Wednesday, November 21, 2012

සකල සිරින් පිරි සිරි ලංකාවේ හෙට දවස



ලම්බෝගිනි ගලාඩෝ ගන්නට
පෙරුම්පුරයි අපි දැන් රැල්ලට
ඒත් කොස්සකි එහෙම ගන්නට
නැත්තේ පාරකි අපිට යන්නට

ගමට එන අප පාර
කැඩිලා සත් වසකි ඒපාර
හදලා දුන්නොත් පිනකි මාර
පදින්න මගේ ෆෙරාරිය දාර

පුංචි ගානකි යන්නේ
ඕවා මෙහෙ ලාබ නෑ නේ
කියමිනි සුද්දෝ එන්නේ
අනේ මම හීනද දකින්නේ

මරුටියම දහ අටයි 
දැන් නම් ටිකක් වැඩි වෙයි
ඒත් පෝසේ එකම විස්සයි
ඉතිං මොකටද මරුටි? අපි ගයි!!

ටැක්ටර ගත්තේ හාන්නට
රටට බත් ටික දෙන්නට
දැන් ඉතිං ඒ ගානට
ගනිමි රේසිං කාර් හානට

අම්මප යම් දිනක ඉදිරියට
ඉන්දියන් කාර් දකින්නට
යන්න වෙන්නේ කටුගෙට
හොරුත් යන්නෑ එය කඩන්නට

112 comments:

  1. මාත් ලංකාවට යද්දි එකක් අරන් යනවා.... එන්න එපා එකෙක්වත් මචං මටත් වටයක් දියන් කියාගෙන

    ReplyDelete
    Replies
    1. අනේ නිකා හිටපං.. මෙහෙන් අරගෙන ගියාම උඹේ එක අලුත්ම වර්ෂන් එක නෙවෙයි කියලා කොල්ලෝ හිනාවෙයි. එහෙන්ම අරගනින්.

      Delete
    2. අනේ .. අනේ ... මට වටයක් යන්න දෙන්නකෝ....
      ඔන්න දුන්නේ නැත්තම් අම්මට කියනවා අලිද ?

      Delete
    3. Mee Godayaa
      අපේ බල්ලවත් ඉල්ලයි උඹේ කාරෙක! ටැක්ස් අඩුකල එකේ අපේ හැම එකාලටම පුළුවන් ඕව ගන්න.

      Delete
    4. උඹේ එක අපිට ඉල්ලන්ඩ වෙන්නේ නෑ ලොක්කගේ පුතාලා සෙට් එක එයි සැරින් සැරේ ඕක ඉල්ලං යන්ඩ.ඇයි පොඩි එකා කිව්වේ උංට කවදාවත් වාහන තිබ්බෙ නැතිය.රජයේ ඒවා නැත්තං යාළුවංගේ ඒවා ඉල්ලංය පැද්දේ කියලා.

      Delete
  2. Replies
    1. හා හා.. ඒවා ටැක්ස් වෙන බඩු..

      Delete
    2. @රෙප් මහත්තයා
      ඔන්න බලපන් උඹ හිතන ඒවා. මොකක්ද බං.පසුගාමී වෙන්න එපා. ගමු ලම්බෝගිනි! :D

      Delete
    3. කිව්වත් වගේ පසුගාමී වෙන්න එපා බං.. ගමු ෆෙරාරියක්.

      Delete
  3. සෑහෙන්න කාලෙකට පස්සෙ නොවැ.. හොඳා හොඳා...

    ReplyDelete
    Replies
    1. මාසෙකින්.. ලම්බෝගිනියක ආවේ වෙනි අයියේ, ඒකයි මේ මෙච්චර ඉක්මන්. :)

      Delete
  4. නැවත ආවට නම් බොහොම සතුටුයි.
    මතකද අනුලා බුලත්සිංහල නම් අසහාය ගායිකාවගේ මේ ගීතය. මම මුකුත් කියන්නෙ නැහැ මේක මතක් කර ගන්න. http://www.youtube.com/watch?v=LAFNSHyc3qY
    අපිට කවද හරි වෙන්නේ මේක තමයි.
    සුභ අනාගතයක්.:D

    ReplyDelete
    Replies
    1. දැන් දැන් වෙලා තියන වෙලාවට ලියන්න ඉන්නේ. කොහෙද ඉතිං ටොකු අනිනවා නේ කට්ටිය.

