හොඳ කැමරාවක් ගමු ද එහෙනං?
 |
පින්තුරය : ගූගල් වෙතින්.. |
අද
කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ කැමරාවක් ගන්නේ කොහොමද සහ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ
දේවල් සමුහයක් ගැන. හොඳ කැමරාවක් විදියට මම මෙතන හඳුන්වා දෙන්න යන්නේ අපි කතාකරපු
DSLR වර්ගයේ කැමරාවන්.
මොකද
මේ DSLR එකක්ම?
මේ
වර්ගයේ කැමරා වලදී කැමරාවේ ද්වාර වේගය, කාච විවරය සහ පටල වේගය (Shutter Speed,
Aperture and ISO) පාලනය කරන්න වෙන වෙනම හැකියාව තියනවා. ඒ එක්කම තවත් අතිරේකව
කැමරාවේ නිරාවරණ මීටරය මගින් සහ ආලෝක මීටර මගින් කැමරාවෙන් හොඳ තත්වයේ රූපරාමු
ලබාගන්න අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරන්න හැකියාව මේ සමගින් ලැබෙනවා.
තව
දුරටත් කතා කරද්දී මේ වර්ගයේ කැමරා වල අපිට පෙර සැකසුම් කර නැති, ගොනුව හකුළුවා
නැති දල රූප (lossless uncompressed RAW) විදියට පින්තුරු ලබාගන්න පුළුවන්. මේ
පින්තුරු වලින් අපිට ඇඩෝබි ලයිට්රූම්, ඇඩෝබි කැමරා රෝ සහ ඇඩෝබි ෆොටෝෂොප් වලදී අවශ්‍ය
පරිදි සංස්කරණය කරන්න, සැකසුම් සිද්ධ කරන්න ඉතාම ඉහල හැකියාවක් ලැබෙනවා.
මිල
පරාසයන් ගත්තොත්?
ලංකාවේදී
නම් මිල රුපියල් 30000 සිට ඉහළට දකින්න පුළුවන්. ඉතාම ඉහල මට්ටමේ වෘත්තීය කැමරා
නම් රුපියල් ලක්ෂ හතකට (Nikon D4s | Canon 1Dx) වඩා වැඩි මුදලක් වෙනවා. එත් අපිට
අවශ්‍ය සරල කැමරා. ඔබට පසුව ඔබේ අවශ්‍යතා මත වෙනත් කැමරාවකට මාරු වෙන්න පුළුවන්.
ඔබට
අවශ්‍ය නම් ඔන්ලයින් ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ද ඇනවුම් සිදු කරන්න පුළුවන්. මිල
නම් ටිකක් අඩුයි එත් වගකීම් සහතික ගැන නම් බොහෝ තැන්වලදී කියන්න බෑ. එත් වැදගත්
තැනකින් මිලට ගත්තොත් වගකීමක් ද සහිතයි. වැඩේ තියෙන්නේ
මොනවාද
ඉතිං හොඳ කැමරා ජාති?
වඩා
ප්‍රසිද්ධ නං ඉතිං කැනොන් හෝ නිකොන් කියන වර්ග දෙක. එත් ඒ දෙකෙනුත් වඩාත්ම හොඳ එක
තෝරනවා කියන්නේ නං සංකීර්ණ ප්‍රශ්නයක්. බොහෝ වේලාවට අපි දකින දෙයක් තමයි කැනොන්
කැමරා මෙන්ම නිකොන් කැමරා ද එක හා සමාන ලෙස වෘත්තීය මට්ටමේ දී භාවිතා වෙනවා කියන
දේ. ඇත්තෙන්ම කැනොන් කැමරා මිලෙන් ටිකක් අධිකයි. ඒ වගේම ලෙන්ස් වල ද මිල ටිකක්
නිකොන් වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ එක්කම බොහොමයක් කැමරා ඉහල පටල වේගවලදී වඩා හොඳ
සංවේදීතාවයක් දක්වනවා. තව දෙයක්, කැනොන් කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි වලට
ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතාව සඳහා සහය දක්වන්නේ නෑ.
