Sunday, May 27, 2012

හිට්ලර් දිවි නසා ගත්තාද ? නැතිනම් පලා ගියාද?

දෙවැනි ලෝක යුද්ධය. ලෝකයේ මිනිසුන් ලක්ෂ ගණනාවකට මරු කැඳවූ හා ලෝකයේ ආයුධ නිෂ්පාදනයේ විශාල වෙනස්කම් රාශියක් එකතු වුනු සමයක් මේ යුද්ධය. මේ යුද්ධයේ ජර්මානු නායකයා උනේ ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු 1945 දී සිය දිවි නසාගත් බව සඳහන්. නමුත් එවකට ලෝකයේ මහා බලවතෙක් මෙන්ම තාක්ෂණය අතින් දියුණු වූ රටක් පාලනය කල හිට්ලර් වන්නෙක් සැබවින්ම එසේ සිය දිවි නසා ගත්තාද? අද ලිපිය ඒ ගැනයි.


අප්‍රේල් 30, 1945 : හිට්ලර් සහ ඔහුගේ දිගු කාලින සහයිකාව ඊවා බ්‍රවුන් fuhrerbunker නම් භූගත බංකරයේ හිට්ලර් හට අයත් වූ කොටසේ දී දිවි නසාගත්තා..  ඊවා බ්‍රවුන් මියගියා යයි සැලකෙන්නේ සයනයිඩ් විෂවීමකින්. හිට්ලර් වෙඩි තබාගෙන දිවි නාසාගෙන. ඒත් කවුරුත් වෙඩි තබාගන්නවා දැක්කේ නෑ. කිසිම ශබ්දයක් ඇහුන බවට වාර්තා වෙන්නෙත් නෑ (එකිනෙක පරස්පර කට උත්තර අවසානයට බංකරයේ සිටියවුන් විසින් ලබා දීම මේ කතාව සම්බන්ධව ගැටළු සහිත බව මතු කරනවා). කිසිම පින්තුරයක් වෙඩි තබාගත් වෙලේ අරගෙනත් නෑ. හිට්ලර්ගේ සහායකයෝ ඒ මල මිනි දෙක, හිට්ලර් අවසානයේ හිටියා යයි සැලකෙන බංකරයේ දොරටුව කිට්ටුවෙන්, රුසියන් හමුදාව එල්ල කල කාලතුවක්කු ප්‍රහාර වලින් හැරුණු වලක දාලා, පැට්‍රොල් වලින් පොඟවලා පුළුස්සා දාලා තියනවා. නමුත් මුළුමනින්ම පිළිස්සීමට නොහැකිවූ මේ මල සිරුරු හිට්ලර්ගේ සහායකයින් විසින් නැවත වල දැමීමක් කරනවා.

මල සිරුරු පිලිස්සුවේ මෙහිය. (හදිසි දොරටුව ඉදිරිපස)

හිට්ලර් රැඳී සිටි බංකරයේ හදිසි දොරටුව.(වම් පස)

මැයි 2, 1945: සෝවියට් හමුදා හිට්ලර්ගේ භූගත බංකරයට කඩා වදිනවා. මැයි පලවෙනි දා දක්වා බංකරය අල්ලාගන්නට නොදී 33 වන වෆන් එස්.එස් රෙජිමේන්තුවේ ප්‍රංශ ස්වෙච්චා සෙබළු එහි සටන් වැදී තියනවා. එසේ කඩා වැදුණු සෝවියට් හමුදාවට අඩක් දැවුණු හිට්ලර්ගේ මල සිරුර හමුවෙනවා. මේ තියෙන්නේ ඒ පින්තුරය. (සෝවියට් හමුදාව ගන්නා ලද)

ඔවුන් හිට්ලර්ගේ මල සිරුර නැවතත් ඔවුන්ගේ ස්මෙර්ෂ් ඒකකයේ මැග්ඩෙබර්ග් ශාඛා පරිශ්‍රයේ වල දමනු ලබනවා. 1970 අප්‍රේල් 4 වැනිදා ඔවුන් මේ මල සිරුරු කොටස් ගොඩ ගෙන පුළුස්සා එල්ම් ගංගාවට දැමු බව කීවත් නැවතත් රුසියාව වසර 2000 දී පැවසුවේ හිට්ලර් ගේ හිස් කබලේ කොටසක් සහ ඔහු අවසන් වරට සිටි බංකරයේ තිබු කවිච්චියක රුධිර පැල්ලම් සහිත කොටසක් තවමත් ඔවුන් සතු බවයි. ඒ හිස්කබලේ නළලේ වූ වෙඩි සලකුණ ඔවුන් හිට්ලර් දිවිනසා ගත් බවට වූ සාක්ෂි සමගින් ගැලපුවා. ඒ පිලිබඳ පර්යේෂණයක් කිරීමට ඇමරිකාවේ කනෙක්ටිකට් සරසවියේ පර්යේෂකයින් පැමිණියත් රුසියන් අධිකාරීන් ඔවුන් හට පරීක්ෂණය සිදු කිරීමට දුන්නේ එක පැයක් පමණයි. ඒ පැයේදී ඔවුන් හිස් කබලේ සාම්පල් කොටස්, ජායාරුප හා රුධිරය තැවරුණු කවිච්චියේ සාම්පල් ලබාගත්තා. ඒ සාම්පල් නිරීක්ෂණය මගින් ඔවුන් පැමිණියේ මේ හිස්කබල වයස 20 ගණන් වල සිට 40 ගණනක් වූ ගැහැණියකගේ බවයි. රුධිරය ගෑවුණු කවිච්චියේ රුධිර පැල්ලම් පිරිමි රුධිරය ගෑවු ඒවා බව පරීක්ෂකයින් සොයාගත්තත් හිට්ලර්ගේ ඥාතීන් විසින් DNA සාම්පල ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හඳුනා ගැනීමට නොහැකි උනා. කොහොම වුනත් හිට්ලර්ගේ මරණය පිළිබඳව අද පවතින මතය නිර්ණය කරපු එක්සත් රාජධානියේ මේජර් හියු ට්‍රැවරූපර් හට වුවත් හිට්ලර්ගේ fuhrerbunker නම් භූගත බංකරයට ඇතුළුවීමේ අවස්ථාව එවකට ඒ බංකරය පාලනය කල රුසියානුවන් ලබා දීල නෑ 


හිට්ලර්ගේ යයි රුසියාව කියන හිස් කබල.

ඒත් අපි කියන්නේ හිට්ලර් 1945 දී පලා ගියා මිසක් මිය ගියේ නෑ කියන එක. බොහෝ දෙනා කියන්නේ හිට්ලර් අප්‍රේල් 30 වෙනිදාට පෙරම පලා ගිය බවයි. ඒ කුඩා ගුවන් යානාවකින්.

1945 අප්‍රේල් 26 වැනිදා: හිට්ලර් විසින් හිම්ලර් ගෝරින් ලුෆ්ට්වාෆා ගුවන් බලකායෙන් ඉවත් කරනවා. ඒ ඔහු සාම සාකච්ජා සඳහා ගත් ප්‍රයත්නයන් හෙළිවීමෙන් අනතුරුව. ඒ වෙනුවට කර්නල් ජෙනරාල් රොබට් රිටර් වොන් ග්‍රේම් පත් කරනවා. ඔහු පත්වීම භාර ගන්නට හිට්ලර් හමුවට හැනා රයිච් සමගින් කුඩා ගුවන් යානයකින් හිට්ලර්ගේ බංකරය වෙත ගොඩ බසිනවා. ඔවුන් නැවතත් 1945 අප්‍රේල් 29 වැනිදා කුඩා ගුවන් යානයකින් බංකරයෙන් පිට වෙනවා. හැනා රයිච් 1979 මරණයට පත්වන තුරුම උග්‍ර නාසි වාදී කාන්තාවක්. ඒ වගේම ඈ බර්ලිනය රුසියානු හමුදා වට කරගෙන ඉඳිද්දී තමයි මේ ගමන එන්නෙත්, ඇවිත් නැවතත් යන්නෙත්. නමුත් හැනා රයිච් තමා සමග හිට්ලර් කිසිදා නොපැමිණි බව කියනවා.