      මේ ගැන දෙවැනි ලිපියක් එනවා.

      Delete
  5. කූඩැල්ලට මෙට්ටෙ සැප නෑ වාගෙ...බ්ලොගර් කෙනෙක්ට බ්ලොග් නොලියන ජීවිතේ සැපක් නෑ නේ.. :D හික්ස් වෙල්කම් ආයෙමත්... ලැම්බොගිනි එකකින් වැන්ටෑ ආවෙ???

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද නඟා.. ගන්න ඉන්නේ පාර හැදුවාම. පාරේ වලවල් වල යට වදිනවා මෙයා.. :)

      Delete
  6. උන්ට ලැම්බොගිනි..
    අපිට බඩේ ගිනි..
    :)

    ReplyDelete
    Replies
    1. කොහොම හරි වැඩේ වෙනවා නේ.

      Delete
  7. ක්සැන්ඩර් අයියා කාලෙකින්. ආයේ ලියන්න ගත්ත එකට සතුටුයි..!

    මාත් ගන්න ඕනි ලැම්බොගිනි.. හන්දියේ නවත්තගෙන හයර් කෑල්ලක් වත් දුව ගන්න බැරියැ.
    කාට කියන්නද...

    ReplyDelete
    Replies
    1. හයර් දුවන්න?? ඒ වැඩේ හරි යන එකක් නෑ. හැම එකාම ගන්නේ පෝෂ් ෆෙරාරි වෙච්චකොට මොන හයර් ද?

      Delete
    2. ඔහ්.. ඒකත් හරි. මෙහෙම ලාබෙට දෙනකොට අනිත් අය නොගෙන ඉඳීවියැ.

      Delete
    3. අනිවා!! ඇස්ටන් මාටින් සීටින් ඔය හැමෝම එයි!!

      Delete
  8. මං දැක්ක පින්තූර කතාවක මෙහෙම තියෙනවා මේ ගැන...ඔන්න බැරැක් ඔබාමා කියනවා “මගෙ නම් හිතේ ගිනි අරන්“ කියලා, ඒ එක්කම එලිසබෙත් රැජින කියනවා “ මේ දවස්වල මගෙත් ඔලුව ගිනි අරන් කියලා“, තවත් කවුද ඔය වගේ නායකයෙක් එයාගත් ගින්නක් ගැන කියද්දි අපේ ජනාදිපති තුමා හිනාවෙලා එහමෙ කියනවා “අපේ උන් න්ම ලැම්බෝ ගිනි අරන් කියලා“...

    ReplyDelete
    Replies
    1. සුද්දෝ පිස්සු වැටිලා ඉන්නේ. උන්ගේ රටවල්වල පාරවල් තිබ්බට මෙහෙම ටැක්ස් අඩු වෙන්නේ නෑ නේ. ඉතිං ඔබාමාගේ හිතේ ගිනි ඇතිවෙන්නයි එලිසබත් රැජිනගේ ඔලුව ගිනි ගන්නයි ඕක තමා හේතුව.

      Delete
  9. මාත් එකක් ගන්නව කුඹුර හාන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රාජ්. මම මේ පාර හදනකන් ඉන්නේ කාර් එකක් ගන්න.

      Delete
  10. කව්ද යකෝ ගමේ පාරවල් කැඩිලා කියන එකා , දැන් කක්කුස්සි වලට යන පාරවලුත් කොන්ක්‍රිට් හරි කාපට් හරි දාල තියෙන්නේ හරී , අපේ රජයේ සැලසුම් සහගත දුර දක්නා , පරිණත දේශපාලන ප්‍රතිපත්ති අනුව පාරවල් ටික හදලා ඉවර වෙලා තමයි ෆෙරාරි ගේන්න කියන්නේ , තොපි එනවා මෙතන කුප්ප කථා කියන්න

    ReplyDelete
    Replies
    1. හරි හරි බං කෑගහන්න එපා.. මගේ ෆෙරාරියේ යට වදිනවා අපේ පාර ලෙවල් නැති හින්දා. හදලා නැත්තේ නෑ. හදලා තියෙන්නේ ඒත් ලෙවල් එකට නෑ. සමහර තැන් එකපාර හරි ගැඹුරට හදලා බං.

