Tuesday, December 6, 2011

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනය


සමාවෙන්න ඕනේ කට්ටියම ඉතින් මේ ලිපිය ප්‍රමාද උනාට. එත් කාර්යබහුල කාලයක අනන්ත බාදක මැදින් පැනල ඇවිත් ඔන්න මම අද කොහොමහරි මේ ලිපිය ලියාගත්තා. මේ ලිපියේ මුල් කොටස කවුරුහරි කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. 



ගුවන් යානා ගැන කතා කරනකොට දැන් නම් පොඩි එකෙක් උනත් කියාවි ඒක හොයාගත්තේ රයිට් සහෝදරයෝ කියල. එත් ඇත්තටම එහෙමද උනේ? මේ ලෝකේ ගුවන් යානා තිබ්බේ 1903 දෙසැම්බර් මාසේ ඉඳලද? ඉතින් ඒ අපි දන්නා නුතන ඉතිහාසේ නේ. එහෙම බැලුවම ජෙට් යානාවක් අපේ අහසේ ගිහින් තවමත් අවුරුදු සීයක් නෑ. මොකද ජෙට් යානයයක් පළවෙනියටම ගුවන්ගත කරේ 1939 දී වෙන හින්ද. ඒ  හෙන්කල් එච්ඊ 178. මේ ජර්මානු යානය ඇත්තටම ලෝකේ පලවෙනි ජෙට් යානාවද?


  හෙන්කල් එච් ඊ 178 යානාව


ඉතින් දන්නා අතීතේ මේ දේවල් සිද්ධ උනාට 1960 දී ජීව විද්‍යාඥයෙක් උන ඉවාන් සැන්ඩර්සන් නිව්යෝර්ක් එයරොනොටික් ඉන්ස්ටිට්යුට් ආයතනයේ ආචාර්ය ආතර් පොලිසී ගේ මතවාද සමග මතයක් ඉදිරිපත් කරනවා, මේ පහත තියන කොලොම්බියානු රන්මුවා පිළිම ගුවන් යානාවන් කියල. මේ පිළිම ක්‍රිස්තු පූර්ව 500 ත් 800 අතර කාලයක් ගන්න නිර්මාණ. එත් මේවා හොයාගත් දවස් වලදී වර්ගීකරණය කරලා තියෙන්නේ සූමොර්පික් (zoomorphic) කියන ලේබලය යටතේ. ඒ කියන්නේ මේවගෙන් සත්ව රූප නිරූපණය වෙනවා කියන අර්ථයෙන්.




ඇත්තෙන්ම මේවා දිහා හොඳාකාරව බැලුවොත් ගුවන්යානා වල තියන රඩරය, තටු වගේම ෆියුසලාජ් කියන කොටසත් (භාණ්ඩ හා මිනිසුන් රැගන යන කොටස) පැහැදිලිව දැකගන්න පුළුවන්. කිසිම ආකාරයකට ඒවා සත්ව රූප වලට සමාන නොවෙන්නේ ඒ කාරණා හින්ද. ඉතින් මේ යාන දකින්නේ නැතිව මේ තරම් විස්තර ඇතිව අපේ පැරැන්නෝ මේ රූප හැදුවේ කොහොමද? එහෙම උනොත් හෙන්කල් එච්ඊ එස් 3 යානාව ලෝකේ පලවෙනි ජෙට් යානාවමද?