ජර්මනිය කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී වැඩිම සබ්මැරීන භාවිතා කල රටක්. යුබෝට් (unterseeboat )  නමින් ඔවුන් හැඳින්වූ සබ්මැරීන ඉන්දියන් සාගරයේ පවා මෙහෙයුම් කටයුතු සිදු කර තියනවා. එවන් රටක නායකයෙක් මෙසේ දිවි නසා ගැනීම ප්‍රහේලිකාවක්.

ජුලි 10, 1945: ජර්මන් U -530 සබ්මැරීනය ආර්ජන්ටීනාවේ මාර් ඩෙල් ප්ලටා මුහුදෙන් මතුවී යටත් වෙනවා. මේ සබ්මැරීනය මුහුදෙන් මතුවන්නේ යුද්ධයෙන් මාස 2 කට පසුවයි. මේ සබ්මැරීනයේ කපිතාන් දෙවැනි ලුතිනන් ඔටෝ වර්මුත් සහ කාර්ය මණ්ඩලය සතුව කිසිදු හැඳුනුම්පතක් තිබී නෑ. ඒ එක්කම ඒ යාත්‍රාවේ ලොග් පොත යටත් වූ මොහොතේ තිබී නෑ. ඒ වගේම යාත්‍රාවේ තට්ටුවේ සවි කර තිබු මිලිමීටර් 105 තුවක්කුව යාත්‍රාවේ බර සැහැල්ලු කිරීමට ගලවා දමා තිබුනා. ඒත් මේ කිසිවකට හේතු යාත්‍රාවේ කපිතාන් ලබා දී නෑ. යාත්‍රාව කොහේ සිට ආවාදැයි කිසිවෙකු මෙතෙක් හෙළි කරගෙන නෑ.

U-530 සබ්මැරීනය ඇමරිකානු හමුදාව භාරයේදී.

මේ සබ්මැරීනයට අමතරව ජර්මන් U-977 සබ්මැරීනය නොර්වේ සිට පිටත් වී 1945 අගෝස්තු 17 වන දින නැවතත් මාර් ඩෙල් ප්ලාටා මුහුදු වෙරළින් මතු වෙනවා. ඒත් මේ සබ්මැරීනයේ කිසිවක් අඩු වෙන්නේ නෑ, ඒ වගේම එහි කාර්ය මණ්ඩලය චන්දයකින් පසුව මෙහි පැමිණීමත් විශේෂිත කාරණයක්. සම්පුර්ණ ලොග් පොතක්, ආයුධ හා වෙනත් සියල්ල එහි කපිතාන් වරයා යටත් වූ මොහොතේ අර්ජන්ටීනියානු නාවික හමුදාවට බාර දෙනවා.

මේ සබ්මැරීන ගමන් වලට අමතරව 1944 ජුලි 3 වැනිදා හෝ ඊට පෙර ජර්මානු බුද්ධි අංශය විසින් සැන්ටා බාර්බරා නම් රුවල් යාත්‍රාවක් මගින් සියලු උපාංග සහිත ජර්මන් ඔත්තු කරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ගොඩ බස්වනවා. ඒ පුන්ටා මොගෝටෙස් වෙරළ තීරයට. සම්පුර්ණයෙන්ම සාර්ථක මෙහෙයුමක් වූ මේ සම්බන්ධව මිත්‍ර පාර්ශවය දැනගන්නේ මාස කීපයකට පසුව වීම මෙහි විශේෂත්වයයි. මේ එතරම් ප්‍රචලිත නොවූ ගොඩ බැස්වීම අපිට ඉතා වැදගත් වුවක්. ලෝක යුද්ධය පැවති වකවානුවේ පවා මේ කොටසේ ආරක්ෂක හිදැස් තිබුණු බව මේ කරුණ ඔස්සේ කියවෙනවා. 

දැන් අපි බලමු මේ ගොඩ බැස්වීම් සිද්ධ කල අර්ජන්ටීනාවේ දේශපාලන හා සාමාජීය පසුබිම. 1944 ජුලි 8 වැනිදා උප ජනාධිපති ලෙස බලයට පත්වන ජුවාන් පෙරොන් ආර්ජන්ටීනාවේ එක වැදගත් නායකයෙක්. 1946 ඔහු ආර්ජන්ටීනාවේ ජනාධිපති බවට පත් වෙනවා. එහි 1955 වනතුරු රැදී සිටීමට ඔහු සමත් වෙනවා. 1939 දී හමුදා සේවයේ දී සිටියදී යුධ කටයුතු පිලිබඳ අමාත්‍යංශය මගින් කඳුකර යුද්ධෝපක්‍රම හැදෑරීමට ඉතාලියානු ඇල්ප්ස් කඳු වෙත යවනු ලබන ඔහු එහිදී ටියුරින් විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඔහු මුසෝලිනි පාලන තන්ත්‍රය පිළිබඳවත් ජර්මානු පාලන තන්ත්‍රය පිළිබඳවත් හැදෑරීමක් කරනවා. ඔහු එහිදී ඒ පාලන ක්‍රම ඇගයීමකට බඳුන් කරනවා.

සාමාජයීය වශයෙන් ගත් කල අදටත් ආර්ජන්ටීනාව තුල ජර්මානුවන්ගෙන් පැවතෙන්නන් විශාල ප්‍රමාණයක් රැදී ඉන්නවා. ඔවුන් ලක්ෂ 4 ත් 5 ත් අතර ප්‍රමාණයක් අතර අදටත් කතාකරන්නේ සාමාන්‍ය ජර්මානු භාෂාවයි. 1945 දී පවා මේ තත්වය වෙනස් වන්නේ ඉතා සුළු වශයෙන්.

හරි එහෙනම් අපි මේ කොටස් දෙක දැන් එකිනෙක සම්බන්ධ කරමු. ජනාධිපති ජුවාන් පෙරොන් ගේ පාලනය යටතේ වූ ආජන්ටීනාවට යුද්ධයෙන් පසු බොහෝ ඉහල පෙලේ SS නිලධාරින් පැනගනු ලැබුවා. ඉනුත් ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයා වන්නේ ඇඩොල්ෆ් අයික්මාන්. ඊට අමතරව හිට්ලර්ගේ අවුස්විච් වධකාගාරයේ මිනීමරු දොස්තර ජෝශප් මෙන්ගල් ඇතුළු බොහෝ දෙනා දකුණු ඇමරිකාව හරහා පලා ගියවුන්. මේ අනුව පැහැදිලි වන්නේ ආර්ජන්ටීනාව නාසීන් හට රැකවරණ සැපයු තැනක් බවයි.

