Thursday, July 7, 2011

කටාරයේ සිට කොළ කැද බීවෙමි


 ලංකාවේ ඉදන් අවට පස්සේ මේ අව්වේ කර වෙද්දී කොළ කැද ටිකක් කටට වැටෙනවා කියන්නෙත් අර අමා වතුරද මොකද්ද ටිකක් කටේ තොලේ ගැඋනා වාගේ තමා. ඉතින් අද ඒ වාසනාව උදා උනා අපේ එක සහෝදරියකට පින් සිද්ද වෙන්න. හ්ම්ම්.. මගේ කෙල්ලත් දැන් ඉතින් මට කොළ කැද හදල දෙනවා නම්... කොහෙද ඉතින් එහෙම දෙයක් වෙන්න නම් ලංකාවේ ඉන්න එපායෑ...

රුපියල් සත එකතු කරන ලෝකෙක ඉගෙන මේ වගේ දේවල් කල්පනා කරන එකත් ඇත්තට විහිළුවක් වෙලාවකට. මුචා ගේ බ්ලොග් එකේ කිව්වා වගේ හෙම දේවල්ම වෙන්නේ සල්ලි මත. ගෙදර ගියාම බත ඉදෙන තැන  ඉදලම ගෙදර ගෑනි එක්ක රෑ නිදි වදින්නත් මේ සල්ලි කියන දේ ඕන වෙනවා. මුචාගේ බසවෙන්ම කිව්වොත් ගෑනි බර බරයක් නැතුව ඉන්න සල්ලි හේතුවක්ම වෙනවා.

සමාවෙන්න මගේ බසව ගැන නමුත් සිංහල බසව කතා කරනකොට මේවගේ දේවල් කියන්නේ සාමාන්‍ය දේවල්. අද දවසේ ඉන්න සිංහල උගත්තු මේකට මොනවා කිව්වත් මේ තමා අපේ බාසාව. හරි ඉතින් සල්ලි කියන්නේ අද අපේ අගේ ලේ නහර වල දුවන දෙයක් බවට පත්වෙලා තියන එකක්. සල්ලි නිසා නෙවේ නම් අද මම මේ කාන්තාරෙක ඉදගෙන කොළ කැද ගෙන කතාවක් කියයි යෑ... සල්ලි අද දෙය්යන්ගේ මල්ලි වෙලා. එක නැති එකට දෙය්යන්ගේම පිහිට තමා ලැබෙන්නේ. ලංකාවට ගියපු වෙලාවේ සල්ලි වල තියන බලේ මට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් උනේ මගේ pocket එක හිස් වේගන යන හැටි දැනිල. අපිටනම් ඇත්තට අඩුම ගානේ ටිකක් හරි පුළුවන් ඔරොත්තු දෙන්න නමුත් මට දුක ලංකාවේ ඉන්න අහිංසක එවුන් ගැන. එදා වෙලා කන්න නැතුව දුක් විදින හැටි බලන්න දුක හිතෙනවා.

රට යුද්දෙට පස්සේ නම් ගොඩක් ලස්සනට හැදිලා තියනවා. කොලඹ ලස්සන කියල වැඩක් නෑ. ඒ අතරේ හැබැයි පොඩි අඩුවකුත් තිබ්බ චෙච්ක් පොඉන්ට් වල නම් හෙ හෙ හෙහ්... ඒ උනාට රටේ අර්ථිකේ නම් අනිත් පැත්තට යන බවක් තමා පේන්න තියෙන්නේ. අනේ ඉතින් එකත් හරි යනවනම් අපිටත් කොළ කැද ටිකක් බොන්න ලංකාවට යන්න තිබ්බා නේද?

6 comments:

  1. වෙලාවකට පුදුමත් හිතෙනවා. මගේ ප්‍රොෆයිල් එක බැලුවද ? මගේ ආසාවල් බොහොමයක් ඔබේ ප්‍රොෆයිල් එකෙත් තියෙනවා. ලංකාව හරි පැත්තට යනකම් බලන් ඉඳිල්ල හරියට කොකා මාළු අල්ලන්ට දිය හිඳෙන කම් බලන් හිටිය වගේ තමයි.. මමත් ගහක් යට නිදාගන්න කැමති කෙනෙක් තමයි, මගෙත් ප්‍රියතම සංගීතය මාලිගාවේ තේවාව කරන බෙර වාදනය. .. මගේ කතා බලන්නකෝ.. කැලේ සතෙක්ගේ කතා වගේ තමයි හික්...

    ReplyDelete
  2. ලංකාප්‍රිය අය්යේ.. සැහෙන්න සතුටක් දැනුන මට මේ කමෙන්ට් එක දැකල. කැලේ සතෙක් කියන්නේ අය්යේ මටනම් නිදහසේ නියම උරුමක්කාරයෙක්. මම ඔබේ බ්ලොග් එක හරිම අසාවෙන් රස විදිනවා ඒ ආසාවම මාව ලියන්න තවත් පෙලඹුව කියන එක තම මට කියන්න තියෙන්නේ. දොළේ වතුර හිදුනත් අපි බලාගෙන ඉමු... මොකද මේක අපේ උපන් බිම. අපේ දෙවැනි අම්ම....

    ReplyDelete
  3. අනේ වාසනාවන්. පිටරටකදි හරි අපේ දෙයක් කන්න බොන්න ලැබෙනවා කියන එක අහන්නත් සතුටක්. දැන් තමයි ක්සැන්ඩර් සහෝදරයා ඉන්නේ කොහෙද කියලා දැනගත්තේ.

    ReplyDelete
  4. අපේ දේවල් අගේ කරන තවම පර දෙසක්කර ගතියට නොගිය ටික දෙනෙක්වත් ඉන්න එක මට ලොකු සතුටක්. මේ කොමෙන්ට් ටික දැක්කම මට එක තවත් දැනුනා. ස්තුති ඔබේ වචන ටිකට මදුරංග සහෝදරයා..

    ReplyDelete
  5. හ්ම්ම්.. මට හිතුනා ආරම්භය කියවන්න. ඔබ රටට ආදරය කරන නියම මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එහෙම කිව්වට. මගේ අම්ම වගේම මම මගේ රටටත් ආදරෙයි.

      Delete