මේ පිළිම හොයාගත්තු තැනට කිලෝමීටර් සියගණනක් දුරින් තියන තවත් අරුම පුදුම ස්ථානයක් තම නස්කා කියන්නේ. පිරු රටේ නස්කා කාන්තාරේ තියන නස්කා චිත්‍ර අඩුම තරමින් ක්‍රිස්තු පූර්ව 300 ත් 500 ත් අතර කාලයකදී නිර්මාණය කරපු ඒවා බව සාමාන්‍ය පිළිගැනීමයි. 1994 දී යුනෙස්කෝ ලෝක උරුමයක් කරපු නස්කා චිත්‍ර ඇත්තෙන්ම බලන්න පුළුවන් වෙන්නේ උඩු ගුවනේ සිට පමණයි. 1930 දශකයේ ගුවන් ගමන් කියන දේ ආරම්භ වීමත් එක්ක මේ නස්කා කාන්තාරය හරහා යන ගුවන් නියමුවන් හා මගීන් තමයි මේ සුවිශාල චිත්‍ර මුල්ම වරට දැකල සොයාගෙන තියෙන්නේ. මේ චිත්‍ර වර්ග කිලෝමීටර් 450ත් 500ත් අතර ප්‍රමාණයක පැතිර තිබෙන යෝධ නිර්මාණ කීපයක් වෙනවා. මෙහි තියන විශාලතම චිත්‍රය අඩුම තරමින් වර්ග මීටර 250ක් ඉක්මවා යනවා. මේ චිත්‍ර අතරේ වඳුරන් මකුළුවන් වගේම කුරුල්ලන්ගේ රූප දකින්න පුළුවන්. ඒ අතර තියන සුවිශේෂීම නිර්මාණ දෙක වන්නේ මිනිස් රූපය සහ අත් වල චිත්‍ර සටහනයි. ඉතින් එතරම් කාලයකදී මේ වගේ විශාල චිත්‍ර ඇන්දේ කාගේ උවමනාවටද? ඒ චිත්‍ර උඩුගුවනට පෙනෙන්න අඳින්න තරම් ඔවුන්ට තිබ්බ උවමනාව මොකක්ද?


නස්කා චිත්‍ර වල වඳුරාගේ චිත්‍රය

චැරියට්ස් ඔෆ් ගෝඩ්ස් පොත ලියන ලද එරිච් වොන් ඩැනිකන් කියන විදියටනම් මේ අහස් යානා ගොඩ බාන්න හදපු නැවතුම් පොලක්. ඒ වගේම ධාවන පථ පේලියක්. නමුත් මේ භුමියේ තියන මටසිලිටු ගතිය ඒවගේ දේකට උචිත නැති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියනවා. එත් පුද්ගලිකව මගේ මතය කියනවානම් මම කියන්නේ මේ අහස් යානා බාන්න හදපු ධාවන පථයකට වඩා යානා වලට මග කියන මං සලකුණු බවයි. අත වනන මිනිස් රූපය මගින් එහි ගෙන්වාගන්න යානා වලට ඒ ඒ ගෝත්‍රවල ධාවන පථ ඇති දිශා පෙන්වාදීම මේ මගින් කරන්න ඇති.

ඒ එක්කම මේ ස්ථානයට උතුරින් තවත් කිලෝමීටර් සියගානක් ඇතුලත අරයක පිහිටන මෙක්සිකෝවේ බාක් නගරය එහෙමත් නැත්තම් පුරාණ මායන් වරුන්ගේ පලන්යාකේ නගරයේ තියන ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්‍රිප්ෂන් කියන පැරණි දේවාලයේ තියන පකාල් රජතුමාගේ සොහොන්ගේ සොහොන් පියන උඩ කොටා ඇති චිත්‍රය ඉතාම මතභේදයට තුඩු දුන් එකක්. එරිච් වොන් ඩැනිකන් කියන පරිදි මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ පකාල් රජතුමා මේ ලෝකය අත්හැර පිට ග්‍රහලෝකයක් වෙත ගමන් කිරීමක්. ඒ උනත් අනිකුත් පර්යේෂකයන් පුරා විද්‍යාඥයන් මේ මතයට එකඟ වෙන්නේ නෑ. ඒ උනත් මේ පහතින් දකින්න තියන ඒ රූපය දිහා ඔබ මදක් විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි මේ පකාල් රජතුමා ඉන්න ඉරියව්ව නුතන ගගනගාමියෙක් තමුන්ගේ ෂටලයේ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සමාන බව. ඒ දෙයට අමතරව පකාල් රජතුමා තමන්ගේ දෑතින් යම් දෙයක් ක්‍රියා කරවන බව දකින්න පුළුවන්. පකාල් රජතුමාට පිටිපස්සෙන් තියන කොටස නිරීක්ෂණය කලොත් එහි රොකට් එන්ජිමක ඇති ගිනිසිළුවක් වැනි කොටසක් දකින්න පුළුවන්. ඒ එක්කම එහි දෙපසින් නගින දුම් රොටුත් දක්වා තියනවා දකින්න පුළුවන් වෙනවා.

