Tuesday, December 6, 2011

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනය


සමාවෙන්න ඕනේ කට්ටියම ඉතින් මේ ලිපිය ප්‍රමාද උනාට. එත් කාර්යබහුල කාලයක අනන්ත බාදක මැදින් පැනල ඇවිත් ඔන්න මම අද කොහොමහරි මේ ලිපිය ලියාගත්තා. මේ ලිපියේ මුල් කොටස කවුරුහරි කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. 



ගුවන් යානා ගැන කතා කරනකොට දැන් නම් පොඩි එකෙක් උනත් කියාවි ඒක හොයාගත්තේ රයිට් සහෝදරයෝ කියල. එත් ඇත්තටම එහෙමද උනේ? මේ ලෝකේ ගුවන් යානා තිබ්බේ 1903 දෙසැම්බර් මාසේ ඉඳලද? ඉතින් ඒ අපි දන්නා නුතන ඉතිහාසේ නේ. එහෙම බැලුවම ජෙට් යානාවක් අපේ අහසේ ගිහින් තවමත් අවුරුදු සීයක් නෑ. මොකද ජෙට් යානයයක් පළවෙනියටම ගුවන්ගත කරේ 1939 දී වෙන හින්ද. ඒ  හෙන්කල් එච්ඊ 178. මේ ජර්මානු යානය ඇත්තටම ලෝකේ පලවෙනි ජෙට් යානාවද?


  හෙන්කල් එච් ඊ 178 යානාව


ඉතින් දන්නා අතීතේ මේ දේවල් සිද්ධ උනාට 1960 දී ජීව විද්‍යාඥයෙක් උන ඉවාන් සැන්ඩර්සන් නිව්යෝර්ක් එයරොනොටික් ඉන්ස්ටිට්යුට් ආයතනයේ ආචාර්ය ආතර් පොලිසී ගේ මතවාද සමග මතයක් ඉදිරිපත් කරනවා, මේ පහත තියන කොලොම්බියානු රන්මුවා පිළිම ගුවන් යානාවන් කියල. මේ පිළිම ක්‍රිස්තු පූර්ව 500 ත් 800 අතර කාලයක් ගන්න නිර්මාණ. එත් මේවා හොයාගත් දවස් වලදී වර්ගීකරණය කරලා තියෙන්නේ සූමොර්පික් (zoomorphic) කියන ලේබලය යටතේ. ඒ කියන්නේ මේවගෙන් සත්ව රූප නිරූපණය වෙනවා කියන අර්ථයෙන්.




ඇත්තෙන්ම මේවා දිහා හොඳාකාරව බැලුවොත් ගුවන්යානා වල තියන රඩරය, තටු වගේම ෆියුසලාජ් කියන කොටසත් (භාණ්ඩ හා මිනිසුන් රැගන යන කොටස) පැහැදිලිව දැකගන්න පුළුවන්. කිසිම ආකාරයකට ඒවා සත්ව රූප වලට සමාන නොවෙන්නේ ඒ කාරණා හින්ද. ඉතින් මේ යාන දකින්නේ නැතිව මේ තරම් විස්තර ඇතිව අපේ පැරැන්නෝ මේ රූප හැදුවේ කොහොමද? එහෙම උනොත් හෙන්කල් එච්ඊ එස් 3 යානාව ලෝකේ පලවෙනි ජෙට් යානාවමද?

මේ පිළිම හොයාගත්තු තැනට කිලෝමීටර් සියගණනක් දුරින් තියන තවත් අරුම පුදුම ස්ථානයක් තම නස්කා කියන්නේ. පිරු රටේ නස්කා කාන්තාරේ තියන නස්කා චිත්‍ර අඩුම තරමින් ක්‍රිස්තු පූර්ව 300 ත් 500 ත් අතර කාලයකදී නිර්මාණය කරපු ඒවා බව සාමාන්‍ය පිළිගැනීමයි. 1994 දී යුනෙස්කෝ ලෝක උරුමයක් කරපු නස්කා චිත්‍ර ඇත්තෙන්ම බලන්න පුළුවන් වෙන්නේ උඩු ගුවනේ සිට පමණයි. 1930 දශකයේ ගුවන් ගමන් කියන දේ ආරම්භ වීමත් එක්ක මේ නස්කා කාන්තාරය හරහා යන ගුවන් නියමුවන් හා මගීන් තමයි මේ සුවිශාල චිත්‍ර මුල්ම වරට දැකල සොයාගෙන තියෙන්නේ. මේ චිත්‍ර වර්ග කිලෝමීටර් 450ත් 500ත් අතර ප්‍රමාණයක පැතිර තිබෙන යෝධ නිර්මාණ කීපයක් වෙනවා. මෙහි තියන විශාලතම චිත්‍රය අඩුම තරමින් වර්ග මීටර 250ක් ඉක්මවා යනවා. මේ චිත්‍ර අතරේ වඳුරන් මකුළුවන් වගේම කුරුල්ලන්ගේ රූප දකින්න පුළුවන්. ඒ අතර තියන සුවිශේෂීම නිර්මාණ දෙක වන්නේ මිනිස් රූපය සහ අත් වල චිත්‍ර සටහනයි. ඉතින් එතරම් කාලයකදී මේ වගේ විශාල චිත්‍ර ඇන්දේ කාගේ උවමනාවටද? ඒ චිත්‍ර උඩුගුවනට පෙනෙන්න අඳින්න තරම් ඔවුන්ට තිබ්බ උවමනාව මොකක්ද?