නිකොන්
කැමරා ද මීට දෙවැනි වන්නේ නෑ. එහෙම නැතිනම් ඉතිං ඔවුන්ට ද පැවැත්මක් නෑ නේ? ඔවුන්ගේ
මිල මට්ටම ටිකක් පහලින් තියන අතර ලෙන්ස් ද සාපේක්ෂව මිල අතින් පහලින් තියනවා.
නිකොන් වර්ගයේ කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි සඳහා ක්‍රොප් මෝඩ් ලෙන්ස්
භාවිතය අනුමත කරන අතර ඒ ලෙන්ස් කැමරාව විසින්ම හඳුනාගෙන ඊට අනුකූලව කැමරා බොඩිය
සකස් කරනවා.
මේ
සියල්ලටම පසුව ඒ ඒ නිෂ්පාදකයා තමන්ගේ එක් එක් කැමරා මොඩලයන් සඳහා විවිධ පහසුකම්
සලසා දෙන අතර ඒවා ද අවශ්‍යතා මත එකිනෙකාගේ තෝරාගැනීම් වෙනස් කරන්න සමත් වෙනවා.,
උදාහරණයක් ලෙස, නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝකයක් (ෆ්ලෑෂ්) එකක් අඩංගු අතර කැනොන්
6D හි ඒ පහසුකම ලබා දි නෑ. එසේම නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝක පද්ධතිය දුරස්ථ
ක්ෂනිකාලෝක පද්ධති (Off camera Flash commander) මෙහෙයවීම සඳහා සහය ලබා දෙනවා.
කැනොන් හි දී ඒ පහසුකම ද ලබා දී නෑ.
පාවිච්චි
කල එකක් ගන්න බැරිද?
මොකද
බැරි? ඒත් ඒ සඳහා ඔබ දැනුවත් වී සිටිය යුතුයි. ඒ කියන්නේ ඇතැම් කැමරා වල නිෂ්පාදන
දෝෂ මත වන දොස් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වෙළඳපලට අඩු මිලට එනවා වෙන්න පුළුවන්.
මීට හොඳම උදාහරණය නිකොන් සමාගමේ D600 කැමරාව. මේ කැමරාවේ ෂටරයේ තෙල් / දුවිලි අංශු
බැඳීමක් සිද්ධ වෙනවා. ඒ නිෂ්පාදන දෝෂයක් විදියට. ඉතිං අද මේ කැමරා ගන්න කෙනෙක් නෑ.
නිෂ්පාදකයා මේ මොඩලය තවදුරටත් විකුනන්නෙත් නෑ. ඒ හේතුවෙන් භාවිතා කල, දෝෂ සහිත
කැමරා අද බොහෝ දෙනා විකිණීමට උත්සාහ කරන කාලයක්.
නමුත්
ඇතැම් දෙනා මේ දෝෂය සලකන්නේ නෑ. මේ දෝෂය ෆොටෝෂොප් මගින් ඉවත් කරන්න හැකිය කියන තැන
ඔවුන් ඉන්නවා. එත් ඉතිං දෝෂ තියන කැමරාවක් මොකට ගන්නවද නේද?
ඉතිං
ඔය දේවල් පේනවද?
ඔව්.
මේ දුවිලි / තෙල් අංශු නම් පේන්නට තියෙනවා. එත් ඒ සඳහා සේයාරුවක් ගෙන පරික්ෂා
කරන්න ඕනේ. ඒකත් පරිඝනකයෙන්. මොකද කැමරාවේ ඩිස්ප්ලේ එකේ දී දැක්කට අපිට මේ දෝෂ
හරියටම පේන්නේ නෑ. නමුත් සෙන්සරය මත ඇති දුවිලි බැඳීම්, කැමරාවේ වැටීම් තැලීම් නම්
බලන්න පුළුවන්.
සෙන්සරයේ
දුවිලි පරික්ෂා කරන්න නම් කැමරාවේ සෙන්සරය තිබෙන කුටිය විවර කර පරික්ෂා කරන්න ඕනේ.
