![]() |
| රස්සාවක් සොයා.. බොහෝවිටම මේ පුද්ගලයින් දෙතුන්දෙනෙකු සඳහා වන හිඟයක් විය හැක. |
ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෙළඳපල තුල මෘදුකාංග ඉන්ජිනේරුවෙකුට නම් රැකියාවක් සෙවීම අතිශය අපහසු සහ දුෂ්කර කාර්යයක් ලෙස මා සඳහන් කලොත් ඔබ ඇතැම්විට මවිත වනු ඇත. එය එසේ ය. ඉන්දියානු විශ්ව විද්‍යාල සහ තාක්ෂණ විද්‍යාල පද්ධතිය මගින් වසරකට බිහි කරන උපාධිධාරීන් ගණන මිලියන 1.5ක් වන අතර ඔවුන්ගේ බහුතරය තාක්ෂණ උපාධිධාරීන් වේ. ඒ අතුරෙන් රැකියා සඳහා වසරකට සුදුසුකම් ලබනුයේ මිලියන භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් බව ඉන්දියානු සංඛ්‍යාලේඛන පෙන්වා දේ.වසර 2015 වන විට වූ 3345ක් පමණ ඉන්දියානු තාක්ෂණ ආයතන (විශ්ව විද්‍යාල සහ අනුබද්ධ තාක්ෂණ විදුහල්) වලින් බහුතරයක් වූ ආයතන 700 කට එහා පිහිටා තිබුනේ අන්ද්‍රා ප්‍රදේශය තුලය.
ඉන්දියානු බහුතරය අද දින රැකියා වෙළඳපල තුල අතරමං වී සිටින අතර ඔවුන්ට තිබු පහසුම පිහිට වුයේ ඉන්දීය බහුතරයක් වෙසෙන මැදපෙරදිග කලාපයයි. බහුතර ඉන්දියානුවන් පෙර දී ඇමරිකානු සිහිනයේ ජිවත් වූ නමුදු ඇමරිකාවේ 2008 ආර්ථික අවපාතයත් සමගින් එම සිලිකන් වැලි සිහිනය බොඳවී යාම ඇරඹිණි. මැදපෙරදිග ද විසා කෝටා අහිමිවීමත් (රටක් විසින් වෙනත් රටක පුරවැසියන් හට පැමිණ නවාතැන් ගැනීමට දී ඇති ප්‍රමාණය) සමග ඔවුන්ගේ බහුතරයට දැන් රැකියා විරහිතව සිටීමට හෝ ඉතා සුළු වැටුප් සඳහා රැකියා කිරීමට සිදුව ඇත.
මේ ගැටළුව තවත් ඔඩු දුවන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පින් රජයට විශාල බරක් වීමත් ඔවුන් ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වීමත් නිසා මධ්‍යම ආණ්ඩු වෙත එල්ල වන පීඩනය වැඩිවීමත් නිසාවෙනි. රැකියා උත්පාදනය කිරීම සඳහා ඉන්දියාව සිදු කල විශාලතම කාර්ය භාරය වූ කෝල් සෙන්ටර් (විදේශ ව්‍යාපාර වල දුරකථන ඇමතුම් පිළිතුරු දීමේ සිට පාරිභෝගික සේවා ඇමතුම් කටයුතු දක්වා සිදු කිරීම). තම රට තුලට විශාල ලෙස ගෙන්වා ගැනීමේ සිට විශාල ලෝ ප්‍රකට සමාගම් සඳහා ඉතා ඉහල පහසුකම් සහිතව භුමිය බදු දීම (මයික්‍රොසොෆ්ට්, ඩෙල් වැනි ආයතන) දැක්විය හැකි වුවද පවත්නා තත්වය සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවීම ඉතාම ඛේදනීය තත්වයක් සේ පෙනේ.
![]() |
| ඉන්දියානු කෝල් සෙන්ටර් ව්‍යාපාර. |
ඉහත ඔබට විස්තර කල ලෙස මේ ගිවිසුම් සාර්ථක වුව හොත් මිලියන ගණනක විරකියාවකින් පෙලෙන ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පින් නුදුරේම ලංකාවේ දී ඉතා අඩු මුදලට ඔවුන්ගේ සේවා සැපයීම වෙනුවෙන් පැමිණෙනු ඇත. ව්‍යාපාරික දෘෂ්ඨි කෝණයෙන් බලන විට එය මහත් වූ ලාභ සඳහා අත වනන කාරණයක් නිසා බොහෝ ආයතන ඔවුන්ගේ සේවා සපයා ගනු ඇත. එමෙන් ම ලාංකීය විදේශ විනිමය ඉතාම මහත් සේ විදේශයකට ඇදී යාම වේගයෙන් සිද්ධ වනු ඇත.
![]() |
| පේනවා නේ තත්වේ? සෝචනීයයි.. |
එසේ නම් ඉන්දීය ප්‍රවේශය මත සිද්ධ වන තත්වය කෙබඳු වේ ද?