ඉතින් මේ අනුව ගත්කල ඇඩොල්ෆ් හිට්ලර් හට නාසි ජර්මනියෙන් පලාවිත් ආර්ජන්ටීනාවටද එතනින් වෙනත් දකුණු ඇමරිකානු රටක් හරහා වෙනත් රටකට පලා යාමට හෝ ඒ රටේම විසීමට කිසිඳු බාදාවක් නැති බව පෙනී යන කරුණක්. මේ බවට ඇමරිකානු FBI සංවිධානයට විශාල වශයෙන් ලැබුණු වාර්තා පෙන්විය හැකියි. ඒ වාර්තා වලින් කියවුනේ හිට්ලර් කොලොම්බියානු රටක ජීවත් වෙන බවයි.

එහෙනම් මියගියේ කවුද? මේ ප්‍රශ්නයට උත්තර සැපයීමේදී මට ඔබව 1944 ජුලි මස 20 වැනි දිනට ගෙනයාමට සිද්ධ වෙනවා. එදා පෝලන්තයේ රස්ටෙන්බර්ග් හි පිහිටි හිට්ලර්ගේ වුල්ෆ්ස් ලෙයාර් නම් බංකරයේ යුධ සැලසුම් කාමරයේදී හිට්ලර් ඔහුගේම නිලධාරින් විසින් අටවන ලද බෝම්බයකින් දිවි ගලවාගන්නවා. මේ සිද්ධිය නිසා බිය පත්වන හිට්ලර් තමන්ගේ බොඩි ඩබල් භාවිතය (එනම් තමන්ට සමීප රුවක් ඇත්තෙකු තමා වෙනුවට භාවිතය ) වැඩි කරලා තිබෙනවා. මේ බවට අනියම් සාක්ෂියක් වන්නේ රුසියානුවන් සොයාගත් මල සිරුර අඟල් 2ක් කොට බව සොයාගැනීමෙන්.

ඉතින් එහෙනම් හිට්ලර් දෙවන ලෝක යුද්ධයෙන් මියගිහින්ද? නැතිනම් මැරුණේ යුද්ධයට පසුවද? තීරණය ඔබට භාරයි.

Tuesday, May 22, 2012

හොල්මනක් දැක්කෙමි.

ඉස්සරවෙලාම මේ මම කියන්නේ මගේ ම අත්දැකීමක්. කුරුන්ද ලියන සෙන්නා ලියපු මෙන්න මේ පොස්ට් එක හින්ද තමයි මම මේ සිද්ධිය මතක් කරගත්තේ.


පින්තුරය ගුගල් දෙවියන්ගෙනි.




මේ සිද්ධිය සිද්ධ උනේ 1997 හරි 1998 දී හරි. එතකොට ගම්පොල නුවර පාර විශාල කරන ව්‍යාපෘතිය පටන්ගෙන ඉබි ගමනින් ඇදෙමින් තිබුණු කාලේ. ඉතින් ඔය වෙද්දී පාර දෙපැත්තේ තිබුණු ඉඩම් වල කොටස් අත්පත් කර ගැනීම් වගේම අත්පත් කරගත්තු කුඹුරු ඉඩම් ගොඩකිරීම් එහෙමත් හෙමින් හෙමින් වෙමින් තමයි තිබුනේ. මේ කියන දවස් වල ගම්පොල නුවර පාරේ ගමන් කරපු අයට සමහර විට මතක ඇති පාරේ ගම්පොළට යනකොට වම් අත පැත්තේ තිබුණු සමහර කුඹුරු පාර මට්ටමට නැතුව ටිකක් පහතට හිටින්න අඩි තුනක විතර තීරුවක් ගොඩ කරලා තිබ්බ බව. ගුරු පාට පස් වලින් අඩි තුන හතරක් පළලට ගොඩ කරපු ඒ කොටස, ඒ දවස් වල පොඩි කොල්ලෝ වෙච්ච අපිට ක්‍රිකට් ගහන්න බයිසිකල් පදින්න කියාපු තැනක් වෙලා තිබ්බේ.

අපිත් ඉතින් හවස් වෙද්දී ඉස්කෝලේ ඇරිලා ඇවිත් ගමේ කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහන්නේ ඔය කෑල්ලේ. වන් බම්ප් වලින් පටන්ගෙන වාහන අඩු වෙන ගොම්මන වෙද්දී (ඒ කාලේ ගම්පොල පාරේ වාහන හවස 5 -6 වෙද්දී පුදුම විදියට අඩුයි අද එක්ක බලද්දී) අත දිගෑරල ගහන තත්වෙට ඔය කාලේ අපි සෙල්ලම් කළා. ගෙදර තියෙන්නේ පාරෙන් එහා පැත්තේ හින්දා මම නම් ඉතින් කොහොමත් හවස හත විතර වෙනකම් ඔය කෑල්ලේ තමයි රාජකාරි කලේ. ඉතින් ක්‍රිකට් ගහල කලින් ඉවර උන දාට මම කරන්නේ ඉස්සරහ මඩුවේ තිබුණු බයිසිකලේ ඉල්ලගෙන ඔය අලුත් පාරේ පදින එක. කොහොමහරි කිලෝමීටරයක් විතර ඔය කෑල්ලේ එක දිගට බයිසිකල් පදින්න ඒ දවස් වල පුළුවන්.

ඔන්න ඉතින් මේ කියන දවසෙත් මොකක්හරි හේතුවකට අපිට ක්‍රිකට් ගහන්න බැරි උනා. ඉතින් මම කරපු දේ හවස 5 ට විතර ඉස්සරහ මඩුවට ගිහින් ඒ බයිසිකලේ අරගෙන මගේ සෙල්ලම පටන්ගත්තු එකයි. කිසිම වෙනසක් නැතුව මම බයිසිකලේ එහාට මෙහාට හවස 6-7 වෙනකම් පදින්න ඇති. ඔය පස් පුරවපු කෑල්ලේ එක කෙළවරක් ඉවර වෙන්නේ අපේ අත්තා කෙනෙක්ගේ ගෙදර ලඟින්. අනිත් කොන අපේ ගේ හරිය. ඒ වෙද්දී ඒ ගෙදර කවුරුත් හිටියේ නෑ. 1900 ගණන් වල හදපු ඒ ගෙදර විශාල තට්ටු දෙකේ ගෙදරක්. සොල්දරේ ඒ වෙද්දී ගරා වැටිලා. ගෙදරට යන්න තිබුනේ පඩි පේලියක්. ගෙදර මිනිස්සු හිටපු කාලේ ගාම්භීරව තිබබ පඩිපෙළ ඒ වෙද්දීත් තිබුනේ ජරාවාස වෙලා. අත්වැල් වගේ සිමෙන්තියෙන් බැඳපු පඩිපෙළ දෙපැත්තේ එක කොනක් රූස්ස ගස් ගොම්මනකුත් එක්ක අනිත් කෙලවරේ විශාල ගස් දෙකක් විතරත් තිබ්බා.. ඒ මැදින් තට්ටු තට්ටු හිටින්න අශෝක මල් ගස් පඳුරු හිටවලා තිබ්බා. ඒත් නිසි සාත්තුවක් නැතුව ඒවා අයාලේ වැවිලා මහා අඳුරක් ගෙට වගේම පඩිපෙළටත් එකතු කරලයි තිබ්බේ. ගේ පඩිපෙළ ඉස්සරහින් තමයි ඔය පස් පුරවපු පාර ඉවර වෙන්නේ. අත්වල පටන්ගන්න තැන සිමෙන්තියෙන් බැඳපු දිරා ගිහින් තිබබ අඩි තුනක් විතර උස කණු දෙකක් තිබබ. ඒ හරියේ අද වාගේ නෙවෙයි පට්ට පාළුයි. ගේ ඉස්සරහ ආණ්ඩුවේ ලයිට් එකක් පාරට දාල තිබ්බත් ඒකත් කඩා වැටිලා කෑලි එල්ලෙමින් තමයි තිබ්බේ.

