Sunday, November 27, 2011

IT ජීවිතේ



මධුරංග ගේ සටහන් ලියන මධුරංග මලය දමපු මේ පොස්ට් එකට රිප්ලයි විදියට ලියවුන එකක්..

සවර් ම 21 ක්,
ස්විච් නම් ලෝකයක්
ඇයි රවුටර්?
අය්යෝ....
ඒ මදිවට
පාස්වර්ඩ් කෝටියක්
මොනිටරුත් දෙකතුනක්
මැදිකරන්
තව ඉතින්
ගෝලයොත්...
සිස්ටම් ඉශු එද්දී
ඕන් කෝල් ඩියුටි වැටෙද්දී
මීටින්වල හිරවෙද්දී...
අවුල් වෙනවා පවුල්
හරියට,
තේරුම්
නොගත්තොත්
අපි ගෙවන ජීවිතේ
අඟල් 17 තිරෙන් පිට ලෝකයේ.......


ප: ප: ලි: කාල වෙලා මඳකම නිසා ප්‍රමාද වූ පිටසක්වල ජීවය ගැන ලියවුන ලිපි පෙලේ මීළඟ කොටස මේ ඉරිදා බලාපොරොත්තු වන්න. 

18 comments:

  1. අඟල් 21න් පිට ලෝකයක් මට නම් නැති තරම්,. අඟල් 21 උපකරණ දෙකක් ඇතුලේ මගේ ජීවිතේ හිර වෙලා..

    ReplyDelete
  2. බ්ලොග් කෙරුවාව පටන් ගත්තට පස්සෙ අඟල් 19 ලෝකෙක හිරවෙලා මං

    ReplyDelete
  3. අපි හැමෝගෙම ජිවිතේ මේ වගේ තමා

    ReplyDelete
  4. මම නම් 15.6 ලෝකෙක!

    ReplyDelete
  5. මාත් සර්වර් එකකට හිර වෙලා ඉන්නේ අයියා.අම්මෝ ඒ තරම්ම ලොකුවට නම් නෑ. තාම අළුත් නේ. අයියා බලාගෙන ගියාම සෑහෙන වැඩ කොටසක් කරනවනේ.

    මෙහෙම ජීවිත තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ලැබෙන එකත් හොදා. නැත්නම් පවුල් අවුල් !!!!

    ReplyDelete
  6. සිරා.... අනේ මට නම් අයි.ටී එපා..............

    ReplyDelete
  7. වැඩ කරන වෙලාවට අඟල් 21 කත් (නෙට් නැත, බ්ලොග් නැත), බෝඩිමට ආවහම අඟල් 14 කත්(නෙට් ඇත, බ්ලොග් ඇත, චැට් ඇත, වැඩ වැඩි වී ඇත) සිර වී දිවි ගෙවන්නෙමි

    ReplyDelete
  8. ඕන් කෝල් ඩියුටි වැටෙද්දී
    මීටින්වල හිරවෙද්දී...
    අවුල් වෙනවා පවුල්
    හරියට,
    තේරුම්
    නොගත්තොත්
    අපි ගෙවන ජීවිතේ
    අඟල් 17 තිරෙන් පිට ලෝකයේ.......
    ela ela ....

    ReplyDelete
  9. කෝඩින්..
    මීටින්..
    ඩොකියුමන්ට්..
    ලයිව් ඉෂූස්..
    අතර
    මඟ ඇරුණු
    දූවිලි පොද
    මම
    ද?

    ReplyDelete
  10. @ ප්‍රාර්ථනා
    ටීවී එකෙයි කොම්පීතරෙයි වෙන්න ඇති මයේ හිතේ?

    @ Observer
    ඔබ අයියා බ්ලොග් ලියන්න ගත්තයින් නේ හිර උනේ .. එත් මටනම් අර ඉන්සුරන්ස් ඇඩ් එකක කිව්වා වගේ මේ මගේ රස්සාව.. මේ මගේ ජීවිතේ..

    @ ChammA
    අනිවා මල්ලි..

    @ විසිතුරු | visituru
    ඔෆිස් එකේදී 15.6 හරි 20 නැත්තන් 17 හරි. ගෙදරදී ආපහු 15.6.. මොනවා කරන්නද?

    @ මධුරංග
    අපෝ ඔව් මල්ලි.. තේරුම් ගත්තේ නැත්තන් ඉතින් සොරිම තමා...

    ReplyDelete
  11. @ ගොඩයා
    අනේ ඇයි බං එහෙම කියන්නේ? දුක නැද්ද අපි ගැන?

    @ ලොකු පුතා
    මටනම් කොහෙත් නෙට් ඇත. සිස්ටම් ඇඩ්මින් සිට IT මැනේජර් දක්වා ඉන්ටෙර්නෙට් වාසිය ඇත..

    @ Tharinduhw122
    උඹ ඉතින් දන්නවනේ මචෝ මෙහෙ ජීවිතේ.. යේ අමුතුවෙන් කියන්න දෙයක්ද?

    @ පිණිබිඳු...
    මාරයි.. ඔය දුන්නේ නොකවුට් එකක්.. බලන් ගිහාම මෙහෙ ඉන්න ගොඩක් අය අයිටී උන් නේ?

    ReplyDelete
  12. එ්කෙ පොඩි අාතල් එකකුත් නැත්තෙම නෑ! සමහර විට මම තනිකමට කැමති නිසා මට එහෙම හිතෙනව අැති!

    ReplyDelete
  13. @ තනි අලියා.
    අනිවා.. අනිවා.. තනිකමේ පොඩි නෙවේ ලොකු ආතල් එකක් තියනවා හරියට විඳින්න දන්නවනම්...

    ReplyDelete
  14. හ්ම්ම්.....පට්ට අය්යා...

    ReplyDelete
  15. අයි ටී ෆීල්ඩ් එකේ නොවුනත් ඒ ෆීල්ඩ් එකේ ඉන්න යාලුවො ගොඩක් ඉන්න නිසා සමහර වෙලාවට ඒ අය කන කට්ට දැක්කහම .. !!!

    ReplyDelete
  16. @ SuPuN
    තැන්කු මල්ලි..... :-)

    @Weni
    අප්පෝ එක නම් සහතික ඇත්ත. සමහර වෙලාවට හිතෙනවා අය්යෝ ඇයි මේ අපේ කරුමෙටද මේ සර්වර් එහෙම ෆේල් වෙන්නේ කියල.

    ReplyDelete
  17. http://www.cinelanka.net/

    ReplyDelete
  18. එහෙම කියන්නේ පුටුවක් උඩට වෙලා පැය ගාණක් ගතකරන්න මට මක් කරලවත් බැරි නිසා....... එහෙම උනා නම් ඒ ලෙවල් එහෙම පලවෙනි පාරෙන්ම ගොඩ..... නැතුව උඹලා ගැන අහිතකට නෙවෙයි.

    ReplyDelete