නස්කා චිත්‍ර වල වඳුරාගේ චිත්‍රය

චැරියට්ස් ඔෆ් ගෝඩ්ස් පොත ලියන ලද එරිච් වොන් ඩැනිකන් කියන විදියටනම් මේ අහස් යානා ගොඩ බාන්න හදපු නැවතුම් පොලක්. ඒ වගේම ධාවන පථ පේලියක්. නමුත් මේ භුමියේ තියන මටසිලිටු ගතිය ඒවගේ දේකට උචිත නැති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියනවා. එත් පුද්ගලිකව මගේ මතය කියනවානම් මම කියන්නේ මේ අහස් යානා බාන්න හදපු ධාවන පථයකට වඩා යානා වලට මග කියන මං සලකුණු බවයි. අත වනන මිනිස් රූපය මගින් එහි ගෙන්වාගන්න යානා වලට ඒ ඒ ගෝත්‍රවල ධාවන පථ ඇති දිශා පෙන්වාදීම මේ මගින් කරන්න ඇති.

ඒ එක්කම මේ ස්ථානයට උතුරින් තවත් කිලෝමීටර් සියගානක් ඇතුලත අරයක පිහිටන මෙක්සිකෝවේ බාක් නගරය එහෙමත් නැත්තම් පුරාණ මායන් වරුන්ගේ පලන්යාකේ නගරයේ තියන ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්‍රිප්ෂන් කියන පැරණි දේවාලයේ තියන පකාල් රජතුමාගේ සොහොන්ගේ සොහොන් පියන උඩ කොටා ඇති චිත්‍රය ඉතාම මතභේදයට තුඩු දුන් එකක්. එරිච් වොන් ඩැනිකන් කියන පරිදි මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ පකාල් රජතුමා මේ ලෝකය අත්හැර පිට ග්‍රහලෝකයක් වෙත ගමන් කිරීමක්. ඒ උනත් අනිකුත් පර්යේෂකයන් පුරා විද්‍යාඥයන් මේ මතයට එකඟ වෙන්නේ නෑ. ඒ උනත් මේ පහතින් දකින්න තියන ඒ රූපය දිහා ඔබ මදක් විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි මේ පකාල් රජතුමා ඉන්න ඉරියව්ව නුතන ගගනගාමියෙක් තමුන්ගේ ෂටලයේ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සමාන බව. ඒ දෙයට අමතරව පකාල් රජතුමා තමන්ගේ දෑතින් යම් දෙයක් ක්‍රියා කරවන බව දකින්න පුළුවන්. පකාල් රජතුමාට පිටිපස්සෙන් තියන කොටස නිරීක්ෂණය කලොත් එහි රොකට් එන්ජිමක ඇති ගිනිසිළුවක් වැනි කොටසක් දකින්න පුළුවන්. ඒ එක්කම එහි දෙපසින් නගින දුම් රොටුත් දක්වා තියනවා දකින්න පුළුවන් වෙනවා.

පාකල් රජතුමාගේ සොහොන්ගැබේ ගල් පුවරුව මත කොටන ලද චිත්‍රය



මේ සම්පුර්ණ චිත්‍රය ඇත්තෙන්ම රොකට්ටුවක අකෘතියක් නම් මේ පැරැන්නෝ කොහොමද මේ දේවල් දැක්කේ? ඔවුන් සිය නායකයා වෙන්ව තරු වලට යන බව සිහියේ තබාගෙන සිටියේ ඔවුන් තරුවලින් පැමිණෙන්නන් දෙවි වරුන් ලෙසත් මරනින් මතු රජතුමා දෙව්ලොව යන බව විශ්වාස කල නිසාත්ද? එහෙමනම් මේ දෙවිවරු ඇත්තෙන්ම ආවේ රොකට්ටු වලින්ද?