      Delete
  11. කාලෙකට පස්සෙ වෙලකට බැස තිබීම පිළිබද සිරාගෙ බලවත් සතුට...

    අපේ පැත්තෙ මඩ සරත් ඊළග කන්නෙට ලැබ්බෝගිනියකින් හාන්න තමා දැන් ට්‍ර‍යි එක... ට්‍රැක්ටරේකට වඩා ලාභයි කියලා මිනිහා කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්.. දැන් හරක් බානක් ගන්න එකත් මීට ගණන්.

      Delete
  12. කොහොමද අපේ යුද හමුදාව ඊළඟ යුද්දෙදි ලම්බෝගිනි, පෝශේ, බුකාටි, වලින් ගිහිල්ලා වැඩ දෙනකොට? අම්මපා ඇමරිකාව හිතයි නොදකින් අපට මේ මොලේ තිබුනේ නැහැනේ ඇෆ්ඝනිස්තානෙට ගහන්න කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගහන්න දෙයක් නෑ විචාරක තුමෝ.. යුද්ධේ නිකම්ම සරෙන්ඩර් කාර් ටික දැක්කම. උන් ඊට පස්සේ යුද්ධ කරන්නේ පුරවැසිකම ඉල්ලලා..

      Delete
  13. එල මමත් එකක් ගන්න ඉන්නෙ... ටැක්ටර් ගන්න එක පාඩුයි ලැම්බොගිනියක් බස්සලා කුබුර මඩ කරගන්නවා .

    ReplyDelete
    Replies
    1. බස්සන්න ඕනෙම නෑ. බැහැල ගියානං ඇති කුඹුර වටේ. :)

      Delete
  14. ආ ..... බ්ලොග මතක් වෙල තියෙන්නෙ.

    අපේ පැත්තෙ නම් පාරවල් කාපට්කරල තියෙන්නෙ. මමත් එකක් අරන්දාන්ට ඕන, නිකා....න් වගේ දෙන එකනේ. ඔය මිදුලෙ හිට්ටල උඩ රෙදි ටිකක් දාලා වේලගන්න හරි බැරිය, ඒත් ලාභයි.

    ReplyDelete
    Replies
    1. :) බ්ලොග මතක්වුනා ඉතිං මෙහෙම එකක් ලිවුවාම. :)

      අපේ පැත්තෙත් පාරවල් කාපට් කරලා තියෙන්නේ තැනින් තැන. මිනිස්සු වී පැදුරු එහෙම දානවා නේ වේලෙන්න. එහා ගෙදර සිරිපාල කිව්වේ එකක් ගන්න ඕනේ කියලා අලුත් කාමරයක් හදන වෙලේ. සීට් එහෙමත් කුෂන් කිව්වම මිනිහගේ ඇස්දෙක ආසාවේ දිලිසුනා. ආයේ ඇදවල් ඕනෙත් නෑ නේද කියාගන.

      Delete
    2. DDT oya kollange blog post gana anonymous widiyata gihin gema innawa neda.

