මාසෙකින් විතර වගේ ඔන්න ආපහු පොස්ට් එකක් ලියන්න සෙට් වුනා. ඉතින් හැමෝටම මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම කියන්න ඕනේ. මේ මාසෙට ගොඩක් දේවල් වෙනස් වෙලා. අලුත් අවුරුදු සමරලා ඉවර වුනා. ඒ එක්කම ලංකාවට ආපහු සුනාමි තත්වයක් ඇවිත් ගියා. ඒ දවස නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. කොටසක් රතිඥ්ඥා පත්තු කරලා ප්‍රීති වෙන අතරේ මුහුදුබඩ බොහෝ දෙනා ජීවිතාරක්ෂාවට රට මැදට එකතු වෙච්ච හැටි නම් දකින්නත් දුකක් ගෙනාව.
මම ලංකාවට එනකොට ඇත්තටම හිතාගන හිටියේ ලංකාව ගොඩාක් දියුණු වෙලා ඇති කියල. සමහර පැති වලින් නං ලක් දෙරණ දියුණුවට පත් වුනත් මටනම් මහා වෙනසක් දැනුනේ නං නැති තරම්.
කොටුවේ ඉඳං කොල්ලුපිටියට එනකම් මං මාවත් ලස්සනට පිලිවලට තිබුනා. චෙක් පොයින්ට් නම් දකින්නත් නැති තරම්. අවුරුදු කීපයක් එක දිගට කොටුවේ අධිආරක්ෂක කලාපේ ජීවත් උන මට ඒ නිදහස නම් හොඳටම දැනුනා. ආසාවට ඩියුක් ස්ට්‍රීට් එකේ වට දෙකතුනක් ගහල බ්‍රිස්ටල් ස්ට්‍රීට් එකත් තරණය කරලා ආවේ ඒ කාලේ බ්‍රිස්ටල් ස්ට්‍රීට් එක වහලම තිබ්බ හින්ද. කොටුවේ ඉඳං කාගිල්ස් එක ගාවින් යන ජනාධිපති මන්දිරේ පාරේ කලින් නම් මැස්සෙක්වත් චෙක් නොකර ඇරියේ නෑ. එක දවසක් වෙඩි කන්න ගිහිනුත් බේරුන තැන වෙච්ච කොට ඒ තැන නම් මට අමතක වෙන්නෙම නෑ. ඒ වගේම තමයි ගඳ ගගහ තිබ්බ බේරේ වැව දැන් ලස්සන කරලා.ගෝල්ෆේස් එකත් කලින් තිබ්බට වඩා නිදහස පිරෙන්න තියනවා.
මට මතකයි එක කාලෙක ලංකාවේ බස් වල පිටත්වෙන වෙලාව ගමනාතයට ලඟා වන වෙලාව ගහල ඔරලෝසුවක් පෙන්න තියන්න ඕනේ කියල නීතියක් පැනෙව්වා. ඒ වගේම අනවශ්‍ය ශබ්ද පූජා පවත්වන බස් අජිත්ගේ කැසට් එහෙම හෙණගහන්න දාගෙන යන්න තහනම් කියල නීති පැනවීමක් කරා. අනේ ඉතින් මෙදාපොටේ ලංකාවට මං ආවේ බස් අජියගෙන් කන බේරන් යන්න බලාගෙන. එක බස් එකක අජියා පැත්තක ඉද්දි වෙන කවුදෝ මොරගහන පීස් එකක් කන පැලෙන්නම දාල තිබ්බේ කිසිම හිරිකිතයක් නැතුව. තව දවසක නුවර ඉඳං කොළඹ එන්න කියලා ඉතින් මමත් නුවරින් ඉන්ටර්සිටි බස් එකකට නැග්ගා දවල් 11 ට විතර. නොර්මල් එකේ පැය තුනක් තුනාමරක් යන එකේ මම කල්පනා කලේ ඉක්මනට පැය දෙකකින් දෙකාමරකින් යන්න. අනේ යාන්තං ගාටලා ගාටලා පැය තුනාමාරකට කිට්ටු කරලා බස් එක ආවේ හරියට උන්ගේ උවමනාවට අපි යනවා වගේ,. මග නැගුම අර නැගුම මේ නැගුම කියකියා නැටුවට ලංකාවේ A ශ්‍රේණියේ අංක 1 මාර්ගය වෙච්ච නුවර කොළඹ ප්‍රධාන මහාමාර්ගය තවමත් ලේන් දෙකක් තියන පුංචි පාරක් විතරයි. ඉතින් ඒ වගේ මාර්ගයක යන වාහන කන්දරාව එක්ක බැලුවාම ඒක කොහොමත්ම ගැලපෙන්නේ නෑ.
