අද කතා කරන්න බලාපොරොත්තු
වෙන්නේ ලෙන්ස් එකක් මිලදී ගන්න විදිය..
කලින්
කොටසේ දී අපි කැමරා බොඩි එකක් ගන්නේ කොහොමද කියල කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා
කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කැමරාවට කොහොමද හරියන ලෙන්ස් එකක් ගන්නේ කියලා..
ලෙන්ස්
ගැන කතා කරනකොට අපිට ලෙන්ස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩා වෙන් කරන්න පුළුවන්.
එකක් ක්‍රොප් මෝඩ් ලෙන්ස් එහෙමත් නැතිනම් DX (නිකොන්) හෝ EF-S (කැනොන්) ලෙන්ස් සහ ෆුල්ෆ්‍රේම් FX නිකොන්
සහ EF (කැනොන්) ලෙන්ස් විදියට මේ වර්ග හඳුන්වන්න පුළුවන්.
මීට
අමතරින් තවත් ලෙන්ස් වර්ග තිබෙනවා. ලෙන්ස් මම මේ ආකාරයට බෙදා වෙන් කලද ඔබ තවදුරටත්
හදාරන විට දී මීට වඩා වෙනත් වර්ගීකරණයන් දකින්නට ලැබේවි.
මිල අනුව
ගත්විට සාමාන්‍ය EF හෝ FX ලෙන්ස් මිලෙන් ඉතා අධික බව නම් කියන්නම ඕනේ. හේතුව මේ ලෙන්ස් වෘත්තිමය
අවශ්‍යතා සඳහා ඉතාම සීරුවෙන් නිපදවූ ඒවා වීමත් ඒ සදහා භාවිතා කරන වීදුරු සහ
අනිකුත් දෑ ඉතාම උසස් ඒවා වීමත් කියන කරුණු.
ඉතිං මේ
ලෙන්ස් ගැන කියද්දී ලෙන්ස් මවුන්ට් එක එහෙමත් නැතිනම් කැමරාවට ලේන්සය සවි වන කොටස
ගැන පොඩි සඳහනක් කරන්න අවශ්‍යයි. ලෙන්ස් මවුන්ට් එක සෑදීම සඳහා කිසිදු අන්තර්ජාතික
මිනුම් දඬු භාවිතා වන්නේ නෑ. මේ නිසා ඔබට කැනොන් හි දී EF-S ලෙන්සයක්
කැනොන් ෆුල් ෆ්‍රේම් බොඩි එකක දී භාවිතා කරන්න බැහැ. එසේ සවි කල හැකි වීම වළකාලන්න
ෆුල් ෆ්‍රේම් කැමරා සකස්කරන්න කැනොන් සමාගම කටයුතු කරනවා. ඒ EF-S ලේන්සයක්
ක්‍රොප් බොඩි එකක සවි කල විට ලෙන්ස් මවුන්ට් එක කැමරා බොඩි එක ඇතුලට යන ප්‍රමාණය
වැඩි නිසා කැමරාවට හානි සිද්ධ වීම වළකාලීම පිණිසයි. නමුත් කැනොන් ක්‍රොප් බොඩි
කැමරාවකට කැනොන් ෆුල්ෆ්‍රේම් ලෙන්ස් (EF-S ) ලෙන්ස් සවි කිරීමට හැකියාව තියනවා.
නිකොන්
වලදී මේ ගැටළුව නෑ. ඔවුන් සතුව තියෙන්නේ නිකොන් F මවුන්ට් නම් එකම ලෙන්ස්
මවුන්ට් එකක්. මේ නිසාම නිකොන් වලදී ඔබට ඔබ සතු DX ලෙන්ස් භාවිතා කල හැකිවාක්
වගේම ඒ සඳහා ෆුල් ෆ්‍රේම් බොඩි සහය දැක්වීමක් ලෙස ලෙන්ස් ඉබේම අඳුනාගෙන ඒ සඳහා
කැමරාව සකස්කර දෙන්න DX මෝඩ් එකකුත් ඇතුලත් කරන්නට නිකොන් සමාගම පියවර ගෙන තියනවා. හැබැයි DX මෝඩ් එක
සහය දක්වන්නේ කුඩා මෙගා පික්සෙල් ප්‍රමාණයක් සඳහා පමණයි. (D610 ෆුල් ෆ්‍රේම්
කැමරාවේ මෙය මෙගාපික්සල 10ක අගයක්.)