      Delete
    3. @ ඇනෝ,

      ඔයා කියන්නෙ මොකක්ද කියල මම දන්නෑ, ඒත් මට එකක් පැහැදිලිව කියන්න පුළුවන්, මම කොතනකවත් anonymous කමෙන්ට් කරල නෑ. මම බ්ලොගර් එකවුන් එකක් හදාගන්ට ඉස්සර කකාගෙ බ්ලොග් එකට ටැබූ ගැන ලියපු ලිපියකට ටැබූගෙ ලිපි කීපයක් උපුටල දක්වන්නත් ගොසිප් ලංකා එකටයි විතරයි ඇනෝ කමෙන්ට් දාල තියෙන්නෙ. ඒත් DST ... හෝ DDT කියල කමෙන්ට් එක යටින් දානව. ඒක මම කකාගෙ බ්ලොග් එකේ අවසානයට කමෙන්ට් කරපු දවසෙ එතනත් සඳහන් කළා, ඇනෝල නිසාම තමයි මම දැන් කකාගෙ බ්ලොග් එකටත් කමෙන්ට් කරන්නෙ නැත්තෙ. (ඒ එක ඇනෝ කෙනෙක් DDT නමින් තව බ්ලොගර් අකවුන්ට් එකක් හදලත් මට පෙන්නුව, උගේ ටිකිරි මොලේ නිසා ඌට තේරුනේ නෑ නම එක වුනාට ඒ දෙක වෙනස් කියල.) ගොසිප් ලංකා එකේ උන් මරාගන්න හදන නිසා දැන් මම මාස ගානකින් ඒකෙ කමෙන්ට් කලෙත් නෑ. මම යූස්කරන මැෂින් එකෙන් නෙට් යන්නෙ මම විතරයි, ඒ නිසා මම නිතරම මගේ බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙල ඉන්නෙ, හදිසියෙ මගේ අනිත් ජී මේල් එකට යන්න ඕන වුනාම විතරයි සයින් අවුට් වෙන්නෙ, ඒ නිසා මට කොහොමටත් ඇනෝ කමෙන්ට් දාන්න උවමනාවක් නෑ.
      අනෙක් දේ බ්ලොග් ලියන අය ලිවිය යුත්තෙ මේ මේ දේවල් පමණයි කියල වලි දාන අයට නම් මම හැමවිටම විරුද්ධව පෙනී හිටියා. කවුරු මොනව ලිව්වත් මට කියවන්න හිතුනොත් දිගටම කියවනව, අකමැති නම් නොගිහින් ඉන්නව. ඒ වගේම මම බ්ලොග් කියවන්න එන්නෙ තනිකරම විනෝදය සඳහා, ටිකක් හිත සැහැල්ලු කරගන්න. ඉතිං කවුරු හරි ගේම ඉල්ලුවොත් මමත් අතඅරින්නෙ නැහැ. ඒ වගේම නිදහස් පුරවැසියෙක් විදියට අන්තර්ජාලය තුළ මට සිත්සේ සැරිසැරීමට ඇති බාධාවක් මට නම් පේන්නනෙ නෑ, මම ජීවත් වෙන්නෙ මට ඕන විදියට.
      ඒ වගේම තවත් දෙයක් සඳහන් කරන්න ඕන, දවසක් වින්චැට් කිරිල්ලි මගේ කමෙන්ට් එකක් යටින් දාලා තිබුණ කෙනෙක් මූනු පොතේ DDT විදියට පෙනී ඉඳල එයත් එක්ක චැට් කළා කියල. ඒත් මට fb එකවුන්ට් එකක් ඇත්තෙත් නැහැ. මට අනවශ්‍ය නිසා මම එහෙම එකක් හදන්නෙත් නැහැ.

      ඔබට අවශ්‍ය පිළිතුර ලැබෙන්න ඇතැයි සිතනව, ඔයාගෙ නියම ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් එක දැම්ම නම් අපිට වඩාත් විවෘතව කතාකරන්න තිබුණ කියල හිතනව.

      Delete
  15. බේබිලා යෝශි නාමල්
    තරඟෙට පදිති රේසින්
    බයියලා ගමේ නාඩන්
    පානුත් පොගවා කාපන්

    ReplyDelete
    Replies
    1. ඊළඟ චුට්ට එනකන්
      ඉවසලා හිටපන්
      පාගලා යනකන්
      උඹත් ටිකටික බලා ඉඳපන්

      Delete
  16. උබලට මොකෑ බන් වෙලා තියෙන්නේ. නිර්මාණය ගැන නම් සතුටක් නෑ. ඒත් අදහස නම් කාළෝචිතයි. මල පන්න ගන්න ඕන නෑ....

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මා තලන් තුමාට කියන්න මේ මෙහෙ කාර් වල ගණන් අහලා ලිව්ව එකක් නේ. :)

      Delete
  17. උඹ ආයෙ ආපු එකම මදෑ.. ලම්බෝගිනි යකාට ගියාදෙන්... මොන මොනවා හරි ලියපන්..