ලංකාවට ඇවිත් ඊළඟට මට දැනුන දේ තමයි බඩු මිළ. කිලෝවක් රුපියල් හැටකට තිබුණු එළවලු බොහොමයක් අප්‍රේල් 8 වෙනිදා වෙනකොට කිලෝව රුපියල් 180 දක්වා මිළ වෙනස් වීමකට ලක්වෙලා තිබුණා. ඒත් ඊට දවස් කීපයකට පස්සේ උඩුදුම්බර ගොවියෝ තමුන්ගේ එළවලු වලට සාධාරණ මිලක් නෑ කියල කරන ප්‍රකාශ ටීවී එකේ දැක්කාම මටනම් තේරුනේ වෙළඳ අමාත්‍යාංශය ඉතාම තදින් නිදාගන හෝ නිදාගන්නා බව පෙන්වන බවයි.
රජයේ ඇමති මැති කියාගන්නා ගොන් රැලේ ඉන්නා ආර්ථික විද්‍යාව පිලිබඳ මහා උගතා ගෙනා 7500 කතා මාලාවේ එක අංගයක් වූ විවාදය සජීවීව ලංකාවේ සිට බැලීමේ ශාපයටද මටත් හසුවීමට වුනේ මේ අතරවාරයේයි. ඉස්කෝල වල විශ්වවිද්‍යාල වල කැන්ටින් වල ආහාර මේ මිලයි කියන මේ හරකාට පාර්ලිමේන්තුවේ කැන්ටිමේ දෙන කෑම එකත් අඩු මුදලට ජනතාවගේ පොකට්ටුවෙන් දෙන නිසාදෝ බඩු වල ගණන් නොපෙනීම මුන්ව පාර්ලිමේන්තු යැවු අපිටනම් හොඳ කනේ පාරකි. මේ විකාරයටම ඉම්පොර්ටඩ් ගොනෙක් වූ රවී දුන් පිළිතුරු හමුවේ මට ටීවී එක පොලවේ ගැසීමට සිත්වුවත් යාන්තං කේන්තිය අඩු කර ටීවී එක නිවා නිදාගන්නට ගියේ මුන්ට චන්දය දුන්නෙත් අපිම නේද කියා සිතාගෙනයි. කරුණු එසේ වුවත් පසුදින ජනාධිපති තුමා ප්රමුඛ පිරිස මේ වයිමා අත්පොලසන් දී පිළිගත්තා යයි කියවූ විටනම් පරම්පරාගත ශ්‍රීලංකා කාරයකු වූ මගේ පාක්ෂිකත්වය මටම එපා වී ගියේය.
නතිං ටු ඩූ අනේ! :(
ReplyDeleteකඅහොමහරි සුභ නව වසරක් වේවා! :)
ස්තුතියි තනියෝ.. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. නතින් ටු ඩු තමයි. ඒ වුනත් ඉතින් එහෙම කියල මෙව්වා බල බලා කට වහගෙන ඉන්නේ කොහොමද?
Deleteඔව්වා ගැන කතාකරලා පලක් නැත....
ReplyDeleteසුභ නව වසරක් වේවා! :)
මේ පැත්තට රජා නම් අලුත් කෙනෙක් වගේ... සාදරයෙන් පිලිගන්නවා කොළමට ඒ එක්කම සුභ අලුත් අවුරුද්දකුත් වේවා. බලන්නකෝ තනි අලියට දුන්න උත්තරෙත්. තවත් කොහොමද මේවා බලාන ඉන්නේ?