පාකල් රජතුමාගේ සොහොන්ගැබේ ගල් පුවරුව මත කොටන ලද චිත්‍රය



මේ සම්පුර්ණ චිත්‍රය ඇත්තෙන්ම රොකට්ටුවක අකෘතියක් නම් මේ පැරැන්නෝ කොහොමද මේ දේවල් දැක්කේ? ඔවුන් සිය නායකයා වෙන්ව තරු වලට යන බව සිහියේ තබාගෙන සිටියේ ඔවුන් තරුවලින් පැමිණෙන්නන් දෙවි වරුන් ලෙසත් මරනින් මතු රජතුමා දෙව්ලොව යන බව විශ්වාස කල නිසාත්ද? එහෙමනම් මේ දෙවිවරු ඇත්තෙන්ම ආවේ රොකට්ටු වලින්ද?

මේ සාක්ෂි වලින් ඔප්පුවන්නේ මානව ඉතිහාසය සංස්කරණය විය යුතු බවද? නොඑසේනම් මේ මතවාද පිළිගන්න නුතන විද්‍යාවට බැරිද? ප්‍රශ්නය ඔබටයි ..

ප.ලි. : ඉරිදා පබ්ලිෂ් කරනවා කියා තිබුනාට මගේ ජාල සම්බන්ධයට හෙනහුරා පාත්වීම නිසා අද අඟහරුවාදා මෙය ඔබ අතරට පත්කරන්නට වීම සම්බන්ධව කණගාටුව පලකරමි.  


22 comments:

  1. කාළයක් මේ ළෝකය මීටත් වඩා දියුණුවට තිබිලා විනාශ උනා කියල මතයක් තියෙනවා නේද?. මොන යුගේද කියල කියනව. මතකෙට එන්නේම නෑ..

    ReplyDelete
  2. ඔය මාතලන් කියනවා ඇත්තේ ඇට්ලන්ටා ගැන. ඇත්තටම මමත් පිටසක්වල ජීවින් ඉන්නවා කියලා පෞද්ගලිකව විශ්වාස කරනවා. හැබැයි අනිත් අයගේ මතයට වඩා ටිකක් වෙනස් මතයක් තමා තියෙන්නේ. ඒක කිව්වාම කියන්නේ දේශ ද්‍රෝහියා, බුදු දහම කෙලසන බීප් බීප්... කියලා.

    ReplyDelete
  3. ඉතිහාසය. සීමාවක් නැතුව ඔහේ යන්න පුලුවන්. හම්බවෙන පුරාවස්තු වලින් වර්ෂ නිගමනය කර කර. එතකොට පරණම එහෙම නැත්නම් වයසකම කෑල්ල හම්බවුනහම අර ඊට කලින් හම්බවුන පුරාවස්තු නිසා ගොඩ නැගුනු මත බිඳෙනවා. හරියට සෞරග්‍රහ මණඩලේ ගැන හොයනවා වගේ. අපි දැනට දන්නේ අපට යන්න පුලුවන් ඈතම තියන ග්‍රහයා ගැනයි. එතනින් එහාට ගිය දවසට..........

    ReplyDelete
  4. අපිට පිස්සු හදවන්නද ක්සැන්ඩර්ගෙ ට්‍රයි එක?

    ReplyDelete
  5. මමත් අාසම සබ්ජෙක්ට් එකක් තමා පිටසක්වල කතා! ඉස්සර මං ලඟ ඔහොම එ්ව පිරිච්ච ෆයිල් එකක්තු තිබ්බ!

    ReplyDelete
  6. බොහොම වැදගත් ලිපියක් ස්තුතියි , පිටසක්වල ජීවය ගැන හැමදේම කියවනව , එක මතයක් නෙවෙයි ගොඩක් මත හා එකඟයි . කොහොම උනත් පිටසක්වල ජීවයක් නැ කියල කාටවත් කියන්න බැ , එකම දේ අපි නොදන්න එක එහම ජීවයන් කොහේ කොහොම කොයි විදිහට තියනවද කියන එක , සමහර විට මේ ජීවයින් අතුරෙන් කවුරුන් හෝ කෙනෙක්(ගොඩක් ) ඉතිහාසයේ සමහර තැන් වලදි එන්න ඇති. මිනිස්සු දෙවියො කියන්නේ අයටද ? බුදුන් සහ ජේසුන් පිටසක් වලින් ආපු අයද ?එකල මිනිස් දැනුමට එහා ගිය දෙයක් දැක්කේ ඒකද ? ඇමරිකාවට හමුවුනේ වෙනත් ජිවින් ජාතියක්ද ? උන්ගේ තාක්ෂනය ගන්න ඇමරිකාව පරීක්ෂන කලාද , තවත් ජාතියක් අපිට ඉස්සරහදි හමු වෙයිද ?

