නෑ මේ ගැන...
ReplyDeleteමම නම් බ්ලොග් ලෝකේ සදාකාලිකව පොඩි එකෙක්. :)
Deleteඒ කොහොම වුනත් කමෙන්ටුවට ස්තුති කරමින් ඔබවත් සාදරයෙන් පිලිගන්නවා.
මම අයදුම් කලෙත් නැහැ.... ඒ කාලේ බ්ලොග් ලිව්වෙත් අඩුවෙන්... එහෙම එකක් තිබ්බ කියල දන්නේ ඉවර වුනාට පස්සෙනේ...
ReplyDeleteකොහොම හරි කමක්නෑ දැන් දන්නවානේ?? :) ගොඩක් දෙනෙක් බ්ලොග් අඩවි එකතු කරලා නෑ දැනුවත්ව ඉඳලත්. ඒ බව නම් මෙතන කමෙන්ට් වලින්ම පෙන්න තියන දෙයක්. ඒ අතරේ වටිනා බ්ලොග් තියනවා ගොඩක්.
Deleteමම නම් බ්ලොග් ලියන්න අරන් ඉතාම ටික කාලයයි. ඉතින් මට මේ ගැන කිසිම වැටහීමක් වත් උනන්දුවක් වත් තිබුනේ නෑ. ඒ නිසා යමක් කියන්න අමාරුයි. ඒත් ඔබ මේ සාකච්ඡාව සඳහා ඇතිකළ වේදිකාව ඉතාම වටිනවා කියල නම් මට හිතෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ කමෙන්ට් එකට. ඒ වගේම මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.
Deleteහුඟ කාලෙකින් ගොඩ වැදුනෙ බ්ලොග් අවකාශේට... ම්ම්ම් කිසිම අදහසක් නැත
ReplyDeleteඒකනේ.. පිස්සා බැන්දාට පස්සේ මේ ආවමයි නේද?
Deleteකියන්න දෙයක් නෑ අයියේ...මං ඔය ගැන වැඩිය තැකුවෙ නෑ.....
ReplyDeleteගොඩක් දෙනා ඇප්ලයි කරලත් නෑ. ඒ ගැනත් ටිකක් හිතන්න වටිනවා.
Deleteඔයාගෙ විතරක් නෙවෙයි මම ඇප්ලයි කරපු බ්ලොග් දෙකේම කිසිම ලිපියක් බස් රේඩියෝ සින්ඩියට වැටුණෙ නෑ. මම කිව්වත් ඒ යක්කු ඒක සත පහකට ගණන් ගත්තෙත් නෑ.
ReplyDeleteතමන්ට කරන්න පුළුවන් දෙයක් ඕන පටන් ගන්න. දවසකට දෙතුන්දෙනෙක් අහන දෙකයි පනහේ චැනල් එකකට පුළුවන්ද ඔය වගේ වැඩක් කරන්න.!
කොහොම වුනත් මම ඔවුන්ගේ උත්සාහය අගය කරනවා. ඒත් ඔය කියන විදියේ අඩුපාඩු තිබ්බා තමා. ඒ වුනත් ඒවා ඊළඟ වතාවේ ඒ අය හදාගනීවී කියලා අපි හිතමු. බස් රේඩියෝව මෙතැන කමෙන්ට් කිරීමෙන්ම ඒ බව පේනවා නේද?
Deleteචෑන්ස් එකක් දෙන්න වටිනාකමක් තියන ලිපි තියෙන්න එපෑයෑ කොල්ලෝ...දෙකයි විසි පහේ බ්ලොග්වලට දෙකයි පනහැ රේඩියෝ සලකයිද.
ReplyDeleteමේ ඒක නෙමේ ඇයි දෙකයි පනහැ චැනල් එකේ සමමානෙකට ඇප්ලයි කොලේ. පැරදුනම තමන් තමන්ටම 'හූ' කියාගන්න එකනම් අශිෂ්ඨයි පුතේ.
මම හිතන්නේ බස් රේඩියෝව දන් "අව්‍යාජ ආත්ම කතානායක" යෙදෙන්න අවශ්‍යයි. මේකට පාපොච්චාරණය කිව්වත් වැරදි නෑ. උත්සාහය අගය කරනවා. වැරිදි නිවැරදි කර ගතහොත් මේ අපවාද වලින් මිදිය හැකියි. විනිශ්චය මණ්ඩලයට අපක්ෂපාතී, යම් කාලයක් මේ වෙනුවෙන් මිඩංගු කළහැකි අය තෝරා ගන්නවානම් හොඳයි.
ReplyDeleteඔබේ කමෙන්ට් එක හා සම්පුර්ණයෙන්ම එකඟයි.
Deleteබොහොම ස්තුතියි..
අවතාර්ගේ එකේ දාල තිබුන link එක දිගේ අද තමා මෙහාට මුලින්ම ගොඩ වැදුනේ ඕං... නියමායි.. මගේ interesting ම subject එක weapons ගැනත් ලියලා තියෙන්නේ.... මරු මරු.. ඔන්න bookmark එකකුත් දාගත්තා එහෙනං. පොඩී අව්ලකට තියෙන්නේ phone එකෙන් load වෙන්න සෑහෙන වෙලා යනවා. Gadget කෑලි වැඩියිනේ..
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteගැජට් කෑලි එහෙමට නෑ නේ :) බලමු බලමු මොකක්ද අවුල කියලා..:)
මමත් අයිති වෙන්නෙ සම්මාන සඳහා අයැදුම් නොකළ කුලකයටයි. සම්මාන ලැබූ බොහෝ බ්ලොග් වලට මමත් ගිහින් තියෙනවා, හැබැයි මට හිතෙන්නෙ විනිසුරුවන් බොහෝ බ්ලොග් සටහන් කියවා නැති බවක්. ඒ වගේ ම කැටගරි වල විනිවිද බවත් මට නම් ගැටළුවක්. හැබැයි සම්මාන උළෙලක් පිළිබඳ උත්සහය ඉතා ම අගය කළ යුතුයි. පිඟන් සෝදන කෙනා අතින් තමයි පිඟන් කැඩෙන්නෙ... ඒ නිසා අඩුපාඩු අවම කරගත්ත සම්මාන උළෙලක් ලබන වසරේ බලාපොරොත්තු වෙනවා!
ReplyDelete"පිඟන් සෝදන කෙනා අතින් තමයි පිඟන් කැඩෙන්නෙ... ඒ නිසා අඩුපාඩු අවම කරගත්ත සම්මාන උළෙලක් ලබන වසරේ බලාපොරොත්තු වෙනවා!"
Deleteබොහොම හරි. ඒත් පිගන් සෝදන්න විශේෂ ප්‍රාගුණ්‍ය අවශ්‍ය වෙන්නේ නෑ. :) ඒකත් කලාවක්.
කාලෙකින් ආවේ මේ පැත්තේ......මමත් දැක්කා පහුගිය ටිකේ ඇඩ් එහෙම...මොනවා උනාද දන්නෑ....
ReplyDeleteමේ තියෙන්නේ වෙච්ච දේ මට පෙනුණු විදියට සංක්ෂිප්තව මචං. :) මමත් දැන් ලියන්නේ නෑ. වෙලාවක් නෑ.
Deleteමමත් සහබාගි වුනා එත් හරියාකාරව සංවිධානයක් වුනේ නැහැ කියලනම් තේරුනා.
ReplyDeleteබොහෝ දෙනෙක් ඒ ගැන කියන්නේ එහෙමයි.
Delete