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් ලැබුණා පැයක විතර. ඒ ටිකට මේ ලිව්වේ. දැන් ඉතිං වෙලා තියන වෙලාවට හරි ලියනවා. බුකියේ ඇන්න නේ මටත් ටොක්කක් අර හරියා.. :)

      Delete
    2. හරියා මක්කැයි කොරේ...? මම ඉතින් බුකියෙ නැති නිසා එහෙ වෙන සෙල්ලම් ගැන නම් දන්නෙ නෑ...

      Delete
    3. මම කිව්වා ඉරිදට පෝස්ට් එකක් නෑ බ්ලොග් වල කියවන්න කියලා. මෙන්න මු කිව්වේ නැද්ද ඔය කියන අයත් මොක මොකක්වත් ලිව්වොත් නරකද කියල.. :) දැන් ඒකා නෑ..

      Delete
  18. අපේ දුප්පත් මරැතිය ගනන් ගිහින් හිකිස්........

    ReplyDelete
    Replies
    1. කෝ කවුද දුප්පත් එකෙක් මරුටියක් ගත්තේ?? මරුටියක් මේ කාලේ ගන්නවා කියන්නේ ඌ හෙනම සල්ලිකාරයෙක්..

      Delete
  19. මට නම් මේව දැකලම එපා වෙලා තියෙන්නෙ

    පවුලේ අය වැයට - හවුලේ බදු ගෙවනවා, අපි

    ReplyDelete
    Replies
    1. අපි දැක්කේ දැන් නේ. මෙහෙට නිවුස් එන්නේ ඇවිදින ස්පීඩ් එකේ.

      Delete
  20. කතාව නම් ඇත්ත.

    ReplyDelete
  21. හංදියක් හංදියක් ගානෙ ලැම්බෝ පාක් කරල හයර් දුවනකොට කාටද ආඩම්බර.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ?? ඒත් සුද්දෝ විතර මේවගේ ටැක්සි වල යන එවුන් නැතිවෙයි මේ ලංකාවේ කොහෙවත්. :)

      Delete
  22. ජාතිය මොනා උනා ම මොකද මල්ලි, මොකක් හරි රෝද හතරක්නේ

    ReplyDelete
    Replies
    1. හොඳ හතර.. අපේ එවුන් යන්න හදන්නේ එතනත් රෝද දෙකෙන් නේ.

      Delete
  23. කොහෙන්ද බොල පැට්‍රල් ඕවට ඈ???

    ReplyDelete
    Replies
    1. හිටපං ටිකක්... තෙල් ලිං ටික හාරන්නේ ඕකට තමා.

      Delete
  24. මමත් කෑම පැයේදි ගිහින් ලැම්බෝගිනියකට සල්ලි ගෙවලා ආවේ.
    තව මාසෙකින් විතර හම්බ වෙයි. හිකි හිකි

    බොලා කාලෙකට පස්සේ මොකුත් යමක් ලියලා. :)

    ReplyDelete
    Replies
    1. නෑහ්.........!!! එහෙනං මධුරංග මලයත් ආඩම්බර ආ.. සොරි සොරි.. ආඩම්බර වෙන්න ඉතිං මරුතියක් හරි ඒ වගේ එකක් ගන්න එපයි. මේ මේ ලම්බෝගිනි ක්ලබ් එකේ සාමාජිකයෙක් ඈ..

      Delete
  25. ගත්ත වගේ නෙවෙයි ඔව්වට පැට්‍රොල් ගහන්න ගියාම.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ තෙල් ලිං හාරන්නේ!!!

      Delete
  26. හික්ස්... දැන් යන තාලෙට හැමෝම කියනවා වගේ තව ටික කාලෙකින් රට වටේම ලැම්බොගිනි විතරක් තියේවිද මන්දා... :P :P

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. ෆෙරාරි පෝෂ් එක්ක ඔය අනිත් එව්වාත් කලවමේ තියෙයි...

      Delete
  27. ආසියාවේ ආශ්චර්යයට ආවඩා ආයු බොහෝ වේවා :D

    ReplyDelete
    Replies
    1. ඉන්න ඉන්න මේකෙම දෙවැනි ලිපිය ලියනකම්. ආයුබෝ වේවා!!