    ReplyDelete
  7. මුලින්ම කියන්න තියන්නේ ඉතාම වටිනා ලිපියක්. මමත් මෙහෙම දායක වෙන්නම්. ඔබ දන්නවද ආයූර්වේදය මේ ලොවට එන්නේ හරි පූරු පිළිවෙලකට. බොහෝ ඈත අතීතයේදී,( මගේ මත වෙන්නේ අදට අවුරුදු 8000- 9000ට කලින් කියන එක.) ලෝකයේ රෝග බහුල වීම නිසා දෙව්ලොවට යන මුණිවරුන් රෝග සුව කර ගන්නා පිළිවෙල ඉගෙන ආවයි කියලා සඳහන් වෙනවා. මේ ගැන මමත් ලියන්නම් දිනක. කෙසේ වෙතත් මම පුද්ගලිකව හිතනවා. යම් දියුණු ජීවීන් කොටසක් අපට උදව් කරන්න ඇති. ඒ ශිෂ්ටාචාරයන් බොහෝ දියුණු වූ පසුව විනාශ වී යන්නත් ඇති. නමුත් ඒ දැණුම අප සතුව තවමත් පවතිනවා. සීගිරියත් මෙහෙම දෙයක් කියන මතය තීනවා නේද?
    මේ හැම දේකින්ම පේන්නේ අතීතයේ ඉතාම දියුණු ජීවීන් හෝ අපේම දියුණු ශිෂ්ටාචාරයක් තිබී තිබෙනවා. වැදගත්ම දේ ඔවුන්ට මොකද වුනේ? අන්න ඒක සොයා ගැනීම ඉතා වැදගත්. එවිට අපට ඒ ව්‍යසනයට කෙදිනකවත් මුහුණ දෙන්න වෙන්නෙත් නැහැ. එහෙම දෙයකට මුහුණ දෙන්න වුවත් පෙර සූදානමකින් ඊට මුහුණ දිය හැකියි.
    ඔබට ජය! මෙවැනි දේ අප අතරට ගෙනාවට ස්තුතියි.

    ReplyDelete
  8. අදට වඩා පැරණි තාක්ශණ ක්‍රම දියුණුයි කියන එක නම් අවිවාදයෙන්ම පිලි ගන්නවා

    ReplyDelete
  9. මම ඔබ මේ කියන විස්තරය "එරිච් වොන් ඩැනිකන්" හිස්ටරි ව්හැනල් එකත් එක්ක කරපු වැඩසටහනේ දැක්කා..

    ReplyDelete
  10. ඉතිහාසය ගොඩ ගන්නකොට ආයෙම ලියන්න වෙනවා. මට හිතෙන්නේ ඔය සේරම අපට කියන්න යන්නේ පිටසක්වල ජීවින් හිටියයි කියන එක.

    ReplyDelete
  11. @ මාතලන්
    මටනම් එහෙමට මතකයක් නෑ. හැබැයි අත්ලාන්තිස් ගැන වෙන්න ඕනේ ඔය මාතලන් කියන්නේ. මගේ ලිපි පෙලේ ඊළඟ ලිපි බලන්නකෝ. ඒ අත්ලාන්තිස් වගේම එක විනාශ උන හැටි ගැනත් තියෙන්නේ මහා පුදුම විස්තර.

    @ ළහිරු නිමේෂ්
    බය වෙන්න එපා. ඔයාගේ මතය කියන්න. මෙතන සංවාද වලට තියන ඉඩක් තමයි කොමෙන්ට් කියන්නේ. මගේ ලිපියේ පලවෙනි කොටස කියෙව්වද?