නිකොන් කැනොන් වර්ග දෙකට අමතරව ඔබට ටොකිනා (Tokina), සම්යන්ග් (Samyang), සිග්මා (Sigma) ටැම්රෝන් (Tamron) යන වර්ග වලින් ලෙන්ස මිලදී ගන්නට පුළුවන්. මේ ලෙන්ස ඇතැම්විට නිකොන් හෝ කැනොන් සමාගම් වල ලෙන්සයන් අභිබවා යන මට්ටමේ හෝ ඊට සමාන මට්ටමේ දක්ෂතා පෙන්වනවා.
හොඳයි, ඉතිං අපි
බලමු මොනවාද ලෙන්ස් එකක් ගන්නා විට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරනා කියල.
මුලින්ම
බ්‍රෑන්ඩ් නිව් එහෙමත් අලුත් ම අලුත් ලෙන්ස් එකක් ගන්නා විට, ඔබ සතුව
ඇති කැමරාව කුමක්ද යන්නත් ඔබේ අවශ්‍යතාව කුමක්ද යන්නත් තෝරා බේරා ගතයුතු වෙනවා. ඒ
කියන්නේ ඔබ සතු කැනොන් හෝ නිකොන් කැමරාවක් නම් ඉහත සඳහන් කල විස්තරය ඔබට ප්‍රමාණවත්.
ඉන් අමතරව වගකීම් කාලය සහ වගකියන්නේ කුමන අවස්ථා වලද කියා පැහැදිලිව විමසන්න. ඊට එහායින් නම් ඔබට බලන්නට ඇත්තේ මිල ගැන පමණයි. ඇතැම් ලෙන්සයන් ද ඔන්ලයින් මාර්ගයෙන් අඩු මිලට මිලදී ගත හැකියි (භාණ්ඩ ගෙන්වාගැනීමේ ගාස්තු සමගින්ම) ඒ නිසා වෙළඳපල රවුමක් ගිහින් ගන්නවා නම් හොඳයි.
ඔබේ අවශ්‍යතාව
වන්නේ පවුලේ සේයාරූ ගැනීම සඳහා නම් ඔබට මිලෙන් අඩු DX ලේන්සයක් තෝරාගත හැකියි.
එසේ නොවී ඔබට වෘත්තිමය සේයාරූ සඳහා (උදා: මංගල සේයාරූ වැනි) කටයුත්තක් සඳහා නම් FX ලේන්සයක්
මිලදී ගැනීම සුදුසුයි කියා මම යෝජනා කරනවා. නමුත් මෙවැන්නක් අත්‍යාවශ්‍ය නෑ. DX ලෙන්ස්
වලින් මෙන්ම සමහර පොයින්ට් ඇන්ඩ් ෂුට් වලිනුත් දක්ෂයා වැඩ ගන්නවා මම දැකල තිබෙනවා.
ලෙන්ස්
එකක් සෙකන්ඩ් හෑන්ඩ් එහෙමත් නැතිනම් නැවත මිලදී ගන්නවා නම් ඔබේ සැලකිල්ල ඉතාම අවශ්‍ය
වන කරුණු පහත දක්වා තිබෙනවා.
දුවිලි
සහ පුස් බැඳුනු ලෙන්ස.
ලෙන්ස්
නිසිපරිදි ගබඩා කොට නොතිබීම නිසා පුස් බැඳීමට හැකියාව තිබෙනවා. ඒ ලෙන්ස් නිරතුරුවම
තෙත් පරිසරයකට ආවරණය වී තිබීම මගින්. මේ පුස් ඔබේ පින්තුරු මත රටා ලෙස දිස්වන අතර
ඒවා සුද්ධ කිරීම ඉතා අසීරු කටයුත්තක් වෙනවා. මේ තියෙන්නේ ලෙන්ස් එකක් මත වන පුස්.
ඔබ මිලදී ගන්නා ලෙන්සය ඉතා පරිස්සමට පිරික්සා බලන්න එහි ඇහැට පෙනෙන පුස් තිබේ ද
කියා.