මේ සාක්ෂි වලින් ඔප්පුවන්නේ මානව ඉතිහාසය සංස්කරණය විය යුතු බවද? නොඑසේනම් මේ මතවාද පිළිගන්න නුතන විද්‍යාවට බැරිද? ප්‍රශ්නය ඔබටයි ..

ප.ලි. : ඉරිදා පබ්ලිෂ් කරනවා කියා තිබුනාට මගේ ජාල සම්බන්ධයට හෙනහුරා පාත්වීම නිසා අද අඟහරුවාදා මෙය ඔබ අතරට පත්කරන්නට වීම සම්බන්ධව කණගාටුව පලකරමි.  


Sunday, November 27, 2011

IT ජීවිතේ



මධුරංග ගේ සටහන් ලියන මධුරංග මලය දමපු මේ පොස්ට් එකට රිප්ලයි විදියට ලියවුන එකක්..

සවර් ම 21 ක්,
ස්විච් නම් ලෝකයක්
ඇයි රවුටර්?
අය්යෝ....
ඒ මදිවට
පාස්වර්ඩ් කෝටියක්
මොනිටරුත් දෙකතුනක්
මැදිකරන්
තව ඉතින්
ගෝලයොත්...
සිස්ටම් ඉශු එද්දී
ඕන් කෝල් ඩියුටි වැටෙද්දී
මීටින්වල හිරවෙද්දී...
අවුල් වෙනවා පවුල්
හරියට,
තේරුම්
නොගත්තොත්
අපි ගෙවන ජීවිතේ
අඟල් 17 තිරෙන් පිට ලෝකයේ.......


ප: ප: ලි: කාල වෙලා මඳකම නිසා ප්‍රමාද වූ පිටසක්වල ජීවය ගැන ලියවුන ලිපි පෙලේ මීළඟ කොටස මේ ඉරිදා බලාපොරොත්තු වන්න. 

Saturday, November 5, 2011

පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද? I

පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.



පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන් වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක්  ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ.. 

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය  


පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?  


දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?


Saturday, October 29, 2011

සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව

පහත ලිපිය සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පලකොට තිබී කතෘගේ ලිඛිත අවසරය මත මෙහි නැවත පළකර ඇත. මුල් ලිපිය සඳහා සබැඳිය වෙත යොමුවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.


සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව
By DK, on October 28th, 2011

‎”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්තයේ මෑත දිනක සිට තහනම් කර ඇත.. එම ගීතයේ සම්භවය ගැන කවුරුන් මොන විශ්ලේෂණ ඉදිරිපත් කළත්, එය අධිරජ්‍යවාදී යුරෝපයට සහ ඇමරිකාවට වහළුන් ලෙස ගෙනා කළු අප්‍රිකානුවන්ගේ දරුවන්ට සහ අප්‍රිකාවේ සෙසු කළු දරුවන්ට සුදු ජාතිකයන්ට හිස නමා අවනතවීමට ඉගැන්වීම (වහල් මානසිකත්වය දීම) සඳහා කිතුණු පූජක වරුන් විසින් නිමවන ලද ගීයක් බව දන්නෝ දනිති.. එම ගීය තහනමට හේතු වූයේ එය නිසා කළු දරුවන් පාසැල් වලදී අපහසුතාවයට ලක් වන බවට කළු ජනතාවගේ සංවිධානයක් කළ පෙන්වා දීමය..




‎මේ පුවත ඇසූ මට, අපේ රටේ දරුවන් අතර තවමත් කෙරෙන “කං කං බූරු” නම් කවිය වටා ගොණු වූ අමන ක්‍රීඩාව සිහියට නැඟිණි.. ඒ ක්‍රීඩාවද පෘතුගීසින් විසින් සිංහල දරුවන්ට වහල් අවනත භාවය හුරු කරවීම සඳහා නිමවන ලද්දකි.. එහිම පිලිපීන අනුවාදයක්ද, මුරුසි අනුවාදයක්ද, ගෝවේ අනුවාදයක්ද ඇත..