    @ ගොඩයා
    සහතික ඇත්ත. තවම අපි විශ්වය ගවේෂණය කරනවා. සැරියුත් හාමුදුරුවෝ විශ්වය ගවේෂණය කරන්න ඉල්ලපු වෙලාවේ බුදුන් එකට අවසර නොදුන්නේ විශ්වය අනන්තයි කියනගමන්. (මගේ මතකය හරිනම්) ඉතින් ඒ පුළුල් විශ්වයේ වතුර බින්දුවක් විතර කොටසක් දැනගෙන ඉන්න අපි මහා සාගරයක් ගැන හිතන එකත් එක්තරා විහිලුවක්ද මන්ද.

    @ ඔබ්සේර්වේර්
    ඔබා අයියගේ මීටරේට තාම එක නිරීක්ෂණය වෙලා නෑ මන් හිතන්නේ.. හික්.. ලාවට පොඩි ට්‍රයි එකක් දෙනවා..

    @ තනි අලියා
    එහෙනම් අලියත් මන් වගේ යු.එෆ්.ඕ. පිස්සෙක්?

    @ බුවාගේ සිතුවිලි
    ඇත්ත. පිටසක්වල ජීවයක් ගැන බුද්ධ දේශනා වල පවා සඳහන් වෙනවනේ. ඉතින් නෑ කියන්න අමාරුයි. එකම දේ අපිට ඒ දේ ඔප්පු කරන්න තියන සාධක අවමයි. එතනයි ගැටලුව. එත් මම ඔයාගේ ප්‍රශ්නෙට සරල පිළිතුරක් දෙන්නම්. බයිබලේ කියනවා දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ දෙවියන්ගේ හැඩරුව එක්ක කියල. එහෙම නම් ජෙසූන්, බුදුන්, නබිතුමන් වගේ කිසිවෙක් පිටින් මේ ලෝකෙට ආව අය නෙවෙයි. මේ ලෝකේ ජීවත් උන මනසින් උසස් (මනස භාවිතාවෙන් උසස්) උත්තරීතර මිනිසුන්. ඇමරිකාව දියුණු වුනේ දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ අල්ලගත්තු නාසි දැනුමෙන්. නාසි විද්‍යාඥයින්ගෙන්. පිටසක්වල සම්බන්දෙ එතනට ගෑවෙන්නේ ඒ හරහා.

    @ වෙද ගෙදර මහා වෙදනා
    ස්තුතියි වෙදනාණනි ඇත්තටම මේ ලිපි ලියන්න පාදක උනේ එන්ෂන්ට් එලියන්ස් කියන වැඩසටහනයි එරිච් වොන් ඩනිකන් ගේ වැඩසටහනුයි කියල මම නොකිව්වොත් එක මහා වරදක් වෙනවා. ඒ මතවාද එක්කම මම මේ බ්ලොග් ලිපි හරහා මගේ මතයත් එකතු කරපු ලිපි පල කරනවා.ඇත්තෙන්ම මමත් පිලිගන්නවා ආයුර්වේද වෙදකම ලෝකේ පැරණිම වගේම තවමත් ගොඩක් ප්‍රමාණයක් සුරක්ෂිත වෙලා තියන වෙදකමක් කියල. රාවන රජුගේ මුත්තාගෙන් පැවතෙන වෙදකමක් අපේ රටේ තියන එකට මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. අපි සතුව එදා තිබුණු අනෙකුත් දැනුමෙන් අද අඩක්වත් ඉතුරු වෙලා නෑ. ජාල යන්ත්‍ර හදපු නියම මිම්මට රූලට වේලි හදපු අපි අද පිටරටට ගැති වෙලා.
    සීගිරිය ගැන විතරක් නෙවේ වෙදනාණෙනි අනෙක් අපේ හැමතනකමත් මේ අපුර්ව ශිෂ්ටාචාරයක ලක්ෂණ නොමදව තියනවා එත් සුද්දෝ අපි පිට බලෙන් පටවපු ඉතිහාසයක් බදාගෙන අපි තාමත් වැරදි පාරක යනවා. මේ සම්බන්ධ මගේ ඉතුරු ලිපි පෙළත් කියවන්න කියල මම ඔබතුමාට ආරාධනා කරනවා

    @Weni
    ඇත්තෙන්ම අපේ ඉතිහාසේ ගත්තම කොච්චර දේවල් තියනවද එතනම?