බයිසිකලේ හරවාගත්තු මම අන්තිම රවුමත් පිටත් උනා. බයිසිකලේ කිව්වට
කේ තිබ්බේ සැකිල්ල විතරයි. කට්ට ගෙවිච්ච් රෝද දෙක යාන්තමට මල අල්ලපු රීම් එකට හයි වෙලා තිබ්බා. අවුරුදු ගානකින් තෙල් ටිකක් දාපු චේන් කෑල්ල එක්ක කිරි කිරි ගාන පැඩල් මිටවල් දෙකයි ප්ලාස්ටික් සීට් පතුරයි ඒ සැකිල්ල බයිසිකලයක් කරලා තිබ්බා. ඉතින් මම ඔය බයිසිකලේ පැදගෙන හෙමින් හෙමින් පාරේ අනිත් කෙලවරට ගියා. එතනින් බයිසිකලේ හරවගනිද්දී නිකමට වගේ පඩි පෙළ දිහා බලද්දී මම දැක්ක අර පඩිපෙළේ දකුණු පැත්තේ සිමෙන්ති කණුව උඩ කවුදෝ කෙනෙක් කලුපාට ටයි කෝට් දාල සුදු කමිසෙකුත් ඇඳන් වාඩිවෙලා, පොඩ්ඩක් ඉස්සරහට කුදු වෙලා කකුල් පද්ද පද්දා මගේ දිහා බලාන ඉන්නවා. මට ක ඒ තරම් ගානක් උනේ නෑ. මම බයිසිකලේ හරවන් ටිකක් දුර පැද්දාම තමයි මටත් ඒ කවුද කියල මතක් උනේ. ඒ 1992-1993 විතර කාලේ නැතිවුන අපේ අත්තා කෙනෙක්.!!!

මම එකපාර බයිසිකලේ නතර කරලා හැරිලා ආපහු බැලුව කණුව දිහා....

කවුරුත් නෑ. කණුව එහෙම්ම තිබුන විදියටම තිබ්බා, ඒත් මට 100% විශ්වාසයි එතන දැන් කවුරුහරි හිටියා කියල. ඒත් මට ඒ වෙලාවේ
යේ එතනට යන්නත් පොඩි බයක් දැනුන හින්දා මම ආපහු පාගල ගෙදර දිහාට එන කන්ද නැගගත්තා. ඒ අත්තගේ මළගෙදර මට මතක තිබ්බා හොඳටම. ඒත් එදා සුට් එක අන්දලා තිබ්බෙත් කළු නෙවෙයි. දුඹුරු පාට .. නමුත් මම දකිනකොට සුට් එක නිකම් නීතිඥයෙක් වගේ, තනි කළු. ටයි එකකුත් තිබුනා තනි කළු. සපත්තු නම් තිබුනේ නෑ. පොඩ්ඩක් ඉස්සරහට කුදු වෙලා කකුල් පද්ද පද්දා තමයි හිටියේ. පහුවදා මම සයිකලේ ඒ හරියට ගියත් මට මහා අමුත්තක් දැනුනා. ඒ හින්දා එක ආයේ හොයන්නේ නැතුව මම අපහු හරවාගෙන ගෙදර ආවා.

ඉතින් එදා ඉඳන් මම හොල්මන් ගැන විශ්වාස කරනවා. ඒත් මටම පුදුමයි මම ඇයි බය උනේ නැත්තේ කියලා. එයින් පස්සේ අද වෙනකම්ම මම හොල්මනක් නම් තවම දැකලා නෑ, ඒත් ඒ වගේ දේවල් නෑ කියන්න මම ඉක්මන් වෙන්නෙත් නෑ.


ප.ලි. යන්තම් පනහක් ලියුවා,

Sunday, May 6, 2012

සැම්සුන්ග් S II ෆෝන් එකට අයිස්ක්‍රීම් සැන්ඩ්විච් අප්ඩේට් කරමු.


මගේ බ්ලොගේ ටෙක්නිකල් බ්ලොග් එකක් නම් නෙවෙයි. ඒත් මම හිතුවා මේ ගැන ලියන්න ඕනේ කියල. ඔන්න එහෙනම් මගේ පලවෙනි ටෙක්නිකල් ලිපිය. මම හිතන්නේ මේ කතාව ගැන තියන පලවෙනි සිංහල ලිපියත් මේක කියලයි.

අද අපි කතා කරන්නේ සැම්සුන්ග්  S II  ෆෝන් එකක් අලුත් ඕ එස් එකට අප්ඩේට් කරන විදිය ගැන. සැම්සුන්ග් ගැලැක්සි S II එකක් තියන කෙනෙක් නම් ඔයාල දන්නා දෙයක් තමයි එකේ තියන ඕඑස් එක ඇන්ඩ්‍රෝයිඩ් 2.3.3 ජින්ජර්බ්‍රෙඩ් කියන වර්ෂන් එක කියලා. ඇන්ඩ්‍රෝයිඩ් 4.0 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වර්ෂන් එක දැනට තියන නවතම වර්ෂන් එක උනත සැම්සුන්ග් සමාගම මේ වසරේ අප්‍රේල් මාසේ වෙනකම් තමන්ගේ වැඩිම ජනප්‍රියත්වයක් තිබුණු 2011 වසරේ හි හොඳම ස්මාර්ට්ෆෝන් එක බවට පත් වුනු S II ෆෝන් එකට ඒ වර්ෂන් එක රිලීස් කරේ නෑ. රිලීස් කලත් ඒ කලේ යුරෝපා රටවලට. අපේ රටවල තියන ෆර්ම්වෙයාර් වලට (ඕඑස් වලට) අප්ඩේට් වෙන්න නම් තව කාලයක් යාවි. ඒත් මේ අලුත් ඕඑස් එකට මිනිසුන්ගේ තියන කැමැත්ත කොච්චරද කියනවානම් ඒ වෙනුවෙන් තමන්ගේ ෆෝන් ස්කින් කරගන්නට (හැඩගන්වන්නට) බොහෝ දෙනා පෙලඹුණා.

හරි එහෙනම් කතා ඇති, බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා. ඉස්සරලාම ඔයාලට ඔරිජිනල් ෆර්ම්වෙයාර් එක එහෙමත් නැතිනම් ඕඑස් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. මමනම් පාවිච්චි කලේ මෙන්න මේ ලින්ක් එකේ තියන  වෙබ් එකේ තියන ඔෆීෂියල් ෆර්ම්වෙයාර් එක.  මේ ෆර්ම්වෙයාර් එක මෙගාබයිට් 384.4 වෙනවා. මේ ඕපන් යුරෝප් කියන වර්ෂන් එක. ඊ ලඟට ඕනේ වෙන්නේ ඔඩින් කියන සොෆ්ට්වෙයාර් එක. ඔඩින් ඩවුන්ලෝඩ් කරන්න මෙතනින් පුළුවන්. මේ දෙකට අමතරව ඔයාලගේ සැම්සුන්ග් S II ෆෝන් එක එක්ක ලැබුන ඔරිජිනල් කේබල් එක ඕනේ කරනවා. මොකද ඒ කේබල් එක usb 2.0 කේබල් එකක් නිසා. වෙළඳපොලේ තියන කේබල් බොහෝ වෙලාවට USB 1.0 තාක්ෂණයේ පරණ කේබල්. ඒත් බැලුවට වෙනසක් වෙන්නේ නෑ. නමුත් දත්ත හුවමාරුවේදී විශේෂයෙන් මේ වගේ වෙලාවට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ එක්කම මතක ඇතුව ඔයාලගේ ෆෝන් ඒක සීයට 75 වත් චාජ් කරගෙන තියාගන්න මේ වැඩේ කරන්න ඉස්සරලා.