![]() |
ලෙන්සයේ ඇති පුස් ආලෝකයේ දී දිස්වන අයුර |
මේවා පියවි ඇසට නොපෙනෙන
නමුත් විපරම් කල විට දැකගත හැකි දෝෂ සහිත ලෙන්සයන් වේ. ලෙන්සය ගෙන එහි සූම් කරන්නට
පහසුකම ඇතිනම් සූම් කර බලන්න. ඒකාකාරී ලෙස ලෙන්සය එහිදී හැසිරිය යුතුයි. එහි යම්
ගැප් එකක් එහෙමත් නැතිනම් හිරවීමක් දැනුනොත් ලේන්සය සියුම් ව පිරික්සා බලන්න එහි
යම් තැලීමක් දකින්නට හැකිද කියා. බොහෝවිට මෙවැනි ලෙන්සයන් වැටීම් නිසා වන හානි
සහිත ඒවායි. මේ දෝෂ සමනය කල හැකි සහ නොහැකි ලෙස තිබෙන නිසා පරිස්සම් වීම වඩා හොඳයි
නේද? මොකද
මෙවන් ලෙන්සයන්ගේ අභ්‍යන්තර දෝෂ පවතිනවා.
![]() |
මෙන්න මේවටයි හානි වෙන්නේ. ඒවා පිටට පේන්නේ නෑ. |
ලෙන්සය
මත වන හීරීම් සහ තුවාල වීම
ඔබේ පින්තුරු සඳහා කෙලින්ම
බලපෑම් කල හැක්කේ ලේන්සයේ වීදුරු මත වන සීරීම් සහ පලුදු වීම් වලටයි. ඒ නිසා ඒවා
විපරමින් බලන්න.
පේනවාද පොඩි සීරුම? පොඩි වුනත් පින්තුරේ හරි මැදින් ඉරක්?? |
අද වෙළඳපොලේ භාවිතා කල
ලෙන්ස මිල අඩුවෙන් සොයාගන්න හැකියාව තියනවා. මමත් එවැනි ලෙන්සයන් දෙකක
හිමිකරුවෙක්. ඒ කිසිවක දෝෂ නෑ. ඔබ කලින් දුටු සේයාරූ සහ අද ඔබට තිලිණ කරන සේයාරුව ඒ ලෙන්ස භාවිතා කර ගත්තු
ඒවායි. භාවිතා කල ලෙන්සයක් මිලට ගන්නට යන සෑම විටකම ඔබේ කැමරාව රැගෙන යන්න. ඉර
එලිය හොඳින් පවතින විටක යන්න. ඔබට බොහෝ දෑ එවිට පෙනේවි. හැකි නම් ලැප්ටොප්
පරිඝනකයක් රැගෙන යන්න. එය ඔබට විශාල උදව්වක් වේවි පින්තුරු සියුම්ව නිරීක්ෂණය කරන්න.
මීට වඩා තවත් බොහෝ කරුණු
ඇතත්, ඔබේ ඉල්ලීම මත ලියන්නට ඉඩ තබානැවත හමුවන තෙක් දෝහා නගරයට හිරු බසින දර්ශයනක්
ඔබට තිලිණ කරමින් අදට සමුගන්නවා....
![]() |
දෝහා නගරයේ සැන්දෑ හිරු රැස් පතිතවන ආකාරය MIA පාක් හි සිට - සේයාරුව මගෙන් :) |
ලෙන්ස් සඳහා සේයාරූ ගූගල් වෙතින්..
බොහොම ස්තුතියි. මේ දැනුවත් කිරීම ගැන. මම ආසම කරන විෂයයක්. මම ඔබට කලින් කියලා ඇති මගේ කැමරාව නැතිවුණා කියලා. නමුත් කවදා හෝ එකක් ගන්නවා. එතෙක් මේ පාඩම් මට හරිම වටිනවා.
ReplyDeleteමෙන්න මේ කැමරාව කොපමණ මිලක් වෙයිද? දැන්ම ගන්න නෙවෙයි. සල්ලි එකතු කරලා ගන්න.
Sony DSC HX400/B
බොහොම ස්තුතියි විචාරකතුමා.. මේ කැමරාව ඩොලර් 450ක් විතර වෙනවා. නමුත් මීට වඩා අඩුවෙන් (ඩොලර් 375 විතර) ගන්න පුළුවන් හොඳ නිකොන් DSLR එකක් ම. (Nikon D3100) මම හිතන්නේ ඒක මීට වඩා දෙයක් කරන්න පුළුවන් එකක්. නරකද හිතල බැලුවොත්?