සාමාන්‍යයෙන් සෙන්සරය තියෙන්නේ කැමරාවේ ටිකක් ඇතුලේ, ඒ කියන්නේ ෂටර් කර්ටන් එක සහ දර්පණ
කොටසකට පසු. ඉතිං ඒ නිසා කැමරාවේ සෙන්සරය ක්ලීනිග් මෝඩ් එකට දාල තමයි බලන්න
වෙන්නේ.
දෙවනුව
කැමරාවේ පවසන ආයු කාලය හා සාපේක්ෂ ගෙවීම් සීරීම්. ඒ ගැන නම් ඉතිං බලන්න ඕනේ
කැමරාවේ පිටත පෙනුම. විශේෂයෙන්ම කැමරාවේ පටිය හා ඒ ආසන්න කොටස්. මේවා ක්ෂය වෙලා
නම් කැමරාව භාවිතයේ හොඳින්ම තිබුණු එකක්. බොහෝ විට පටිය අලුත් මෙන් පෙනුනද ඒ ආසන්නයේ
ගෙවීම් දකින්න පුළුවනි.
තව
එකක්, කැමරාවේ ෂටරයේ සටහන් වෙනවා එයින් ලබාගත් පින්තුරු ගණන. මේ තුලින් කැමරාවේ
ෂටරයේ ආයුකාලය සහ භාවිතයේ දී (නිෂ්පාදකයා කියා තිබෙන පරිදි ෂටරයේ ආයු කාලයට
සාපේක්ෂව ) කොතරම් පින්තුරු ගණනක් ලබාගෙන ඇතිද යන වග සොයාගන්න පුළුවන්.මේක බලන්න ඕනේ
නං කැමරාවෙන් ගත් පින්තුරයක් මේ පහල සටහන් කර ඇති වෙබ් අඩවි වෙත ගොස් ඒ ඇති
මෘදුකාංග භාවිතා කරලා ලබාගන්න පුළුවන්. නමුත් මේ කාලයන් සාපේක්ෂයි. ඔබ වාසනාවන්ත
නම් මේ කාලයට වඩා කාලයක් ඔබට ඔය කැමරාව භාවිතා කරන්න පුළුවනි. අවාසනාවකට හෝ මේ
කාලය තුලදීම ෂටරය දෝෂ සහිත වුවොත් කරන්න තියෙන්නේ ෂටරය මාරු කරන එක. හරිම සිම්පල්
ප්ලෑන් එකක් නේ?
වැදගත්
දේවල් ටිකක්...
කැමරාවක්
ගන්න වෙලාවක ටිකක් ඒ ගැන දන්නා කෙනෙක් ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක් එක්ක යන්න.
විශේෂයෙන් භාවිතා කල එකක් ගන්නවා නම්. ඒ එක්කම මතක තියාගන්න, ලෝකේ තියන හොඳම
කැමරාවට බෑ හොඳම ජායාරුප ශිල්පීන් බිහි කරන්න. නමුත් ලෝකේ තියන නරකම කැමරාව වුනත්
හොඳ ඇහැක් තියන ශිල්පියෙක් ගත්තොත් ඒ කැමරාව භාවිතා කරලා හොඳ මට්ටමේ සේයාරූ නම්
ලබා ගනීවි. ඒ කියන්නේ ඔබ අතේ තියන කැමරාව තමා හොඳම කැමරාව..
මෙතනදී
කැමරා කියා අප හඳුන්වා දී ඇත්තේ කැමරා බොඩිය පමණක් වන බව සලකත්වා. හේතුව කැමරාව තරමක් වෘත්තිමය පැත්තට බර වූ විට
කැමරාව සමග බොහෝවිට ලේන්සයක් නොලැබේ. ඔබට ඒ සඳහා අවශ්‍ය ලෙන්ස් මිලදීගත යුතු වේ.
ලේන්සයන් සමගින් කැමරා පැකේජ ඇතත් ඒ මුදල බොහෝ විට වෙනත් දෙයක් සඳහා යොදාගත හැකිය.
එහෙම
නම් ඊලග කොටසෙන් හමුවෙමු ලෙන්ස් ගැන කතා කරන්න.... එතෙක් ආයුබෝවන්.
කැමරාවේ
ෂටරයේ ආයුකාලය දැනගන්න මෙතනට යන්න..