හරි මම දන්නවා දැන් ප්‍රශ්න කීපයක් ඇති ඔයාලට මෙන්න මේ වගේ.
1. මේ වර්ෂන් ඒක දාපුවාම මගේ වොරන්ටි ඒක නැතිවෙයිද? නෑ, මොකද මේ ඔරිජිනල් සැම්සුන්ග් සොෆ්ට්වෙයාර් එකක්. 
2. මේ වැඩේ කරන්න ගිහින් මගේ ෆෝන් ඒක ලොක් වෙයිද? අපහු හදන්න බැරි වෙන්න සවුත්තු වෙයිද? මේ කියලා තියන විදියට කලොත් එහෙම වෙන්නේ නම් නෑ. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.
3. මගේ කන්ටැක්ට්ස් ඒ වගේම අනික් ඩේටා එහෙම නැති වෙයිද? මගේ ෆෝන් එක අප්ඩේට් කරද්දී නම් මට එහෙම උනේ නෑ. ඒත් ඔබට අවශ්‍යනම් සැම්සුන්ග් kies භාවිතා කරලා ඒ දේවල් බැකප් කරගන්නත් පුළුවන්. ඒත් මතක ඇතුව සැම්සුන්ග් kies , ෆර්ම්වෙයාර් අප්ඩේට් එකට කලින් ඕෆ් කරලා දාන්න. 

හරි එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටන් ගමු.
පටන් ගන්න ඉස්සරවෙලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත සැම්සුන්ග් ඔරිජිනල් ෆර්ම්වෙයාර් එක අන්සිප් කරගන්න. ඒක පස්සේ පහසුවක් වෙයි.

දැන් ඉතින් අප්ඩේට් කරන්නයි යන්නේ. එහෙනම් ඉස්සරලම ඔයාලගේ ෆෝන් එක ඕෆ්  කරගන්න. ඉන් පස්සේ වොලියුම් ඩවුන් එකත් එක්ක හෝම් කී එක ප්‍රෙස් කරගෙන පවර් කී ඒක ඔබන්න.  එතකොට ඔයාලට දකින්න වෙන්නේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. මෙතැනදී කියන්නේ ඔයාලට කස්ටම් ඕඑස් එකක් ඉන්ස්ටෝල් කරන්න නම් වොලියුම් අප් කී එක ඔබන්න කියලා. බයවෙන්න එපා. ඔබන්න වොලියුම් අප් කී එක. දැන් ඔයාලට පහත දෙවැනි ස්ක්‍රීන් එක පෙනේවි.

මේ තියෙන්නේ ෆෝන් එකේ වොලියුම් ඩවුන්, හෝම් සහ පවර් කී එකවිට එබුවාම එන ස්ක්‍රීන් එක.



මේ ස්ක්‍රීන් එක එන්නේ වොලියුම් අප් කී එක එබුවාම. දැන් ඩවුන්ලෝඩ් කරන්න සුදානම්


ඔන්න දැන් ෆෝන් එක ඔහොමම තියල අර  සැම්සුන්ග් යුඑස්බී කේබල් එක පරිගණකෙට සවිකරගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරපු ඔඩින් සොෆ්ට්වෙයාර් එක රන් කරන්න. දැන් ෆෝන් එක යුඑස්බී කේබල් එකට සවි කරගන්න, දැන් ඔයාලට පහල ස්ක්‍රීන් එක දකින්න පුළුවන්.



ඔඩින් ස්ක්‍රීන් එක ෆෝන් එක කනෙක්ට් කලාට පස්සේ

වැඩේ හරියට උනා නම් මේ වගේ කහ පාට කොටුවක් ඔඩින් ස්ක්‍රීන් එකේ  පෙනේවි.

දැන් අර ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගත්ත සොෆ්ට්වෙයාර් එක එහෙමත් නැතිනම් .tar ෆයිල් එක ඔඩින් සොෆ්ට්වෙයාර් එකේ PDA කියන බටන් එක ප්‍රෙස් කරලා බ්‍රවුස් කරගන්න. ඊට පස්සේ ඔඩින් සොෆ්ට්වෙයාර් එකේ ඔප්ෂන්ස් කියන තැන තියන ඔටෝ රීබූට් සහ එෆ්.රීසෙට්  ටයිම් කියන ඔප්ෂන් දෙක විතරක් ටික් වෙලා නැතිනම් ටික් කරන්න. (ඉහත පින්තුරයේ පරිදි ) අනිත් දේවල් එලෙසම තියන්න. වෙනසක් කරන්න එපා. 
එහෙනම් ඔන්න ස්ටාර්ට් බොත්තම ඔබන්න. ඔන්න එහෙනම් අලුත් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙන්න පටන්ගත්තා. (මතක ඇතුව යුපීඑස් එකකට ඔබේ පරිඝනකය  සම්බන්ධ කර මේ කොටසට යන්න.)

අප්ඩේට් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙන අතරේ
හරි එහෙනම් දැන් ෆෝන් එකේ පේනවා ඇති නේද  ඩවුන්ලෝඩින් කියලා වැටිලා තියන කොටසට පහලින් පොඩි ප්‍රෝග්‍රෙස් බාර් එකක් රන් වෙනවා? හරි එහෙමනම් කියන්නේ ඔබේ ස්මාර්ට් ෆෝන් එක දැන් අප්ඩේට් වෙමින් පවතිනවා කියලයි. මේ තියන වීඩියෝ එක මම මගේ ෆෝන් එක අප්ඩේට් කරද්දී ගත්තු එකක්. ඒකෙදි ඔයාලට බලන්න පුළුවන් මේ ප්‍රොසෙස් එකේ අන්තිම කොටස. මුල් කොටස ගත්තු වීඩියෝ එක සවුත්තු වෙලා.


පසු වදනක්..
එස් එල් ටී එකේ ස්පීඩ් එක හින්දා වීඩියෝව අප්ලෝඩ් කිරීමට තවමත් නොහැකියි. හය්යෝ සල්ලි...



Wednesday, April 18, 2012

පුංචි කාලේ අපේ අවුරුදු.

පින්තුරය ගත්තේ http://www.dailynews.lk/2011/04/08/fea30.asp




අවුරුදු කාලේ කිව්වම ඉතින් ඉස්සර අපිට නං හෙනම සන්තෝසයි. මට නම් ඉතින් ඕකට හේතුම දෙකක් තියනවා. දැන් නම් තුනක්.. ඉස්කෝලේ යන කාලේ මම නම් ඉන්නේ නිවාඩු දෙනකම්.
අවුරුදු කාලෙට ඉතින් වෙඩි බෙහෙත් වලින් කොල්ල වැහිලා අළු පාටයි. දිලිසෙනවා. රෑ එහෙ මෙහෙ යන්නෙත් නිලාවක්‌ පත්තු කරන්. සාක්කු වල රතිඥ්ඥා ගිනි පෙට්ටි ඕනේ වෙලාවක. ගේ හරියේ ගිනි පෙට්ට් හොයන්න නෑ. ඇයි ඉතින් රතිඥ්ඥා පත්තු කරන්න එහෙම ඔව්ව ඕනේ වෙනවනේ නේද? ඔන්න ඉස්සර අපේ අවුරුද්ද. ඕකටම සෙට් වෙලා හිටිය තව මගේ නෑ වෙන මල්ලිලා නංගිලා සෙට් එකක්. කෙල්ලන්ට නිලා පෙට්ටි දීල අපි කොල්ලෝ ටික පුපුරණද්‍රව්‍ය ගබඩා හදාගන්නවා. තුන්හුලස් චීන පටස් රතිඥ්ඥා අහස්කුරු එහෙම අපි ළඟ මදි නැතුව තියනවා.