Deleteබොහොම ස්තුතියි ක්සැන්ඩර්. මම හිතනවා ඔබේ උපදේශය බොහොම වටිනවා කියලා. සල්ලි ටිකක් එකතු කරලා ඔබටම කියන්නම්.
Deleteවිචාරක තුමා, තවත් පොඩි දෙයක් එක කරන්න කැමති. සාමාන්‍යයෙන් point and shoot වර්ගයේ කැමරා වල apeture එක 35mm වලට සාපේක්ෂව ඉතාම කුඩායි. මෙයට හේතුව එම කැමරා බොහෝවිට design වෙන්නේ ඉතා විශාල depth of field රඳවා ගැනීමටයි. ඒ නිසා එවැනි කැමරා වලින් single theme එකක් (උදා: porttrait) ගැනීම අපහසුයි. මම හිතනවා නොබෝ දිනකින් අපේ Alexander තුමා මේ පිළිබඳව වඩා පුළුල් විස්තරයක් ගෙනෙයි කියලා
Deleteඇත්තෙන්ම ඔව්. ඒ ගැන ඉදිරියේ දී ලියන ඕනේ. බොහොම ස්තුතියි කෞශල්‍ය.
Deleteයමක් ඉගන ගත්තා.. දවස් කීයක් මතක තියෙයිද දන්නෑ.. :)
ReplyDeleteඒ මොකද ඒ?
Deleteඋඹේ දෝහා නගරයේ හැන්දෑව පින්තූරේ මාරම ලස්සනයි. මටත් DSLR එකකට ආසා හිතෙන්නේ ඔය අඩු ආලෝක තත්වයන් යටතේ ගත්ත පින්තූර දැක්කාමයි. ඒත් ඇත්තම කිව්වොත් අපිට හිතිලා තියෙන දෙයක් තමයි හොඳ ෆෝක්න් කැමරාවක් ඔය හොම්බ දිග බල්කි කැමරාවකට වඩා ප්‍රායෝගිකයි කියන එක. අපිට ඒ ගැන අත්දැකීම් බොහොමයක් තියෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි හෙන්රි. ඇත්තටම මම ඔබට පොඩි රහසක් වගේ දෙයක් කියන්නම්, ඔය හැම ලොකු ලොකු ජායාරුප ශිල්පියෙක්ම වගේ පොඩි පොයින්ට් ඇන්ඩ් ෂූට් එකක් සාක්කුවේ ඔබාගෙන ඉන්නේ. :) බොහෝවිටම හොඳ ෆෝන් එකක්.
Deleteමගේ මලයාගෙත් අවධානයට මේ ලිපි පෙල යොමු කරන්නම්. ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්. ඉර බැස යන සැදෑවක ඔබ ගත්ත පින්තූරයත් හරිම අලංකාරයි ක්සැන්ඩර්.
ReplyDeleteබොහොම ස්තුතියි සිරා පින්තුරේ අගය කළාට... ඔබේ මළණුවන්ගෙන් මට වගේම කියවන අයටත් දැනුමක් ලබාගන්න හැකිවේවි.
Deleteසමාන්යෙන් ටැම්රොන් ලෙන්ස් නේද හොදම??
ReplyDeleteමෙහෙමයි. ටැම්රෝන් ලෙන්ස් වලට වඩා කැනොන් හෝ නිකොන් ලෙන්ස් ඉතාම තීව්ර පින්තුරු ලබා දෙනවා. නමුත් මේක හැම තැනකදී ම සත්‍ය වෙන්නේ නෑ. උදාහරණයක් විදියට කැනොන් 70-200 f/2.8 IS II USM ලෙන්ස් එකට වඩා ටැම්රෝන් 70-200 Di VC USD ලෙන්ස් එක තීව්ර ජායාරුප ලබා දෙනවා. එත් කැනොන් 24-70 f/2.8 L ලෙන්ස් එකත් එක්ක හැරෙන්න මොනම ලෙන්ස් එකකටවත් බෑ. ඒ ලෙන්ස් එක ඒ තරම් හොඳයි.