‎”බා බා බ්ලැක් ෂීප්” ගීතයෙන් කළු නීග්‍රෝ දරුවන්ට ක්‍රිස්තියානියට කීකරු වීම මුලින් ඉගැන්වේ.. ක්‍රිස්තියානි බයිබලයේ ජනතා සමූහයන් “බැටළුවන්” ලෙස හැඳින්වෙන අතර ජේසුස් වහන්සේ, පේදුරු තුමන් ප්‍රධාන පූජකයන් සියල්ල “එඬේරුන්” ලෙස හැඳින්වේ.. (උදා: අපේ රටේ අග රදගුරු තුමෙකු පත් වූ විට, එතුමා හඳුන්වනු ලබන්නේ “කොළඹ එඬේරාණෝ” යනුවෙනි.. හලාවත රදගුරු වරයට පත්වුවහොත් “සලාපුර එඬේරාණෝය”.. ජේසුස් වහන්සේ “යහපත් එඬේරා” වෙති..) .. ඒ අනුව අඬ ගසන විට එයට අවනතව එන “බැටළුවන්” මුලින් හුරු කරන ලදී.. අනතුරුව එයට “බ්ලැක්” යන්න යෙදීමෙන්, “සුදු” සම ඇති අයට අවනත වන පණිවිඩය එයට කවන ලදී.. එවිට සුදු ජාතිකයන් යමක් අසන විට “Yes Sir, Yes Sir” කියා කීකරුව පිළිතුරු දීම හුරුවේ.. ඉන් පසුව ඔවුන් කරන්නට අණ කරන සේවාව කීකරුව ඔවුන්ට කර දීමට හුරු කෙරේ.. සුදු ජාතිකයන් “ස්වාමියන් ලෙස සහ ස්වාමි දියණියන්” ලෙස සැළකීමට හුරු කිරීමද මෙයට අන්තර්ගතය.. (“One for my master..” යනාදි වශයෙන්) .. අනතුරුව “One for the little boy who lives down the lane” යන පදයෙන්, “අනාගතයේ වැඩිහිටියන් වන්නට සිටින, වත්මන් සුදු ජාතික දරු පරපුරටද, එලෙසෙම දාස කම් කරන බවට” නීග්‍රෝ දරුවන් ලවා කියවා ගනිති..



‎අපේ සිංහල දරුවන් අතර තාමත් ජනප්‍රිය තකතීරු ක්‍රීඩාවක් වන “කං කං බූරු” ක්‍රීඩාවද එවැනිම සම්භවයක් සහිත ක්‍රීඩාවකි.. (එය ආවේද පල්ලියෙන් වග දන්නෝ දනිති..) .. පෘතුගීසියෙන් “බෝයිර්, බොයා, බූරු” ආදියෙන් හඳුන්වනු ලබන සත්වයාට අප “බූරුවා” කියන්නට පටන් ගත්තේ, ඒ බසෙන් ආ උරුමයක් ලෙසය.. “එන්න, එන්න” කීම, ලතිනාක්ෂර හෝඩිය කර ගත් පෘතුගීසි බසින්ද “කම්, කම්” (Come, Come) යන්නම වෙයි.. (මෙය ඉංග්‍රීසියෙන්ද මෙසේමය..) .. ඒ අනුව පාදිලි තුමා හෝ ඔවුන් පත් කරනු ලබන ගුරුවරයෙකු, සිංහල පැටවුන්ට “කම්, කම් බූරු” (මෙහෙ වරෙං බූරුවෝ) කියා අඬ ගසති.. පෘතුගීසි බසින් (සහ යුරෝපා භාෂා රැසකින්) “Si” යනු “‍ඔව්” (Yes) යන්නය.. එබසින්ම “සිංඥ්ඥෝරු” යන්න “මහත්තයා, උත්තමයා, උතුමා” (Mister, Lord, My Lord, Eminence) යන අරුත් සහිතය.. එවිට “සී, සිංඥ්ඥෝරු” යනු “ඔව් මහත්තයා හෝ ඔව් උත්තමයෝ” යන්න වන්නේය.. සිංහල පැටියාට “වරෙං වරෙං බූරුවෝ” කියන විට, ඒකා “ඔව්, උත්තමයෝ” කියාගෙන දුවගෙන එයි.. එතනින් එහාට “මම කියන දේ අහනවද?..” “ඔව්..” “එහෙනම් දුවලා, දුවලා ගිහින්..” ඒ කොටස් එලෙස සැකසී ඇත්තේ ඇයි දැයි දැනටමත් ඔබට වැටහී ඇතුවාට සැක නැත..