Deleteරට ගැන කතා කරොත් ඇඟේ ලේ පිච්චෙන එක තමයි වෙන්නෙ.
ReplyDeleteඅනිවාර්යෙන්ම. ඒ වුනත් අපි කරපු මෝඩකම් වලින් පාඩම් ඉගනගන්නත් ඕනේ නේද? ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට. කොළමට සාදරයෙන් පිලිගන්නවා.
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා.
ඔවුවා ඔහොම තමයි.. කවදා කොහොම වෙනස් වෙයිද කියලනම් කියන්න බෑ.. තාම ලංකාවෙද ඉන්නේ නැත්නම් ආපහු ආවද?
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් අයියේ..
තවම ලංකාවේ මල්ලි. ආයේ යන්නේ නෑ කියන මතෙන් මම අවේ. ඒත් මේ තියන දේවල් දැක්කාම ආවේ මොකටද කියල හිතුන වාර අනන්තයි.
Deleteඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.
මොකක් අත්පුඩි ගහලා පිළිගත්තා...!!
ReplyDeleteඔය ලොක්කගෙ බහින කලාව.. මේවගේ ගොන් හරක්ව අත්පුඩිගහලා පිළිගත්තා කියන්නේ ජනතාවට කණට ගැහුවා හා සමානයි..
කාලකන්ණි අපත හැත්ත.. නොදෝමකින්..
ඔව් ඔව්.. එකනේ මම කිව්වේ උපන්ගෙයි පාක්ෂිකයෙක් වෙච්ච මගේ හිතට ඒක දැනුන විදිය. ලොක්ක යුද්ධ කළා. ඒත් වටේ ඉන්න එවුන් සුද්ධ කරන්න බැරි උනා. එකයි සෙන්න මේ වැඩේට මුල.
Deleteපුළුවන් නං මෙහේ නෑවිත්ම හිටපං. එතකොට පුළුවන් මේ විකාර නොබල ඉන්න.
ReplyDeleteවැඩක් නෑ බං. දැනටත් මම ඇවිත් ඉවරයි. ඒ නැතත් මේ අපේ රට නේ කොහේ හිටියත් හිතට දැනෙනවා වැඩි.
Deleteආපහු මවු රටට ආ එකේ ප්‍රීතිය තියෙන්නෙ දවසයි දෙකයි. ඊට පස්සෙ ...
ReplyDeletehenryblogwalker the Dude
ඒක නම් සහතික ඇත්ත. ඒත්..
Deleteඔව්වගැන කතාකලල වැඩක් නෑ අයියෝ.....
ReplyDeleteකොහොම වුනට් සුබම සුබ අලුට් අවුලුඩ්ඩක් වේවා....!
ඉස්සරලම නේද මේ පැත්තේ අවේ? සාදරයෙන් පිලිගන්නවා..
Deleteකට වහගෙන ඉන්නත් බෑ නේ හැමදාම. මන්දා මටනම් මේ පාර හිතට ගොඩක්ම මේ දේවල් තදින් දැනුණා. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
නෑ...කලින් ආව....ඒත් කමෙන්ට් කලේ ඊයෙ....:)
Deleteඑකනේ.. ඉස්සරලාම කොමෙන්ට් එක හින්ද මම රැවටුනේ. හික්... දිගටම රැඳිලා ඉන්න.. ස්තුතියි.
Deleteමම ටිකක් පරක්කු වෙලා මේ පැත්තේ ආවේ...
ReplyDeleteඒත් කමක් නැහැ, සුබ අළුත් අවුරුද්දකට ආසිරි පතලම ඉන්නම්කෝ... :)
නොකරම බැරි වෙලාවකදි කතා කලොත් මිසක් දේශපාලනය කියන දේ ගැන නොකර ඉන්න තරමට හොඳයි බං
මමත් අද හෙටම ලංකාවට එන්න ඉන්නේ දිගටම නතර වෙන්න.
බලමුකෝ ඉස්සරහට...