Deleteකැනෝන් ඉස්සෙල්ලාම කැමරා හැදුවෙ නිකොන් ලාගෙන් ලෙන්සයක් ණයට ඉල්ලගෙන කියන්නෙ ඇත්තද ?
Deleteඔව් සිරා ඒ කතාව ඇත්ත. මුල්ම කැනොන් වල භාවිතා කරලා තියෙන්නේ Nikkor ලෙන්ස්. ඒ එයාලට ලෙන්ස් හදන්න තැනක් නැති නිසාවෙන් ලූ.
Deleteනිකොන් D610 කියන්නේ කැමරාවක් ම නෙවෙයි. ෆොටෝ ගන්න හදපු සුපිරි බඩුවක්.. මමත් ඉන්නේ එකක් ගන්න, එත් තවම බෑ. මම පෝස්ට් ප්‍රොසෙස් කරන්නෙත් නික් ටුල්ස් වලින්. ටොරන්ට් එකක් තමයි ඉතිං. ඒ එක්කම ෆොටෝෂොප් සී එස් 14 පාවිච්චි කරනවා. බොහොම ස්තුතියි කෞශල්‍ය මේ කමෙන්ට් එකට.
ReplyDeleteඑල එල දැනගත්ත එක සතුටුයි ඔබ තුමාත් Nik tools පාවිච්චි කරනවා කියලා. බලාපොරොත්තු වෙනවා ඒ ගැනත් ලිපියක් යම් මතු දිනෙක පලවෙයි කියලා. photoshop වල smart objects පාවිච්චි කරලා Nik filters නැවත edit කරන එක ගැනත් ලියන්න.
ReplyDeleteමේ ගැන ලියවුන තැනක් http://digital-photography-school.com/smart-object-action-keeps-your-filters-editable/ මම තවම මේක try කරනවා. ප්‍රතිපල ගැන දැනුම් දෙන්නම්කෝ.
අහා.. ඔය හොඳ තැනක් අල්ලාගෙන ඉන්නේ. ඇත්තටම මම ඒ ගැන ලියන්නම්. සමාවෙන්න පරක්කු වෙලා දාපු ප්‍රතිචාරයට.
Deleteඋඹට මාව මතකද දන්නෙත් නැහැ, කාලෙකින් මම ආපහු බ්ලොග් වලට ආවා
ReplyDeleteපෝස්ට් එක හොඳයි.
මමනම් ඉතින් උපතින්ම කැනොන් තමයි, (හරියට අර උපතින් කොළ, නිල්, රතු කියනවා වගේ.... ;-)
ඒත් දැන්නම් මුකුත් නැහැ, කැමරා එකක් ගන්නත් ඕනේ
ලෙන්ස් වල පුස් හැදෙන්න තෙත් ගතිය (වාතයේ ආර්ද්‍රතාවය) වගේම බලපාන තව දෙයක් තියෙනවා
ඒ තමයි ආලෝකය නැතිකම් ඒ කියන්නේ "අඳුර". ඔය දෙකෙන් එකක් හරි ඉවත් කලොත් ලෙන්ස් වල පුස් හැදෙන එක නතර කරගන්න පුළුවන්
ඉතුරු ටිකත් ලියමු.
මොකද අමතක? සවුදියෙන් ගිය මිනිහා දැක්ක කල්? ඔය කියල තියෙන්නේ මට අමතක වෙච්චි දෙයක්. ඇත්ත. ආලෝකය කියන සාධකය සහ වාතයේ තෙත් ගතිය. ඔය දෙකෙන් එකක් ඉවත් කළා නං හරි නේන්නං...
Deleteඉතුරු ටික ලියන්න ඕනේ මචං මේ දවස්වල පුද්ගලික ජීවිතේ පොඩි වෙනස්කම් ටිකක් සිද්ධ වෙන නිසා කරගන්න වෙලාව අඩුයි. එත් ඉක්මනට ලියනවා.
mama phtography walata aluth.. bt meken godak dewal igena gaththa.. thawa photograpy gena thyana dewal apita denaganna kiyaa denna... thanx
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට. ඔබට මගෙන් යමක් දැනගැනීමට ලැබුණා නම් එයයි මගේ සතුට,
Delete