    @ Dinesh
    ඔව් දිනේෂ්. ඇත්තෙන්ම ඒ වැඩසටහන මාව ලියන්න පෙළඹුවා. එත් රැදී ඉන්න, ඉදිරි ලිපි එක්ක. මොකද එවගේදී මම කතා කරන මාතෘකා මේ කිසිකෙනෙක් කතා කරලා නෑ.

    @ මධුරංග
    පිටසක්වල බලපෑමක් මේ කොහේ හරි වෙලා තියනවා මල්ලි. මොකද එකපාර මේ ශිෂ්ටාචාර ලෝකේ කීප පොලකින්ම මතුවෙලා එකම දේ කරනකොට කොහොමද එහෙම නොවුන කියන්නේ?

    ReplyDelete
  12. නියමයි සහෝ...නියමයි...මම ආසම මාතෘකාවක් තමා මේක.අනික මම ආසාවෙන් ඉහේ කෙස්ගානට ආයේ ආයේ බලපු කතාවක් තමා Ancient Aliens සීරීස් එක..නියමයි..මමත් මේ ගැන මේ දවස් වල ලියනවා...

    http://epola.blogspot.com/2011/12/world-of-mysteries-aliens-2.html

    මාත් පිලිගන්නවා පිටසක්වල ජීවයක් ඇති කියලා..මම ගාව මේ සම්බන්ධව විස්තර ගොඩාක් තියෙනවා පොඩි කාලේ ඉදන් පත්තර වලින් එකතු කරපු.

    නියමයි සහෝ දිගටම ලියන්න...අපේ දේවල් ගැනත් කියන්න..විශේෂයෙන් රාවණා රජු ගැන...බටහිර ගැතියෝ අපේ දේවල් අමතක කරලා පිටරට ඉතිහාස කතා ගැන විශ්වාස කරනවා.මම මේ කියන්නේ රාවණා යුද්ධය ගැන...

    ඔබට ජය

    ReplyDelete
  13. කමෙන්ටු කියවාගෙන යත්දි හිතුණු කාරණාවක් - පිටසක්වල ජීවයත් එක්ක සම්බන්ධ කාරණා බොහොම විවෘතව හිතන්න ඕනි කාරණා , එහෙම දෙයක් ගැන අපේ රටේ ශිෂ්ඨාචාරය මාර උසස් අනික් රටවල එහෙම නැ , වගේ තැනක ඉඳන් ,පටු මානසිකත්වයක ඉඳන් කථා කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් ,

    @ක්සැන්ඩර්-දෙවියන්ගේ හැඩරුවට අනුව මිනිසුන් මැව්වා කියන වාක්‍යයම පිලිගන්න බැරි කාරණයක්ද (මැවුම්වාදය ) ඒක සත්‍යයි කියල ගත්තත් පිටසක්වල ජීවින්ගේ හැඩරුව මිනිස්සුන්ට වඩා වෙනස් වීම අනිවාර්ය අවශ්‍යතාවයක් නෙවෙයි නේ , ඒ නිසා ඒකෙන් ඔප්පු වෙන්නේ නැ නේද මම කිව්ව අය පිටසක්වලින් ආපු අය නෙමේමය කියල

    ReplyDelete
  14. Correction - මැවුම්වාදය පිලිගත හැකි කාරණයක්ද ? ලෙසට නිවැරදි විය යුතුයි

    ReplyDelete
  15. සාතන් :
    වටින පෝස්ටු සෙට් එකත්... ඉතුරු ටිකත් ඉක්මනටම දායි කියල හිතනව...
    පුළුවන් නම් අකුරු ටිකක් ලොකු කරන්න.. කළු බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරු කියවන්න අමාරුයි... මේකත් කීප පාරක් නවත්ත නවත්ත බැලුවෙ (මගේ ඇස් දෙකේ ප්‍රශ්නයක් තියෙනව)

    -- සාතන් ගේ කොමෙන්ටුව යම්කිසි ප්‍රමාද දෝෂයකින් පලවී නැත.

    ReplyDelete
  16. @ සාතන්
    ස්තුති සහෝ. දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා වෙලාව ලැබෙන හැටියට. ඔන්න ඔයාගේ ඉල්ලීම ඉටු කරා.