ඔය වෙඩි බෙහෙත් ගාලේ ඉන්න අපි ඕවයෙන් ඉතින් නොයෙක් දේවල් හදනවා. අහස්කුරු වලට කාඩ්බෝඩ් තටු හයි කරපු පොඩි මිසයිල් එතකොට රතිඥ්ඥාවලින් හදන තුවක්කු ඉලෙක්ට්‍රික් රතිඥ්ඥා එහෙම අපේ නිෂ්පාදන.

ඒ කාලේ ගේන රතිඥ්ඥා එහෙම අපි සමහර විට දෙසැම්බර් වෙනකම්ම පත්තු කරනවා. දෙසැම්බර් වල අපි පාවිචිචි කරන්නේ අහස්කුරු සරුංගල් වලට අගේන්ස්ට්. අපේ ගෙවල් කඳු වල හින්ද සමහර සරුංගල් යන්නේ අපේ ගේ තියන කන්ද කිට්ටුව අහසේ. ඔන්න එව්වට අපි එස්ලෝන් බට වල දාපු අහස්කුරු අරිනවා ගුවන් සීමා ආක්‍රමණය කිරීමේ වරදට. එක සරුංගලයක් නම් ගිනිගත්තා.

රතිඥ්ඥා ගැන කිව්වා ඔය මදෑ. ඒ දවස් වල කෑම නම් හතර අතේ. කොයි ගෙදරට ගියත් කැවුමක් කොකිසක්‌ වරදින්නේ නෑ. ඒ වුනත් අපි නම් ඉතින් ගස් වලම තමයි. අඹගස් අලිපේර ගස් ඉතින් කොළ විතරයි අපි පොඩි කාලේ. කුරුම්බා තැඹිලි කඩාගෙන බීල ගලක තියල තලාපු අඹ ගැට ලුනු මිරිස් එක්ක කද්දී තියන ආතල් එක තාම දැනෙනවා. එක කාලෙක අපේ ගෙට පල්ලෙහා අඹ ගහ තමයි අපේ ස්පොට් එක වුනේ. ගහේ අට්ටාල ගෙයක් අටෝගෙන අපි රෑ දවල් නැතුව ඒකේ හිටියා. ලන්තෑරුම් පත්තු කරලා රෑට ගහ උඩ ඉන්න එක අපිට අපුරු අත්දැකීමක් උනා. පොඩිම කාලේ නම් සෙල්ලම් ගෙවල් හදනවා කෝටු කපාගෙන, කණු හිටවලා, ඉටිරෙදි වහල ගහල, ඒ උඩ පිදුරු අතුරලා එහෙම. පස්සේ කාලේ ඒවා මොඩ් වෙලා තමයි මේ ට්‍රී හවුස් එහෙම හැදෙන්නේ.

මේවා ඔක්කොමත් හරි ඉස්සෝ අල්ලන එක තමයි අපේ ඊළඟ වැඩේ උනේ. අපේ ගේ ඉස්සරහින් ගලාගෙන ගිය ඇළ පාරේ කුනිස්සෝ රංචුවක් හිටියා. උන්ව අල්ලා ආපහු අපි ඇලටම අතාරිනවා. සාරි ගප්පි අහුවුනොත් උන්ව අල්ලන ගිහින් බෝතලේකට දාල උන්ට ඉසතරං මාළු කෑම කව කවා තියාන උන්නේ හරිම ආසාවෙන්. ඊට අමතරෙන් ඉතින් ගොයම් කපාපු වෙලක ක්‍රිකට් ගහන්නත් අපි අමතක කලේ නෑ. තව ඉතින් සයිකල් පදින්න බැරි එවුන්ව පුරුදු කරන්න ඔය කාලේ කියාපු එකක්.

ඉතින් අපිටනම් ඔහොමවත් අවුරුදු කාලයක් තිබුනා. තවත් කාලෙකින් එන අපේ ළමයින්ට??? නටන්න කාලයක් තිබ්බොත් ඇති...

Sunday, April 15, 2012

මට පෙනුන ලංකාව....

මාසෙකින් විතර වගේ ඔන්න ආපහු පොස්ට් එකක් ලියන්න   සෙට් වුනා. ඉතින් හැමෝටම මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම කියන්න ඕනේ. මේ මාසෙට ගොඩක් දේවල් වෙනස් වෙලා. අලුත් අවුරුදු සමරලා ඉවර වුනා. ඒ එක්කම ලංකාවට ආපහු සුනාමි තත්වයක් ඇවිත් ගියා. ඒ දවස නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. කොටසක් රතිඥ්ඥා පත්තු කරලා ප්‍රීති වෙන අතරේ මුහුදුබඩ බොහෝ දෙනා ජීවිතාරක්ෂාවට රට මැදට එකතු වෙච්ච හැටි නම් දකින්නත් දුකක් ගෙනාව.


මම ලංකාවට එනකොට ඇත්තටම හිතාගන හිටියේ ලංකාව ගොඩාක් දියුණු වෙලා ඇති කියල. සමහර පැති වලින් නං ලක් දෙරණ දියුණුවට පත් වුනත් මටනම් මහා වෙනසක් දැනුනේ නං නැති තරම්.

කොටුවේ ඉඳං කොල්ලුපිටියට එනකම් මං මාවත් ලස්සනට පිලිවලට තිබුනා. චෙක් පොයින්ට් නම් දකින්නත් නැති තරම්. අවුරුදු කීපයක් එක දිගට කොටුවේ අධිආරක්ෂක කලාපේ ජීවත් උන මට ඒ නිදහස නම් හොඳටම දැනුනා. ආසාවට ඩියුක් ස්ට්‍රීට් එකේ වට දෙකතුනක් ගහල බ්‍රිස්ටල් ස්ට්‍රීට් එකත් තරණය කරලා ආවේ ඒ කාලේ බ්‍රිස්ටල් ස්ට්‍රීට් එක වහලම තිබ්බ හින්ද. කොටුවේ ඉඳං කාගිල්ස් එක ගාවින් යන ජනාධිපති මන්දිරේ පාරේ කලින් නම් මැස්සෙක්වත් චෙක් නොකර ඇරියේ නෑ. එක දවසක් වෙඩි කන්න ගිහිනුත් බේරුන තැන වෙච්ච කොට ඒ තැන නම් මට අමතක වෙන්නෙම නෑ. ඒ වගේම තමයි ගඳ ගගහ තිබ්බ බේරේ වැව දැන් ලස්සන කරලා.ගෝල්ෆේස් එකත් කලින් තිබ්බට වඩා නිදහස පිරෙන්න තියනවා.