ලුනුයි බතුයි කාල හිටියත් ලංකාවේ ඉන්න එක දාහෙන් සම්පතක් බං
පරක්කු වුනත් අවුලක් නෑ. ඉංග්‍රීසි කියමනක් තියෙන්නේ Late is better than Never කියල. (අපේ කොල්ලෝ ඕක ඉස්සර රෙජිස්ටරේ ලියල තිබ්බ යුනි යන කාලේ.)
Deleteලොකු පුතාටත් සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ඇවිත් ඉන්නකොට දැක්ක වෙච්චි දේවල් වලට හිත කල කිරිල ලිව්වේ බං. 22 එවෙයිද? අවුලක් නෑ පරිස්සමට ලංකාවට වරෙන්කො.. ආයෙත් අපිට කැලෑවකට යන්න පුළුවන්...කතාව ඇත්ත. අරාබියේ වෙලෙනවට වඩා ලංකාවේ ඉඳං ලුණුයි බතුයි කනවා සැපයි.
සංවර්දනේ වෙන්නේ පාරවල් වලින් විතරයි.මිනිස්සුන්ගේ ආර්ථිකේ සංවර්දනේ වෙනවනම් ඉතින් කියල වැඩක් නෑ..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!....
පාරවල් වුනත් ඕනෙම ඒවා සංවර්ධනය වෙලා නෑ බං. නුවරඑලියට යන්න තවම පැය 3ක් යනවා නුවර ඉඳන්,. සමහර තැන්වල පාර හෙනම පොඩියි. ඒ අස්සේ මේගොල්ල වසන්ත උදානේ ප්‍රොමෝට් කරන්නේ.
Deleteමට ද මගේ පාක්ෂිකත්වය එපා වී ඇත.. එහෙම වුයේ නම් බොහෝ කාලෙකට කලින් ය! බල්ලෝ පාර්ලිමේන්තු ගිහින් තිබීම නිසා දැන් රටේ දේශපාලනය බල්ලාට ගොස් ය.!
ReplyDeleteදේශපාලක උත්තමයෝ වත්මනේ ඇත්තේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙනි. අද ඉන්නේ දේශපාලුවෝයි. ඉතින් කවර කතාද?
Deleteමේ දිහාවට සාදරයෙන් පිලිගන්නවා..
ලංකාව ඇතුලේ වෙන ගොඩක් දේවල් හරියට පැටලුන නුල් බෝලයකින් වගේ....මේක හතර අතේ පැටලුවෙ අපේ දේශපාලන හැත්ත...දැන් උන්වත් දන් නෑ මේකෙ මුල කොහෙද තියෙන්නේ කියලා...කාටවත් මේ දෙවල් වලට විසදුම් හොයන්න අවශ්‍ය නෑ....බහුතරයක් රට ගැන හිතන් නෑ......ලංකාවේ අධි වේගී සංවර්ධනය ඉබි ගමනටත් වඩා හෙමින් කියලා තේරෙන අය ටික දෙනයි ඉන්නේ...මේව්ව ඉතින් කාට කියන්නද.....
ReplyDeleteඒත් චමිල් අද ඉන්න තරුණ පරපුර දැක්කම සන්තෝසයි. එයාලට රට ගැන හැගීමක් තියනවා කියල මම හිතනවා. ඒක ඇත්තනම් අපිට මීට වඩා ලස්සන හෙටක් දකින්න නම් පුළුවන් වෙයි. ඒත් අපිට ඒ කොල්ලෝ කෙල්ලෝ ටික එයාලට ලංවෙච්ච මාධ්‍යන් හරහා දැනුවත් කරන්න වෙයි. මොකද එයාල දැනුම පිපසෙකින් පෙළෙනවා වගේම හරි දේ එකපාර හොයාගන්න බැරි පසුබිමකත් ඉන්නවා කියල මට පේනවා.
Deleteමුන්ට චන්දය දුන්න එකට මටම ලැජ්ජයි.
ReplyDeleteතව ටික කාලයකින් ලංකාවේ ජීවත් වෙන්න අමාරු කාළයක් ඒවි. එතකොට ඉතින් කරන්ඩ තියෙන්නේ ඔය වගේ රටකට පනින එක !!!
ReplyDelete