![]() |
පින්තුරය ගත්තේ http://www.dailynews.lk/2011/04/08/fea30.asp |
අවුරුදු කාලේ කිව්වම ඉතින් ඉස්සර අපිට නං හෙනම සන්තෝසයි. මට නම් ඉතින් ඕකට හේතුම දෙකක් තියනවා. දැන් නම් තුනක්.. ඉස්කෝලේ යන කාලේ මම නම් ඉන්නේ නිවාඩු දෙනකම්.
අවුරුදු කාලෙට ඉතින් වෙඩි බෙහෙත් වලින් කොල්ල වැහිලා අළු පාටයි. දිලිසෙනවා. රෑ එහෙ මෙහෙ යන්නෙත් නිලාවක් පත්තු කරන්. සාක්කු වල රතිඥ්ඥා ගිනි පෙට්ටි ඕනේ වෙලාවක. ගේ හරියේ ගිනි පෙට්ට් හොයන්න නෑ. ඇයි ඉතින් රතිඥ්ඥා පත්තු කරන්න එහෙම ඔව්ව ඕනේ වෙනවනේ නේද? ඔන්න ඉස්සර අපේ අවුරුද්ද. ඕකටම සෙට් වෙලා හිටිය තව මගේ නෑ වෙන මල්ලිලා නංගිලා සෙට් එකක්. කෙල්ලන්ට නිලා පෙට්ටි දීල අපි කොල්ලෝ ටික පුපුරණද්‍රව්‍ය ගබඩා හදාගන්නවා. තුන්හුලස් චීන පටස් රතිඥ්ඥා අහස්කුරු එහෙම අපි ළඟ මදි නැතුව තියනවා.
ඔය වෙඩි බෙහෙත් ගාලේ ඉන්න අපි ඕවයෙන් ඉතින් නොයෙක් දේවල් හදනවා. අහස්කුරු වලට කාඩ්බෝඩ් තටු හයි කරපු පොඩි මිසයිල් එතකොට රතිඥ්ඥාවලින් හදන තුවක්කු ඉලෙක්ට්‍රික් රතිඥ්ඥා එහෙම අපේ නිෂ්පාදන.
ඒ කාලේ ගේන රතිඥ්ඥා එහෙම අපි සමහර විට දෙසැම්බර් වෙනකම්ම පත්තු කරනවා. දෙසැම්බර් වල අපි පාවිචිචි කරන්නේ අහස්කුරු සරුංගල් වලට අගේන්ස්ට්. අපේ ගෙවල් කඳු වල හින්ද සමහර සරුංගල් යන්නේ අපේ ගේ තියන කන්ද කිට්ටුව අහසේ. ඔන්න එව්වට අපි එස්ලෝන් බට වල දාපු අහස්කුරු අරිනවා ගුවන් සීමා ආක්‍රමණය කිරීමේ වරදට. එක සරුංගලයක් නම් ගිනිගත්තා.
රතිඥ්ඥා ගැන කිව්වා ඔය මදෑ. ඒ දවස් වල කෑම නම් හතර අතේ. කොයි ගෙදරට ගියත් කැවුමක් කොකිසක් වරදින්නේ නෑ. ඒ වුනත් අපි නම් ඉතින් ගස් වලම තමයි. අඹගස් අලිපේර ගස් ඉතින් කොළ විතරයි අපි පොඩි කාලේ. කුරුම්බා තැඹිලි කඩාගෙන බීල ගලක තියල තලාපු අඹ ගැට ලුනු මිරිස් එක්ක කද්දී තියන ආතල් එක තාම දැනෙනවා. එක කාලෙක අපේ ගෙට පල්ලෙහා අඹ ගහ තමයි අපේ ස්පොට් එක වුනේ. ගහේ අට්ටාල ගෙයක් අටෝගෙන අපි රෑ දවල් නැතුව ඒකේ හිටියා. ලන්තෑරුම් පත්තු කරලා රෑට ගහ උඩ ඉන්න එක අපිට අපුරු අත්දැකීමක් උනා. පොඩිම කාලේ නම් සෙල්ලම් ගෙවල් හදනවා කෝටු කපාගෙන, කණු හිටවලා, ඉටිරෙදි වහල ගහල, ඒ උඩ පිදුරු අතුරලා එහෙම. පස්සේ කාලේ ඒවා මොඩ් වෙලා තමයි මේ ට්‍රී හවුස් එහෙම හැදෙන්නේ.
මේවා ඔක්කොමත් හරි ඉස්සෝ අල්ලන එක තමයි අපේ ඊළඟ වැඩේ උනේ. අපේ ගේ ඉස්සරහින් ගලාගෙන ගිය ඇළ පාරේ කුනිස්සෝ රංචුවක් හිටියා. උන්ව අල්ලා ආපහු අපි ඇලටම අතාරිනවා. සාරි ගප්පි අහුවුනොත් උන්ව අල්ලන ගිහින් බෝතලේකට දාල උන්ට ඉසතරං මාළු කෑම කව කවා තියාන උන්නේ හරිම ආසාවෙන්. ඊට අමතරෙන් ඉතින් ගොයම් කපාපු වෙලක ක්‍රිකට් ගහන්නත් අපි අමතක කලේ නෑ. තව ඉතින් සයිකල් පදින්න බැරි එවුන්ව පුරුදු කරන්න ඔය කාලේ කියාපු එකක්.
ඉතින් අපිටනම් ඔහොමවත් අවුරුදු කාලයක් තිබුනා. තවත් කාලෙකින් එන අපේ ළමයින්ට??? නටන්න කාලයක් තිබ්බොත් ඇති...