මට මතකයි එක කාලෙක ලංකාවේ බස් වල පිටත්වෙන වෙලාව ගමනාතයට ලඟා වන වෙලාව ගහල ඔරලෝසුවක් පෙන්න තියන්න ඕනේ කියල නීතියක් පැනෙව්වා. ඒ වගේම අනවශ්‍ය ශබ්ද පූජා පවත්වන බස් අජිත්ගේ කැසට් එහෙම හෙණගහන්න දාගෙන යන්න තහනම් කියල නීති පැනවීමක් කරා. අනේ ඉතින් මෙදාපොටේ ලංකාවට මං ආවේ බස් අජියගෙන් කන බේරන් යන්න බලාගෙන. එක බස් එකක අජියා පැත්තක ඉද්දි වෙන කවුදෝ මොරගහන පීස්‌ එකක් කන පැලෙන්නම දාල තිබ්බේ කිසිම හිරිකිතයක් නැතුව. තව දවසක නුවර ඉඳං කොළඹ එන්න කියලා ඉතින් මමත් නුවරින් ඉන්ටර්සිටි බස් එකකට නැග්ගා දවල් 11 ට විතර. නොර්මල් එකේ පැය තුනක් තුනාමරක්‌ යන එකේ මම කල්පනා කලේ ඉක්මනට පැය දෙකකින් දෙකාමරකින් යන්න. අනේ යාන්තං ගාටලා ගාටලා පැය තුනාමාරකට කිට්ටු කරලා බස් එක ආවේ හරියට උන්ගේ උවමනාවට අපි යනවා වගේ,. මග නැගුම අර නැගුම මේ නැගුම කියකියා නැටුවට ලංකාවේ A ශ්‍රේණියේ අංක 1 මාර්ගය වෙච්ච නුවර කොළඹ ප්‍රධාන මහාමාර්ගය තවමත් ලේන් දෙකක් තියන පුංචි පාරක් විතරයි. ඉතින් ඒ වගේ මාර්ගයක යන වාහන කන්දරාව එක්ක බැලුවාම ඒක කොහොමත්ම ගැලපෙන්නේ නෑ.

ලංකාවට ඇවිත් ඊළඟට මට දැනුන දේ තමයි බඩු මිළ. කිලෝවක් රුපියල් හැටකට තිබුණු එළවලු බොහොමයක් අප්‍රේල් 8 වෙනිදා වෙනකොට කිලෝව රුපියල් 180 දක්වා මිළ වෙනස් වීමකට ලක්වෙලා තිබුණා. ඒත් ඊට දවස් කීපයකට පස්සේ උඩුදුම්බර ගොවියෝ තමුන්ගේ එළවලු වලට සාධාරණ මිලක් නෑ කියල කරන ප්‍රකාශ ටීවී එකේ දැක්කාම මටනම් තේරුනේ වෙළඳ අමාත්‍යාංශය ඉතාම තදින් නිදාගන හෝ නිදාගන්නා බව පෙන්වන බවයි.

රජයේ ඇමති මැති කියාගන්නා ගොන් රැලේ ඉන්නා ආර්ථික විද්‍යාව පිලිබඳ මහා උගතා ගෙනා 7500 කතා මාලාවේ එක අංගයක් වූ විවාදය සජීවීව ලංකාවේ සිට බැලීමේ ශාපයටද මටත් හසුවීමට වුනේ මේ අතරවාරයේයි. ඉස්කෝල වල විශ්වවිද්‍යාල වල කැන්ටින් වල ආහාර මේ මිලයි කියන මේ හරකාට පාර්ලිමේන්තුවේ කැන්ටිමේ දෙන කෑම එකත් අඩු මුදලට ජනතාවගේ පොකට්ටුවෙන් දෙන නිසාදෝ බඩු වල ගණන් නොපෙනීම මුන්ව පාර්ලිමේන්තු යැවු අපිටනම් හොඳ කනේ පාරකි. මේ විකාරයටම ඉම්පොර්ටඩ් ගොනෙක් වූ රවී දුන් පිළිතුරු හමුවේ මට ටීවී එක පොලවේ ගැසීමට සිත්වුවත් යාන්තං කේන්තිය අඩු කර ටීවී එක නිවා නිදාගන්නට ගියේ මුන්ට චන්දය දුන්නෙත් අපිම නේද කියා සිතාගෙනයි. කරුණු එසේ වුවත් පසුදින ජනාධිපති තුමා ප්‍රමුඛ පිරිස මේ වයිමා අත්පොලසන් දී පිළිගත්තා යයි කියවූ විටනම් පරම්පරාගත ශ්‍රීලංකා කාරයකු වූ මගේ පාක්ෂිකත්වය මටම එපා වී ගියේය.

Sunday, March 18, 2012

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු..

සතිගණන් 
මාස ලෙස
දිනගණන්
වසර ලෙස
ගතවුනා.....
පරතෙරක් නැති 
කාන්තාරේ තනියෙන්ම
එපාවෙලා මට
දැන් නම්..
පොදි බඳිනවා මං
මගේ බඩු සියල්ලම
එන්න..
මගේ ලක්දෙරණ වෙත..
ඔබේ රුව දකින්නට..


ලංකාවට එන්න බඩු පැක් කරන වැඩයි රැකියාවේ වැඩයි අතරේ කියවන්න මිස ලියන්න තරම් විවේකයක් නොලද නිසා අලුත් පොස්ට් මොනවත් දමන්නට විදියක් තිබුනේ නෑ..

Tuesday, February 28, 2012

ඉන්ධන මිල බස්ගාස්තු හා සංවර්ධනය අද විමසුමට..


අද රටේ තෙල් මිල වැඩි කරලා ඒ මදිවට බස් ගාස්තු විදුලිය එහෙමත් සැහෙන්න වැඩියි. මමත් මේ රට යන විදියට කැමති නෑ. රටේ සුළු අදායම් ලබන ජනතාවට උන්හිටිතැන් අහිමි වෙන විදියක් තමයි මතුපිටින් නම් පෙනෙන්නේ.ඒ අස්සේ හයිවේ හදනවා... මත්තල ගුවන්තොටුපලක් අලුතෙන් හදනවා. තව නෙලුම් විලක් ලඟදි විවෘත කළා. නෙලුම් කුලුන කියල දකුණු ආසියාවේ විශාලතම කුලුන ඉදිකරගෙන යනවා ඒ එක්කම ගෝල්ෆේස් එක අයිනෙන් මුහුද ගොඩ කරලා නගරයක් හදන්න සැලසුම් කරලා. ඔක්කොටමත් වඩා පානදුර පැත්තෙන්ද කොහෙද ඩිස්නිලන්තෙකුත් හදන්න සැලසුම් කරලා තියනවලු. මේවා යෝධ සංවර්ධන සැලසුම්. ඒත් එකක් කියන්නම ඕනේ. මේ සියලු දේවල් මේ ඉන්න එකදු කෙනෙක්වත් ගෙනියන්න බලාගෙන කරන දේවල් නෙවෙයි. ගෝල්ෆේස් එකේ නගරය ලංකාවට ලැබෙන්න අවුරුදු 99 යනවලු. හයිවේ එකෙත් මුල් අවුරුදු 5 ඇතුලේ ආදායම තනිකරම හදපු සමාගමටලු. ඔන්න ඉතින් මේ දවස්වල විපක්ෂයේ ප්‍රතිචාර.