    @ පිස්සු පූසා
    ස්තුති සහෝ.. ඔයාගේ ලිපි පෙලටත් මම ගොඩ වැදුන. ඇත්තෙන්ම පිටසක්වල ජීවයක් තිබිල තියනවා කියන එක මමත් විශ්වාස කරනවා. ඉතින් ඒ දේ ගැන කතා කරනකොට ලංකාවේ අපේ දේවල් ගැනත් කියන්න මං බලාපොරොත්තු වෙනවා. රැඳී ඉන්න..

    @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    ඇත්ත. අපි මේ වගේ මාතෘකා කතා කරනකොට ඉතාම විවෘතව කතා කරන්න ඕනේ. එහෙම නැතිනම් වෙන්නේ මහා පටලැවිල්ලක්. නමුත් පිටසක්වල ජීවයට සම්බන්ධ රටවල් තියෙන්නේ ඉතාම අල්පයක් විතරයි. ඉතින් අපි ඒ රටවල් සම තලේක තියල අදහස් විශ්ලේෂණය කරන්න ඕනේ කියන මතේ මමත් ඉන්නවා.
    මැවුම් වාදය ගැන:
    මෙතැනදී මම උපුටාගත්තේ බයිබලේ තිබුන එක පාඨයක් පමණයි. එකෙන් මම මැවුම් වාදය ගැන කතා කරනවට වඩා උත්සාහ කරේ අපේ පැවැත්ම ගැන යම් ඉඟියක් ගන්න. ඒ කියන්නේ අපි පැවතෙන්නේ පිටසක්වල ජීවයකින්ද කියන තැනට යන්න.

    ReplyDelete
  17. මේක මමත් ගොඩාක් ආස කරන මාතෘකාවක්... අදයි සිතුවිලි පවුර හරහා ඉස්සෙල්ලාම ආවෙ... පරණ ලිපි ටිකත් ඔක්කොම කියවන්න ඕන...

    ReplyDelete
  18. ස්තුති මියුරු.. මම ඒ පැත්තෙත් ගියා.. මාර කතා සෙට් එකක්ම කියෙව්වා ඔසියෝ ගැන.

    ReplyDelete
  19. ස්තුති.. මම මේ ලින්ක් එක නිදහසේ බැලුවා. තවමත් ටික ටික බලනවා. ගොඩක් ස්තුති..

    ReplyDelete
  20. එදා මුල් ලිපිය කියෙව්වට පස්සේ මම මෙතන ලිපියට ආවේ අද.... සෑහෙන්න කරුණු කාරනා තියෙනවා මීට කලින් ලෝකය දියුණුව තියෙන්න ඇති කියලා හිතන්න... ඇත්තටම මට රාවණා රජුව මතක් නොවුනා කිව්වොත් ඒක බොරුවක්... මම හොඳට දැකපු දෙයක් තමා මේ වගේ සාධක වලට සුරංගනා කතා කිය කිය ඇමෙරිකානු විද්‍යාඥයන් මේවා යටගහන්න හදන්නේ මේවා උන්ගේ කරගන්නම වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සහෝ. රාවනා රජු ගැන මමත් ලියන්න පොරොන්දු වුනේ මේ පොස්ට් එක ලියන කාලෙදිමයි. ඒත් අවාසනාවකට මේ දක්වා මට ඒ කොටස ලියන්න හැකි උනේ නෑ. ඒකට හේතුව විකෘති කරන ලද ඉතිහාසයක් නැවත හොයන එක අමාරු හින්දා. ඒත් තව ටික කාලෙකින් මට ඒ දේ කරන්න හැකි වෙයි. බොහෝ බටහිර උගතුන් අද ඒ මත පිලිගන්නවා. ඒත් ප්‍රසිද්ධියේ පිළිගන්නේ ටික දෙනයි.

      Delete
  21. //නමුත් මේ භුමියේ තියන මටසිලිටු ගතිය ඒවගේ දේකට උචිත නැති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියනවා.//

    මේ වගේ දේවල් අද සලකා බැලෙන්නෙ, අද තියන මිනුම් ඔස්සෙ නෙ. නමුත් කවුද දන්නෙ ඒ කාලෙ තිබුනු තාක්ෂණයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ද කියල..

    අනිත් ලිපිය හොයන්නට යමි. :)

    ReplyDelete