‎“බා බා බ්ලැක් ෂීප්” තුළින් පරම්පරා ගාණක් තිස්සේ ඔළුවට කවන ලද දෙය නීග්‍රෝ සහෝදරවරුන් ඔළුවෙන් බිමට බා ඇතත්, “කං කං බූරු” හරහා ඔළුවට ඔබන ලද දෙය තවමත් බා ගන්නට අසමත් ඇත්තෝ සුදු ජාතිකයන් කියන දෙය “විචාර බුද්ධියෙන්” නොබලා, දණ්ඩ නමස්කාරයෙන් පිළිගනිති..

Friday, October 28, 2011

වීකෙන්ඩ් ස්පෙෂල්

ඔන්න පලවෙනි එක ඊජිප්ෂන් කතාවක්..දවසක් ඊජිප්ෂන් එකෙක් උගේ ගේ ඉස්සරහ පත බෝඩ් එකක් ගහල නෝ බාර්කින් කියල. උගේ ගේ ඉස්සරහ ඒ එකමඩේෂන් එකේ උන් ඔක්කොම වාහන පාක් කරනවලු ටිකක් හෙවන හින්ද. ඕක ගහල දවස් දෙකකින් විතර මෙන්න මු පරල වෙලා වගේ ලංකාවේ එකෙක්ටයි ඉන්දියන් එකෙක්ටයි බනින්න තියාගෙන උන් වාහනේ පාක් කරලා යන්න හදද්දිම වගේ. 

හියර් නෝ බාර්කින් වයි යු බාර්ක්?  ඊජිප්ෂන් එකා අහනවා..  නෝ බාර්කින්?  ඕකේ.. නව් හූ බාර්ක්ඩ් ? යු ආර් ද වන් හූ බාර්ක් ඇට් අස්... ඉන්දියන් එකයි අපේ එකයි ගේම අතාරින්න ලෑස්ති නෑ

අයි නෝ බාර්ක්. සී අයි රයිට් නෝ බාර්ක්. යු බාර්ක් කාර් හියර්.. හියර් නෝ බාර්ක්... නෝ... බාර්ක් ඌ කෑගහනවා.. අපේ එකාට එක පාරම මීටර් වෙලා මු මේ කියන්නේ කාර් එක පාර්ක් කරන්න එපා කියල නේද කියල. ඌ අහල යු ඩෝන්ට් වෝන්ට් අස් ටු පාර්ක් හියර් ? යස් යස් නෝ බාර්ක් හියර්.. ඒ පාර ඊජිප්ෂන් කාරය කියනවලු..

මොකද දන්නවද සීන් එක.. අරාබි බාෂාවේ පී අකුර නෑ, තියෙන්නේ බී.. ඌ ඉතින් දන්නා අරාබි විදියටම නොදන්නා කඩ්ඩෙන් නෝ පාර්කින් කියල ලියල.

ඔන්න මේක පිලිපින් කතාවක්...මට මේ ලඟදි උන දෙයක් මේක. අපේ ඔෆිස් එකේ එකියක් කෑමක් හදාගෙන ඇවිත් ඒ මොකද්ද කියල ඇහුවාම කියනවා දිස් ඉස් ඉන්කාන්.. ඉන්කාන්.. දිස් ඉස් බ්‍රසිල් ෆූඩ් කියල. . මං හිතුවෙම මේ කෑමේ නම ඉන්කාන් කියල,.. කොයිකටත් මං තව ටිකක් විස්තර අහන්න ගත්ත..... එකී කියල තියෙන්නේ ඉන් කෑන්, ඉන් කෑන්.. කියල.. බැලින්නං මේ කෑන් කරපු කෑම ජාතියක් නේ.

තවත් කතා එමටය.. මතක් වන පිළිවෙලට දාන්නං  

Thursday, October 27, 2011

ඔෆිස් එකේ රස කතා..


අද පොස්ට් එක වෙන් වෙන්නේ ලේබනානියෙක් ගැන කියන්න. මං මේ පොස්ට් එකේදී උගේ ඇත්තම නම පාවිච්චි කරන්නේ ඌ කවදාවත් බ්ලොග් කියවන්නෙත් නැති ඒ වගේම කියෙව්වත් මේකට මේක මලාට තේරෙන්නෙත් නැති හින්ද..