      Delete
  28. හැක හැක සිරාම කවි පද ටික
    මාත් ගන්ට කියලා හිතන් ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. ගන්ට ගන්ට.. කිෂි කේෂ් එකක් නෑ..

      Delete
  29. වල්කම්.. වල්කම්.. මෙන්න අලිසන්දිරි අයියා ආයෙමත් බොග දානවා...

    ReplyDelete
    Replies
    1. හා ඔය ආවේ!! මම ඒත් මොකද පරක්කු කියල බලාන හිටියේ.. :)

      Delete
  30. රටක දියුණුව පෙනෙන්නේ ඒ රටෙ මිනිස්සු පාවිච්චිකරන වාහන වල වටිනාකමෙනි.. ඔන්න ඉතින් අපෙ රටත් පොටකට ආවා. දැන් ඉතින් සැනසිල්ලේ මැරෙන්න පුලුවන් ලැම්බෝගිනියකුත් වැඳගෙන.. හාමුදුරු තුමන්ලාටත් හම්බවෙයිද ? ඉක්මනින් නිවන් යන්න ඇහැකි හයි ස්පීඩ්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, හාමුදුරුවරුන්ට පුජා කරයි ඉතින් ඔය රෝල්ස්රොයිස් එකක් දෙකක් එහෙම. ඒ හැටි ගානකුත් නෑ නේ.

      Delete
  31. මටත් හිතාගන්න බැහැ මොකක් ගන්නද කියලා. මරුටි වගේ ඒවනම් එපා අපි ඉන්දියන් විරෝදී.

    ReplyDelete
    Replies
    1. පිස්සුද? ඉන්දියන් කාර් ගන්නේ මෙච්චර ලාබෙට මෙව්වා තියෙද්දී. ඔන්න බලන්න ඉන්දියාව බංකොලොත් වෙනවා ඈ...

      Delete
  32. හික්ස්...ඔය කොයිකක් හරි එහෙකට රබර් ඇහැ දැම්මනම් හොඳා වගේ ...

    ReplyDelete
    Replies
    1. පොඩි පරහකට තියෙන්නේ අපේ පාර සමානව නෑ. සමහර තැන් හදලා තියෙන්නෙම ටිකක් ගැඹුරට. ඉතින් යට වදිනවා. පාරට පස්ටිකක් පිරෙනකම් ඉන්නේ ෆෙරාරියක් බස්සන්න.

      Delete
  33. ඇවිත් යන්නම් අද සිට
    හෙටත් එන්නම් මතුවට

    ReplyDelete
    Replies
    1. ඉතින් පිළිගන්නම් අද සිට
      එන්න කියවන්න මෙතැන සිට

      Delete
  34. මල්ලි මං ටිකකාලෙකට ඉස්සෙල්ලා ලම්බෝගිනියක් බලලා සල්ලි මදි හින්දා හිත හදා ගත්තා. දැන් ටැක්ස් අඩු හින්දා ට්‍රයි කරලා බලන්නත් හිතෙනවා. හැබැයි මම බැලුවේ අසුස් ලම්බෝගිනියක්.

    ReplyDelete
    Replies
    1. ඔය මොකක්හරි කමක් නෑ.. ගන්න ගන්න ආයේ ටැක්ස් ගහන්න කලින්. බැංකු වල පෙට්‍රල් ලෝන් දාන්න පුලුවන්ද දැන් ඈ? එහෙමනං මමත් ගන්න ඕනේ අඩුම ගානේ මගේ එකේ රවුන් හත අටක්වත් යන්න එපැයි රෙදි වන්න ගන්න කලින්.

      Delete
  35. සිරාවට ලැම්බෝගිනිය පදින්න ඉතිං පාරවලුත් ඔ්න නේ! :/

    ReplyDelete
    Replies
    1. ඇයි කොහෙද පාරවල් නැත්තේ ඈ? අර බුවා කියල තියෙන්නේ ඒ ගැන..

