![]() |
The '7', යකඩින් නිර්මිත මූර්තිය - දෝහා ඉස්ලාම් කළා කෞතුකාගාර ජැටිය මත |
අලුත් වැඩකට අතගැහුවා මේ ටිකේ. ඒ තමා සිංහලෙන් කියන ෆොටෝග්‍රැෆි
නැත්තං ඉංග්‍රීසියෙන් කියන ජායාරූපකරණය කියන විෂයය.
මේක ටිකක් වියදම් යන ඒ වගේම මුදල් හොයන්න පුළුවන් විෂයක්. මම මේකට
විෂයයක් කියල කියන්නේ, මේ කලාව පොටෝ එකක් ගැහුවා ඉවරයි කියන
තැනින් ඔබ්බට විහිදෙන පුළුල් පථයක් තියන ගැඹුරක් තියන දෙයක් නිසාවෙන්.
මේ ගැන හදාරන්න වෙනමම කාලයක් ගතවෙන දෙයක්. මමත් ඉතිං පහුගිය කාලේ කලේ
මේ විෂය ටිකක් ගැඹුරින් හදාරපු එක. තවමත් මම ඒ ගැන හදාරනවා. ඉතිං ඒ අතරේ මම කල්පනා කළා මම හදාරන දේවල් ටිකක්
සිංහලෙන් ලියන්න කියල.
කොහොමද හරි විදියට ෆොටෝ එකක් ගන්නේ කියන තැන ඉඳල ෆොටෝ වල ෆයිනල් ප්‍රොසෙසින්
එහෙම නැත්තං පොස්ට් ප්‍රොසෙසින් කියන කොටසත් කැමරා වල සෙටින්ග්ස් ටිකක් කරගන්නේ
කොහොමද වගේ දේවලුත් මම ලියන්න බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව ලියවෙන ලිපි මාලාවක් ඉදිරියේදී බලාපොරොත්තුවන්න කියන ගමන්ම මම
ඔබට මතක් කරන්න කැමතියි, මේ ලියවෙන්නේ ආධුනිකයෙක් අතින් වන
ලියවිල්ලක් බව.
නියමයි මචන්... ලියමු ලියුමු
ReplyDelete=
බොහොම ස්තුතියි නලින්.. ලියමු එහෙනං..
Deleteමමත් ඉතාම කැමති විෂයයක්. ලියන්න ඔබේ දැණුමෙන් අපේ දැණුම ඔපවත් වෙන ආකාරයට. හැබැයි දැනට මගේ ළඟ කැමරාවක් නැහැ. තිබුණු එක නැතිවුනා. ආයේ එකක් දැන්ම ගන්න එකනම් හීනයක්.
ReplyDeleteපුළුවන්තරම් හොඳින් ලියන්න උත්සාහ කරනවා විචාරක තුමා. ස්තුතියි ඔබේ පැමිණීමට..
Deleteගොඩක් හොදයි, අපි දෙයක් ඉගෙන ගත්තනම් ඒ අයිලාෂ් අයියගේ බ්ලොග් එකෙන් තමයි, දැන් දිගටම මේ පැත්තෙත් එන්න වෙනවා, සුබපැතුම් ..!!
ReplyDeleteස්තුතියි, රැඳිලා ඉන්න කියල ආරාධනා කරනවා..
Deleteබොහොම හොඳයි. ලියමු.
ReplyDeleteස්තුතියි.. රැඳී ඉන්න එහෙනම්
Deleteඉගෙන ගන්න ආසයි ඒත් කම්මැලියිනෙ. මේ පාරවත් බලමු සීරියස් වෙන්න
ReplyDeleteමේ පාර දෙමු වැඩේ..
Deleteපිං සිද්ධ වෙනව! :)
ReplyDeleteඑහෙනං දන්නා කියන සිංහලෙන් ම කියවමු ෆොටෝ ගැන..
Deleteහොඳ වැඩක් ආ..
ReplyDeleteතැන්ක්යූ වේවා..
Deleteලියමු අප එන්නං ඉගන ගන්න...
ReplyDeleteබොහොම ස්තුතියි.. රැඳිලා ඉන්න කියල ආරාධනා කරනවා.
Deleteලියමු ලියමු.. අපේ අයිලාෂා කියන්නේ බොරුද කියල අපිට බලා ගන්න බැරියැ එතකොට..
ReplyDeleteඅනේ අම්මෝ උඹ නං හදන්නේ කුමන්ත්‍රණයක් කොරන්න..
Deleteමම ඡායාරූපකරණය ගැන බින්දුවක් වත් දන්නේ නෑ. මට ගොඩාක් උපකාරී වෙයි.
ReplyDeleteමම ඡායාරූපකරණය ගැන බින්දුවක් වත් දන්නේ නෑ. මට ගොඩාක් උපකාරී වෙයි.
ReplyDeleteදැන් එහෙනං මෙහෙ ආවා නං දන්නා ටික කියල දෙන්න තිබ්බා..
DeleteStanding by...
ReplyDeleteAwait for updates
Deleteමගෙත් ආසම විෂයයක්. අවාසනාව කියන්නෙ ඉගෙනගන්න බැරිවුනා. දැන්වත් කාලය මට හරස් නොවෙයි කියලා හිතෙනවා. ඉක්මණට ලියන්න මචෝ.
ReplyDeleteරැඳිලා ඉන්න කියල ආරාධනා කරනවා එහෙනං
Deleteෆොටොග්රැෆිනම් ඉතින් මාත් කැමතිම එකනේ.. එහෙනම් ලියමු..
ReplyDeleteආඃ ඔය ඉන්නේ.. මට මතකයි කැනොන් කැමරාවකින් අපිව වැනීසියේ අසිරිය පෙන්නන්න එක්ක ගියා.. ඇත්තටම මල්ලි ඔයාලගේ ෆොටෝ දැකල තමා මට ආසාව වැඩි වුනේ මේ වැඩේට.
Deleteලිව්වට කමන් නෑ මගදි බ්ලොගේ අතෑරලා යනවා නෙමේ..
ReplyDeleteහෙහ් හෙහ්.. අතැර ගියේ නැත.. නතර කළා මිස..
Deleteකලකට පස්සේ වෙලකට බැහැලා ගේමක් දෙන්න නේද හදන්නේ..? එළය.. මමත් කැමරාවක් එහෙම අරගෙන බලන් ඉන්නවා ඕන්....
ReplyDeleteවෙල මඩ කොරල ගන්න හදන්නේ :P
Delete