පින්තුරය විකිපීඩියා හරහා..
http://en.wikipedia.org/wiki/File:Peliyagoda_Tower_Art.jpg
 

විපක්ෂයන් උනාම විරුද්ධ වෙන්න ඕනේ, ඒ වුනාට හැම දේටම නෙවෙයි.එකපාරම දේශපාලන වාසි බලාගෙන අපි මේ දේවල් වලට විරුද්ධව කෑගහන්න ගත්තම ඒ දේවල් වලින් ජනතාවට දෙන්නේ වැරදි චිත්‍රයක්. ඉතින් උද්ඝෝෂණ පිකටින් එන්නේ රැල්ලට. රටේ ජනතාවගේ පැත්තෙන් බැලුවාම එකේ ඇති වරදකුත් නෑ. මොකද ජීවත් වෙන්න, වියදම් කරන්න සල්ලි මදි, බඩු මිල අහස උසට. යුද්ධෙන් පස්සේ ජීවන වියදම අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් හිටි ජනතාවට මේ වෙන දේ ප්‍රශ්නයක්. ඉතින් බුදු හාමුදුරුවොත් කිව්වනේ කුසගින්නේ ඉන්න කෙනෙකුට බණ කියල වැඩක් නෑ කියල. ඒ වගේ රටේ ජනතාව පීඩා වෙලා ඉන්න මේ වෙලාවේ මේ දේ කියල ඒ අයට එක තේරුම් කරන්න අමාරුයි. ඒ හින්ද එයාලත් දැන් ඔයවගේ කතා වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා.

දැන් රටේ ජනතාව හිතන්නේ යුද්දෙත් ඉවර වෙච්ච එකේ ඒ සල්ලි වලින් ඇයි බඩු මිල අඩු කරන්න බැරි කියල. ඒ අයට දොස් කියන්න බෑ, යුද්දේ වෙනුවෙන් මිනිස්සු සැහෙන කැපකිරීම් කළා. එයාලට එකෙන් ලැබුන එකම සහනය හිත නිදහසේ බෝම්බෙකට බය නොවී යන්න එන්න පුළුවන්කම විතරයි. ඊට අමතරින් හමුදාවේ ඉන්න අපේ විරුවන්ගේ පවුල් වලට රෑ සැනසිල්ලේ නිදාගන්න ලැබුන එක විතරයි. එත් අපේ ජනතාවගේ කුසට දැනෙන යමක් ලැබුනේ නෑ. ඒ විදියටත් දැනෙන යමක් උනානම් උනේ තවත් කුස පොත්ත පිටේ ඇලුන එක විතරයි.

එත් මේ සංවර්ධනේ කරන්නේ අදට නෙවෙයි හෙටටයි. මේ සංවර්ධනෙන් අද අපිට පේනවට වඩා යමක් හෙටට සිදුවන්න නියමිතයි. මේ නගර වලට එන විදේශිකයින් වියදම් කරන සල්ලි යන්නේ අපේ රටේ ජනතාව අතට මොකද අලුතෙන් හදන නගරේ අයිතිය 99 අවුරුද්දක් කාට තිබුනත් ඒ අයිතීන් කරන්නේ කුලිය ගන්න එක විතරයි. ඒ නගරයේ ඇරෙන ව්‍යාපාර වලට සේවකයෝ ඉම්පෝර්ට් කරන්නේ නෑ. ඒ සේවකයෝ අපේ අය. ඉතින් ඔය නගරේදී වියදම් කරන සල්ලි වලින් පඩි ගෙවන සමාගම් වල වැඩ කරන්නේ අපේ මිනිස්සු. අලුතෙන් හැදෙන ඩිස්නිලන්තේ උනත් එහෙමයි. එතනින් එන රැකියා උත්පාදනය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ රැකියා අපිටමයි. අධි වේගී මාර්ගයේ ගමන්කරන අය එහෙම යන්නේ තැනකට ඉක්මනින් යන්න. එකෙන් ඉතුරු වෙන්නේ රටේ කාලය. ඒ එහෙම යන කෙනාට හෙමින් යන කෙනෙකුට සාපේක්ෂව කාලයක් ඉතුරු කරගෙන වැඩි වැඩ කොටසක් කරන්න හැකියාවක් ලැබෙනවා. ඒවගේම රටේ නිෂ්පාදන ඇලවිය වෙත ගෙනියන්න රටක මාර්ග පද්ධතිය හා නාවික / ගුවන් තොටුපොළවල් වල සංවර්ධනය අවශ්‍ය වෙනවා. යටිතල පහසුකම් වල විශාල වැඩි දියුණුවකින් මේ දේවල් වලට ආයෝජකයෝ ගෙන්නගන්න පුළුවන් වෙනවා. ඒ ඔස්සේ ලැබෙන රැකියා හා ආශ්‍රිත රැකියා වලින් දහස් ගණනක් දෙනා තමන්ගේ ජීවිත ගැටගහගන්න පටන්ගන්නවා.

අනිත් දේ තමයි දැන් ගොඩක් රටවල් මේ සංචාරක ප්‍රවර්ධනය කියන දේ තුලින් ලාබ ලබනවා. ඒ කියන්නේ සංචාරකයින් තමන්ගේ රටට ආකර්ෂණය කරගෙන එයාලට පහසුකම් සලස්වල ඒ මගින් විදේශ විනිමය රටට ගෙන්වාගන්න එක. ඒ හින්ද තමයි අද රටේ සී ප්ලේන් ව්‍යපෘති හරහා, ඒ වගේම බැලුන් සංචාර, ඩිස්නිලන්ත, ආසියාවේ උසම කුලුන වගේ ලෑන්ඩ් මාර්ක් හරහා කරන්න යන්නේ. කොහොමත් යමක් ගන්න නම් යමක් දෙන්න වෙනවා. නිකම් කිසිවක් ලැබෙන්නේ නෑ. 

එත් ජනතාවට කෙටිකාලින ව්‍යපෘති හරහා සහන දෙන්න ඕනේ. එහෙම නැතුව දීර්ඝ කාලින ව්‍යපෘති වලින් සහන සලසන්න ගියොත් සහන දෙන්න තියා ගන්න කෙනෙක් ඉඳීවිද කියන සැකය නිරායාසයෙන්ම මතුවෙන්න පුළුවන් හින්ද. ජනතාවගේ පැත්තෙන් ඒ අය‍ට පටි තද කරගන්න කියන්න පෙර රජය පැත්තෙන් ඒ කාර්ය්‍ය ඉටු කරලා පෙන්වන්න ඕනේ. අනවශ්‍ය වියදම් රජය අඩු කරා කියල පෙන්නන්න ඕනේ. ඇමතිලා දුසිම් ගණන් ඉන්න කැබිනට් තියන රටක ආණ්ඩුවට විවේචන එල්ල වෙන එක අරුමයක් නෙවෙයි. ඇමති මැතිවරුන්ටත් පටි තදකරගන්න වෙනවා. තමන්ගේ වියදම 50% වත් කපා හරින්න වෙනවා. ඒ එක්කම ඇමති මැති වරුන්ට වාහන පාවිච්චිය ගැනත් හිතල බලන්න වෙනවා. මොකද එයාල අපේ චන්දෙන් පත්වෙලා අපේ වියදමින් අපට සේවය කරන්න බැදී ඉන්න කොටසක් හින්ද. එහෙම වුනාම ඒ ඉන්දන බිල් ජනතාවට තවත් බරක්.  ඒ කොහොම උනත් සමහර ඇමතිලා කරන නාට්ටි දිහා බැලුවම මෙහෙමත් හිතෙනවා...මේ වගේ විලි සන්ගේ නැති එවුන් පාර්ලිමේන්තු යවපු අපිට මෙහෙම වෙන එකත් හොඳ පාඩම්...