      Delete
  36. ලැම්බෝර්ගිනි ට්‍රැක්ටර් තියෙනවා. අවුල් වෙන්න දෙයක් නෑ වැඩේ ගොඩදාගන්න පුලුවන්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අන්න ඉතින් ඒකනේ ඩුඩ්.. මම හිටියේ එකක් අරගෙන පැට්‍රල් ඉවරවෙනකං පැදලා පොඩි කාමර කෑල්ලකටවත් ගන්න කියල.

      Delete
  37. එහෙම වෙලා හරි අල්ලපු රටට කෙලවෙනවානම්. මමත් මගේ බක්කි කරත්තේ විකුනලා ඇන්ටික් වලට ගන්නවා ෆෙරාරියක්. අයිඩියාව නරකමත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. උන් දැන් මරුටි කොම්පැනිය අඩුගානට චීනෙක්ට විකුනන්න යනවලු ලංකාව කාර් ගන්නේ නෑ කියල.

      Delete
  38. ලම්බෝගිනිය සහ බඩේ ගින්න අතර ඇත්තේ දශමයක දුරකි...(එච්චරත් නැද්ද මන්දා?)

    ජයවේවා අයියේ......

    ReplyDelete
  39. හා ... හා ... දැන් ලම්බෝගිනි පැද්ද ඇති, ආයෙත් ලියන්න පටන් ගත්තොත් මොකද.

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනේ DDT වෙලාවේ කලාව ටිකක් නරක වෙලා..

      Delete
  40. මොකද ක්සැන්ඩර්, ලියන්න අදහසක් නැත්ද දැන්ම.

    ReplyDelete
    Replies
    1. ලියනෝ!! හැබැයි පොඩ්ඩක් දවස් ඉන්න වෙනවා. මේ ටිකේ කතා වැඩියි.

      Delete
  41. Replies
    1. ලියනවා අයියේ. මේ ටිකේ හැම පැත්තෙන්ම ටිකක් කලබලකාරී ගතියක් තියෙන්නේ. වහල් මෙහෙයේ උපරිමේ ඉන්නේ. රස්සාව කොරන්න ගියාම දවසම ඉවරයි.

      Delete
  42. කෝ???????????????????????????????????????????????????????

    ReplyDelete
  43. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. අභීත හෝ එනමින් පෙනී සිටින්නාට.

      ඔය ලකෆ්‍රෑන්ස් ගැන මටනං කිසිම ගැටලුවක් නැත. ගැටළුව ඇත්තේ ඌට නිසා උගේ අඩවියේ ඔබේ සටහන දමන්න කාරුණික වන්න.

      ස්තුතියි.

      ඔබේ හිතවත් ක්සැන්ඩර්|Xander (Alexander Cage)

      Delete
    2. //ගැටළුව ඇත්තේ ඌට නිසා උගේ අඩවියේ ඔබේ සටහන දමන්න කාරුණික වන්න.//

      :D

      Delete
  44. අලුත් අවුරුද්දේ ක්සැන්ඩර් අයියාගේ නිවහනට ගොඩවැදී ගියෙමි. ජයවේවා..!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන.. ජයවේවා..

      Delete
  45. මොකද ක්සැන්ඩර් ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ආයේ ලියන්නේ නෑ DDT. ඇතිවුනා පහුගිය ටිකේ වෙච්චි දේවල් දැකල. ඇත්තටම කලකිරුණා.

      Delete
    2. අනේ ආයේ වරෙන් බං උඹ නැතුව අපිට පාළුයි

      Delete
  46. ලියන්නෙත් නැති එකේ උඹ දැන් කමෙන්ට් කරන්නෙත් හරි අඩුවෙන්නේ බං.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරනවා බං. ඉඳල හිටලා. කියවන්න වෙලාවක් හොයාගන්නෙත් හරිම අමාරුවෙන්. කොහෙද ඉතිං මේ තියන විදියට මං ඇවිත් ඇවිත් යනවා.. :) හොරා වගේ :)

      Delete
  47. මේ අයියේ............ වැඩ වැඩිද? ලැම්බොගිනියත් අරන් ඔයා මාරුවුනා වගේ මොකද ලියන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද? ඒ පැත්තේ එන්න ගිහිං වැඩේ හරි ගියේ නෑ. දැන් ආපහු මෙහෙ ඩබල් වැඩ.

      Delete