අපේ කතා නායකයා තමා බෂීර්. මිනිහ අපේ බේකරියේ පේස්ට්‍රි චෙෆ්. පොර ලෙබනන් වල හෙන ලොකු හෝටල් වල වැඩ කරලාලු  ඇවිත් තියෙන්නේ. ඒ උනාට කඩ්ඩ නම් සුපිරිම කඩ්ඩක්...  ඔන්න දවසක් මුට කවුදෝ කස්ටමර් කෙනෙක් කේක් එකක් හදන්න ඕඩර් එක දීල ගිහින් ළමයාගේ උපන්දිනේට. කොල්ල ඉල්ලලා තියෙන්නේ තද රතු ෆෙරාරි කාර් එකක් කේක් එක හැටියට. ඔන්න ඉතින් අපේ මෑනුත් වැඩේ පටන්ගෙන දැන් කේක් එක එහෙම හදල ගානට කපල කොටලා වටේ අයිසින් කරන්න සෙට් වෙනවලු.. ඔය අස්සේ බේකරියේ ඇසිස්ටන්ට් පේස්ට්‍රි චෙෆ් ඔතනට සෙට් වෙලා. ඌ ජේම්ස් කියල මීගමුවේ කොල්ලෙක්.. ඌ අහල චෙෆ් ඩු යු නීඩ් එනි හෙල්ප් කියල?

අපේ චෙෆා දැන් ජේම්ස්ට කියනවලු..       යු.. යු.. පුට් රෙඩ්,. නොට් රෙඩ්.. රෙඩ් රෙඩ් රෙඩ් කියල.. 

ජෙමා ඇඩ්රස් නැතුව කල්පනා කරනවලු මොනවාද මුට මේ ඕනේ කියල ...මොනාද දන්නවද මු කියල තියෙන්නේ?

මේ කාර් එකට තද රතු පාට දාපන් කියල..  (යු -මේ | යු - කාර් එක | පුට් රෙඩ් - රතු පාට දාපන් | නොට් රෙඩ් - රතු නෙවේ | රෙඩ් රෙඩ් රෙඩ් - තද රතු..)

ඔන්න තවත් දවසක් අපේ චෙෆා කේක් පෙට්ටි ඕඩර් කරන්න වෙයර්හවුස් එකට කතා කරලා. මෙහෙ කේක් පෙට්ටි ස්මෝල් මීඩියම් ලාජ් කියල සයිස් තුනකින් තියෙන්නේ. ඉතින් ඌට ඔය සයිස් ඔක්කොමත් දැන් ඕනෙලු . ඉතින් මු දැන් වෙයර්හ්ව්ස් එකට කෝල් කරලා කියනවලු..

නලින්, යු සෙන්ඩ් ස්මෝල්, බිග් ,බිග් බිග් බිග්, ටුඩේ මෝල්

හරිනේ.. අපේ නලියා ෆුල් මෝල් වෙලා පැයබාගයක් විතර කල්පනා කරනවලු මොකද්ද කරන්නේ.. මොනවාද දැන් ඌ යවන්න ඕනේ කියල. අනිතිමට පොර හැම සයිස් එකක්ම යවල වැඩිනම් යේ එවයි නේ කියල..

මොකද දන්නවද සීන් එක?
මු මීඩියම් එකට කියන්නේ බිග්.. ඉතින් ආයේ එතනින් එහාටත් සයිස් තියනකොට කියාගන්නත් එපායේ.. ඒ හරියට මූ කියල තියෙන්නේ බිග්  බිග්  බිග්  කියල..

Tuesday, October 25, 2011

බයිසිකල් හදිය...

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්......අනික හෙන දිග ගමනක් ....

ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහා පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු.....කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු. පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඉතින් පාර අයිනෙන් ඇන බාගෙන ඉන්නවලු..

ඔහොම පැයක් විතර ඉන්නකොට ඔන්න බොලේ පිඹගෙන එනවලු රතු පාට Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ. වෙන වාහනෙකුත් නැතිව කරන්න දේකුත් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස්.. සස් .. ගාල බ්‍රේක් පාරක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"
"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෑක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....

මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ..... ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද?? යමන් මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල රේස් කරන් ඇද්දුවේ නැතෑ.....


ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."වේගේ වැඩී .වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල එක සීරුවට... අත කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ... ඌ BMW එක පස්සේ ඔරේ තියල  පාගනවලු.
 
ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු


" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...." 

(මේක මං ඊයකින් උපුටාගෙන සුළු සාරාංශයක් කරන ලදී. සියලු හිමිකම් මේක ඔරිජිනල් ලියපු එකාගේය)